කිතු රාව - Kithu Raawa

කිතු රාව - Kithu Raawa Roman Catholic
we are with Jesus
not for business

04/08/2026

භාග්‍යා වන්තවූ ශුද්ධ වූ අනා මුනිශ්වරියනී පාපිවු අප උදේසා අයැදිනු මැනව ❤️

🔴 Breaking News - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කෙරේපාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ...
31/07/2026

🔴 Breaking News - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කෙරේ

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියමකර තිබෙනවා.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් ලබා දුන් බෙදුනු නඩු තීන්දුවක් මතයි.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

එමෙන්ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද අද (31) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා.

17/07/2026
17/07/2026

🎶 𝐒𝐈𝐇𝐈𝐍𝐀𝐘𝐀 – සිහිනය | 𝐆𝐫𝐨𝐨𝐯𝐞 & 𝐆𝐥𝐚𝐦 𝐃𝐢𝐧𝐧𝐞𝐫 𝐃𝐚𝐧𝐜𝐞 Live at 𝟐𝟎𝟐𝟔
දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය වන සිහිනය ව්‍යාපෘතිය පිළිබද පුබුදුගම ශාන්ත අන්තෝනි දේවස්ථාන සංඝයභාර පියතුමා වන ගරු මේරියස් ක්‍රිෂාන් පියතුමා සහභාගීවූ දෙරණ සේද මාවත විශේෂ වැඩසටහන

17/07/2026

🌟 "සිහිනය" තේමා ගීතය දැන් ඔබ වෙනුවෙන්! 🎶

17/07/2026

පළමු පූජාසනයේ... අවසන් සමුගැනීම 🥺🥺🥺

එදා...
ගිණි කෙළි හඬ මැද,
මල්මාලා සුවඳ මැද,
ජයගෝෂා නද මැද,
පුද කෙරුවේ මේ පුදසුන මත කුළුඳුල් යාගය
පුදැදුරු වරම් ලැබ.

සමිඳුන් හට "එහෙයි" කියූ
ඔබේ පුදැදුරු දිවියේ
ඇරඹුම මෙතැනයි.

දහනව වසක් පුරා
දහසකුත් ජීවිත වෙත
කිතු සමිඳුන් ගෙන ගිය
ඒ ආලේපිත දෑත්...
අද නැවතත්
එම පුදසුන වෙත පැමිණිමුත්
ඔබ නෑ අද යාග පුදන්නේ
ඔබ වෙනුවෙන් අන් පුදැදුරුවන් යාග පුදන්නේ .

පිළිගැනුමට එදා ගෙල පැළඳි මල්මාලා,
අද සමුදීමේ මල්වඩම් වීලා.
පුදසන වෙත ඔබ කැඳවූ කිතු සමිඳුන්
සදාතන ජීවනය වෙත අද ඔබ කැඳවාලා.

පුදැදුරු දිවි ඇරඹූ මෙතැනින්ම අද නික්මීලා ඔබ සග ලෝ යනවා...
හමුවෙමු මතු දිනෙක සමිඳුන් හා සග ලෝ.
අවසරයි ගරු පියෙනි ගීතාලි මොක් සුව ලබනට.

"යහපත් හා විශ්වාසවන්ත සේවකය,
ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්න" (මතෙව් 25:23) 🤍✝️😇

✍️හෂාන් දිසානායක පියතුමා

Address

Uswetakeiyawa

Alerts

Be the first to know and let us send you an email when කිතු රාව - Kithu Raawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to කිතු රාව - Kithu Raawa:

Shortcuts

Share