04/05/2026
පඤ්චකාමයන් පිළිබඳ වූ රාගදි සංයෝජන ප්‍රඥාවෙන් බැහැර කරන්න. ............................... ⊱⎈⊰.................................
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
───────────────────────
ශ්‍රද්දාවන්ත සත්පුරුෂ පින්වත්ණි
මේ සා දීර්ඝ සසර කතරේ අතරමං වූ ලෝක සත්වයාහට දුකෙන් නිදහස් විම පිණිස නිර්මල වූ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කොට දාන ශිල භාවනා යන ත්‍රිවිධ කුසල් උපදවා ගන්නටත් උතුම් චතුර්‍රාරිය සත්‍ය අවබෝධය කොට සදහම් දේශනා ඔබ සැමට හේතු වාසනා වෙත්වා...!
කබලිංකාරේ භික්ඛවේ, ආහාරේ පරිඤ්ඤතේ පඤ්චකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. පඤ්ඤකාම ගුණිකේ රාගේ පරිඤ්ඤාතේ නත්ථි තං සංයෝජනං. යෙන සංයෝජනෙන සංයුත්තෝ අරියසාවකෝ පන ඉමං ලෝකං ආගච්ඡෙය්‍ය.
ඉහත පාලි පාඨ අර්ථය
“මහණෙනි, කබලිංකාර ආහාරය පිරිසිඳ දැනගත් කල්හි පඤ්චකාමයන් පිළිබඳ වූ රාගය ද පිරිසිඳ දැන ගත්තේ වන්නේ ය. පඤ්චකාමය පිළිබඳ රාගය පිරිසිද දැනගත් කල්හි යම් සංයෝජනයක් නිසා ආර්යශ්‍රාවකයා කාමලෝකයේ උපදී ද ඒ සංයෝජනය ඔහුට නැත්තේ ය. ඔහු නැවත කාමලෝකයේ නූපදින්නේ ය.
1. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,
ඒකද්වාරේන පවිසිත්වා - නවද්වාරේහි සන්දති.
2. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,
භුඤ්ජති සපරිවාරො - නික්ඛාමෙන්තෝ නිලීයති.
3. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,
භුඤ්ජති අභිනන්දන්තෝ - නික්ඛාමෙන්තෝ ජිගුච්ඡති.
4. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,
ඒකරත්ති පරිවාසා - සබ්බං භවති පූතිකං.
ඉහත පාලි පාඨයේ අර්ථය
1. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද යන මේවා එක් දොරකින් ශරීරයට ඇතුළුව නව දොරකින් වැගිරෙන්නේ ය.
2. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් පිරිවර ද සහිතව හිඳ අනුභව කරන්නේ ය. පිටකරන කල්හි සැඟවෙන්නේ ය.
3. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද ප්‍රීතියෙන් අනුභව කරන්නේ ය. කයින් බැහැර කරන කල්හි පිළිකුල් කරන්නේ ය.
4. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද එක් රාත්‍රියකින් සම්පූර්ණයෙන් කුණු වන්නේ ය.
ආහාරයේ තතු සලකා බැලීම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
ආහාර ප්‍රතික්කූල සංඥා භාවනාව
ශමථ කර්මස්ථාන සතළිසක් ඇත්තේ ය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනෙකි. ඒ කමටහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳ ය. එය කාමරාග සංයෝජනය සිඳ අනාගාමි ඵලයට පැමිණ බ්‍රහ්ම ලෝකයට යාමට උපකාර වන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීම ය. ප්‍රතික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය.
