Aluthapola Temple

Aluthapola Temple This is an ancient temple built by king Walagamba.

30/08/2026
21/08/2026

අහස සේ නුඹ අනන්තයි …෴
ඔබට නිවන්සුව !!!!!

12/08/2026

👇

08/07/2026




මුගලන් හාමුදුරුවන්ට කර්ම විපාක පලදුන්න හැටි
20/06/2026

මුගලන් හාමුදුරුවන්ට කර්ම විපාක පලදුන්න හැටි

කර්ම විපාක දෙන හැටි දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඇතැම් කර්ම වලින් කොටසක් මේ ජීවිතයේ විපාක දෙනවා. එයට කියන්නේ ‘දිට්ඨධම්මවේදනීය කර්ම විපාක’ කියලා. තව කොටසක් ඊළඟ ජීවිතයේදී හෝ ආසන්න භවයකදී විපාක දෙනවා. එයට කියන්නේ ‘උපපජ්ජවේදනීය කර්ම විපාක’ කියලා. තව කොටසක් පිරිනිවන් පානා තෙක් විපාක දෙනවා. එයට කියන්නේ ‘අපරාපරියවේදනීය කර්ම විපාක’ කියලා. ඔය විදිහට තමයි කර්ම විපාක දෙන්නේ.

ඉතින් දැන් අපි කියන්නේ හරිම සංවේගජනක කතාවක්. ඒ අපගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වන මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවිතය අවසන් වුණ ආකාරයයි.

දිනක් අන්‍යාගමිකයන් රැස්වෙලා රහස් සාකච්ඡාවක් පැවැත්තුවා.

“මිත්‍රවරුනි, ශ්‍රමණ ගෞතමයන්ටමයි ලාභ සත්කාර ලැබෙන්නේ. පිළිගැනීම තියෙන්නෙත් ඔවුන්ට විතරයි. ඉස්සර අපේ පස්සෙන් ආපු එවුන් දැන් අහක බලාගෙන යනවා. උන්ට අවබෝධ වෙලාලු!”

“ඔහේලා ඔහොම කියෝ කියෝ ඉන්න. අපට මේ තියෙන ටිකත් ඉස්සරහට නැතිවෙලා යාවි. ශ්‍රමණ ගෞතමයන්ටත් ශ්‍රාවකයින්ටත් විරුද්ධව අපි කොයිතරම් දේවල් කියනවද? බණට ගිහින් අපි කරන්නෙම බනින එකනෙ. ඒත් මුන් යනවනෙ.”

“හරි! තමුසෙලා දන්නවද හේතුව මොකක්ද කියලා…? ඔය පිරිස අතරෙ ඉන්නවා මහාමොග්ගල්ලාන කියලා කෙනෙක්. ඔය පුද්ගලයා තමයි මිනිස්සුන්ව අද්දලා ගන්නේ.”

“ඒ කොහොමද?”

“ඔය පුද්ගලයා දෙව්ලොවට යනවලු! ගිහින් දෙවියන් සමඟ කතාබස් කරනවලු! ඇයි, ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ අපායේ යන්නෙ නැහැලුනේ… ඉතින් මහාමොග්ගල්ලාන මෙහෙ ඇවිදින් කියනවා විස්තර. එතකොට දායකයො තවත් පහදිනවා. නම්ගම්, එහෙ කනබොන දේවල් විතරක් නෙවෙයි එහෙදිත් ධර්මයේ ඉතුරු කොටස අවබෝධ කරනවලු!”

තාපසවරු ඔක්කොම හිනාවෙන්න පටන්ගත්තා.

“මොන සමයංද? ඔය ඔක්කොම ලාභසත්කාර උපද්දවගන්න කියන ගැට…. ඉතින් දැන් අපි මොකද කරන්නේ…?”

“වෙන මොනවා කරන්නද? එක විසඳුමයි තියෙන්නේ…. මොග්ගල්ලානයාව වලපල්ලට යවන්න ඕන.”

ප්‍රධාන තාපසයා කතා කළා.

“අදහස නම් බොහොම අගෙයි! ඒත් කොහොමද එවැනි දෙයක් කරන්නේ?”

