Mulagandhakuti Piriven Maha Viharaya

Mulagandhakuti Piriven Maha Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mulagandhakuti Piriven Maha Viharaya, Buddhist Temple, Mulagandhakuti Piriven Maha Viharaya, Ragama, Welisara.

28/07/2026
මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා අදට වසර 163 කි.අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඥානසාමි සරණංකර මහානායක...
13/07/2026

මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා අදට වසර 163 කි.

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඥානසාමි සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ලක්දිව භික්ෂුන් පිරිසක් අතීතයේ මරම්ම විසය ලෙසින් හැදින්වු වර්තමානයේ බුරුමයෙහි (මියන්මාරයෙහි ) මැණ්ඩලේ නුවර එවකට රාජ්‍ය විචැරු මහා මෙණ්ඩුන් රජතුමාගේ රාජකීය අනුග්‍රහය සහිතව ඥෙය්යධම්මාභි මුනිවර ඥානකිත්තිසිරි සංඝරාජයන් වහන්සේ ප්‍රධාන බොරොම්ම සංඝයා වෙතින් මහා විස්සුතාරාම සංඝරාජරාමස්ථ විසුංගාම සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ප්‍රතිලාභය හිමි කොට පසුව ඉරවඩි නදියේ උදකුක්ඛේප සීමාවක ද, පේගූ නුවර කල්‍යාණි සීමාමාලකයේ දී අරණ්‍ය භික්ෂුන් වෙතින් දෙවතාවක් දළ්හීකම්මෝපසම්පදා පුනශික්ෂාව ලැබ ලක්දිවට සැපත්ව, වර්ෂ 1863 ජුලි මස 13 වන දින ගාල්ලේ මහාමෝදර උදකුක්ඛේප සීමාවක සිව් නමක් උපසම්පදා භූමියට පත් කොට ආරම්භ කරන ලද ලක්දිව තෙවන භික්ෂු පරපුර ශ්‍රී ලංකා රාමඤ්ඤ වංසයයි. අතිපූජ්‍ය ධූතාංගධාරී වරාපිටියේ සුමිත්ත මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ, විදර්ශනාචාර්‍ය, පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඥානසාමී සරණංකර මාහිමිපාණන් වහන්සේ යන මහා ස්වාමීන් වහන්සේලාගේ මූලීකත්වයෙන් එකී ප්‍රථම උපසම්පදා කර්මය සිදුවිය.

ලක්දිව රාමඤ්ඤ වංශය පිහිටුවා අදට වසර 163 ක් සපුරන මෙම අවස්ථාවේ දී සසුනෙහි චිරපැවැත්ම උදෙසා චිරාත් කාලයක් රාමඤ්ඤ වංශය ඕෂධි තාරකාවක් මෙන් දිදුලේවායි යනු අපගේ පරමාධ්‍යාශයයි.

සටහන
කැලණියේ ධම්මගවේසී භික්ෂූ
2026 - 07 - 13

සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා!සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකාතවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා“මහරජ! ධර්මරාජයන් වහන්...
29/06/2026

සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”

මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණු මහා වෙනස මෙනෙහි කිරීම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳ ම පොසොන් භාවනාව යි...

සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.

පොහොය වර්ණනාව ග්‍රන්ථයෙන් කළ උපුටාගැනීම් වේ.

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
නිවැරදිව ධර්මය දැනගන්න follow Us

#මහින්දාගමනය #පට්ඨාන #පොසොන්

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!   මේ උතුම් වූ පොසොන් පුර පසළොස්වක  පොහෝ දිනයේ ආනුභාවයෙන් සියලු   සත්වයන්ට සුව සෙත ...
29/06/2026

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

මේ උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ ආනුභාවයෙන් සියලු සත්වයන්ට
සුව සෙත සැලසේවා!

29/06/2026

> “භාරා හවේ පඤ්‌චක්‌ඛන්‌ධා, භාරහාරෝ ච පුග්ගලෝ,භාරාදානං දුඛං ලෝකේ, භාරනික්‌ඛේපනං සුඛං"

ඒකාන්තයෙන් ම බර යනු පංච උපාදානස්කන්ධය යි. එමෙන්ම බර කරගහගන්නේ පුද්ගලයා යි. මේ බරට බැඳීයාම තමයි ලෝකයෙහි තියෙන දුක. මේ බර බැහැර කිරීම තමයි සැපය වන්නේ.

