St.Joseph"s Church Peralanda

St.Joseph"s Church Peralanda Welcome to the official page of St' Joseph's Church - Peralanda.

අද දින කඳාන ද මැසනඩ් විදුහලේ පියතුමන් වන ගරු. ක්‍රිශාන්ත තිලකරත්න පියතුමන් හා අප මීසම් එඬේරාණන් වන ගරු. ශිහාන් ඉන්දික පි...
09/08/2026

අද දින කඳාන ද මැසනඩ් විදුහලේ පියතුමන් වන ගරු. ක්‍රිශාන්ත තිලකරත්න පියතුමන් හා අප මීසම් එඬේරාණන් වන ගරු. ශිහාන් ඉන්දික පියතුමන් විසින් 2026 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ආසිරි ගැන්වීම සිදු කරන ලදී.

08/08/2026

මෙවර 2026 අ.පො.ස උසස් පෙළ (A/L) සඳහා පෙනී සිටින උසස් පෙළ සිසු දරු දැරියන් ආශිර්වාද කිරීම

අගෝස්තු මස 9 වන ඉරුදින උදෑසන 10 දිව්‍ය පුජාවෙන් පසුව සිදු කෙරේ.

දේව මාතාවගේ ආශිර්වාදය පතා තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ ලූර්දු ගුහාව ඉදිරියේ පැවති ලූර්දු මාතා බැ...
01/08/2026

දේව මාතාවගේ ආශිර්වාදය පතා තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ ලූර්දු ගුහාව ඉදිරියේ පැවති ලූර්දු මාතා බැතිය සඳහා පේරලන්ද මීසම් වාසීන් භක්තියෙන් හා එකමුතුවෙන් යුතුව සහභාගී වූහ.
මෙම බැතිමත් වන්දනා ගමන පේරලන්ද මීසම් එඬේරාණන් වන ගරු. ශිහාන් ඉන්දික පියතුමාගේ මඟපෙන්වීමෙන් සිදු වූ අතර, ලූර්දූ දේව මාතාවන්ගේ ආශිර්වාදය සියලු දෙනා වෙත නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ ලූර්දු ගුහාව අබියස ජපමාල උච්චාරණය, දිව්‍ය පුජාව හා ඉන් අනතුරුව ලූර්දු ප්‍රතිමාව සමඟ ඉටි පහන්...
31/07/2026

ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ ලූර්දු ගුහාව අබියස ජපමාල උච්චාරණය, දිව්‍ය පුජාව හා ඉන් අනතුරුව ලූර්දු ප්‍රතිමාව සමඟ ඉටි පහන් පෙරහැර අවසානයේ කැපකිරීම සහ ප්‍රතිමාවෙන් ආශිර්වාද කිරීම.

මරිමව් බැතිය ආරම්භය - සවස 4 : 00

මෙවර සංවිධානය කිරීම අප මීසමට ලැබී ඇති බැවින්, මීසම් සංඝයක් ලෙස ඔබ සැමදෙන මෙම උතුම් අවස්ථාවට සහභාගි වන ලෙස ඉල්ලා සිටිමු.

කොළඹ අගරදගුරු පදවියේ පූජකවර ප්‍රදානය කොටහේන සා.ලුසියා ආසන දෙව්මැදුරේ දී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හි...
27/07/2026

කොළඹ අගරදගුරු පදවියේ පූජකවර ප්‍රදානය කොටහේන සා.ලුසියා ආසන දෙව්මැදුරේ දී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්තාවට අගරදගුරු පදවි සහායක රදගුරු හිමිපාණන්ලා සහ පදවියේ ගරු පූජා ප්‍රසාදිතුමන්ලා ඇතුළු නවක පූජකතුමන්ලාගේ දෙමාපියන් සහ නෑදැහිතවතුන් සහභාගි විණි.

