08/27/2026
නමෝ බුද්ධාය..!
වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ළමා වැඩසටහනට සහභාගී වන පින්වත් දූ දරුවන් විසින් පසුගිය 22 වැනි සෙනසුරාදා සවස උතුම් සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාවක් සිදු කරන්නට යෙදුණි.
එදින සවස සම්බුද්ධ වන්දනාව සිදුකොට, ඉන් අනතුරුව තම දෙමාපියන්ටද වන්දනා කර, නව පාසල් වාරය සඳහා දෙමාපියන්ගේ ආශීර්වාද ලබා ගත්හ.
උතුම් සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාවෙන් සහ සම්බුද්ධ වන්දනාවෙන් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා!
ඒ පින් බලයෙන් සියලු දෙවියෝ සැපයෙන් සැපයට පත්වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!
එමෙන්ම, ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වෙත්වා!
උන්වහන්සේලාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!
එමෙන්ම, නව පාසල් වාරය ආරම්භ කරන සියලු දූ දරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා!
ඔවුන් සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සියලු රැකවරණය හා ආරක්ෂාව සැලසේවා!
සුවසේ ඉගෙනීම් කටයුතු සිදු කරමින්, පින් දහම් රැස් කරමින්, ගුණධර්ම දියුණු කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!
එමෙන්ම, එම පින්වත් දූ දරුවන්ගේ සියලු දෙමාපියන්ටද මේ පින් අනුමෝදන් වේවා!
සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!
පින් කැමති ඔබටත් මේ පින් අනුමෝදන් වේවා!
උතුම් නිවන පිණිසම මේ පින් උපකාර වේවා!
තෙරුවන් සරණයි..!