Mahamevnawa Meditation Center New York

Call Directions Website Contact the place of worship

Mahamevnawa Meditation Center New York Mahamevnawa Meditation Center New York Inc (MMCNY) is a non-profit organization dedicated to the practice and teaching of Buddha Gotama known as Theravada.

නමෝබුද්ධාය!නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ  පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වෙන කඨින චීවර ...
10/11/2026

නමෝබුද්ධාය!

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වෙන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය ඔක්තොම්බර් මස 24 සෙනසුරාදා සහ ඔක්තොම්බර් මස 25 වෙනි දා ඉරිදා පැවැත්වීමට නියමිතය.

🟠ඔක්තොම්බර් මස 24 දා සෙනසුරාදා සවස 6.00 සිට 10.00 දක්වා උතුම් ධාතු වන්දනාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්වේ.

🟠 ඔක්තොම්බර් මස 25 වන දා ඉරිදා උදෑසන 8.30 සිට කඨින චීවරය පෙරහැරින් විහාරයට වැඩමවීම සහ දහවල රාජ භෝජන පූජාව සහ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.
..........................................................
"අබ්භාතීතා ච යේ බුද්ධා - වත්තමානා අනාගතා
ධජෙනානේන සුජඣන්ති- තස්මා ඒතේ නමස්සියා"

🌼අතීතයේ වැඩ සිටියා වූ ද , වර්තමානයේ වැඩ සිටින්නා වූ ද , අනාගතයේ පහල වන්නා වූ ද යම් සම්බුදු රජාණන්වහන්සේ නමක් වෙයිද , සෘෂි ධජයෙන්ම සිවුරකින් ගත දවටාම පාරිශුද්ධත්වයට සම්බුද්ධත්වයට පත්වන්නේය. එම නිසා සිවුරට වන්දනා කල යුත්තේය.

කඨින පිංකමක් යනු මහත් ඵල මහානිශංස පින් රැස් වන උතුම් නිවන් අවබෝධ කරගන සසර දුකින් නිදහස් වීමේ දුර්ලභ භාග්‍ය උදා කරවන උතුම් පිංකමකි...

පින් කැමැත්තෝ සතුටු සිතින් එක් වේවා...! උතුම් කඨිනානිශංස පුණ්‍ය ධර්මයෝ රැස් කර ගනිත්වා...! අමා මහ නිවනින් සැනසෙත්වා ....!

තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !සුපින්බර වප් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන  සීල භාවනා වැඩසටහන  🟠ඔක්තොම්බර් මස 11 වන දා  ඉරිදා           *ක්ෂීර...
10/09/2026

නමෝ බුද්ධාය !

සුපින්බර වප් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන සීල භාවනා වැඩසටහන

🟠ඔක්තොම්බර් මස 11 වන දා ඉරිදා

*ක්ෂීරපායාස පූජාව - උදෑසන 6.00 ට

*සීල භාවනා වැඩසටහන -උදෑසන 8.00
සිට සවස 3.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව අසපුවේදී .....


දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේව ප්‍රතිපත්ති පූජාවෙන් පුදමින් ජීවිතයට උතුම් පුණ්‍ය ඵල රැස් කරගන්නට උදාර අවස්ථාවක් ඔබට උදා වෙලා තියනව,

🟡 සීල භාවනා වැඩ සටහනට සම්බන්ධ වන ඔබ සැමට උදෑසන හීල දානය සහ දහවල දානය පිරිනමනු ලැබේ.

පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා .......

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මින...
10/08/2026

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මිනිසුන්ට ත් , සැප සොයමින් අඳුරේ ඇවිදින සියලු දෙනාටත්,අඳුර නසාලන උදා හිරු සේ ඔබගේ ජීවිතයට දුක් දොම්නස් දුරලමින් සදහම් ආලෝකය ලබාදෙන පින්බර වස්සානය පුරා සිදු කරන...

" අසිරිමත් දම් රස අමාවන්" වස්සාන ධර්ම දේශනා මාලාව, සහ
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනාව...

🔸ඔක්තොම්බර් මස 10 වැනිදා සෙනසුරාදා
සවස 6.00 සිට 8.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව
භාවනා අසපුවේදී ....

පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ...!

