Georgia Buddhist Vihara Stupa

Georgia Buddhist Vihara Stupa A meritorious donation by a grateful family with GASL community support, on path to achieve nirvana!

09/18/2024

Sthupa (Pagoda) Opening Ceremony - FULL VideoDate: 2024-May-18

09/18/2024

Sthupa (Pagoda) Opening Ceremony - Highlights videoDate: 2024-May-18

07/13/2024

“Idanme punnyam asavakkhaya vahanhothu,
Sabbha dhukka pamujjathu!”
With the blessings of this great meritorious deed may we attain the ultimate bliss of supreme nirvana, in this guathama Buddha sasana

We also started the overnight chanting of Patthana and continued chanting overnight until morning
07/13/2024

We also started the overnight chanting of Patthana and continued chanting overnight until morning

Yesterday evening we started the third overnight lightning event since we started building the stupa.And this is the fir...
07/13/2024

Yesterday evening we started the third overnight lightning event since we started building the stupa.
And this is the first overnight sacrificial candle light offering after the stupa is completed.

Candle lights offer ceremony on Poson poya day.
06/23/2024

Candle lights offer ceremony on Poson poya day.

අතිශයින් අසිරිමත්!!! සාධූ! සාධූ! සාධූ!
06/02/2024

අතිශයින් අසිරිමත්!!! සාධූ! සාධූ! සාධූ!

භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් අද කලා නම්, කරපු කෙනාව පුරාවිද්‍යාවෙන් අල්ලන් ගිහින් හිරේ දානවා.. ඇත්තටම අද කාලේ බෞද්ධයන්ට භාතිකාභය රජතුමා කරපු පිංකම් දරා ගන්න බෑ..ඒවා ඒ තරම් ම විශ්මිතයි..කරනවා තියා අද කාලේ එහෙම පිංකම් ගැන හිතන්නවත් බෑ...

ඉමහත් ශ්‍රද්ධාවෙන් ස්වර්ණමාලි මහා සෑය හදපු දුටුගැමුණු රජතුමාට, මහා සෑයට උපස්ථාන කරන්න බැරිවුනා..පුද පූජා පවත්වන්න බැරි වුනා.. අපේ දුටුගැමුණු රජතුමා ජිවතුන් අතර සිටියා නම්, මහා සෑයට කරපු පුද පූජා ගැන ලියන්න මහවංශය ඉඩ මදි වේවී..අපිට ඒ ගැන හිතා ගන්නවත් බැරි වේවී..

හැබැයි, ඒ අඩුව පුරවපු මහා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් මේ ලක්දෙරණේ පහල වුනා..
දුටුගැමුණු රජතුමාගෙන් අවුරුදු 120ට විතර පස්සේ "භාතිකාභය" නමින් ශ්‍රේෂ්ඨ රජෙක් පහල වුනා..

මහා සෑයත්, භාතිකාභය රජතුමාත් අතර සම්බන්ධය කොයිතරම් ද කියනවා නම්, අදටත් මහා සෑ මළුවේ භාතිකාභය රජතුමාගේ ගලින් නෙලන ලද පිළිමයක් තියෙනවා..
මං ඉස්සර හිතන් හිටියේ ඒ ඉන්නේ දුටුගැමුණු රජතුමා කියලා.. පස්සේ කාලෙක "මහාවංශය" කියවද්දි තමා තෙරුනේ ඇයි භාතිකාභය රජතුමාගේ පිළිමයක් මහා සෑ මලුවේ තිබ්බේ කියලා...

අපේ භාතිකාභය රජතුමා පණ වගේ මහා සෑයට ආදරේ කලා.. උදේ වැඩ පටන් ගන්නෙත් මහා සෑයට වන්දනා කරලයි..රෑට නිදාගන්නෙත් මහා සෑය වන්දනා කරලයි..
කන්නෙත් මහා සෑයට වන්දනා කරලා ඉවර වුනාට පස්සෙයි.. දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය සඳහා රජතුමා මහා සෑය වන්දනා කරන්න යනවා..

