09/03/2026
නමෝ බුද්ධාය..!
මේ උතුම් වස්සාන සමයේ, ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ පසුගිය 30 වැනි දින උතුම් රුවන්වැලි සෑ වන්දනාවක් පවත්වන්නට යෙදුණි.
උතුම් ද්‍රෝණයක් මුනි ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති මහ සෑ රජාණන් වහන්සේ සිහි කරමින්, සවස ගිලන්පස සම්බුද්ධ පූජාවක් පවත්වා බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණි.
එමෙන්ම, පැමිණ සිටි සියලු දෙනා සුමධුර ධර්මදේශනාවකට සවන් දෙමින් ධර්මශ්‍රවණමය පුණ්‍යකර්මයේ පින්ද රැස් කර ගත්හ.
මෙදින මෙම උතුම් පින්කම සංවිධානය කරන ලද්දේ පින්වත් ගංගා ද සිල්වා මහත්මිය, සුදත් ද සිල්වා මහතා සහ එම පින්වත් දරු දැරියන් විසිනි.
එදින උතුම් ද්‍රෝණයක් මුනි ධා සිහිකොට වන්දනාමාන කරමින් රැස් කරගත් සියලු පින්,
සතර වරම් දෙවිවරුන් ප්‍රධාන පින් කැමති සියලු දෙවි දෙවියන්ටත් , ස්වර්ණමාලි දෙවගන ප්‍රධාන සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා!
සැපයෙන් සැපයට පත්වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!
එමෙන්ම, අපට පින් රැස් කර ගැනීමට මඟ පෑදූ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා!
පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමටම වාසනාව උදාවේවා!
එමෙන්ම, පින්වත් ගංගා ද සිල්වා මහත්මියටත්, සුදත් ද සිල්වා මහතාටත්, එම පින්වත් දරු දැරියන්ටත්, අලුත උපන් මුනුබුරාටත්, එම පවුල්වලට සම්බන්ධ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා!
සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සියලු ආරක්ෂාව හා රැකවරණය සැලසේවා! ජීවිතය වාසනාවන්ත වේවා!
දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා! අනාගත ජීවිතය සාර්ථක කරගැනීමට හැකි වේවා! සුවසේ පින් දහම් රැස් කරමින්, උතුම් නිවනින් සැනසීමට මේ පින් උපකාර වේවා!
එමෙන්ම, මෙම පින්කම සඳහා නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සැමටත්, සම්බන්ධ වූ සැමටත්, පින් අනුමෝදන් වනු කැමති ඔබටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!
සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමටම මේ පින් හේතු වාසනා වේවා!