“අපි මෙහෙම කරමු. සොරමුලකට ලොකු ගාණක් දෙමු. දීලා වැඬේ භාරදෙමු. උන්දැලා ඉතුරු ටික බලා ගනීවි.”

සියල්ලන්ම මේ යෝජනාවට එකඟ වුණා. දරුණු සොරමුලකට ලොකු මුදලක් දුන්නා.

“එම්බා මිතුරනි, වැඬේ හරියට කෙරෙන්න ඕන. මොග්ගල්ලාන මේ දිනවල වාසය කරන්නේ ඉසිගිලි පව්ව පාමුල ඇති කාලසිලාව මතයි. හැබැයි සම්පූර්ණ ගාණ ගෙවන්නේ වැඬේ කළාට පස්සෙයි.”

ඉතින් කාලසිලා ගල්තලාවෙහි කුටියක අපගේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාවනා සුවයෙන් වැඩසිටියා. ආයුධ සන්නද්ධ පිරිසක් කුටිය වටකොට සිටින බව උන්වහන්සේට භාවනාවෙන් නැගිටින කොටම වැටහුණා.

එතකොට උන්වහන්සේ ඉර්ධිබලයෙන් යතුරු සිදුරෙන් නික්මී වැඩියා. ඒ වතාවේ සොරුන්ට මගහැරුණා.

ආයෙ දවසක් කුටිය වටකළා. ඒ වතාවෙත් උන්වහන්සේ වහළෙ උඩින් වැඩියා. සොරුන්ට ඒ අවස්ථාවත් මගහැරුණා. සොරුන්ගේ කුරුමානම දිගටම පැවතුණා. ආයෙමත් දවසක් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර කුටියේ වැඩසිටිද්දී සොරු වටකළා. උන්වහන්සේ නුවණින් විමසා බැලුවා ඇයි මෙහෙම දෙයක් වෙන්නේ කියලා. සසරේ කරන ලද කර්මයක් විපාක දෙන්නයි යන්නේ. එදා උන්වහන්සේ කොහෙවත් වැඩියේ නෑ. කුටියේ දොර හැරියා. ඇතුළට ගිහින් වාඩිවුණා. ආයුධ සන්නද්ධව පැමිණි සොරු උන්වහන්සේව වටකොට පහර දුන්නා. හිස පැලුවා. අතපය කැපුවා. පපුව තැලුවා. කොටින්ම කියන්නේ මිනිස් සිරුරක් තිබුණාද කියා සොයාගන්නට බැරි තරමටම අපගේ පරමෝත්තම මහාමොග්ගල්ලානයන් වහන්සේගේ සිරුර කුඩුපට්ටම් කළා.

සොරු සෑහීමකට පත්වුණා. ඔවුන් පිටත්ව ගියා. මහාමොග්ගල්ලානයන් වහන්සේ පළවෙනි පොලු පහර හිසට වදිද්දි අධිෂ්ඨානයක් ඇතිකරගත්තා මාගේ ශාස්තෘන් වහන්සේ බැහැනොදැක මං පිරිනිවන් පාන්නේ නෑ කියලා. ඒ අධිෂ්ඨාන බලය නිසාත්, වඩන ලද ඉර්ධිපාද බලය නිසාත් සහල් ඇට තරමට කුඩු කළ ඒ ශරීරය යළි ධ්‍යාන බලයෙන් ප්‍රකෘතිමත් කළා. අහසින් බුදුරජාණන් වහන්සේ වැඩසිටි වේලුවනයට වැඩියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පිරිනිවන් පාන්නයි යන්නේ”

“පින්වත් මොග්ගල්ලාන, ඔබ දැන් පිරිනිවන් පානවාද?”

“එසේය ස්වාමීනී”

“පින්වත් මොග්ගල්ලාන, ඔබ පිරිනිවන් පාන්නේ කොහේද?”

“ස්වාමීනී, ඉසිගිලි පර්වත ප්‍රාන්තයේ කාලසිලා ගල්තලාවේ.”

“මාගේ ළය මඬලින් උපන් දරුව, මට ධර්මය පවසන්න. මෙබඳු වූ ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලොවට අදින් පසු නොලැබෙන්නේය.”

