සසර කතරෙන් එතෙර වීමට-Leads to Nibbana

  • Home
  • සසර කතරෙන් එතෙර වීමට-Leads to Nibbana

සසර කතරෙන් එතෙර වීමට-Leads to Nibbana දීර්ඝ කාලයක් තිස්සේ සැඟවගොස් තිබූ පද නිරුක්ති ක්‍රමවේදය නැවැත භාවිතයට පැමිණීම තුළින් යළි මතු ව

19/04/2023

මම අනිද්දා තුසිතය දිව්‍ය ලෝකට යනවා ...
පුජ්‍ය කඩවැද්දුවේ ජිනවංශ ස්වාමින්වහන්සේ උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1908 දීය. 1921 වසරේදී උන්වහන්සේට වයස 13ක් පමණ වත්දී හොරණ පුර්වාරාම විහාරයේදී ශ්‍රමණ භූමියට ඇතුළුවූ උන්වහන්සේ පයාගල ධම්මගුප්ත පිරිවෙනෙන්ද වැල්ලවත්තේ ධම්මෝදය පිරිවෙනෙන්ද පාලි, සංස්කෘත, තිපිටක ධර්ම සහ අභිධර්ම අද්යනපනය ලත්දේය. 1927 වසරේදී ඉහල උපසම්පදාව ලත් එතුමෝ එවකට දුර්වලව තිබු සංඝයාගේ ගුණ නුවණ වැඩීමට මේ කාලය බව වටහා ගෙන සිටියෝය. උන්වහන්සේට වයස 25 වුන වසර 1932 දී උන්වහන්සේ තෙබුවන ග්‍රන්තකාර පිරිවෙන නමින් භික්ෂු අද්‍යපන මධ්‍යස්ථානයක් ඇතිකළේය.

බුද්ධ ධර්මයේ අරමුණ පන්සල් විහාර ගොඩනැංවීම පමණක් නොවන බව උන්වහන්සේගේ අදහස විය. මිනිසුන්ගේ පිළිවෙත් පැවතුම් නිදොස් කොට ඔවුන් යහ මගට ගැන්වීම ඉතාමත් වැදගත් වුවත්, සංඝයා වහන්සේලා ඒ කාර්යයට මුළු ජීවිතයම කැපකිරීම, බුදුන් වහන්සේ වදාළ “අප්‍රමාදය” නොවන බව එතුමෝ දුටහ. යමෙක් සසුන් ගතවන්නේ පළමු අරමුන ලෙස “සබ්බ ධුක්ක නිස්සරනාය, නිබ්බාන සච්ච කිරියාය” නිවනම අපේක්ෂා කරමින් සසරින් ගැලවීමට නම් එයට අවශ්‍යවන භාවනාව ජීවිතයේ කොටසක් කරගත යුතු බව ජිනාලංකාර ස්වාමින් වහන්සේගේ අදහස විය. භාවනා කරන්නට සුදුසු වාතාවරණයක් ඇති නිස්කලංක පන්සල් විහාර නැති නිසා ආරණ්‍ය සේනාසන ඇති කලොත් මැනවයි උන්වහන්සේ සිතුවේය.
ඒ සඳහා උන්වහන්සේ ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව නමින් සංවිධානයක් 1951 වසරේ ජුනි 18 වැනිදා ඇතිකරවූහ. ඒ සංවිධානය ඇතිකළ ප්‍රථම සේනාසනය කිරින්දේ නිමලව ආරණ්‍යයය. ඉන්පසු දෛවොපගතවම මෙන්, පුජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේ ජින්වන්සාලන්කාර ස්වාමින්වහන්සේට එකතුවීමෙන් ද, අසෝක වීරරත්න ශ්‍රීමතාණන් විසින් මීතිරිගල නිස්සරණ වනය සේනාසනය ඇතිකිරීමෙන්ද, මේ උත්සාහය මල්පල ගත්තායි කීවොත් නිවැරදිය. අද ලංකාව පුරා ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධිතව ආරණ්‍ය සේනාසන 150ක් පමණ ඇත. පැවිද්දන්ගේ විමුක්ති මාර්ගයට එලබෙන්නට අවශ්‍ය භාවනා කරන්නට සුදුසු සියලු අවශ්‍යතා ඉටුකරදෙන්නට සැදී පැහැදී සිටිනා ශ්‍රද්ධාවත් දායකයන් මේවායේ ක්‍රියා කරයි.

