08/23/2026
**2026 වස්සාන සමය නිමිත්තෙන් පැවැත්වූ පළමු ධර්මදේශනා පින්කම**
ෆිලඩෙල්ෆියා භාවනා සමාජ මධ්‍යස්ථානයේ 2026 වස්සාන සමය නිමිත්තෙන් සංවිධානය කරන ලද පළමු ධර්මදේශනා පින්කම සාර්ථකව පැවැත්විණි.
එහි ධර්මදේශකයාණන් වහන්සේ ලෙස අප ෆිලඩෙල්ෆියා භාවනා කොමියුනිටි මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී පූජ්‍ය විලච්චියේ කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් ධර්මදේශනය පවත්වන ලදී.
පැමිණ ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටත්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ධර්මය ශ්‍රවණය කළ සියලු දෙනාටත් බොහෝ පින් සිදු වේවායි ප්‍රාර්ථනා කරමු.
එමෙන්ම නන් අයුරින් සහයෝගය හා උපකාර කළ අපගේ දායක දායිකාවන් සියලු දෙනාට මෙම පුණ්‍යකර්මයේ පින් අනුමෝදන් කරමු.
මෙම උතුම් ධර්ම පුණ්‍යකර්මයේ ආනිසංසයෙන් සියලු දෙනාට සෙත, ශාන්තිය හා සැනසීම උදා වේවා!
**තෙරුවන් සරණයි!** 🙏
**The First Dhamma Sermon of the 2026 Vassāna Season**
The first Dhamma sermon of the 2026 Vassāna season was successfully held at the Philadelphia Meditation Community Center. The sermon was delivered by the resident monk, **Most Venerable Wilachchiye Kashyapa Thero**, Royal Panditha and Shasthravedi.
We extend our heartfelt appreciation and merit to everyone who participated in person and to all those who joined the Dhamma sermon online.
We also express our deep gratitude and share the merits with all our devoted Dāyakas and Dāyikas who supported this meritorious event in numerous ways.
May the merits of this noble Dhamma activity bring peace, happiness, and spiritual well-being to everyone.
**May the Triple Gem Bless You!** 🙏