එවිට “එසේය, ස්වාමීනී” කියා මුගලන් මහරහතන් වහන්සේ අනේක වූ ඉර්ධිප්‍රාතිහාර්ය දක්වමින් අතිමිහිරි ස්වරයෙන් චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට නොපෙනී ගියා. කාලසිලා ගල්තලාවේදී පිරිනිවන් පා වදාළා.

මේ සිදුවීම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස තුළම මහත් කම්පනයක් ඇතිකළා. අජාසත්ත රජු මහත් කම්පාවට පත්වුණා. දඹදිව් තලය පුරා විසිරී සිටි බෞද්ධ ශ්‍රාවකයන් තුළ මේ සිදුවීම නිසා මහත් කම්පනයක් ඇතිවුණා. රහතන් වහන්සේලා තුළ ධර්ම සංවේගය උපන්නා. අනාගාමී උතුමන් තුළ මහත් සංවේගයක් හටගත්තා. අනෙකුත් ශ්‍රාවකයන් හඬා වැළපුණා.

අජාසත් රජු මිනීමරුවන් සෙවීම පිණිස චරපුරුෂයන් යෙදෙව්වා. දිනක් සුරාසැලක කෝලාහලයක් ඇතිවුණා. ඒ කෝලාහලයේදී ඔවුන් ගහගත්තා. එක හොරෙක් අනිකාට කෑ ගසා කිව්වා,

“ආ…. අද තෝ නේද මගේ මත්වතුර බඳුන බිම දැම්මේ? එදා තෝ තමයි මහාමොග්ගල්ලානයන්ට ඉස්සෙල්ලාම පොලු පහර ගැහැව්වේ….”

“හිටු තෝ අල්ලගන්න…. මං විතරක්ද මැරුවේ…? ඇයි තෝත් පොලු පහර ගැහැව්වේ….”

ඔවුන් අතර ඇතිවූ කෝලාහලයෙන් මිනීමරුවන් හෙළිවුණා. රාජපුරුෂයන්ගේ අත්අඩංගුවට පත්වුණා. එකිනෙකා අහුවුණා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දි මෙය අන්‍යාගමික කුමන්ත්‍රණයක් බව හෙළිවුණා. ඒ
අන්‍යාගමික තාපසයන්වද අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට දඬුවම් ලැබුණා.

භික්ෂූන් වහන්සේලා රැස්ව මේ සිදුවීම පිළිබඳව නිතර කතා කරන්න පටන් ගත්තා.

“අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේට නම් වුණේ සිදු නොවිය යුතු දෙයක්… මෙතරම් මහා ඉර්ධිබලයකින් හිටපු මහෝත්තමයන් වහන්සේගේ අවසාන මොහොත මේ විදිහට වුණේ ඇයි?”

භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ වුණා.

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. අපගේ මහාමොග්ගල්ලානයන්ගේ අවසාන මොහොත සිදුවූ විදිහ හරි මදි තමයි. නමුත් සිදුවෙලා තියෙන්නේ තමන්ගේ කර්මයට අනුරූප දෙයක් නෙව. තමන් විසින්ම ඉස්සර ආත්මයක කරපු දෙයක් ඔය විපාක දුන්නේ.

අතීතයේ බරණැස් නුවර එක පවුලක් හිටියා. අම්මයි, තාත්තයි, පුතයි. ඉතින් මේ පුතා තමයි දෑස් නොපෙනෙන දෙමව්පියන්ව පෝෂණය කළේ. කුඹුරු වැඩකරනවා. හේන් වැඩකරනවා. සහල් කොටනවා. උයනවා. දරපලනවා. වතුර ගේනවා. සෑම දෙයක්ම කළේ මේ පුතා විසිනුයි. දෙමව්පියන්ට මේ ගැන හරි දුකයි.

“අනේ පුතේ… අපට හරි දුකයි. ඔයා තනියම මහන්සි වෙනවා. ඔයාගේ උදව්වට සහකාරියක් ඉන්නවා නම් කොයිතරම් හොඳයිද? අපි හොඳ තැනකින් බලන්නද?”