ශ්‍රී කල්‍යාණි යෝගස්රම සංස්ථාව ඇතිකිරීමෙන් උන්වහන්සේ හෙළදිව සංඝ පරම්පරාවට යලි ජීවන හුස්මක් පිම්බාය යයි කිව හැක. කිසිදු තනතුරු, නම්බු නාම, ගරු ප්‍රදාන නොතකු නොපැතූ උන්වහන්සේ ගතකල ජීවිතය සරල සුගම විය.

අති පුජ්‍ය කඩවැද්දුවේ ජිනාලංකාර ස්වාමින්වහන්සේ වසර 96ක් ආයු වළඳා 2003 ජුල 18 වැනිදා අපවත්වී වදාළ සේක.
අපවත් වන්නට දින දෙකකට කලින් සියලු ශිෂ්‍යයන් කැදවූ ස්වාමීන් වහන්සේ අවවාද අනුශාසනා කරමිනක් සිය ජීවිත කථාව ගෙනහැර දැක්වූ සේක. අවසානයේ විවිධ දිව්‍ය ලෝකවල වැඩ සිටිනා තමන්ගේ දායක ඇත්තන් තමන්ට ආරාධනා කරන බවත් අසවල් වලව්වේ ජීවත් වූ නිලමේ විශේෂ ආරාධනයක් තුසිත පුරයට කල බවත් තමන් වහන්සේ එහි වැඩ ටික කලක් ගතකොට නැවත මනු ලොවට පැමිණ සසුන බබලවන බවත් ප්‍රකාශ කල සේක. කිවූ ආකාරයටම අනිද්දා වූ පෝදින උන් වහන්සේ අපවත් වී වදාල සේක.
අපේ සාසනය නිසි මගට මෙහෙයවූ ඔබවහන්සේට නිර්වාන ධර්මයම පසක් වේවා.
සාදු ... සාදු ... සාදු ...

(FB තුළින් උපුටාගත් සදහම් ලිපියකි)

31/01/2023

අපිට,අපේ ලගම කෙනෙක්ට වෙනකන් මේක නිකම්ම නිකන් පෝස්ට් එකක් විතරයි ....

15/11/2022
15/10/2022

විදර්ශනා මාර්ගය නමින් එළි දක්වා ඇති මෙම දහම් පුස්තකය, ත්‍රිපිටකය ආදී බෞද්ධ මූලාශ්‍රයන්ගෙන් සමන්විත, අංග සම්පූර්ණ ධර්ම ග්‍රන්ථයකි. මෙහි බුදු දහම, වඩාත් ප්‍රායෝගිකව සහ විස්වාසනීයව සිංහල භාෂාවෙන් පෙළගස්වා ඇති අතර බුදු දහමෙහි විස්තර වෙන නිර්වාන මාර්ගය සහ භාවනා ප්‍රතිපදාව මුල සිට අග දක්වා පරිපූර්ණව ඉදිරිපත් කර ඇත. එහෙයින් සෑම බෞද්ධ නිවසකම සහ පූජ්‍ය ස්ථානයකම අනිවාර්යයෙන්ම තිබිය යුතු වටිනා ධර්ම ග්‍රන්ථයකි.