ආහාර බඳුන ගෙන මෙසේ සිතනු:- ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතෙන මේ ආහාරය මා විසින් අත දමා ඇනූ කල්හි කලින් පැවති ලස්සන නැති වී කැත වන්නේ ය. බල්ලකුට කපුටකුට මිස අනිකකුට නොදිය හැකි තත්ත්වයට පැමිණෙන්නේ ය. හැනීමෙන් පිළිකුල් බවට පත් වූ ඒ ආහාරය කටට ගෙන දිවෙන් පෙරළ පෙරළා සැපූ කල්හි සුණු වී කෙළ සෙම් හා මිශ්‍රවී බලු වමනයක් සේ පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එය කටින් පිටතට දැමුව හොත් පිළිකුල නිසා සමීපයේ සිටියෝ පලා යන්නාහ. මුව තුළ දී අධික අපවිත්‍ර භාවයකට පැමිණි ඒ ආහාරය ගලනාළය දිගේ ගොස් ආමාශයට පත් කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසිකිළි වළක් බඳු වූ ආමාශයේ සෙම් පිත් හා මිශ්‍රවෙමින් පෙණ දම දමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එහි දී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ධ භාවයට පැමිණෙන්නේ ය. වඩාත් පිළිකුල් බවට පැමිණියා වූ ඒ ආහාරය ක්‍රමයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පණුවන් ද සමග අධෝ මාර්ගය කරා ගමන් කරන්නේ ය. පරම අපවිත්‍ර භාවයට ප්‍රතික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළ නො හැකි වන්නේ ය. බැහැර කිරීමට ජන ශූන්‍යස්ථානයකට යන්නට සිදු වන්නේ ය. මේ ආහාරයේ ස්වභාවය ය.
තවද මේ භාවනා විධියෙහි ඒ පිළිකුල් කටයුතු ආහාරයෙහි ම කළකිරීම හා නො ඇලීම උපදවනු පිණිස මේ අවසරයෙන් සියලු ආහාරය
1 කෘත්‍යය
2 ප්‍රභේදය
3 ආදීනවය
4 උපමාය
(i)කබලිඞ්කාරාහාරය
(ii) ඵස්සාහාරය
(iii) මනෝ සඤ්චේතනාහාරය
(iv) විඤ්ඤාණාහාරයැ’යි ඒ සිවු වැදෑරුම් වේ.
මේ වූ කලී වස්තුව (බත් ආදි ද්‍රව්‍යය) සහිත වැ කියන ලදී. ලක්‍ෂණ වශයෙන් නම් ඕජාව යැ. මේ කබලීකාරාහාර සංඛ්‍යාත වස්තුව පෙර කී සේ මේ ශරීරය පවත්වන හෙයින් කබලිඞ්කාරාහාරය යි කියනු ලැබේ
(i) “කබල කොට ගිලිනා අර්‍ථයෙන් කබලිඞ්කාරාහාරය යි.”
(අනෙක් ආහාරයන්හි ද ආහාරාර්‍ථය මෙසේ ම දතයුතු)
(ii) අරමුණු වැදගන්නා හෙයින් ඵස්ස නම් වේ.
(අරූප ධර්‍ම වූ ඵස්සය අරමුණෙහි (ස්පර්‍ශ) වැදගන්නා ආකාරයෙන් පවත්නා හෙයින් ස්පර්‍ශනලක්‍ෂණයයි කියනු ලැබේ.
(iii) චේතනය කරනුයේ චේතනා යි. තමා සමග යෙදුනා වූ ඵස්සාදි ධර්‍මයන් අරමුණෙහි ගළපන්නේය යන අර්‍ථ යි. මනස නම් වූ සිත ඇසුරු කොට පවත්නා චෙතනාව මනොසඤ්චේතනා ය.
(iv) යුක්ති සැලකීම් වශයෙන් විශේෂයෙන් දැනගන්නා අර්‍ථයෙන් විඤ්ඤාණ යැ.
විශේෂාර්‍ථ :- මෙ සේ සාමාන්‍ය අර්‍ථයෙන් ද, විශේෂ අර්‍ථයෙන් ද, මෙහි ආහාර දතයුතු. ඵලයට උපකාර වූ අන්‍ය ධර්‍ම ඇත ද මේ සතර පමණක් ආහාරය යි කියන ලද්දේ උපකාර වශයෙන් ද, අතිරේක වශයෙන් ද, ප්‍රත්‍යය වන හෙයිනි.
ඒ මෙසේයි :- මොවුනතුරින් ප්‍රථමය වූ කබලිඞ්කාරාභාරය තමා පිහිටි රූප කලාපයෙහි ඇතුළත් වූ සෙසු රූපයන්ට ද සුදුසු සේ උපකාර වෙමින් ඔජටඨමක රූපය උපදවයි. දෙවැන්න වේදනාව පවත්වයි. තුන්වැන්න ත්‍රිවිධ භවයෙහි ප්‍රතිසන්‍ධිය පවත්වයි. සිවුවැන්න ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාම - රූප පවත්වයි.