“ඕන නැහැ අම්මා…. මට බඳින්න අදහසක් නැහැ. මං දෙමව්පියො ඉන්නකම්ම උපස්ථාන කරනවා. මට ඒකෙන් යහපතක් වෙනවා.”

මෙහෙම කියද්දි පවා මව්පියන් දරුවාගේ අදහසට කන් දුන්නේ නෑ. දරුවා අකමැති වෙද්දි, කසාදයක් වුවමනා නෑ කියද්දි බලෙන් වගේ ගෑණු ළමයෙකුව බන්දලා දුන්නා.

ටික දවසක් යනතුරු ලේලිය අර මව්පියන්ට උපස්ථාන කළා. ටිකෙන් ටික ගැටුම් ඇතිවුණා. එවිට සැමියා සමඟත් රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. මව්පියන්ට සැළකීම අත්හැරියා. සැමියා පිට ගිය විට අර ලේලිය අමුතු දෙයක් කරනවා. තැන් තැන්වල කුණුරොඩු දානවා. රෙදි අවුස්සලා දානවා. ගේ පුරා හැඩි කරනවා. සැමියා එද්දි අඬාගෙන එළියට යනවා. ගිහින් ගෙට ගොඩවෙන්න කලින් නෝක්කඩු කියනවා.

“බලන්න අනේ…. මං ඔයාට කොච්චර කිව්වාද? මට තවදුරටත් නාකි අන්ධ ජෝඩුවක් සමඟ මේ අපායේ ජීවත් වෙන්න බෑ…. බලන්න මගෙන් පළිගන්න හැටි…! ඔයා ලවා මට බන්නවන්න අන්න කරල තියෙන දේවල්… ගෙවල් හැඩිකරලා…. විනාස කරලා…. පැත්ත පලාතෙ යන්න බෑ…. ඔයා බැන්දෙ මාවද? වෙන කාවවත්ද….?”

මේ තරුණයා බොහෝ ඉවසාගෙන හිටියත් මෙවැනි දේවල් දිගින් දිගටම කිරීමෙන් දෙමව්පියන්ව එපා වුණා.

“හරි! එහෙනම් කියන්න දැන්…. මං මොකද කරන්නේ….? මට අපේ දෙමව්පියන් යවන්න තැනකුත් නෑ….. එකගෙදර ඉන්නත් බෑ…. මට පිස්සු වගේ…. මං මොකක්ද ගත යුතු තීරණය…?”

“මොනවා ගන්නද? ඔය නාකි ජෝඩුව කම්මුතු කරනකම් මට නම් නින්ද යන්නෙ නෑ… මං මේ ගෙදරට ආපු දවසෙ ඉඳලා විඳින අපා දුක මං විතරයි දන්නේ…. අනේ…. මට තාමත් මතක් වෙනවා… මාව බඳින්න හොඳ හැඩකාර මිනිහෙක් ආවා…. දෙමව්පියොත් නෑ…. මගේ අවාසනාව… ඒකා මට කැමති වුණේ නෑනෙ.”

“හරි! හරි! ඔයාට කැමති කෙනෙක් දැන් ඉන්නවානේ….”

“මට දැන් ඔයාවත් එපාවෙලා තියෙන්නේ… මට ගෙදර යන්න හිතයි. හැබැයි මං මේ ඔයාට කියන්නේ අවසාන වතාවට…. මහදෙන්නව මගේ දෑසට නොපෙනෙන්න සැළැස්වුවේ නැත්නම් මං නොකියම යනවා….”

“මොකක්ද අනේ මං දැන් කරන්නේ….?”

“මෙච්චරයි…! අපි කැලෑ පාරක යමු. ගිහින් මහදෙන්නව මරල දාමු. පාඩුවෙ එමු. එතකොට අපේ ප්‍රශ්නෙ ඉවරයිනේ….”

මේ තරුණයාගේ සිත දැඩිවුණා. මව්පියන්ගේ දර්ශනය පවා දැන් මොහුට පිළිකුල්. කතා කරගත් පරිදි නෑදැ ගමනක් යන්න කියලා පිටත් වුණා. ඔවුන්වද කරත්තයක නංවාගෙන කැලෑබද පාරක ඈතට ගියා.

