10/25/2026
🌕 Assayuja Puṇṇamī | Vap Full Moon Poya Day
Pāli: Assayuja Puṇṇamī (අස්සයුජ පුණ්ණමී)
Sinhala: වප් පුර පසළොස්වක පොහොය
This full moon marks the completion of the traditional three-month rains retreat, or Vassa. The monastic community observes Pavāraṇā, inviting one another to point out any faults seen, heard, or suspected. It is a meaningful reminder to welcome wise guidance, acknowledge our shortcomings, and grow through humility.
According to Theravāda tradition, this day also commemorates the Buddha’s return to Saṅkassa from Tāvatiṃsa heaven after teaching the Abhidhamma to the deities, including the deity who had formerly been his mother.
The following month is the Kathina season, when lay communities offer Kathina robes and other necessities to support the Saṅgha, expressing gratitude for their dedication to the Dhamma.
May we observe this Poya through generosity, ethical conduct, meditation, and loving-kindness.
May all beings be well, peaceful, and free from suffering. 🙏
🌕 අස්සයුජ පුණ්ණමී | වප් පුර පසළොස්වක පොහොය
පාලි නාමය: අස්සයුජ පුණ්ණමී (Assayuja Puṇṇamī)
සිංහල නාමය: වප් පුර පසළොස්වක පොහොය
වප් පුර පසළොස්වක පොහොය පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලාගේ තෙමස් වස් කාලය අවසන් වන පින්බර දිනයයි. මෙදින මහා පවාරණය සිදු කරන සංඝයා වහන්සේලා, තමන් පිළිබඳව දුටු, ඇසූ හෝ සැක කළ වරදක් ඇත්නම් එය අනුකම්පාවෙන් පෙන්වා දෙන ලෙස එකිනෙකාට ඇරයුම් කරති. නිහතමානීව අවවාද පිළිගැනීමටත්, තම අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කරගැනීමටත් මෙය අප සැමට වටිනා ආදර්ශයකි.
ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අනුව, බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍යරාජයාණන් ඇතුළු දෙවියන්ට අභිධර්මය දේශනා කර, සංකස්ස නුවරට වැඩම කළ අසිරිමත් අවස්ථාවද මෙම පොහොය දින සිහිපත් කෙරේ.
වප් පොහොයෙන් පසු ඉල් පොහොය දක්වා කඨින චීවර පූජා පැවැත්වෙන චීවර මාසය උදා වේ. වස් විසූ සංඝයා වහන්සේලා උදෙසා කඨින චීවර හා අනෙකුත් අවශ්‍යතා පූජා කරමින් කෘතගුණ දැක්වීමටත්, ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කිරීමටත් මෙය අගනා අවස්ථාවකි.
දානයෙන්, සීලයෙන් හා භාවනාවෙන් මෙම පොහොය අර්ථවත් කරගනිමු. සදහම් අසමු. මෛත්‍රිය වඩමු. යහපත් අවවාද පිළිගෙන අපගේ ජීවිත වඩාත් යහපත් කරගනිමු.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! දුකින් මිදෙත්වා! 🙏