Miyugunarama rajamahaviharaya

Miyugunarama rajamahaviharaya Miyugunu wehera dewanampiyathissa rajjasamayata ayathya

26/08/2019

🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 21 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04

4.දිව්‍යමය මාණික්‍ය රත්නය.

අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත හැරුනා. මෙසේ පහළ වන සත් රුවන් අතර සතරවැනි රුවන් තමයි දිව්‍යමය මාණික්‍ය රත්නය. මාණික්‍යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන ආලෝකය විහිදෙන මැණිකක්. මුළු මහත් රාජධානියම රාත්‍රියට හිරුමෙන් අලෝකවත් කරන්නත් එයට පුළුවන්. රියන් හතරක් පමණ විශාල දෙකළවර පියුම් කෙමියෙක කෙළවර මෙන් වෙළෙන ලද පිරිසිදු මුතු කලාපවලින් රන් පියුමෙන් අලංකාර කළ අසූහාර දහසක් මැණික් පිරිවරද සහිත තරු පිරුවරු සඳ මෙන් බබළන මහා මිණිරුවණක් වේපුල්ල පර්වතයෙන් මතුව එනු ලබනවා. මෙම මාණික්‍යය රත්නය උණ ලි ආධාරයෙන් රියන් හැටක් පමණ එසවීමෙන් රාත්‍රී භාගයෙහි හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි එලිය පැතිරෙනවා. හරියටම මෙකල රාත්‍රී ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගන එළිය කරනවා වගේ. ක්‍රීඩාංගන එලිය කරන්නේ අධි බලැති විදිලි බුබුලු දහස් ගණනකින්. මෙය එක් මැණිකකින්. එකයි දිව්‍යමය මාණික්ක රත්නයක් කියන්නේ. එය හිරු නැගි කලක් මෙන් ප්‍රභාශ්වරයි. එයින් ගොවියෝ කෘෂිකර්මය, වෙළෙන්දෝ ආපන වැඩ සහ වෙළදාම, ඒ ඒ ශිල්පින් ඒ ඒ කර්මාන්වල යෙදෙන්නේ හරියටම දහවල දී වාගේමයි. අපේ බුදුහාමුදුරුවන්ට බෝසත්වියේදී මේ සියල්ලම පහළ වුනා පමණක් නෙවෙයි ඔබ අප වෙනුවෙන් ඒ සියල්ලමත් අත්හරිනු ලැබුවා.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-06-2019
මතු සම්බන්ධයි

14/03/2017
24/02/2016
කොළඔගම මියුගුණාරාම රජමහා විහාරයේ අලුතින් ඉදිකල බුදුපිලිම වහන්සේ.
19/11/2015

කොළඔගම මියුගුණාරාම රජමහා විහාරයේ අලුතින් ඉදිකල බුදුපිලිම වහන්සේ.

Address

Kolambagama Kanaththewewa
Wariyapola
094

Alerts

Be the first to know and let us send you an email when Miyugunarama rajamahaviharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share