“තාත්තේ…. අපි කරදරේක වැටෙන්නයි යන්නේ… හොරු රංචුවක් මග ඉන්නවා. තාත්තලාට කරදරයක් කරන එකක් නෑ… දෙන්නගෙම ඇස් පේන්නෙ නෑනෙ… අපි මෙතනින් බහිනවා. අපි ටිකක් හැංගිලා ඉඳලා හොරු මගඇරලා එන්නම්….. කෝ…. තාත්තා එන්න…. ඕං ඔහොම වාඩිවෙන්න. මේන්න මේ රැහැන අල්ලගන්න…. හරි… දැන් භය වෙන්න දෙයක් නෑ… ගොන්නු අඩිපාර දිගේ යාවි. අපි හෙමිහිට එන්නම්” කියලා කරත්තයෙන් බැස්සා. අන්ධ දෙමව්පියන් මේ කිසිවක් නොදැන කරත්තෙ යනවා. හොරුන්ගේ විලාසය ගෙන කටහඬ මාරුකොට මහා සිනහ නගමින් කරත්තයට කඩා පැන්නා.

“අනේ පුතේ… අපට අනතුරක් කරන්න එපා…! අනේ පුතේ… උඹලට අපි වගේ දෙමව්පියො ඇති. අපේ ඇස් පේන්නෙත් නෑ….”

සොරුන්ගෙ වෙස් ගත් මේ පුත්‍රයා සහ බිරිඳ අර දෙදෙනාට එකපිට පහර දුන්නා. ඔවුන් මරණයට පත්වුණා. මේ දෙදෙනා ඒ ජීවිතයේ සතුටින් ගෙව්වත් මරණින් මතු නිරයේ ගොස් අනන්ත අප්‍රමාණ දුක් වින්දා. ගණන් කළ නොහැකි තරම් ආත්මභාව ගණනක් ශරීරය කුඩුපට්ටම් වන සේ මරණයට පත්වුණා.

මේ ආත්මයේදී මාගේ අග්‍රශ්‍රාවකයෙකු වූ සියලු කෙලෙසුන්ගෙන් දුරුවූ සසුන් ගුණයෙන් සෝභමාන වූ මෛත්‍රී පිණ්ඩයක් වැනි වූ ඒ මාගේ දරු වූ මහා මොග්ගල්ලානයන් හට අන්‍යාගමිකයන් හා සොරුන් එකතුව කරන ලද මේ දරුණු ක්‍රියාව මහා බලවත් අපරාධයකි. මෙවැනි අපරාධවලදී එහි විපාක ද දරුණුය කියා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයන් වදාළ සේක.

පින්වතුනේ, මෙයින් පැහැදිලි වන්නේ සසරෙහි ඇති භයානකකම නොවේද? අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ භයානක වූ ඝෝර සසරින් එතෙරට වැඩි සේක. දෙව්ලොවට වැඩම කොට එහි දිව්‍ය යස ඉසුරු පිළිබඳ තොරතුරු මිනිසුන්ට පවසා ඔවුන් පිනෙහි උනන්දු කළ සේක. අප්‍රමාදයෙහි අනුසස් නිතර ඉස්මතු කළ සේක. සිව්වණක් පිරිසට ධර්මයෙහි හැසිරෙන්නට නිරතුරු අනුබල දුන් සේක. අපගේ පරම පූජනීය වූ, ඉර්ධි බලයෙන් අගතැන්පත් මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පා දූවිලිවලට ද අපගේ නමස්කාරය වේවා!

20/06/2026



18/06/2026

ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි" කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.

විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා "බක්‌කුල" ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.

18/06/2026
12/06/2026

ඉස්සර සැවැත් නුවර සතළිස් කෝටියක් ධනයකට හිමිකම් කියන ආනන්ද නම් වූ තද මසුරු සියුවරයෙක් සිටියා. ඔහුට සිටියා මූලසිරි නම් පුතෙක්.