විස්තර :- (ටීකාගත) කර්‍මජාදි භේද භින්න වූ ඕජාව ප්‍රත්‍යය ලාභය ඇති කල්හි රූපකලාප සන්තති දෙක තුනක් ගළපමින් ඔජට්ඨමක රූපය උපදවයි.
සුඛ වේදනාදීන්ට ප්‍රත්‍යය වූ ඵස්ස ආහාරය සුදුසු පරිදි ත්‍රිවිධ වේදනාව උපදවයි.
පුණ්‍යාභිසංස්කාරාදි භේද භින්න වූ මනෝසඤේචතාභාරය කාමාදි තුන්භවයෙහි සවිඤ්ඤාණක වූ ද, අවිඤ්ඤාණක වූ ද, ප්‍රතිසන්‍ධිය එළවයි.
විඤ්ඤාණාහාරය, ප්‍රත්‍යය වූ පරිදි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූතලයන්හි නාමය හා අසංඥාතලයෙහි රූපය හා සෙසු භවයෙහි නාමරූපයන් ද උපදවයි.
තවද උපකාරක (රුකුල්දෙන) අර්‍ථයෙන් ද මේ ධර්‍මයෝ ම ආහාර නම් වෙති. කබලිඞ්කාරාභාරය මේ රූපකායයට රුකුල් දෙයි.
එසේ ම අරූපි සෙසු ආහාර තුන තම තමා එක්ව යෙදුනු ධර්‍මයන්ට හා තත්සමුට්ඨාන රූපයන්ට රුකුල් දෙයි.
තවද ක්‍රමයෙකි :- අධ්‍යාත්මික ධර්‍ම පරම්පරාවට විශේෂ උපකාර හෙයින් කබලිඞ්කාරාභාරය ද, ස්පර්‍ශාද වූ ධර්‍මයෝ තුන් දෙන ද, ආහාර නම් වෙති.
ඒ එසේ මැයි. කබලිඞ්කාරාහාරය අනුභව කරන සත්ත්‍වයන් ගේ රූපකායයට විශේෂ උපකාරය වේ. නාම කායයෙහි වූ වේදනාවට ස්පර්‍ශය ද ප්‍රතිසන්‍ධි විඥානයට මනෝසඤේචතනාව ද, එක්ව යෙදුණු නාම-රූපයනට විඥානය ද, එසේ ම විශේෂ උපකාරය වේ.
කබලිඞ්කාරාහාරයෙහි රසතෘෂ්ණා මූලයෙන් සෙවීම වන හෙයින් නිකන්ති (තෘෂ්ණාව ම) භය වෙයි. ස්පර්‍ශාහාරයෙහි අරමුණ හා එක්වීම මැ භය වෙයි. මනෝ සඤේචතාහාරයෙහි භවයෙන් භවය ගැළපීම භය වෙයි. විඤ්ඤාණාහාරයෙහි ප්‍රතිසන්‍ධිය මැ භය වේ.
කබලිඞ්කාරාහාරය පුත්‍රමාසං උපමායෙන් දත යුතු. (දුර්භික්‍ෂ කාන්තාරයක් එතර කරන පුරුෂයෙක් මළ පුතා ගේ මාංසය තෘෂ්ණාවෙන් තොර ව හුදෙක් කාන්තාරය එතර කිරීම පිණිස ම අනුභව කරන්නා සේ කබලීකාරාහාරය රස තෘෂ්ණාවෙන් තොර ව දේහ යාත්‍රාව පිණිස ම අනුභව කරන කල රසතෘෂ්ණාව නො පවතී.
ස්පර්‍ශාහාරය හම ගැසූ ගව දෙනක් සේ දත යුතු. හම නැති දෙන ගිය ගිය තැන මැසි කවුඩු ආදි ප්‍රාණීන් කඩා ගන්නා සේ ස්පර්‍ශ!ය නිසා වේදනාව වේ. භෙද දුක් වශයෙන් හුල් ආදි වශයෙන් දතයුතු.
