Isipathanaya

Isipathanaya Esipathanaya is a Bhikkhu Monastery that sends out and sermonizes pure Buddhism for all over the wor

Esipathanaya is a Bhikkhu Monastery that sends out and sermonizes pure Buddhism for all over the world.

17/01/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Power of Buddha
14/01/2026

Power of Buddha

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

12/01/2026
10/01/2026
18/12/2025
ඉසිපතනයේ කඨින පිංකම හෙට සහ අනිද්දා පැවැත්වෙන බව සිහිපත් කරමි.හැකි තාක් ශෙයා කරන්න.
08/11/2024

ඉසිපතනයේ කඨින පිංකම හෙට සහ අනිද්දා පැවැත්වෙන බව සිහිපත් කරමි.
හැකි තාක් ශෙයා කරන්න.

අති පූජ්‍ය කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ නායක පදවි ප්‍රාප්තිය සහ පිළිගැනීම. තත් සම්මතය පරිදී යක්විල, තෙළම්බුගම්මන...
16/02/2019

අති පූජ්‍ය කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ නායක පදවි ප්‍රාප්තිය සහ පිළිගැනීම.

තත් සම්මතය පරිදී යක්විල, තෙළම්බුගම්මන, ඉසිපතන සේනාසනය සහ මාහිංගමුව, නාරංගොඩ ඉසිපතන සේනාසනය යන උභය විහාරාධිපති පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද මහා ස්ථවිරපාදයාණන් වහන්සේ වෙත "ශ්‍රී චින්තාමණි ස්වරූප, චන්ද්‍රසේකර ශාසනාලේන්ද්‍රවර" යන ගෞරව නාමය සහිතව කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත කරන්නට යෙදුණු බව මෙයින් ප්‍රකාශ කරම්හ.

15/10/2018

තෙරුවන් සරණ යෑම යනු, බුදුන්, දහම්, සඟුන් සරණ යෑම බව, අපගේ පොදු පිළිගැනීම යි. එය තෙවරක් ශබ්ද නඟා කියා එය අනුගමනය කරන බවට අනුගත වන බවට ස්වයං පොරොන්දුවකට අපි පත් වෙමු.

මෙසේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් ප්‍රකාශ කිරීමට පෙර, නමස්කාරය කීම, සිරිතකි. ඒ අනුව සාධු නදින් පසුව අප පළමුව කරනුයේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේට නමස්කාරය කිරීම යි. මෙයින් පෙනී යන්නේ තිසරණ සරණ යෑමට ප්‍රථම උතුම් වූ පරමාදර්ශ චරිතය වන්දනා කර, එම උත්තමයා අපගේ සියලු කාර්යයන්හිදීම සිරස මතින් පිළිගෙන ඇති බවයි.

මෙසේ තෙරුවන් සරණ යෑමට පසු, සමාදන් වන සීලය මනා ලෙස වැඩීමටත් ආරක්‍ෂා කර ගැනීමටත් එසේ සරණ යෑම පිටුබලයක් වෙයි. ඇත්තෙන්ම එය සම්මා දිට්ඨි පියවරේ ප්‍රථම අවධියයි. මේ අනුව, නිවැරැදි අවබෝධයෙන් තෙරුවන් වන්දනාවත්, තිසරණ සරණ යෑමත් සුපිරිසුදු බෞද්ධයකු වීමේ ලක්‍ෂණ පෙන්නුම් කරන්නකි.

More on http://www.isipathanaya.org/video

✄-----------------------------------------------✔
www.isipathanaya.org | [email protected]
(+94) 037 2285 081

15/10/2018

පිරිවානා පොත් වහන්සේගේ මුලින්ම සඳහන් වන්නේ “සරණා ගමනය” පිළිබඳවයි. එහි අර්ථය තිසරණයට පැමිණීම හෙවත් තෙරුවන් සරණ යාමයි.

තෙරුවන් සරණ යෑම යනු අපගේ බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් තමාගේ එකම පිහිට, පිළිසරණ, රැකවරණය, ආරක්ෂාව ලෙස මුළු හදවතින්ම සරණයාමයි. අති බිහිසුණු සසරක සැරිසරන සත්ත්වයන්ට තෙරුවන් සරණ යෑම යනු සුළුපටු දෙයක් නොවේ. එය හැම පැත්තෙන්ම ආරක්ෂාව සහිත පරිපූර්ණ සරණ යෑමකි. මෙය වටහා ගැනීමට නම් ඔහු තුළ නුවණ තිබිය යුතුමය.

එසේනම් මේ ලෝකයේ නුවණැත්තන් යම්තාක් ඇත්නම්, ඒ සියලු දෙනාට සරණ යාහැකි එකම දෙය මේ තිසරණය යි. වෙන පිළිසරණක් නැත්තේම ය. තෙරුවන් සරණ යාමට නම් නුවණැත්තාට තෙරුවන ගැන අසන්නට ලැබිය යුතුය. තෙරුවන් සරණ ගැන අසන්නට ලැබෙන්නට නම් අප උස් හඬින් තිසරණය ගැන ලොවට කිව යුතුය. එවිට නුවණැත්තා මිනිස් ලොව, දෙව් ලොව,බඹ ලොව යන කොතැනත් තෙරුවන හා එක් වේ.

More on http://www.isipathanaya.org/video

✄-----------------------------------------------✔
www.isipathanaya.org | [email protected]
(+94) 037 2285 081

Address

Thelambugammana
Yakwila
60202

Alerts

Be the first to know and let us send you an email when Isipathanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share