ඝන කවරය සහිත පිටු 700 කට අධික අන්තර්ගතයකින් සමන්විත විදර්ශනා මාර්ගයේ ප්‍රථම භාගයට ඇතුළත් වන්නේ, මේ සම්බුද්ධ ශාසනයේ පරිපූර්ණ වූ සීලස්කන්ධය, සමාධිස්කන්ධය සහ සම්බුද්ධ සාසනයේ යෝගාවචර ප්‍රතිපදාවයි. විදර්ශනා මාර්ගයේ ප්‍රථම භාගය මිලදී ගැනීමට පෙර එහි,
සංඥාපනය -
හැඳින්වීම -
පටුන බලන්න අවශ්‍ය නම් පහත pdf එක download කරගන්න.

PDF link :
https://www.facebook.com/groups/335816818706336/permalink/426548376299846/

Google Drive link :
https://drive.google.com/file/d/1h14NBzFsA9rP9VFrWpAhOHgyz4VFxeVy/view?usp=sharing

තමන් මෙන්ම ධර්මය ගැඹුරින් අධ්‍යනය කිරීමට සහ බෞද්ධ භාවනා ක්‍රමය පුහුණු කරන්න කැමති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හට පරිත්‍යාග කිරීමට වඩාත්ම සුදුසුම බෞද්ධ ග්‍රන්ථය මෙයයි.

මෙම වටිනා ධර්ම ග්‍රන්ථය, ප්‍රකාශනය කොට දිවයින පුරා බෙදාහරිනු ලබන්නේ ධම්ම විපස්සනා ඇත්පවුර සංවිධානය විසිනි. මෙම ධර්ම ග්‍රන්ථය තම නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහත දුරකථන අංකයට Whatsapp මගින් ඔබගේ තොරතුරැ, මෙම ග්‍රන්ථය බෙදාහරින මධ්‍යස්ථානයට යොමු කරන්න.

ඔබගේ නම -
ලිපිනය -
දුරකථන අංකය -
අමතර දුරකථන අංකයක් ඇත්නම් -
WhatsApp වලින් යොමු කරන්න.

👉 Cash on Delivery - පොත් ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
👉 Bank Deposit available

✅ මෙම Facebook පිටුවෙන් ද තොරතුරු විමසිය හැක.
✅ WhatsApp - 070 666 6686 (බෙදාහැරීමේ මධ්‍යස්ථානය)
✅ ඇමතුම් - ☎ 0706996882 (රේණුකා මහත්මිය)

ග්‍රන්ථයේ පිටපතක මිල - රු. 2,800.00

(මෙම මුදල, නැවත මුද්‍රණ වියදම පියවා ගැනීම සඳහා පමණි. මෙම ග්‍රන්ථය මුදලට අලෙවි කිරීම සපුරා තහනම් වේ.)

ධම්මවිපස්සනා ඇත්පවුර සංවිධානය
භාණ්ඩාගාරික,
හසින්ත විජේකෝන් උපාසක මහතා.
Whatsapp No - 070 666 6686

30/09/2022

ගරු ස්වාමීන් වහන්ස,
ඊයේ දිනයේ භාවනා කිරීමෙන් පසු අද දින මාගේ දෛනික ජිවිතයේ අත්විඳි වෙනස්කම් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මෙසේ ඵල කරමි.

උදෑසන 4 පමණ භාවනාව අවසන් කළෙමි. ශරීරයට දැනුණු ප්‍රභල විද්‍යුත් කම්පන දැනුදු දැනෙන්නාක් මෙනි. කය පුරා තැනින් තැන විද්‍යුත් ධාරා ගමන් කරනු දැනුදු දැනේ. කාර්‍යාලයට පැමිණි පසු විශාල පිරිසක් සිටිනු දුටුවා. පවුල් ආරවුල්, ගැටලු මහා ශබ්ද රාශියකි. මදවේලාවක් ගියපසු මට වැටහුණේ ඒවා ශබ්ද ලෙස වැටහි සිතුවිලි පහළ නොවී ඉවත්ව යන බවයි. සිත අරමුණු ඔස්සේ ගමන් නොකරන ස්වභාවයක් ඇත. එසේම උල්පතකින් මෙන් හේතුවකින් තොර ප්‍රීතියකින් සිත පිරී යයි. ලෝකයේ කුමක් වුවද මට කම් නැත වැනි හැගීමකි. මෙය ලියන මොහොතේද පිරිසිදු ප්‍රීතිය සිතේ පිරීයනු දැනේ.