දවසක් රජතුමා රාත්‍රී අහාරය ගන්න, පළමු බත් පිඬ අනනකොටම මතක් වුනා, අද මං මහා සෑය වන්දනා කලේ නෑ නේද ? කියලා..
රජතුමා සේවකයන්ගෙන් ඇහුවා..
"""අද මං අපේ මුත්තනුවන් වන්දනා කලේ නෑ නේද?"" කියලා..
එතුමා මුත්තනුවන් ලෙස ගෞවරවෙන් සැලකුවේ මහා සෑයයි..
සේවකයන් කිව්වා අද වන්දනා කලේ නෑ කියලා..

ඒ මොහෝතෙම කන්න ගත්ත බත්පිඬ පැත්තකින් තියපු රජතුමා මහා රෑම මහා සෑය වන්දනා කරන්න පිටත් වුනා...
මහා සෑය වන්දනා කරද්දි රජතුමාට ඇහෙනවා මිහිරි හඬින් කව්දෝ පිරිත් කියනවා..රජතුමා සෑය වටේ ගිහින් බැලුවත් පිරිත් කියන කෙනෙක් හොයා ගන්න බැරි වුනා.. අන්තිමේ සෑ ගර්භයට කන තියලා බැලුවා..බලනකොට පිරිත් සද්දේ ඇහෙන්නේ සෑ ගර්භයේ ඇතුලේ ඉදන්..රහතන් වහන්සේලා තමයි මිහිරියට පිරිත් සජ්ජායනා කරන්නේ..

රජතුමාට අස හිතුනා සෑ ගර්භයේ ඉදන් පිරිත් කියන්නේ කව්ද කියලා බලන්න..රජතුමා එහෙම්ම මලුවේ ඉදගෙන අධිෂ්ඨානයක් කලා,
"සෑ ගර්භය නොදැක මම මෙතනින් නොනැගිටිමියි " කියලා..

නැගෙනහිර වාහල්කඩ ලඟ ආහර නොගෙන මහා සෑය දෙසට හිස තබා වැතිරුණු රජතුමාගේ අධිෂ්ඨානය දිවසින් දැකපු රහතන් වහන්සේලා, දොරටුවක් මවා භාතිකාභය රජතුමා ව ඉර්ධියෙන් සෑ ගර්භය ඇතුලට ගත්තා.. විශ්මිත සෑ ගර්භය දැකපු රජතුමා ආදර ගෞරවයෙන් සෑ ගැබ වන්දනා කලා..

සෑ ගර්භයේ විශ්මය දැකපු රජතුමා, තමගේ ජනතාවටත් මේ අසිරිය දකින්න ඔනී කියලා හිතුවා..රජ මාළිගාවේ මණ්ඩපයක් හදලා, සෑ ගර්භයේ ආකෘතියක් හදලා ජනතාවට දැකබලා ගන්න සැලැස්සුවා..

ඔය විදියට මහත් ශ්‍රද්ධාවක් තිබ්බ රජතුමා මහා සෑයට අනේක වූ පුද පූජා පැවැත්තුවා..
භාතික රජතුමා අපගේ මහා සෑයට අසිරිමත් පූජාවන් කලේ මෙහෙමයි...

🔸නගරය යොදුනක් පුරා සමන් පිච්ච මලුත්,ඉද්ද මලුත් රෝපණය කලා..

🔸මහා සෑයේ පාදමේ සිට කොත මුදුන දක්වා අඟල් හතරල ඝනකමට සුවඳ මැටි ආලේප කරලා, නටුවත් එක්ක සමන් මල් ගලවලා සුවඳ මැට්ටේ ගහලා මුලු සෑයම එකම මල් ගුලාවක් කලා..

🔸ආයේත් දවසක, අඟල් දෙකක් ගණකමට මනෝසීල හෙවත් සිරියල් ආලේප කරවා එහිද සමන් මල් අමුණා සෑ වන්දනාවන් කලා..

🔸තවත් දවසක් පඩිපෙළේ ඉදලා සෑ මුදුන දක්වාම මහා සෑය මල්වලින් පිරී යන සේ සෑය මල්වලින් වැසුවා...