ඔහු සති දෙකකට වරක් නෑයන් රැස් කරවා නෑයන්ට ද, මූලසිරි නම් වූ තම පුත්‍ර‍යාට දවසට තුන් වරක් ද මෙසේ අවවාද කරයි.

"මේ සතළිස් කෝටියක් ධනය බොහෝ ධනයක් ලෙස සිතන්න එපා.පවතින ධනය කිසිවකුටත් ලබා නොදිය යුතුය. අලුත් අලුත් ධනය නිපදවිය යුතුය. එක කහවණුවක් මුත් වියදම් කිරීමෙන් ධනය අඩු වන්නේ ය."

“අඤ්ජනානං ඛයං දිස්වා - උපචිකානඤ්ච ආචයං
මධුනඤ්ච සමාහාරං - පණ්ඩිතෝ ඝරමාවසේ.”

“වරකට ඉතා ස්වල්පයක් බැගින් කූරකින් ගෙන ඇස ගල්වන අඳුන්වල කලකින් ක්ෂය වීම ද, ඉතා ස්වල්පය බැගින් ගෙනවුන් කරන වේයන් ගේ තුඹස් බැඳීම ද, මීමැස්සන් සේ පැණි රැස් කිරීම ද බලා ආදර්ශයට ගෙන නුවණැත්තේ ගෘහයෙහි වසන්නේය” යනුයි.

මෙසේ සියල්ලන්ටම මසුරු වනු පිණිස අනුශාසනා කරන්නා වූ ආනන්ද සිටුවරයා , තමා ගේ මහා ධනය තමාගෙන් පසුව තම පුත්‍ර‍යාට ද නොදී මිය ගොස් , සැවැත් නුවර සමීපයේ සැඩොල් ගමක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේය.

රජතුමා ඔහුගේ ක්‍රියාව අසා මූලසිරිට සිටු තනතුර ලබා දුන්නා. ඒ සැඩොල් ගමෙහි පවුල් දහසක් තිබුනා. ඒ සියල්ලෝ ම එකට කර්මාන්ත කරමින් ජීවත් වුණා.

ආනන්ද සිටුවරයා සැඩොලියගේ කුසට පැමිණි දා පටන් ඔවුන්ට ඒ කාලය පසු කර ගැනීමට සහල් මිටක පමණක්වත් දෙයක් නොලැබුනි. පසු ව ඔවුහු අප දැන් බොහෝ වැඩ කලද කිසිවක් නො ලැබෙන්නේ අප අතර කාලකණ්ණියකු සිටින නිසා විය යුතු යයි සිතා එකිනෙකා වෙන් වෙන්ව ජීවත් වන්න පටන් ගත්තා. මෙසේ ඔවුහු නැවත නැවත වෙන් වී අන්තිමේ දී ආනන්ද සිටුවරයා පිළිසිඳ ගත් පවුල ද වෙන් වුණා. ඒ අඹු සැමි යුවලද වෙන් විය.

ආනන්ද සිටුවරයාගේ මව ජීවත් වීමට තරම් වූ ආහාර ද ඉතා දුකසේ සිඟමන් යදිමින් ජීවත් ව දරුවා වැදුවා ය. ඔහුගේ අත් පා කන් නාසාදි එක ම අවයවයක්වත් සුදුසු පරිදි නො පිහිටියේ ය. අංග විකලත්වයෙන් යුක්ත වූ ඒ දරුවා පංසුපිසාචයකු වැනි විය.

කුසේ දරා සිටි දරුවා ගැන මව්වරුන්ගේ ප්‍රේමය ඉතා අධික බැවින් පංසු පිසාචයකු වැනි වූ ද ඒ දරුවා ඈ පෝෂණය කළාය. ඇයට ඒ කාලකණ්ණි දරුවා සමග යන දිනවල කිසිවක් නො ලැබෙන්නේය. දරුවා තබා යන දිනවල දී බත්, වැටුප් ලැබෙන්නේ ය.

ඇය ඒ දරුවාට සිගමන් යා හැකි තරමට වැඩෙන තෙක් ඉතා දුකසේ පෝෂණය කොට “දරුව, නුඹ නිසා මම බොහෝ දුක් වින්දෙමි. හැමදාම මෙසේ මා විසින් දුක් විඳිය නො හැකිය. මේ නගරයෙහි දුගී මගී යාචකයන්ට බත් දෙන තැන් ඇත. නුඹ ඒ තැන්වලට ගොස් සිඟා කා ජීවත්වන්න ”යි කියා දරුවා බැහැර කළාය.

