16/07/2026
කඳ කුමරුටන්, වල්ලි - දේව සේනා දේව මෑණිවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීම !
• සළානනෝ මහා තේජෝ - බලෝ මයුර වාහනෝ
දේවින්දෝ කාචරගාමේ - ඉමං පුඤ්ඤානුමෝදතු
මුහුණු සයක් ඇත්තා වූ ද, මහත් තේජස් බලයෙන් යුක්ත වූ ද, මොනර වාහනයක් ඇත්තා වූ ද, කතරගම වැඩ සිටින දේවේන්ද්‍රයන් වහන්සේ අප විසින් රැස්කරන ලද මේ පින් අනුමෝදන් වෙත්වා!
• වල්ලිනාමා වරදේවී
නේසාදගණරක්ඛිතා,
ඛන්ධජායා සතී සන්තා
ඉමං පුඤ්ඤානුමෝදතු.
වැදිජන සමූහයා විසින් රක්ෂා කරන ලද ස්කන්ද දේවයාගේ පතිනිය වූ පතිවෘතාවෙන් හා ශාන්ත ගුණයෙන් යුක්ත වූ වල්ලි නම් උතුම් දේවිය මේ පින් අනුමෝදන් වේවා!
• දේවසේනා චාරුදේවී
වාසවධීතු සෝභිතා,
ඛන්ධජායාමභිරූපා
ඉමං පුඤ්ඤානුමෝදතු.
ශක්‍ර දේවේන්ද්‍රයාගේ දියණිය වූ ශෝභාමත්
වූ අභිරූපී වූ ස්කන්ද දේවයාගේ පතිනිය වූ දේවසේනා නම් මනෝඥ (රන්වන්) දේවිය මේ පින් අනුමෝදන් වේවා!
- විහාරස්ථ මාධ්‍ය කාර්යාංශය -
#ගාලුපුරපින්බිම #කච්චිවත්ත