Mahamevnawa Meditation Center New York

Mahamevnawa Meditation Center New York Mahamevnawa Meditation Center New York Inc (MMCNY) is a non-profit organization dedicated to the practice and teaching of Buddha Gotama known as Theravada.
(1)

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ වස්සාන සමයේ ආරම්භය සනිටුහන් කරමින් වස්සාන පින්කම් මාලාවේ පළමු පින්කම 2026 ...
08/07/2026

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ වස්සාන සමයේ ආරම්භය සනිටුහන් කරමින් වස්සාන පින්කම් මාලාවේ පළමු පින්කම 2026 අගෝස්තු මස 01 වන දා සෙනසුරාදා, පින්වත් දර්ශන මහත්මා අචලා මහත්මිය,දරුවන් ඇතුලු පවුලේ සියලු ඤාති හිතමිත්‍රාදීන්ගේ දායකත්වයෙන්,

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සර්වඤ ධාතුන් වහන්සේලා උදෙසාත් අරහන්තක ධාතූන් වහන්සේලා උදෙසාත් පූජෝපහාර පවත්වමින් සිදු කරන්නට යෙදුනු උත්තම ශ්‍රී ධාතු වන්දනාව සහ "අසිරිමත් දම් රස අමාවන් " ධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනය....සිදු කරන්නට යෙදුනා....

රැස් උන සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් දර්ශන මහත්මා අචලා මහත්මිය,දරුවන් ඇතුලු පවුලේ සියලු දෙනාටත් පින්කම සඳහා නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ! උතුම් ධාතූන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය සැලසේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසේවා !සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා..!උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා !

සියල්ලෝම දැක බලා සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා....! අමා මහ නිවනින් සැනසෙත්වා .....!

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මින...
08/06/2026

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මිනිසුන්ට ත් , සැප සොයමින් අඳුරේ ඇවිදින සියලු දෙනාටත්,අඳුර නසාලන උදා හිරු සේ ඔබගේ ජීවිතයට දුක් දොම්නස් දුරලමින් සදහම් ආලෝකය ලබාදෙන පින්බර වස්සානය පුරා සිදු කරන...

" අසිරිමත් දම් රස අමාවන්" වස්සාන ධර්ම දේශනා මාලාව, සහ අනුබුදු මිහිඳු මා හිමි වන්දනාව ...

🔸අගෝස්තු මස 08 වැනිදා සෙනසුරාදා
සවස 6.00 සිට 8.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව
භාවනා අසපුවේදී ....

පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ...!

නමෝ බුද්ධාය !සුපින්බර නිකිණි පොහොය නිමිත්තෙන් පැවැත්වෙන  සීල භාවනා වැඩසටහන  🟠අගෝස්තු මස 09 වන දා  ඉරිදා           *ක්ෂීර...
08/05/2026

නමෝ බුද්ධාය !

සුපින්බර නිකිණි පොහොය නිමිත්තෙන් පැවැත්වෙන සීල භාවනා වැඩසටහන

🟠අගෝස්තු මස 09 වන දා ඉරිදා

*ක්ෂීරපායාස පූජාව - උදෑසන 6.00 ට

*සීල භාවනා වැඩසටහන -උදෑසන 8.00
සිට සවස 3.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව අසපුවේදී .....


දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේව ප්‍රතිපත්ති පූජාවෙන් පුදමින් ජීවිතයට උතුම් පුණ්‍ය ඵල රැස් කරගන්නට උදාර අවස්ථාවක් ඔබට උදා වෙලා තියනව,

🟡 සීල භාවනා වැඩ සටහනට සම්බන්ධ වන ඔබ සැමට උදෑසන හීල දානය සහ දහවල දානය පිරිනමනු ලැබේ.

පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා .......

"අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තු”මහණෙනි! ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමියි.බුදුරජාණන් ව...
08/03/2026

"අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තු”

මහණෙනි! ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමියි.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව උපසම්පදාව භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් එළැඹීම ඇසළ පුන් පොහොයෙන් ආරම්භ වේ….

ඒ අනුව ස්වාමීන්වහන්සේලාට වස් ආරාධනා කරනු ලබන්නේ දායක පින්වතුන් විසිනි….