ඔහු සැවැත් නුවර ගෙයින් ගෙට සිඟ සිඟා යන විට ආනන්ද සිටුතුමා තමා ජීවත් වූ ගෙය සමීපයට පැමිණි විට පූර්ව ආත්මභාවය සිහි වී තමාගේ ගෙට ගියේය. පළමුවන දෙවන තුන්වන දොරටුහල්වල රැකවල් ගෙන සිටි මිනිසුන් ගැන කිසිදු සැලකීමක් නො කොට ඔහු සතර වන දොරටුහල දක්වා ගියේ ය.

එහිදී මූලසිරිගේ දරුවෝ පංසුපිසාචයකු වැනි වූ විරූප ඔහු දැක බිය වී හඬන්නට වූහ. එවිට එහි විටි මුරකරුවෝ “මේ කාලකණ්ණියා මෙහි කුමට ආවාද ”යැයි කියා පහර දී කසළගොඩකට ඇද දැමූහ. එදින බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ හා පිඩු සිඟා වඩනා විට මේ ප්‍ර‍වෘත්තිය ආනන්ද හාමුදුරුවන්ට කී සේක.

එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට මූලසිරි කැඳවූහ. මහජනයා ද රැස් වූහ. බුදුරජාණන් වහන්සේ මූලසිරි අමතා, “නුඹ මොහු හඳුනන්නෙහිදැ”යි අසා “ හදුනන්නේ නැතැයි ”යි කී විට, නුඹේ පියා වූ ආනන්ද සිටාණෝ යයි වදාරා. ඔහු එය පිළිනොගන්නා විට ආනන්ද සිටුවරයා ලවා පඤ්චමහා නිධානය ඇති තැන් මූලසිරිට කියවා විශ්වාස කරවූ සේක. එකල්හි මූලසිරි බුදුන් කෙරෙහි පැහැදී බුදුහිමියන් සරණ ගියේය.

එතැන්හිදී බුදුරජාණන් වහන්සේ:

“පුත්තාමත්ථි ධනම්මත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථී
කුතෝ පුත්තා කුතෝ ධනං”

යනුවෙන් බාලයා මාහට පුත්‍රයෝ ඇත. ධනය ඇත කියා දුක් වෙයි. තමා ද තමාට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද? මෙසේ දහම් දෙසූ සේක. ඒ දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වූයේ ය.

සාමාන්‍ය මාත්සර්‍ය්‍යයට වඩා අධික වූ මාත්සර්‍ය්‍යකුදු වෙයි. එයට කදරිය ය යි කියනු ලැබේ. එයින් සිත අතිශයින් ම කිළිටි කරයි. කදරියයෙන් කිලිටි වූ සිත් ඇත්තේ තමා දන් දෙනු තබා අනුන් දෙනවාට ද කැමති නො වෙයි. අසදෘශ දානය ගැන සිත දූෂ්‍ය කර ගැනීමෙන් රටින් නෙරපනු ලැබූ කාල නම් ඇමතියා මෙන් අනුන් දෙනු දුටු කල්හි ද සිත දූෂ්‍ය කර ගනී. ආනන්ද සිටු මෙන් අනුන් දෙනු වළක්වන්නට අනුශාසනා කරයි. සමහර විට දෙන්නවුන් රෙහි කිපෙයි.

සමහර විට ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි කිපෙයි. සමහර විට දායකයන්ට ආක්‍රෝශ ද කෙරෙයි. සමහරවිට ප්‍ර‍තිග්‍රාහකයන්ට ආක්‍රෝශ කෙරෙයි. පීඩා ද කරයි. මේ කදරියය බලවත් පාපයකි. එහි විපාක ඉතා දරුණු ය.

Address

Dunagaha Road, Aluthapola
Wegowwa

Website

Alerts

Be the first to know and let us send you an email when Aluthapola Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share