Buddhism- බෞද්ධ දර්ශනය

Buddhism-   බෞද්ධ දර්ශනය නිර්වාණබෝධය සාක්ෂාත් කරගැනීමට අදිටන් කර ගනිමු.

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා !"
(සළායතන සංයුක්තය - උද්දාන ගාථා)
Page is managed by https://www.facebook.com/dilansl

02/26/2026

සසර වෙහෙස දැනේවා.. 🙏

https://www.facebook.com/share/p/1HVA9SJncK/
02/06/2026

https://www.facebook.com/share/p/1HVA9SJncK/

💼 ඔබගේ ව්‍යාපාරයේ වැටුප් කළමනාකරණය පහසු කරන්න!

🎯 WageXpert Payroll & Attendance System සමඟින් ඔබගේ ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම කරගන්න.

✅ පද්ධතියේ ප්‍රධාන විශේෂාංග:

📊 පැමිණීම සටහන් කිරිම් සහ අනුමත කිරිම
💵 පහසු වැටුප් සැකසුම්
📝 ණය සහ නිවාඩු කළමනාකරණය
📧 ඊ-රිමිටන්ස් පහසුකම
📈 සවිස්තරාත්මක වාර්තා
📱 ඕනෑම තැනක සිට ප්‍රවේශ වන්න

🌟 ඔබගේ ව්‍යාපාරයට පහසු සහ ගැළපෙන අඩුම මිල ගනන් යටතේ

තාක්ෂණික සහාය 24/7

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ +9477 002 1745
☎️ +9476 969 5991
🏆 Visual Soft - ඔබගේ විශ්වාසවන්තම තාක්ෂණික සහකරු

රුවන්වැලි මහා සෑය ♥️♥️♥️රුවන්වැලි මහා සෑය වඳින ඔබට වැදගත් වන කරුණු..මහ සෑයේ ගර්භයේ තිබෙනවා..☸️ රනින් කල සාල වෘක්ෂ දෙකක්☸...
01/14/2026

රුවන්වැලි මහා සෑය ♥️♥️♥️
රුවන්වැලි මහා සෑය වඳින ඔබට වැදගත් වන කරුණු..

මහ සෑයේ ගර්භයේ තිබෙනවා..

☸️ රනින් කල සාල වෘක්ෂ දෙකක්
☸️ ඒ අතර රත්තරන් සයනයක් හදා තිබෙනවා.
☸️ එහි වැඩහිඳිනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානවම සර්වඤ ධාතුන් වහන්සේලා ආශ්‍රිතව සෘධියෙන් මැවුනු බුදුරුවක්.

☸️ එවන් අසිර්මත් දෙතිස්මහා පුරුෂ ලකුණින් යුතු සෘධිමත් සම්බුදු සිරුරක්
කොහේවත් නෑ.. මේ දසදහසක් ලෝකධාතුව තුල.

☸️ සම්බුදු ශීර්ෂය - උතුරු දිශාවටත්
සිරිපතුල් - දකුණු දිශාවටත් සිටින ලෙසට පිරිණිවන් මංචකයේ සැතපුන ඉරියව්වෙන් බටහිර(පැරණි වාහල්කඩ දිශාව) දිශාවට මුහුණලා වැඩ හිඳි.

☸️ මහ රහතන්වහන්සේලාගේ අධිෂ්ඨානය නිසා, එදා පූජා කරපු මල්වල සුවඳ, සදුන්වල සුවඳ තාම හමනවා.

☸️ එදා දැල්වූ පහන් තාම දැල්වෙනවා සාසනය පවතින තුරුම.

☸️ තවත් බොහො අසිරිමත් දේ පවතිනවා.

☸️ මහ සෑය හදන්න දායක වූ පින්වත් උතුමන්..

🌺 සක් දෙවියන්..
එතුමාට තමයි, අපේ භාග්‍යවතුන් වහන්සේ ,
ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වෙන් කරගන්න කටයුත්ත පැවරුවේ.

🌺 සක් දෙවියන් ම තමයි, ධාතූ කරඬුව පරිත්‍යාග කලෙත් තවත් බොහෝ උපකාර කලා දෙව්පිරිසත් සමඟ.