🔸ආයෙත් දවසක, අභය වැවේ ජලය මහා සෑයේ මුදුන තෙක් යන්ත්‍රානුසාරයෙන් අරගෙන ඉහල සිට ජලය ඉසිමින් මහා සෑය පැන්පහසු කෙරෙව්වා..

🔸තවත් දවසක ගැල් සියයක මුතු අරන් ඇවිත්,ඒවා අඹරා මහා සෑය මුතු පාටට බැබලෙන්න එහි ආලේප කරා..

🔸රෝමයෙන් පබලු ගෙනත්,මහා සෑය වැසෙන පරිදි දැලක් හදලා එහි සන්ධි වල කරත්ත රෝද තරමේ රත්තන් නෙළුම් මල් වලින් සැරසුවා..

🔸කළවල සුවඳ පුරවා එහි මල්මිටි දමා
මධුගන්ධ නමින් පූජාවක් කලා..

🔸චෛත්‍ය මලුවේ මල් වැසි වස්සවා, ගොප්මස දක්වා මල් පිරුණු පසු ඒ මත මානෙල් මල් මිටි සිටුවා පූජාවක් කලා..

🔸සෑ මලුවේ වතුර බසින සිදුරු වහලා, මලුව පුරා ගිතෙල් පුරවා ඒ මත පහන් තිර දමා ඒවා දල්වා මුලු මලුවම පහන් ආලෝකයක් කොට මහ සෑය ආලෝකයෙන් පිදුවා..

ඔය විදියට අපගේ ස්වර්ණමාලි මහා සෑයට මහා පූජාවන් කලා..එක පාරක් නෙවෙයි..මේ මහා පිංකම් මාරුවෙන් මාරුවට සත්වතාවක් කරලා තියෙනවා..ඒ කියන්නේ එක පිංකමක් හත්වතාවක් කරලා තියෙනවා..

🔸සෑම වසරකම මහා සෑයේ හුණු ආලෙප කොට 28 අවුරුද්දක් පුරා වෙසක් උත්සවය උත්වශ්‍රීයෙන් කරලා තියෙනවා..

🔸දසට දෙවරක් බෙර වැයුම් සහිතව මහා මල් පූජාවක් ද කලා..

🔸ඔය විදියට කුඩා පිංකම් අසූහාරදහසක් භාතිකාභය රජතුමා අපගෙ මහා සෑය උදෙසා කරලා තියෙනවා..

පිංකම් කරනවා වගේම, භාතිකාභය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු "ධර්ම කීර්ති පණ්ඩිත" කියන උපාසකතුමාට ආරාධනා කළා.

“පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා.

ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා...
‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව කිව්වා...

දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධෝ ඛත්තියෝ තපති – ඣායී තපති බ්‍රාහ්මණෝ
අථ සබ්බමහෝරත්තිං – බුද්ධෝ තපති තේජසා

දිවා තපති ආදිච්චෝ
‘දවල් කලට බබළන්නේ හිරු මඬලයි’
කියලා ධර්ම කීර්ති පණ්ඩිතයෝ සූරිය පිරිත විස්තර කරලා බැස යමින් සිටින අලංකාර හිරු මඬලට වන්දනා කළා.

රත්තිං ආභාති චන්දිමා
‘රෑ කල බබළන්නේ සඳ මඬලයි’ කියලා චන්ද පිරිත විස්තර කරලා බැබලි බැබලී උදාවන රන්වන් සඳ මඬලට වන්දනා කළා.

සන්නද්ධෝ ඛත්තියෝ තපති
‘සර්වාභරණයෙන් සැරසී සිටින අපගේ රජ්ජුරුවන් වහන්සේත් බබළත්මයි’ කියලා භාතිකාභය රජ්ජුරුවන්ට වන්දනා කළා.