> නික්‌ඛිපිත්‌වා ගරුං භාරං, අඤ්‌ඤං භාරං අනාදිය,සමූලං තණ්‌හං අබ්‌බුය්‌හ නිච්‌ඡාතෝ පරිනිබ්‌බුතෝ

මේ බරපතල බර බැහැරට විසි කරල, තවත් වෙන බරකට බැඳෙන්නේ නැතිව අවිද්‍යාව නමැති මුලුත් එක්කම තණ්හාව උදුරා දමල තණ්හා රහිතව සිටියාම පිරිනිවන් පාන්නට ලැබෙනවා.”

_(උපුටා ගැනීම: භාර සූත්‍රය – සංයුත්ත නිකාය)_

ශීලය ආවර්ජනා කිරීමඋදයේ ආහාර වැළඳීමෙන් පසු තමා සමාදන් වී සිටින ශීලයේ සිකපද එකින් එකට සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතු ය. ...
23/06/2026

ශීලය ආවර්ජනා කිරීම

උදයේ ආහාර වැළඳීමෙන් පසු තමා සමාදන් වී සිටින ශීලයේ සිකපද එකින් එකට සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතු ය. එය කිරීමට අසමත් අය පොත බලා ගෙන කරනු. සිල් සමාදන් වූ පිරිසක් ඇති නම් ශබ්ද නඟා පොත කියවිය හැකි කෙනකු ලවා කියවා ගත යුතු ය. සිකපද ආවර්ජනය කරන්නේ මෙසේ ය.

1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නා හ. මම ද අද ප්‍රාණඝාතයෙන් වැළකී, සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

2. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

3. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ස්ත්‍රී පුරුෂයන් ගේ ලාමක හැසිරීමෙන් වැළකී පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

4. රහතන් වහන්සේලා බොරු කීමෙන් වැළකී සෑම තැනදීම සත්‍ය ම පාවිච්චි කරමින් අවංකව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

5. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සුරා පානයෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

6. රහතන් වහන්සේලා දිවිහිමියෙන් නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

7. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන් ද, කෙලෙස් වැඩීමට හේතු වන විසුළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරය සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන් ද, අඩුතැන් පුරවා ඔප මට්ටම් කිරීමෙන් ද වැළකී වාසය කරන්නාහ. මම ද අද නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන් ද කෙලෙස් වැඩීමට හේතු වන විසුළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද, සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරය සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන් ද, අඩු තැන් පුරවා ඔපමට්ටම් කිරීමෙන් ද වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

8. රහතන් වහන්සේලා දිවිහිමියෙන් කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන්, පරිභෝගයෙන් වැළකී වාසය කරන්නාහා. මම ද අද කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

නවාංගශීලය ආවර්ජනය කිරීම

නවාංග ශීලය සමාදන් වූවන් විසින් ඉහත දැක්වූ පරිදි සිකපද අට ආවර්ජනය කොට නවවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතු ය.

9. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරන්නාහ. මම ද අද ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

දශ ශීලය ආවර්ජනය කිරීම

දස සිල් සමාදන් වන්නවුන් විසින් අෂ්ටාංග ශීලයට කී පරිදි සිකපද ආවර්ජනය කොට දසවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතු ය.

10. රහතන් වහන්සේලා දිවි හිමියෙන් රන්රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව වාසය කරමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

පොහොය දිනය
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
නිවැරදිව ධර්මය දැනගන්න follow Us ධම්මපදය Dhammapadaya page

#සීලය #පොහොය_දිනය #අටසිල්

Address

Mulagandhakuti Piriven Maha Viharaya, Ragama
Welisara
11010

Telephone

+94713213292

Website

Alerts

Be the first to know and let us send you an email when Mulagandhakuti Piriven Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mulagandhakuti Piriven Maha Viharaya:

Shortcuts

Share