Affluence Avenue

Affluence Avenue අපේ ගමේ අපේ පන්සල

28/05/2022
ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දීමයි!අත්තනගල්ල  රජමහාවිහාරාධිකාරි අතිපූජ්‍ය  කුරුවලානේ  සිරි සීවලී  මාහිමිපාණන්වහන්සේ 2022...
26/05/2022

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දීමයි!

අත්තනගල්ල රජමහාවිහාරාධිකාරි අතිපූජ්‍ය කුරුවලානේ සිරි සීවලී මාහිමිපාණන්වහන්සේ 2022 මැයි මස 26 දින උදෑසන අපවත් වූ බව ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සංවේගයට පත් පාමංකඩ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී උණගලාවේ සිරිනන්ද ස්වාමින්වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය ඇතුළු දායක පිරිස

2022.05.16 වන දින අප විහාරස්ථානයේ ශ්‍රද්ධා බොදු තුරුණු එකමුතුව විසින් විහාරාධිපති ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම හා අවවාද අ...
17/05/2022

2022.05.16 වන දින අප විහාරස්ථානයේ ශ්‍රද්ධා බොදු තුරුණු එකමුතුව විසින් විහාරාධිපති ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම හා අවවාද අනුශාසනා අනුව 2022 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනය සැමරීම නිමිති කර ගෙන බොදු හෙළ වෙසඟේ පුනරාගමනය නමින් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. එහි ප්‍රධාන අරමුණ වුයේ පුරාණ හෙළ සිරිතට අනුව රාත්‍රී ධර්ම දේශනයක් පවත්වන ආකාරය දායක පින්වතුනට අත් විඳ දැන ගැනීමට සැලැස්වීමයි.
එම ධර්ම දේශනය අති සාර්ථක ලෙස පැවැත්වීමට අවවාද අනුශාසනා ලබා දෙමින් තරුණ පිරිස දිරි ගැන්වූ උණගලාවේ සිරිනන්ද අපේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයටත්, වචනෙකින් හෝ සහය දැක්වූ සතර පේරුවේ සියලුම දායක පින්වතුන්ටත්, ශ්‍රද්ධා බොදු තුරුණු එකමුතුවේ සභාපතිතුමන් ප්‍රමුඛ සියලුම සාමාජික සාමාජිකාවන්ටත් අපගේ ස්තූතිය පිරිනමමු.

අද දින දුවේ පුතේ ඔබ වෙනුවෙන්ම,
17/05/2022

අද දින දුවේ පුතේ ඔබ වෙනුවෙන්ම,

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් මේ මස 9 වනදා සිට 14වන දා දක්වා නොමිලයේ...
07/05/2022

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් මේ මස 9 වනදා සිට 14වන දා දක්වා නොමිලයේ පැවැත්වීමට විහාරස්ථානයේ ශ්‍රද්ධා බොදු තුරුණු එකමුතුව විසින් සංවිධානය කර ඇත. එයට ගම්වාසි ප්‍රදේශ වාසි දුවා දරුවන්ට අප ආරාධනා කර සිටිමු.
මේ දින වල විශේෂයෙන්ම සැකසු විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාවක් සාකච්චා කරනු ලැබේ.

රන්පොකුණගම මහා විද්‍යාලයේ ආචාර්ය යටියන ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති උණගලාවේ සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ආශි...
28/04/2022

රන්පොකුණගම මහා විද්‍යාලයේ ආචාර්ය යටියන ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති උණගලාවේ සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් , දායක සභාවේ සංවිධානයෙන් පාසල් දූ දරුවන් 75 දෙනකු වෙනුවෙන් පොත්පත් සහ පාසල් උපකරණ බෙදා දෙන ලදී.

මේ සඳහා දායකත්වය දක්වන ලද්දේ ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය විසිනි.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ ආයුර්වේද වෛද්‍ය සංජීව අල්විස් මහතාගේ මූලිකත්වයෙනි.මෙවැනි අවස්ථාවක ඉතා වටිනා පරිත්‍යාගයක් සිදුකිරීම වෙනුවෙන් ඔබ සියලුම දෙනාට බොහොම ස්තූතියි 2022.04.27

අප විහාරස්ථානයේ වාර්ෂික හිස තෙල් ගෑමේ මංගල්‍යය විහාරාධිපති උණගලාවේ සිරිනන්ද අපේ ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් මෙසේ පැවැත...
17/04/2022

අප විහාරස්ථානයේ වාර්ෂික හිස තෙල් ගෑමේ මංගල්‍යය විහාරාධිපති උණගලාවේ සිරිනන්ද අපේ ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් මෙසේ පැවැත්විණි.
එයට උදව් උපකාර කළ සියලුම දායක පින්වතුන්ට බෙහෙවින්ම ස්තුතියි.
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

අද දින දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ වැඩසටහන යටතේ යටියන ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයට අයත් දායක ගමෙහි තෝරා ගත් දා...
12/04/2022

අද දින දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ වැඩසටහන යටතේ යටියන ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයට අයත් දායක ගමෙහි තෝරා ගත් දායක පවුල් 50 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බඩු මළු බෙදා දීම විහාරස්ථානයේදී සිදු වුණි. මෙම වැඩසටහනට දායකත්වය දැරූ සියලුම පින්වතුන්ට මෙත් සිතින් අපි පිං අනුමෝදන් කරමු.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

Address

Yatiyana
11880

Website

Alerts

Be the first to know and let us send you an email when Affluence Avenue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share