20/08/2026
ඇය නික්ම ගියත්, ඇගේ හඬ සදා අප අතරේ
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමරණීය මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අද අප අතරින් සමුගෙන ගියාය.
ඇයගේ මධුර හඬත්, සුවිශේෂී කලා මෙහෙවරත් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ සදා නොමැකෙන සටහනක් වනු ඇත.
2024 වසරේදී, ඇයගේ 81 වැනි ජන්ම දිනය සැමරීමේ සුවිශේෂී අවස්ථාවට සිරි සුගතපාල දහම් පාසලේ දරු දැරියන් සහ ගුරු භවතුන් ලෙස අපටද සහභාගී වීමට අවස්ථාව ලැබීම අප ලද මහත් ගෞරවයකි.
එදා ඇය සමඟ ගත කළ ඒ සුන්දර මොහොත අද ඇය අප අතරින් සමුගන්නා මේ මොහොතේ වඩාත් සංවේදී මතකයක් බවට පත්ව ඇත.
ස්වරය නිහඬ වුවද, ඇයගේ හඬ සදා අප අතර ජීවත් වනු ඇත.
ඇයගේ කලා මෙහෙවරත්, සොඳුරු මතකයත් අපගේ හදවත් තුළ සදා රැඳේවා.
ආචාර්ය නන්දා මාලිනී මහත්මියනි,
ඔබතුමියට නිවන දුර නොවේවා!
-- සිරි සුගතපාල දහම් පාසල --