🌺 සතර වරම් දෙවි වරු සහ භූමාටු දෙවිවරු

🌺 රාම ග්‍රාම ස්තූපය බිඳී ගිය පසූ එදා සිට
ධාතූන් වහන්සේලා රැකබලාගත් මහාකාල නා රජු- සහ පිරිවර

🌺 මිහිඳු මහ රහතන් වහන්සේ-
සෑය සෑදිය යුතු ස්තානය සහ සෑය සෑදීමට
පින් ඇති දුටුගැමුණු මුණුබුරා ගැන
දෙවන්පෑතිස් රජුට කියා දීම.

🌺 ස්වර්ණමාලි දෙව්දුව-භූමාටු දේවතාවියක්
ස්තානය ලබා දීම.

🌺 සහම්පති බ්‍රහ්ම රජු,
🌺 ගඨීකාර බ්‍රහ්මයන් සහ සාසන ලැදි බ්‍රහ්මයන් බොහෝ උපකාර කලා.

🌺 බුදු සසුනට හිතැති යක්ෂයින්

🌺 රහතන් වහන්සේලා-

*සෝනුත්තර රහතන් වහන්සේ - නා ලොවේ සිට ධාතූන් වැඩම කරවීම.

*සුමන සහ උත්තර රහතන් වහන්සේලා දෙනම-ධාතු ගර්භය තැනීමට අවශ්‍ය
විශාල ගල් ලෑලි හය
උතුරු කුරු දිවයිනෙන් ගෙන ඒම.

*ලක්ෂ ගනන් විදේශීය රහතන් වහන්සේලා
මුල් ගල තැබීමේ උත්සවයට පැමිණීම

*පියදස්සී රහතන් වහන්සේ - ධර්ම දේශනය පැවැත්විම

*සහ බොහො සිංහල රහතන් වහන්සේලා

🌺 දුටුගැමුණු රජතුමා - (මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි.) මිනිසුන් නියෝජනය කරමින් සෑය සෑදීමට මූලිකත්වය ගෙන,
ඉතාම සුන්දර ලෙස සිදු කිරීම.

🌺 සද්ධාතිස්ස රජතුමා
(මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි)
මහ සෑයේ කටටුතු නිම කිරීම.

🌺 සිංහලඅපේ මුතුන් මිත්තන්
බොහෝ සේ ජීවිතය දෙවනිකොට කැප වුනා.

බලන්න පින්වත් මිතුරනේ,
ඔබ දැන් හිඳිනා
තැන කොතරම් අසිරිමත්ද..

මහා සෑය
වන්දනා කිරීමට
පිරිසිදු කිරීමට
පිලිසකර කිරීමට
දැක බලා අනුමෝදන් වීමට

අද දවසේ පින් ඇත්තේ කාටද?

1.කෝටි හත්සියයක අධික ලෝ වැසි
මිනිසුන්ගෙන්
ඉතා සුළු පිරිසකට(ඔයාත් ඉන්නවා)

2. සක් දෙවිදු
විස්කම් දෙවිදු
සතර වරම් දෙවිවරු
දුටුගැමුණු දෙවියන් සහ පිරිස
ස්වර්ණමාලි දෙවියන්
සහ අල්පෙසාක්‍ය මහේශාක්‍ය පින් වත් දෙවිවරු.

3. මහා බ්‍රහ්මයා
ගඨීකාර බ්‍රහ්මයා සහ පින්වත් බ්‍රහ්මයින්

4.මහා කාළ නා රජු සහ පිරිස

5.ශ්‍ර්ද්ධාවන්ත යක්ෂයින්

බලන්නකො
ඔයාත් ඒ බලවත් පින්වත් පිරිස අතර කෙනෙක් නේද.

සාදු සාදු සාදු...!!!

ඉතිං දුර්ලභ ලාභයක්මයි ඔබට උදා වුණෙ..

බුදු ගුණ අසා,
ඒ බුදුන් වහන්සේ වෙනුවෙන්
පුංචි වැලි සෑයක් හදලා,
ඒ සෑයට වන්දනා කරලාත්
බොහෝ පින් කරගත්
සුගතියෙ කල්පගනන් සුවසේ
හිටපු අය ගැන අහලා තියනවා.

