19/11/2025
හැම පැවිදි පූජකයෙකුගේම ආත්ම තුළින් මගේ දයාව පරිවර්තනය විය යුතුය..
****************************************
අප දෙවියන්ට සමාන වන්නේ අසල්වැසියාට සමාව දෙන විටයි. දෙවියන් වහන්සේ ආදරයයි. යහපතයි. එමෙන්ම දයාවයි... හැම ආත්මයක් තුළින්ම විශේෂයෙන්ම හැම පැවිදි පූජකයෙකුගේම ආත්ම තුළින් මගේ දයාව පරිවර්තනය විය යුතුය.. සියල්ලන් වෙනුවෙන් මගේ හෘදයෙන් කරුණාවත්, දයාවත් උතුරා ගලා යයි... මාගේ ප්‍රේමවන්තියන්ගේ හදවත මාගේ හදවතට සමාන පැවතිය යුතුය: ඇගේ හදවතින් ආත්ම වෙත මගේ දයාවේ උල්පත උතුරා ගලා යා යුතුය;
එසේ නැතහොත් ඇය මාගේ ලෙස මම නොපිළිගනිමි (දිනපොත ශු.පවුස්තිනා තුමිය.1148) Calling Of Holy Mother