එමෙන්ම නවක පූජක පුතුන් ලෙස ධර්මදූතික මෙහෙවරට එක්වූ පූජා ප්‍රසාදීන් වහන්සේලා හට පේරලන්ද මීසම් ජනතාවක් ලෙස සුබ පැතුම් එක්කරමු. ඔවුන්ගේ හට දහම් කෙත අස්වැද්දීමට අවශ්‍ය සියලුම වරප්‍රසාද දෙවිපියණන්ගෙන් ඉල්ලා අපි යාච්ඤා කරමු .

පේරලන්ද ශු. ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයට අයත් සුසාන භූමිය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය 2026 ජූලි මස 29 වන බදාදා (පෝය දින...
27/07/2026

පේරලන්ද ශු. ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයට අයත් සුසාන භූමිය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය 2026 ජූලි මස 29 වන බදාදා (පෝය දින ) පැවැත්වේ. ඒ සඳහා මීසම්වාසී ඔබ සැමට කෙරෙන ආරධනයයි..

2026 ජුලි මස 26 වන ඉරුදින පේරලන්ද ශු. ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ දේශීය පුජක / පැවිදි ඉරුදින දිව්‍ය පුජා යාගය හා මීසමේ තර...
26/07/2026

2026 ජුලි මස 26 වන ඉරුදින පේරලන්ද ශු. ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ දේශීය පුජක / පැවිදි ඉරුදින දිව්‍ය පුජා යාගය හා මීසමේ තරුණ තරුණියන් කැප කිරීමේ දිව්‍ය පුජා යාගය මීසම් එඬේරාණන් වන ගරු. ශිහාන් ඉන්දික පියතුමන් විසින් පවත්වන ලදී.

මෙම දිව්‍ය පුජා යාගය සංවිධානය කරනු ලැබුවේ මීසමේ තරුණ සමිතිය විසිනි.

මීසම් නවෝදයේ වසර තුල අධ්‍යත්මික ප්‍රබෝධයක් ඇතිකරලීම සදහා, කුඩා කිතුණු ඒකක බිහිකරලීමට  හැදින්වීමේ  වැඩසටහන 19වන  ඉරුදින අ...
20/07/2026

මීසම් නවෝදයේ වසර තුල අධ්‍යත්මික ප්‍රබෝධයක් ඇතිකරලීම සදහා, කුඩා කිතුණු ඒකක බිහිකරලීමට හැදින්වීමේ වැඩසටහන 19වන ඉරුදින අප මීසමේ පවත්වන ලදී. අප මීසම්පති ගරු.ශිහාන් ඉන්දික පියතුමාගේ මගපෙන්වීම මත අගරදගුරු පදවි කුඩා කිතුණු ඒකක ක්‍රියාකාරි සාමාජික සාමාජිකාවන් විසින් සැසිය මෙහෙය වන ලද අතර මීසම් ධර්ම සේවා සභාවේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගේ ක්‍රියාකාරි සහභාගිත්වයෙන් සැසිය ඉතා සාර්ථකව නිම කරන ලදි.

පේරලන්ද ශු. ජුසේ මුනිඳුන්ගේ දහම් පාසලේ 2026 වර්ශය සඳහා  ශිෂ්‍ය නායක නායිකාවන් හට පදක්කම් පැළඳවීම අද දින මීසම් සේවක පියතු...
05/07/2026

පේරලන්ද ශු. ජුසේ මුනිඳුන්ගේ දහම් පාසලේ 2026 වර්ශය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් හට පදක්කම් පැළඳවීම අද දින මීසම් සේවක පියතුමන් වන ගරු . ශිහාන් ඉන්දික පියතුමන් විසින් සිදු කරන ලදී.

දේව වන්දනා වසරකදි සැමරෙන්නේ උපන්දින 3ක් පමණි.
23/06/2026

දේව වන්දනා වසරකදි සැමරෙන්නේ උපන්දින 3ක් පමණි.

Address

Welisara

Website

Alerts

Be the first to know and let us send you an email when St.Joseph"s Church Peralanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share