වැටකොටු මල් හතරක්
අරන් සෑය වඳින්න , බුදුගුණ සිතමින් ගියා පමණි. පූජා කරන්න බැරි වුනා.
හරකෙක් ඇනලා මැරුණා.

ඒත් ඇය දැන්..
දෙවගනක්

රහතන් වහන්සේ නමක්
රහත් වෙලා බැලුවා,
කුමක්ද මා කල පින කියලා, අරහත් බව පිනවුනෙ කල්ප 30 ක් ආපසු බැලුවා. පිනක් හමු වුනේ නෑ. දෙව් මිනිස් සැප විඳිනවා පමණයි දුටුවේ.

අහෝ අසිරියකි,
කල්ප 30 කට පෙර බුද්ධානුස්සතිය වඩනවා.

සාදු සාදු සාදූ
🙏🙏🙏

උ.ගැ

01/11/2026

දරුවන් ලැබීම කරදරයක් ද? පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුෂ වේවා 🙏🙏🙏

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
01/07/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

01/03/2026

මනුසත් භවයේ දුර්ලභ බව. සසරින් එතරවීමට වීර්‍ය කරත්වා. තෙරුවන් සරණායි 🙏

12/31/2025

චර්ම රෝග ඇති අයට නිරෝගී සුව පිණිසම හේතු වේවා 🙏

බලන්න..ධර්‍මයේ අසිරිමත් බව " මේ සිද්ධිය හැමෝගෙම හිත් කම්පා කරවපු දෙයක්.   අපේ ජීවිතයයේ අවසානය කෙසේ වේවිදැයි කාටවත්ම කියන...
12/02/2025

බලන්න..ධර්‍මයේ අසිරිමත් බව " මේ සිද්ධිය හැමෝගෙම හිත් කම්පා කරවපු දෙයක්.
අපේ ජීවිතයයේ අවසානය කෙසේ වේවිදැයි කාටවත්ම කියන්න බෑ.

ඒවුනාට මම ඇසුරු කල උතුමන් වහන්සේලා කීප නමක්ම තම ජීවිතය අවසාන මොහොත නිවැරදිව ප්‍රකාශ කලා.

නාඋයන ආරණ්‍යයේ අපිත් සමග එකටම උපසම්පදාව වෙනුවෙන් දහම් කරුණු ඉගෙනගත් ස්වාමින්වහන්සේ නමක් පහු කාලයක බෙලිහුල් ඔය පැත්තේ ගල්ලෙක වැඩ ඉන්න බව මට දැන ගන්නට ලැබුනා.

ඒ ස්වාමින්වහන්සේ අපෙ අයියගෙ ගෙදර හදපු අලුත මමත් සමග සතියක් පමණ ඒ නිවසේ වැඩ සිටියා.

මගේ බොහොම කළණමිතු ස්වාමින්වහන්සේ නමක්.

මම උන් වහන්සේ බැහැදකින්නට බෙලිහුල් ඔය වැඩියා.

ඒ ප්‍රදේශයට කියන්නෙ නියදගල කියල.

ස්වාමින්වහන්සේ සමග රාත්‍රිය ධර්ම කරුණු සාකච්චා කරමින් ගල්ලෙනේ වැඩසිටියා.
උදේ දානය ගමේ සත්පුරුෂයින් පූජා කලා. ස්වාමින්වහන්සේ පින්ඩපාතය වැඩල තමයි දානය ගන්නේ.
එදා මම වැඩ සිටිය නිසා ඒ ගෙනාපු දානය වැලදුවා. උන්වහන්සේගේ ධූතාංග අල්පේච්ඡතාව මම ඒතුලින් දුටුවා.

ඉන් අනතුරුව අපි වඩින්න හදන කොට ස්වාමින්වහන්සේ මට දුක හිතෙන කතාවක් කිව්ව.