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ දහම් පාසල් දූ පුතුන් සහ දෙමව්පියන් විසින් නව පාසල් වාරය ආරම්භයත් සමඟ සියලු දූ පුතුන්ට ...
10/07/2026

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ දහම් පාසල් දූ පුතුන් සහ දෙමව්පියන් විසින් නව පාසල් වාරය ආරම්භයත් සමඟ සියලු දූ පුතුන්ට සෙත් පතා කල්ප සියයක් ඇතුලත ලොව පහල වූ සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා සිදු කරන්නට යෙදුනු අසිරිමත් සත් බුදු වන්දනාව සහ " අසිරිමත් දම් රස අමාවන් " වස්සාන ධර්ම දේශනය....

රැස් උන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දූ පුතුන්ට අනුමෝදන් වෙත්වා ! උතුම් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ද, ජය සිරිමහ බෝ රජුන්ගේ ස්වර්ණමාලී මහ සෑ රජුන්ගේ අංගුලිමාල මහ සෑ රජුන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ද කල්ප සියයක් ඇතුලත ලොව පහල වූ සියලු සත්බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදයෙන් ද සියලු දූ පුතුන්ට නිදුක් නීරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා ! කරගෙන යන අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත සියලු ආකාරයෙන්ම සාර්ථක වේවා! ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවක දරුවන් ලෙස ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා !

පින්කම සඳහා නන් අයුරින් වෙහෙස මහන්සි උන දායක උන දෙමව්පියන්ටත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා !

සියල්ලෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා !
උතුම් නිවනින් සැනසෙත්වා!

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ වස්සාන පින්කම් මාලාවේ 09 වන පින්කම 2026 සැප්තැම්බර් මස 26 වන දා සෙනසුරාදා,...
10/01/2026

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ වස්සාන පින්කම් මාලාවේ 09 වන පින්කම 2026 සැප්තැම්බර් මස 26 වන දා සෙනසුරාදා, පින්වත් ආනන්ද සනත් මහත්මා සමන්ති මහත්මිය,දරුවන් ඇතුලු පවුලේ සියලු ඤාති හිතමිත්‍රාදීන්ගේ දායකත්වයෙන්,

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සර්වඤ ධාතුන් වහන්සේලා උදෙසාත් අරහන්තක ධාතූන් වහන්සේලා උදෙසාත් පූජෝපහාර පවත්වමින් සිදු කරන්නට යෙදුනු උත්තම ශ්‍රී ධාතු වන්දනාව සහ "අසිරිමත් දම් රස අමාවන් " ධර්ම දේශනා මාලාවේ නම වන ධර්ම දේශනය....සිදු කරන්නට යෙදුනා....

රැස් උන සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ආනන්ද සනත් මහත්මා සමන්ති මහත්මිය,දරුවන් ඇතුලු පවුලේ සියලු දෙනාටත් පින්කම සඳහා නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ! උතුම් ධාතූන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය සැලසේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසේවා !සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා..!උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා !

සියල්ලෝම දැක බලා සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා....! අමා මහ නිවනින් සැනසෙත්වා .....!

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මින...
10/01/2026

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මිනිසුන්ට ත් , සැප සොයමින් අඳුරේ ඇවිදින සියලු දෙනාටත්,අඳුර නසාලන උදා හිරු සේ ඔබගේ ජීවිතයට දුක් දොම්නස් දුරලමින් සදහම් ආලෝකය ලබාදෙන පින්බර වස්සානය පුරා සිදු කරන...

" අසිරිමත් දම් රස අමාවන්" වස්සාන ධර්ම දේශනා මාලාව, සහ
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනාව...

🔸ඔක්තොම්බර් මස 03 වැනිදා සෙනසුරාදා
සවස 6.00 සිට 8.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව
භාවනා අසපුවේදී ....

පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ...!

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මින...
09/24/2026

අවිවේකී ජීවන රටාව තුල වෙහෙසට පත් වී ගෙවෙන ඔබේ ජීවිතයත්,සෝ සුසුම් වලින් පීඩිතව සිටින ජනයාටත්, තාඩන පීඩන මැද දිවි ගෙවන මිනිසුන්ට ත් , සැප සොයමින් අඳුරේ ඇවිදින සියලු දෙනාටත්,අඳුර නසාලන උදා හිරු සේ ඔබගේ ජීවිතයට දුක් දොම්නස් දුරලමින් සදහම් ආලෝකය ලබාදෙන පින්බර වස්සානය පුරා සිදු කරන...

