St. Sebastian sunday school welihena south

St. Sebastian sunday school welihena south Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Sebastian sunday school welihena south, Religious organisation, St . Sebastian road, Welihena South, Welihena.

අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ 7 වසර දරුවන්ට දේව ආදරය හා දහමින් පෝෂණය කරන අප දහම් පාසලේ ජේ‍්‍යෂ්ඨ ගුරුතුමෙකු වන ලලි...
16/08/2026

අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ 7 වසර දරුවන්ට දේව ආදරය හා දහමින් පෝෂණය කරන අප දහම් පාසලේ ජේ‍්‍යෂ්ඨ ගුරුතුමෙකු වන ලලිත් ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා.
Happy birthday Lalith sir

07/06/2026

දිව්‍ය හෘදයෙන් නිරූපණය වන ශුද්ධ වූ සංකේත සහ ඒවායේ ගැඹුරු අර්ථයන්. ❤️🔥✝️

​අපගේ නිවෙස්වල තිබෙන ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාවක් හෝ පින්තූරයක් දෙස බලන විට, උන්වහන්සේගේ ආශ්චර්යමත් ලෙස බැබළෙන හෘදයක් අපට දැකගත හැකියි. මේ හෘදය වටා විවිධ සංකේත කිහිපයක්ම තිබෙනවා. ඒවා නිකම්ම නිකන් අලංකාරයට ඇඳි සිතුවම් නොවෙයි, ඒවායින් කියාපාන්නේ අප වෙනුවෙන් ජේසුස් වහන්සේ විඳි වේදනාව සහ උන්වහන්සේගේ අපිරිමිත ප්‍රේමයේ ගැඹුරයි.

​අද අපි ඒ ශුද්ධ වූ සංකේතවල තේරුම එකින් එක වටහා ගනිමු.

​1. ඇවිළෙන ගිනිදැල් (The Flames)

​දිව්‍ය හෘදය දෙස බලන විට එයින් ඉහළට ගිනිදැල් විහිදෙන අයුරු පෙනේ. මේ ගින්නෙන් සංකේතවත් කරන්නේ මනුෂ්‍ය අප කෙරෙහි ජේසුස් වහන්සේගේ හෘදයේ ඇති අසීමිත, උද්‍යෝගිමත් ආදරයයි. එය කිසිදා නිවී නොයන, පව්කාරයන් වන අපව දවා අළු නොකර, අපගේ පව් දවා අළු කර පවිත්‍ර කරන ආදරයේ දිව්‍යමය ගින්නකි.

​2. කටු ඔටුන්න (The Crown of Thorns)

​හදවත වටා තදින් වෙළී ඇති කටු ඔටුන්නෙන් කියාපාන්නේ අපගේ පව් නිසාවෙන් උන්වහන්සේගේ හදවතට සිදුවන රිදවීමයි. ජේසුස් වහන්සේ කුරුස ගමනේදී හිස මත පමණක් නොව, අපගේ අකෘතඥතාවය, අකීකරුකම සහ ආත්මාර්ථකාමීත්වය නිසා උන්වහන්සේගේ හදවත මතද මේ කටු ඔටුන්න අදටත් දරා සිටින සේක.

​3. ශුද්ධ වූ කුරුසිය (The Cross)

​ගිනිදැල් මැදින් හදවත මුදුනේ නැගී සිටින කුරුසිය අපට මතක් කර දෙන්නේ පාස්කු අභිරහසයි. ජේසුස් වහන්සේ මෙලොවට පැමිණි මොහොතේ සිටම උන්වහන්සේගේ හෘදය තුළ කුරුසියේ කැපකිරීම ලියැවී තිබුණි. ඒ කුරුසිය අපට පෙන්වන්නේ ප්‍රේමයේ උපරිම සීමාව තමන්ගේ ජීවිතය පූජා කිරීම බවයි.

​4. හෙල්ලයෙන් ඇනුණු තුවාලය සහ ලේ බිඳු (The Wound and Blood)

​දිව්‍ය හෘදයේ පැත්තකින් කුඩා සිදුරක් සහ එයින් රුධිරය බිඳු වැගිරෙන අයුරු දැකගත හැකියි. කුරුසිය මතදී උන්වහන්සේ උත්ථාන වූ පසු සෙබළෙකු විසින් හෙල්ලයෙන් ඇන උන්වහන්සේගේ හෘදය සිදුරු කළේය. එයින් ගලා ආ රුධිරයේ සහ ජලය කතෝලික සභාවේ සහ සක්‍රමේන්තුවල උල්පතයි. එම විවෘත වූ සිදුරු වූ හෘදය අපට පවසන්නේ, ඕනෑම පව්කාරයෙකුට සැඟවී සැනසීම ලබාගත හැකි එකම ආරක්ෂිත නවාතැන ජේසුස් වහන්සේගේ හෘදය බවයි.

