16/09/2026
මහණෙනි, හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හී ඔහු විසින් කුමක් කළ යුත්තේ ද?
----------------------------------
''සබ්බ දානං ධම්ම දානං ජිනාති''࿐
සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් කියවා බලා සිත් පහන් කර ගනිත්වා...!
──────⊱⎈⊰──────
හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හී ඔහු විසින් ඒ ගිනිගත් වස්ත්‍රය ම හෝ ගිනිගත් හිස ම හෝ නිවා දැමීම පිණිස අධිමාත්‍ර වූ අවශ්‍යතාවක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගත යුත්තේ ය.
“මහණෙනි, ගිනි ගත් හැඳිවත හෝ ගිනිගත් හිස හෝ පිළිබඳ ව මැදහත් ව, නොසලකා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කිරීම පිණිස අධිමාත්‍ර වූ අවශ්‍යතාවක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගත යුත්තේ ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්.
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
⎈ තෙරුවන් සරණයි...!
අනන්ත බුද්ධාදී උතුමන් වහන්සේලාගේ බු දු ගුණ බලයෙන්ද සිව් විසි මහා ගුණ සම්පන්න බුද්ධාදී උතුමමං වහන්සේලාගේ අනන්ත බුදු ගුණ ඔබ සැමට සෙත් වේවා..෴
──────────────
නිර්මල ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණැත්තෝ අසත්වා! ආර්ය සත්‍ය අවබෝධය ඇති විම පිණිස මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම දහම් පඬුරක්ම වේවා!
දේශකයාණෝ : කම්මට්ඨානාචාරිය රාජකීය පණ්ඩිත කොග්ගල තලාතුඩුව ආරණිඃය සේනාසනයේ අතිපුජනීය ඌවපරණ ගම ඤාණින්ද ස්වාමින්වහන්සේ
සියලු භව දුක් දුරු කරනු පිණිස උතුම් ශ්‍රී සද්ධර්ම අවබෝධ කර ගැනිම පිණිස දහම් පඬු ම වේවා..!!
නිර්වාණ තරණය / Nirvana Tharanaya
#සදහම්දේශනා #සිත #බුදුදහම #දුක #ධර්මය