කර්‍යාලයේ ඉදිරිපිට සිටින පිරිස තවදුරටත් පුද්ගලයන් ලෙස හදුනාගෙන සිතුවිලි පහළ වීමක් නැත. රූපයක් දැකගැනීම දැනගැනීම යන තැනින් ඔබ්බට සිත ගමන් නොකරන බවක් දැනේ. සිතුවිලි රහිත සිත සුවදායකය. සිත හිස්‍ සහ පිරිසිදු සැහැල්ලු බවකින් යුතුය. ඒ නිසාම වරින් වර සිතේ ප්‍රිතිය උපදී. ඇතැම් විට පුද්ගලයා තුළ ඇටසැකිල්ල දර්ශනය වී එය බිඳී කඩා වැටෙනු පෙනේ. සංස්කාර අනිත්‍යයි. ඇතැම් විට සියලු දේ අංශු ලෙස වැටහේ. එවිට තවදුරටත් ඒ ඒ අරමුණු ඔස්සේ ගමන් කිරීමකින් තොර නිසා සිත සුවයෙනි. උපේක්ෂාවෙනි.

මේ සියල්ල මොහොතක් පාසා බිඳෙන බිඳෙන බැවින් ලෝකය හා ගමන් කිරීම නොව ඉන් මිදීමම සැපයක් බව දැනේ. කිසිවක් ග්‍රහණය කර නොගන්නා සිතට යමකු බනින වචන පවා අර්ථය ග්‍රහණය කර නොගෙන අත් හැර දැමිය හැකි බව දැනේ. එවිට වචන පිලිබද දැනීම ඇතිවී අර්ථය ග්‍රහණය නොවී ඉවත් වී යයි. ඒ ගැන ගැටීමක් ඇලීමක් සිතුවිලි පහළවීමක් නැති බව පෙනුනි. එය සිදුවන්නේ ආයාසයෙන් නොවේ. ඉබේමය.

ගරු කල්‍යාණ මිත්‍රයන් වහන්ස මේ සියල්ල ඔබ වහන්සේගේ මග පෙන්වීමෙනි. මග ගමන් කොට නියම මග දත් ඔබ වහන්සේ අප සැමගේ පිහිට පිළිසරන බව මගේ හැගීමයි. ඔබ වහන්සේට මාගේ නමස්කාර පූර්වක වන්දනාව වේවා.

භාවනා යෝගාවචරයින්ගේ මෙවැනි භාවනා අද්දැකීම් දිනපතා කියවන්න කැමති නම් හෝ මූලික භාවනා උපදෙස් අනුව (මූලික අදියරේ සිට) නිවසේ සිටම කිසිඳු වියදමකින් හෝ අපහසුතාවයකින් තොරව විදර්ශනා භාවනාව සඳහා උපදෙස් (කමටහන්) ලබා ගන්න කැමති නම් පහත link එකෙන් Dhamma Vipassana Meditation Center FB Group එකට එකතු වන්න. නැත්නම් ඒ නමින් search කරන්න.

Group link එක :
https://www.facebook.com/groups/339084890046092

මූලික භාවනා උපදෙස් මාලාවේ link එක :
https://www.facebook.com/497888240573967/posts/1500119127017535/

ධර්ම දේශනාවේ (link) එක :
https://youtu.be/LUHrWFVbEYo

Youtube channel link :

https://youtube.com/channel/UCHNDjv2yOhtRrjl3_G0MjGA

26/09/2022
18/09/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සසර කතරෙන් එතෙර වීමට-Leads to Nibbana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share