2026 වර්ෂයේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත්
ස්වාමීන්වහන්සේලාට වැසි සළු පූජා කොට වස් අරාධනා කරනු ලැබුවේ පින්වත් දර්ශන හෙට්ටිආරච්චි මහත්මා අචලා වඩිගමන්ගාව මහත්මිය දරුවන් ඇතුලු අසපුවේ ගිහිපින්වතුන් විසිනි

වස් ආරාධනා කිරීමේ පින්කම පසුගිය ජූලි 26 ඉරිදා දින දින සිදු කරන්නට යෙදුනා.....

රැස් කල සියලු පින් සියල්ලෝ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා ....!

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මින...
07/30/2026

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මිනිසුන්ට ත් , සැප සොයමින් අඳුරේ ඇවිදින සියලු දෙනාටත්,අඳුර නසාලන උදා හිරු සේ ඔබගේ ජීවිතයට දුක් දොම්නස් දුරලමින් සදහම් ආලෝකය ලබාදෙන පින්බර වස්සානය පුරා සිදු කරන...

" අසිරිමත් දම් රස අමාවන්" වස්සාන ධර්ම දේශනා මාලාව, සහ උත්තම ශ්‍රී ධාතු වන්දනාව ...

🔸අගෝස්තු මස 01 වැනිදා
සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම
සවස 6.00 සිට 8.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව
භාවනා අසපුවේදී ....

පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ...!

හෙළයේ අප හට ගෞතම බුදුසසුනේ සදාකාලික පිළිසරණ ලබා දුන් ශ්‍රී ලංකාද්වීපයට ශාස්තෘ වූ මහා මහින්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට...
07/26/2026

හෙළයේ අප හට ගෞතම බුදුසසුනේ සදාකාලික පිළිසරණ ලබා දුන් ශ්‍රී ලංකාද්වීපයට ශාස්තෘ වූ මහා මහින්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට අපගේ නමස්කාරය වේවා...!

අපට අනුබුදු රුවන බඳු වූ අපගේ ආදි ගුරු දේවෝත්තම දීපප්‍රසාදක මිහිඳු මහරහතන් වහන්සේ ලක් ධරණියට වැඩම කොට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අප වෙත දායාද කල සුපින්බර පොසොන් පොහොය නිමිති කරගන මිහිඳු මා හිමි කෘත ගුණ පූජා වන්දනාව ජූනි මස 27 සෙනසුරාදා දින නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනා...

එහිදී අපගේ භාග්‍යවතුන් වහන්සේටත් , අපගේ මිහිඳු මහරහතන් වහන්සේටත් සර්වඤ ධාතුන් වහන්සේලා සහ අරහන්තක ධාතුන් වහන්සේලා උදෙසාත් සුවඳ මලින් සුවඳ දුමින් පහන් ආලෝකෙන් ගිලන්පසින් පුද දෙනු ලැබුවා...

මිහිඳු මා හිමි කෘත ගුණ පූජා වන්දනාවට සමගාමීව පොසොන් දන්සැලක්ද පවත්වන්නට යෙදුනා..

මේ පින්කමෙන් රැස් උන උදාර පුණ්‍ය ධර්මයන් ...

පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා

දෙදෙව් ⁣ලොවට අධිපති සක්දෙවිඳු න් සතරවරම් දෙව් රජ දරුවන් ඇතුලු සදෙව් ලෝ වාසී සියලූම දෙවිවරැන්ටත් ,බඹ ලොව වාසී සියලූම බ්‍රහ්මයන්ටත්, පින් කැමති සියලූම දෙවිවරු න්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා!සියලු දෙවියන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා සේඛ බල ධර්මයන්ගෙන් වැඩෙත්වා!
දෙවියෝද ගෞතම බුදු සසුනේ උතුම් නිවනින් සැනසෙත්වා !!!

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමීන්වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා !!! සුවසේ සසුන් බඹසර දියුණු කරගන උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා!!!

මේ පින්කම සාර්ථකව සිදු කරගන්නට කාලය ශ්‍රමය ධනය කැපකරමින් වෙහෙස මහන්සි උන ආධාර උපකාර කල සියලු පින්වතුන්ටත් අසපුවේ උපස්ථාන කමිටුවේ සියලූම පින්වතුන්ටත් තරුණ දූ පුතුන්ටත් නිව්යෝර්ක් අසපුවේ ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් ඇප උපස්ථාන කරන කටයුතු සොයා බලා ඉෂ්ඨ සිද්ධ කරන සියලු පින්වතුන්ටත් පින්කමට සහ සම්බන්ධ උන දැක බලා සිත පහදවා ගත් සියලූම පින්වතුන්ටත්, ලංකාවාසී රට ලෝකවාසී සියලූම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !

