30/07/2026
පින්වත් දායක දායිකාවනි,
ඔබ සැමගේ අගනා සහයෝගය, දායකත්වය හා කැපවීම නිසා 2026 වසරේ වස් ආරාධනා මහා පින්කම ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි විය. ඒ සඳහා දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින්, තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
වස් කාලය යනු දානය පූජාකිරීමෙන්, පූජාවන් පැවැත්වීමෙන් සහ භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීම තුළින් අතිවිශාල කුසල් රැස්කර ගත හැකි උතුම් කාලයකි.
එබැවින්, මෙම වස් කාලය තුළ පහත සඳහන් පූජාවන් සඳහා ඔබත් ඔබගේ පවුලේ සැමත් ශ්‍රද්ධාවෙන් දායක වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.
පහත සබැඳියෙන් ඔබගේ පූජාව වෙන්කරවාගෙන මෙම උතුම් පින්කමට දායක වන්න.
- සතියේ දින සවස පූජාව : https://samadhi-vas-events.web.app/en/events?category=weekday-programs
- සති අන්ත සවස පූජාව : https://samadhi-vas-events.web.app/en/events?category=weekend-programs
අටපිරිකර පූජාව
සිවුරු පිරිකර පූජාව
සංඝයා වහන්සේලාගේ ගුවන් ප්‍රවේශපත්‍ර දායකත්වය
පහත සබැඳියෙන් ඔබගේ පූජාව වෙන්කරවාගෙන මෙම උතුම් පින්කමට දායක වන්න.
https://samadhi-vas-events.web.app/en/offerings
ශ්‍රද්ධාවෙන් සිදු කරන සෑම පූජාවක් ම ඔබට අසීමිත කුසලයක් රැස්කර දෙන උතුම් පින්කමකි. එම පුණ්‍ය ශක්තියෙන් ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් නීරෝගී සුවය, සෞභාග්‍යය, සතුට සහ තෙරුවන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා!
තෙරුවන් සරණයි! 🙏
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dear Devotees,
Our heartfelt gratitude to everyone whose generosity, faith, and support enabled the Vas Ārādhana Pinkama 2026 to be conducted successfully.
During this Vas season, we warmly invite you and your family to continue supporting the Saṅgha and our temple by participating in one or more of the following offerings:
To reserve a pooja, please use the link below:
Weekday Pooja: https://samadhi-vas-events.web.app/en/events?category=weekday-programs
Weekend Pooja: https://samadhi-vas-events.web.app/en/events?category=weekend-programs
Atapirikara Offering
Sivuru Pirikara Offering
Airline Ticket Contribution Donations
To reserve an offering or make a contribution, please use the link below:
https://samadhi-vas-events.web.app/en/offerings
Every offering made with a faithful heart is a cause for great merit. May the blessings of the Noble Triple Gem bring you and your family good health, happiness, peace, and prosperity.
Theruwan Saranayi ! 🙏