Sri Shanthiyarama Purana Bodhimalu Viharaya

Sri Shanthiyarama Purana Bodhimalu Viharaya Buddhist Temple

හැම විටම යහපත් පුරවැසියෙක් බිහි වන්නේ දහම්  පාසලෙනි 🙏🌹
28/12/2025

හැම විටම යහපත් පුරවැසියෙක් බිහි වන්නේ දහම් පාසලෙනි 🙏🌹

🙏🙏🙏
26/12/2025

🙏🙏🙏

10/06/2025
25/02/2025
15/02/2025
15/02/2025

මළවුන් උදෙසා දෙන දාන අසවල් දිනවල දිය යුතුය කියා නියමයක් බුදු දහමෙහි නැත. දෙන තැනැත්තා කැමති දිනයක එය කළ හැකි ය.

මිය ගිය තැනැත්තා පින් ගන්නා තැනක ඉපිද සිටිනවා නම් කෙදිනක දන් දී පින් දුන්නත් ඒ පින මිය ගිය තැනැත්තාට ලැබෙන්නේ ය. පින් දීම පින් ගැනීම සම්බන්ධයෙන් එය කරන දිනයේ සැටියට සිදුවන වෙනසක් නැත.
සත්වන දිනය, පන්සාළිස් වන දිනය, තුන්මස පිරෙන දිනය, අවුරුද්ද පිරෙන දිනය යන මේවා මළවුන් උදෙසා දන් දෙන පින් කරන දවස් සැටියට ජන සම්මුතියක් ඇත්තේ ය. ඒවා බුදුන් වහන්සේ ගේ නියමයන් නො වේ. සත්වන දිනය මළවුන් උදෙසා දන් දෙන දිනය ලෙස විශේෂයෙන් ම සම්මත ය. තමන් ගේ නෑයකු මළහොත් අනික් දිනවල දී දන් දීමක් නො කළත් නො වරදවා ම සියලු ම බෞද්ධයෝ සත්වන දිනයේ දානයක් දෙති.

සත්වන දිනය ගැන ඇති මේ විශේෂ සැලකිල්ල යම් කිසි වැරදි හැඟීමක් නිසා පුරුදු වූවක් වන්නට බැරි නැත. “මළ තැනැත්තා ගේ ප්‍රාණය නැතහොත් ආත්මය සතියක් ම ගෙදර සිට සත්වන දිනයේ යම්කිසි තැනකට යන්නේ ය” යන ගැමි කතාවක් ඇත්තේ ය.

ඒ කතාව අන්‍යාගම්වලින් බෞද්ධයන් අතරට පැමිණියක් විය හැකි ය. එය විශ්වාස කළ අය සත්වන දිනයේ දී පින් ගෙන මළ තැනැත්තාට සුගතියට යා හැකි වනු පිණිස සත්වන දින දානය ආරම්භ කරන්නට ඇතය යි ද සිතිය හැකි ය.

ථෙරවාද බුද්ධාගමේ සැටියට කිය යුත්තේ අතර කොහිවත් මොහොතකුදු නැවතීමක් නැතිව මැරෙන අය මරණයට අනතුරුව කර්‍මානුරූපව කොතැනක හෝ උපදින බව ය.

මහායාන බෞද්ධ පොත්වල අන්තර භවයක් ඇති බව කියයි. මරණයට පැමිණීම් වශයෙන් වර්‍තමාන ශරීරයෙන් පහවූ ආත්මය කර්‍මානුරූපව ඉපදීමට තැනක් සොයමින් එක්තරා කාලයක් පවත්නේ ය. ඒ කාලය තුළ පවත්නා ආත්මය “අන්තර භවය” යි මහායානිකයෝ පිළිගනිති. අන්තරාභවයේ කාලය සතියක් සැටියට ගැනීමෙන් සත්වන දින දන් දීම ආරම්භ වීය යි සිතන්නට ද ඉඩ ඇත්තේ ය. කිනම් කරුණක් නිසා පටන් ගත්තත් සත්වන දින දානයක් දීමෙන් වන වරදක් නම් නැත. මතක දානය සත්වන දිනයට කලින් හෝ පසුව දීමෙන් ද වන වරදක් නැත.

මරණයක් සිදු වූ අලුත ඒ ස්ථානයේ රෝගබීජ ඉතිරි වී තිබිය හැකි ය. එබඳු තැන්වලට ජනයා රැස්කොට දන් දුන්නා ම අන්‍යයන්ට ඒ රෝගය වැළ‍ඳෙන්නට ඉඩ ඇත්තේ ය. දින පසු කොට දන් දීම වඩාත් යහපත් බව කිය යුතු ය.

මළවුන් උදෙසා දන්දීමට ජනසම්මත දින නො මැති නම් ඒවා නො කෙරී අතපසු වී යාමටත් ඉඩ ඇත්තේ ය.

එබැවින් දන් දීමේ දින නියමය ආගමේ නියමයක් නො වූව ද ඒ නියමය තිබීම යහපත් බව කිය යුතු ය.

______________________________________

(අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයෙන්)

Address

Shanthi Road
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Shanthiyarama Purana Bodhimalu Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share