🩷 අද දින සඳහා පුංචි කැපවීමක් (Daily Offering)

​අද දින අපගේ අතින් සිදුවන වැරදි සහ වැරදි සිතුවිලි මගින් ජේසු වහන්සේගේ හදවත වටා ඇති කටු ඔටුන්න තවත් තද නොකිරීමට වගබලා ගනිමු. විශේෂයෙන්ම අද දවසේ නරක වචන කතා කිරීමෙන් වැළකී සිටිමු.

​මා උදෙසාම තුවාල වූ, මා උදෙසාම කුරුසිය දරාගත් මාගේ ආදරණීය ජේසුනි, ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයේ ඇති ප්‍රේමයේ ගින්නෙන් මාගේ සීතල වූ හදවතද පූජනීය කළ මැනව. ආමෙන් ජේසූ...🙏🥺❤️‍🔥✝️
Gabrielle & Guardian

අප සැම දැනුමෙන් මෙන්ම දෙවිඳුන්ගේ ආදරය තුල බලවත් කරන්නට නිතරම වෙහෙස වන අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ උප විදුහල්පතිතු...
05/06/2026

අප සැම දැනුමෙන් මෙන්ම දෙවිඳුන්ගේ ආදරය තුල බලවත් කරන්නට නිතරම වෙහෙස වන අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ උප විදුහල්පතිතුමා වන සුගුමාරන් ගුරුපියාණන්ට දේවාශිර්වාදය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා.
Happy birthday Sugu Sir❤️

28/05/2026
අද දින උපන්දිනය සමරන 7 ශ්‍රේණියේ දරුවන්ට දේව දහම හා දේව ආදරය බෙදා දෙන මහිමි ගුරුමවේ ඔබට දේවාශිර්වාදය පිරි සුභම සුභ උපන්ද...
18/05/2026

අද දින උපන්දිනය සමරන 7 ශ්‍රේණියේ දරුවන්ට දේව දහම හා දේව ආදරය බෙදා දෙන මහිමි ගුරුමවේ ඔබට දේවාශිර්වාදය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා.
Happy Birthday Mahimi Teacher

අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ 10 ශ්‍රේණියේ දරුවන්ට නිබඳව ජේසුගේ ආදරය බෙදා දෙන වීනාදි ගුරුතුමියනි ඔබට දේවාශිර්වාදය ප...
17/05/2026

අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ 10 ශ්‍රේණියේ දරුවන්ට නිබඳව ජේසුගේ ආදරය බෙදා දෙන වීනාදි ගුරුතුමියනි ඔබට දේවාශිර්වාදය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා.
Happy birthday Veenadi Teacher

පලමුවන වාර විභාගය2026.05.10
10/05/2026

පලමුවන වාර විභාගය
2026.05.10

Happy Birthday Tharushi Teacher අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ 8 ශ්‍රේණියේ දරුවන්ව දහමින් පෝෂණය කරන තරුෂි ගුරුතුමියන...
24/04/2026

Happy Birthday Tharushi Teacher

අද දින උපන්දිනය සමරන අප දහම් පාසලේ 8 ශ්‍රේණියේ දරුවන්ව දහමින් පෝෂණය කරන තරුෂි ගුරුතුමියනි ඔබට දේවාශිර්වාදය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා.

22/03/2026
“ මම නුඹ කිසිදා අත්නොහාරින්නෙමි. නුඹ මා තුළ සදා සඟවා ගන්නෙමි”ළමා පාදනමස්කාරය2026.03.22
22/03/2026

“ මම නුඹ කිසිදා අත්නොහාරින්නෙමි. නුඹ මා තුළ සදා සඟවා ගන්නෙමි”
ළමා පාදනමස්කාරය
2026.03.22

Address

St . Sebastian Road, Welihena South
Welihena
11540

Alerts

Be the first to know and let us send you an email when St. Sebastian sunday school welihena south posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share