සියල්ලෝ දැක බලා මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා අමා මහ නිවනින් සැනසෙත්වා !

"අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තු”මහණෙනි! ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමියි.බුදුරජාණන් ව...
07/21/2026

"අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තු”

මහණෙනි! ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමියි.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව උපසම්පදාව භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් එළැඹීම ඇසළ පුන් පොහොයෙන් ආරම්භ වේ...

ඒ අනුව ස්වාමීන්වහන්සේලාට වස් ආරාධනා කරනු ලබන්නේ දායක පින්වතුන් විසිනි.

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන්වහන්සේලාට වස් ආරාධනා කිරීමේ පින්කම ....

🟠ජූලි මස 26 වන දා ඉරිදා
සවස 7.00 ට පැවැත්වේ....

සුපින්වත් ඔබ සැමට
ආරාධනා ....!

නමෝ බුද්ධාය !සුපින්බර ඇසළ පොහොය නිමිත්තෙන් පැවැත්වෙන  සීල භාවනා වැඩසටහන  🟠ජූලි මස 12 වන දා  ඉරිදා           *ක්ෂීරපායාස ...
07/07/2026

නමෝ බුද්ධාය !

සුපින්බර ඇසළ පොහොය නිමිත්තෙන් පැවැත්වෙන සීල භාවනා වැඩසටහන

🟠ජූලි මස 12 වන දා ඉරිදා

*ක්ෂීරපායාස පූජාව - උදෑසන 6.00 ට
*සීල භාවනා වැඩසටහන -උදෑසන 8.00
සිට සවස 3.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව අසපුවේදී .....


දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේව ප්‍රතිපත්ති පූජාවෙන් පුදමින් ජීවිතයට උතුම් පුණ්‍ය ඵල රැස් කරගන්නට උදාර අවස්ථාවක් ඔබට උදා වෙලා තියනව,

🟡 සීල භාවනා වැඩ සටහනට සම්බන්ධ වන ඔබ සැමට උදෑසන හීල දානය සහ දහවල දානය පිරිනමනු ලැබේ.

පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා .......

🟠පොසොන් පින්කමට සමගාමීව පැවැත්වෙන ප්‍රණිත බිරියානි දන්සැල සහ අයිස්ක්‍රීම් දන්සැල ...සවස 6.00 ට නිව්යෝර්ක් මහමෙව්නාව අසපු...
06/20/2026

🟠පොසොන් පින්කමට සමගාමීව පැවැත්වෙන ප්‍රණිත බිරියානි දන්සැල සහ අයිස්ක්‍රීම් දන්සැල ...

සවස 6.00 ට නිව්යෝර්ක් මහමෙව්නාව අසපුවේදී ....

නමෝ බුද්ධාය !අපට අනුබුදු රුවන බඳු වූ දීපප්‍රසාදක අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ සසුන් දායාදය රැගෙන අප ලක් ...
06/20/2026

නමෝ බුද්ධාය !

අපට අනුබුදු රුවන බඳු වූ දීපප්‍රසාදක අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ සසුන් දායාදය රැගෙන අප ලක් දිවට වැඩම කල ඒ සුපින්බර පොසොන් පොහොය නිමිත්තෙන් .....

බෝධි මුනි ධාතුන් ලබා දී උතුම් සම්බුදු බණ කියා දී සිහල නාමය තිලොව රැන්දූ අපගේ දෙවැනි බුදු හිමියන් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහිපත් කරගනිමින් ශ්‍රී අනුබුදු මිහිඳු මා හිමි කෘතගුණ පූජාව සහ පොසොන් දන්සැල

🔸ජූනි මස 27 වන දා සෙනසුරාදා
සවස 6.00 සිට

නිව්යෝර්ක් මහමෙව්නාව අසපුවේදී පැවැත්වේ....

🔸එදිනම පැමිණෙන ඔබ සඳහා ප්‍රණීත බිරියානි දන්සැලක් සහ අයිස්ක්‍රීම් දන්සැලක් පැවැත්වේ

පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා !

Address

230 Decker Avenue
New York, NY
10302

Opening Hours

Monday 5am - 9pm
Tuesday 5am - 9pm
Wednesday 5am - 9pm
Thursday 5am - 9pm
Friday 5am - 9pm
Saturday 5am - 9pm
Sunday 5am - 9pm

Telephone

+17187207091

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Meditation Center New York posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Meditation Center New York:

Share