අපි ආයෙ හමුවෙන්නෙ නෑ. තව ටික දවසකින් මේ ඉහල කන්ද නාය ඇවිත් මේ ගල්ලෙන යට වෙනවා. ඒ මගේ ජීවිතේ අවසානය. ඒ කර්මයට මම මුහුන දෙන්න ඕන. ඒක විපාක ගෙවන්නම ඕන අකුශල් කර්මයක්. ඒ අකුශල් කර්මය නොතිබුනා නම් මගේ මේ ජීවිතය සංසාර ගමනෙ අවසන් ආත්මය වෙනව. ඒ කර්ම ශක්තිය ගෙවා මේ ජීවිතයෙන් චුතවී ඉන් පසුව මම බ්‍රහ්ම ලෝකයට වඩිනවා. ආයෙ මනුලොවට එන්නෙ නෑ. මගේ ජීවිත කතාව එතනින් ඉවර වෙනවා.
කළණමිත්‍රයෙක් ලෙසින් සංසාර ගමනේ මට ගුණධර්ම වඩන්න ඔබ වහන්සේ කල උපකාරයන්ට ගොඩක් පින් කියා මට ආශිර්වාද කලා.
අපි බොහොම සංවේගයෙන් එදා ආපසු ශ්‍රීපාද පත්මය වන්දනා කරන්න වැඩියා.

ටික දවසකට පසුව ඒ කන්ද නාය ගිහින් ඒ ගල්ලෙන යටවුනා හොයාගන්නවත් බැරි විදියට.
හමුදාවෙ දරුවන් සතියක් පමණ වෙහෙස වුනත් ගල්ලෙන හොයා ගන්න බැරි වුනා.

ස්වාමින්වහන්සේ උදේ ගමට පිණ්ඩපාත වැඩම කරල තියෙනව සුපුරුදු පරිදිම.
ගමේ මිනිසුන්ට කියල තියෙනව අද කන්ද නාය යනව පරිස්සමට ඉන්න කියල.

කන්ද නාය යනකොට ගමේ මිනිසුන් දැකල තියෙනව මහා ආලෝකයක් අහසට පැන නගිනව.

උන්වහන්සේ කිවූ පරිදිම භව ගමන නිමා කරන්න බ්‍රහ්ම ලෝකෙට වඩින්න ඇති.
ජීවිතය කියන්නෙම අප්‍රමාදි විහරණය පිණිස අපිට ලැබුන තෑග්ගක්. "

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අප කල්‍යාණමිත්‍ර පූජ්‍යපාද බටපොල කෝලිත ස්වාමින්වහන්සේ විසින් තැබූ සටහනකි.

ඒ උත්තම ආර්‍යමහා සංඝරත්නයට සදා නමස්කාරය වේවා !

https://youtu.be/qQX_jbxqJus?si=Wxs_f1OP27lZZEwt

මේ සිදුවීම සම්බන්ධ මීට වසර 10කට පෙර News 1st ඔස්සේ පළවූ ප්‍රවෘත්තිය ඉහල සබැදියාවෙන්.

කර්මය, ධර්මය සහ මේ ශාසනයේ ආශ්චර්යමත් බව.. 🙏

ආලෝකෝ උදපාදී

උපුටාගැනීමකි

11/28/2025

මේ වගේ වෙලාවක දේශපාලන පෝස්ට් ශේයාර් කරන ඔබෙගේ යාලුවාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ජීවත් වෙන්න. 🙏

11/27/2025

ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ අනුහසින්,
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්..
උතුම් වාම ශ්‍රී දළදා වහන්සේගේ අනුහසින්..
ලාලාඨ ධාතුන් වහන්සේගේ අනුහසින්..
අකු ධාතුන් වහන්සේගේ අනුහසින්...
ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුහසින්..
මුක්තක ධාතුන් වහන්සේගේ අනුහසින්..
අභිනීළ කේශ ධාතූන් වහන්සේලාගේ අනුහසින්...

ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගන්ධ කුටිය බඳු, මගේ ලක්දෙරණ විපත් වලින් සුරැකේවා!!!

සියලු රට වැසියෝද , බුද්ධානූභාවයෙන්, ධම්මානූභාවයෙන්, සංඝානූභාවයෙන්, දේවානූභාවයෙන් සුරැකේවා!!!!..

වහා,වහා, මේ විපත් දුරු වේවා!!!🙏🙏🙏

11/21/2025

මී මැසි පාලනය ධර්මානුකූලද?.

Address

6653 Washington Boulevard
New York, NY
21075

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhism- බෞද්ධ දර්ශනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Buddhism- බෞද්ධ දර්ශනය:

Share