ඣායී තපති බ්‍රාහ්මණෝ
‘අපගේ ආර්යයන් වහන්සේලා සමථ විදර්ශනා භාවනාවන් වඩද්දි ලස්සනට බබලනවා නොවැ’ කියලා එහි වැඩහුන් සංඝයා වහන්සේට වන්දනා කළා.

අථ සබ්බමහෝරත්තිං බුද්ධෝ තපති තේජසා ‘ඒ කවුරුන් බැබළුනත් දිවා රාත්‍රී දෙකේ සෑම කල්හි ම අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බල තේජසින් බබළන සේකැ’යි කියලා මේන්න මේ රන්මැලි මහාසෑ රජාණන් වහන්සේට වන්දනා කළා.

භාතිය රජ්ජුරුවෝ ප්‍රීතියෙන් ඉපිල ගියා. බණ මඩුව ගිගුම් දෙන්න තරම් සද්ද නගලා තුන් යලක් සාදුකාර දුන්නා. එතකොට භික්ෂූන් වහන්සේලාත් බණ මඩුවේ අතුරු සිදුරු නැතුව පිරී සිටි සැදැහැවත් ජනී ජනයාත් එක්පැහැර මිහිරි හඬින් තුන් යලක් සාදුකාර පැවැත්තුවා. රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“ධර්ම කීර්ති පණ්ඩිතයෙනි, තොපගේ බණ ටික නම් ඉතා උචිතයි. අවස්ථාවට ගැලපෙනවා. අති මනහරයි. මංගල ගාථා රත්නයකින් බණ කිව්වා නොවැ” කියලා හුනස්නෙන් නැගිට්ටා.

“පණ්ඩිතයෙනි, තොපගේ දෑත දිගුකල මැනව” කිව්වා. එතකොට ධර්ම කීර්ති පණ්ඩිතයෝ ධර්මාසනයේ සිටිද්දි ම දෑත් දිගුකළා. භාතිය රජ්ජුරුවෝ රන් කහවණු දහසකින් බැඳි පියල්ලක් පණ්ඩිතයන්ගේ අතේ තිබ්බා..

එදා ඉඳලා අපේ පැරැන්නෝ ඔය ගාථා රත්නයට කිව්වේ "සර්ව මංගල ගාථාව" කියලා.

ඔය විදියට භාතිකාභය රජතුමා,අපගේ මහා සෑය උදෙසා විශ්මිත පූජාවන් කළා..
අද වගේ නං එහෙම පින්කම් කරන්න බෑ..
අද ඒ වගේ පින්කම් කළොත් පුරාවිද්‍යාවෙන් නඩු දානවා..බුකීයේ ඉන්න නමට බෞද්ධයන්ගෙන් "මේ මොන විකාර වැඩක් ද" කියලා බැනුම් අහන්නත් වෙනවා..
කොටින්ම කිවොත් භාතික රජතුමා කරපු පිංකම් අද අපේ බෞද්ධයන්ට දරාගන්න බෑ..
ඒ වගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රේෂ්ඨ රජවරු ආයේ පහළ වෙන්නෙත් නෑ...ඒ නිසා ඒ වගේ පින්කම් ආයේ කරන්න වෙන්නෙත් නෑ..දකින්න වෙන්නෙත් නෑ..

මහා සෑ මලුවේ භාතිකාභය රජතුමාගේ පිළිමයක් තියෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති...
මහාවංශයේ භාතිකාභය රාජවංශයේ අවසානයේ මෙන්න මෙහෙම තියෙනවා..

"""""පුරාණ රජවරු විසින් නියම කරන ලද බුද්ධ සාසනය පිළිබඳව යම්කිසි පුණ්‍යකර්මයක් ඇද්ද, භාතික රජු ඒ සියල්ල නොපිරිහෙලා ඉෂ්ට කළේය

05/23/2024

වාසනාවන්ත තෙමඟුලක් වේවා!!!
🙏 🙏 🙏

අමෘත නිර්වාණයම අවබොධ වේවා!!! 🙏 🙏 🙏

Address

3153 Miller Road
Lithonia, GA
30038

Alerts

Be the first to know and let us send you an email when Georgia Buddhist Vihara Stupa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share