මනෝ සඤ්චේතනාහාරය අගුරු වළක් සේ දත යුතු. (එකොළොස් ගින්නෙන් ඇවිලගත් භවය කිහිරි අඟුරු වළක් සේ දක්නාහට උප්පත්ති භය නො වන්නේ ය)
විඤ්ඤාණාහාරය ආයුධ පහරක් බඳු වේ. විඤ්ඤාණය අනතර්‍ථ පමුණුවන හෙයින් සොරකුසේ ද, වේදනාව ශස්ත්‍රයෙන් පැහැරීම මෙන් ද දක්නහුට ප්‍රතිසන්‍ධි භය නො වේ.
මෙකී චතුර්විධ ආහාරයන් අතුරින් (ආහාරයෙහි) පටික්කුල සඤ්ඤාව ඉපදවීමට සුදුසු ආහාරය වූ ඛාද්‍ය-භෝජ්‍ය ලෙය්‍ය පෙය්‍ය යන සතර වැදෑරුම් ආහාර විකෘති වූ කබලීකාරාහාරය මැ මේ භාවනාවාරයෙහි ආහාරය යි ගැනේ.
විශේෂ :- උපාදාරූප කී තන්හි ආහාරය යි රූප දැක්වූ හෙයින් එයින් වෙන්කොට ගැනීම පිණිස මේ චතුර්විධ ආහාර විකෘතීන් දැක්වූහ. එහෙයින් මැ ඕජා ආහාරය නො ගෙන ගිලින ආහාරයම මෙහිලා “ආහාරය යි” ගැනේ. ඒ ආහාරයෙහි පිළිකුල් ආකාරය ගැනීම් වශයෙන් උපන් සංඥාව ආහාරයෙහි පටික්කුල සංඥා නමු.
එය වඩනු කැමති යෝගාවචර තෙමේ පාළියෙහි ආ පරිද්දෙන් කර්‍මස්ථානය මනාව ඉගෙන මෙනෙහි කොට අර්‍ථය වටහා ගෙන එක් පදයකුදු නො වරදවා රහසිගත වැ සිහි ඇති වැ භෝජනාදි ප්‍රභේදගත ඒ සිවු වැදෑරුම් ආහාරයෙහි දස ආකාරයකින් පිළිකුල් බව ප්‍රත්‍යවෙක්‍ෂා කළ යුතු.
තෙරුවන් සරණයි..!
අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා.
ලෝකයටම සෙත සාන්තිය උදා වෙත්වා...! තෙරුවන් සරණයි...!
මෙම උතුම් සදහම් අනුශාසනා කියවා අවබෝධ කරගත්තාවු කුසල් ද භාවනාදී ප්‍රතිපත්තීන්හි නියැලෙමින් සේඛ බල ධර්මයන් දියුණු කර ගැනිමට හේතු වාසනා වෙත්වා...!
මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා...!!!
🔶දේශකයාණන් වහන්සේ :- පුජ්‍යපාද තලාතුඩුව ආරණිඃය සේනාසනයේ කම්මංඨාණාචාරිය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍යපාද ඌවපරණ ගම ඤාණින්ද ස්වාමින්වහන්සේ
WhatsApp : ☎️ +940702039942
තෙරුවන් සරණයි!
⎈ සියලු කුසල් උතුම් චතුරාරී සත්‍ය ධර්මවබෝය පිණිස හේතු වෙත්වා...!
නිර්වාණ තරණය / Nirvana Tharanaya
#භාවනා #ධර්මය #බුදුදහම #ධර්මදේශනා #සත්‍යය
#නිවනමග #අසූචිභාවනා #ආහාරප්‍රතික්කූලසංඥා #තණ්හා #අල්පෙච්ඡතාව
#සසරදුක #අනිත్యత #දුක්ඛ #අනාත්ම #සිත්සමාධිය
#සන්සුන්මනස #බෞද්ධයා #ලංකාව #පින්කම #ධර්මපණිවිඩය
යතිවර පූජා
තෙරුවන් සරණ යමු නමෝ බුද්ධාය
චින්තන විප්ලවයකින් අලුත් රටක්
Dinamina