" අසිරිමත් දම් රස අමාවන්" වස්සාන ධර්ම දේශනා මාලාව, සහ උත්තම ශ්‍රී ධාතු වන්දනාව...

🔸සැප්තැම්බර් මස 26 වැනිදා සෙනසුරාදා
සවස 6.00 සිට 8.30 දක්වා

🔸නිව්යෝර්ක් මහමෙව්නාව
භාවනා අසපුවේදී ....

පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ...!

09/24/2026

🔴 පින් ඇත්තෝ අසත්වා! ආනන්ද මුනිඳු ගැන සංවේදී ගීතයක්
✍️ පද රචනය - අතිපූජ්‍ය කිරිබත්​ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්​සේ

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ පින්බර වස්සාන සමයේ වස්සාන පින්කම් මාලාවේ 07 වන පින්කම 2026 සැප්තැම්බර් මස ...
09/24/2026

නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ පින්බර වස්සාන සමයේ වස්සාන පින්කම් මාලාවේ 07 වන පින්කම 2026 සැප්තැම්බර් මස 12 වන දා සෙනසුරාදා, පින්වත් චන්ද්‍රා වීරරත්න ,නිරූපා විජේසූරිය ,චමිල වීරවර්ධන ,පුෂ්පා පෙරේරා,දුලංගා කොඩිතුවක්කු, චන්ද්‍රා ගුණසේකර ,නිරෝෂන් ලියනගේ,ඉෂානි වීරවික්‍රම ,ප්‍රියංකා ඒකනායක ,චාන්දනී සුදසිංහ,චමින්ද නිරෝෂන් ,ඔස්ටින් විමලරත්න,සනත් විජේරත්න ,චතුරිකා සේනාරත්න ,විජිතා රාජසේකර,මේඛලා උග්ගල්ල,සෞම්‍යා කටුගම්පල ,හිස්සැල්ල ,ඉන්දු මල්වත්ත ,සුමුදු මද්දුමගේ , හර්ෂ යාපා යන මහත්ම මහත්මීන් ඇතුලු පවුලේ සියලු ඤාති හිතමිත්‍රාදීන්ගේ දායකත්වයෙන්,

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ⁣⁣දෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහ සෑ රජුන් උදෙසා පූජෝපහාර පවත්වමින් සිදු කල අසිරිමත් ස්වර්ණමාලි මහ සෑ වන්දනාව සහ "අසිරිමත් දම් රස අමාවන්" ධර්ම දේශනා මාලාවේ 07 වන ධර්ම දේශනය....සිදු කරන්නට යෙදුනා.

රැස් උන සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් චන්ද්‍රා වීරරත්න ,නිරූපා විජේසූරිය ,චමිල වීරවර්ධන ,පුෂ්පා පෙරේරා,දුලංගා කොඩිතුවක්කු, චන්ද්‍රා ගුණසේකර ,නිරෝෂන් ලියනගේ,ඉෂානි වීරවික්‍රම ,ප්‍රියංකා ඒකනායක ,චාන්දනී සුදසිංහ,චමින්ද නිරෝෂන් ,ඔස්ටින් විමලරත්න,සනත් විජේරත්න ,චතුරිකා සේනාරත්න ,විජිතා රාජසේකර,මේඛලා උග්ගල්ල,සෞම්‍යා කටුගම්පල ,හිස්සැල්ල ,ඉන්දු මල්වත්ත ,සුමුදු මද්දුමගේ , හර්ෂ යාපා යන මහත්ම මහත්මීන් ඇතුලු පවුලේ සියලු දෙනාටත් පින්කම සඳහා නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ! උතුම් ස්වර්ණමාලි මහ සෑ රජුන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසේවා !සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා..!උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා !

සියල්ලෝම දැක බලා සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා....! අමා මහ නිවනින් සැනසෙත්වා .....!

Address

230 Decker Avenue
New York, NY
10302

Opening Hours

Monday 5am - 9pm
Tuesday 5am - 9pm
Wednesday 5am - 9pm
Thursday 5am - 9pm
Friday 5am - 9pm
Saturday 5am - 9pm
Sunday 5am - 9pm

Telephone

+17187207091

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Meditation Center New York posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Meditation Center New York:

Shortcuts

Share