27/03/2023
තෙරුවන් සරණයි!
සමස්ථ ත්‍රිපිටකයම පටිගත කර සංරක්ෂණය කරතැබීමේ කර්තව්‍යය සඳහා කැමති පින්වතුන් ඒකාත්මී වන්න.
එම වැඩ පිළිවෙළ තුල
1 පටිගතකිරීම
2 සංස්කරණය
3 දත්ත ගබඩා කිරීම
වශයෙන් පියවර 3ක් තිබේ.
මෙහි පටිගතකිරීම සංස්කරණය එක වර කිරීම සඳහා multi Camera live recording setup එකක් සකස් කල යුතුය. එමගින් දෛනිකව පටිගතකිරීම් කලහැකි ප්‍රමාණය වැඩි වන අතර වැඩි දත්ත ධාරිතාවයක් වැය නොවේ.
දෙවැනි පියවර වශයෙන් පටිගතකිරීම් කල දේශනා සංස්කරණය කර Server එකක ආධාරයෙන් ගබඩා කිරීම කල යුතුය.
දැනට මෙම ක්‍රියාවලිය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ මූලික කරගෙන ආරම්භ කර ඇත. 2018 සිට මේ වන විට දේශනා 1000කට වැඩි ප්‍රමාණයක් Hard disk මත ගබඩා කර ඇත. මෙම දේශනා Server එකක ගබඩා කිරීම කලයුතු වන්නේ Hard disk එකක අක්‍රීය වීමක් සිදු වුවහොත් එහි පාඩුව මිල කල නොහැකි නිසාවෙනි.
පූජණීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ 2023 අප්‍රෙල් 1 සිට අවසාන වටය ඉගැන්වීම සඳහා සූදානම් වෙමින් පවති. මෙම වාරය පටිගතකිරීම් කර ගැනීමට පින්වත් දායක දායිකාවන්ගේ සහාය කිණිතුලාගල අරණ්‍ය සේනාසනස්ථ මාධ්‍ය ඒකකය වෙත අවශ්‍යයව ඇත.
පවත්නාවූ ආර්ථික උද්දමනය නිසා ලංකා වාසී සෑම පුරවැසියකුටම මෙම කාල පරිච්ඡේදය අපහසු එකකි.
පූජණීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ සමීපයේ සිට පටිගතකිරීම් කර එම දේශනා සංරක්ෂණය කිරීම සඳහා ම අප උත්සුක වන්නේ පූජණීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේගේ
සම්භාවනීයත්වය, පාරම්පරික ගුරුවරයෙක් වීම, විචාර බුද්ධිය සහ දැණුම පුළුල් පරාසයක් වීම, වසර 15 කට අධික කාලය ඉගැන්වීමේ පළපුරුද්ද, ත්‍රිපිටකය සහ අටුවාව යන දෙකම ඉගැන්වීම, සීලවන්තවූ භික්ෂූන් වහන්සේ නමක්වීම, මහකුඹුක්වැව උත්තරවංස ස්වාමීන්වහන්සේ නාඋයනේ අරිධම්ම අනුනායකාභිධාන ස්වාමීන්වහන්සේ පණ්ඩිත ස්වාමීන්වහන්සේ වැනි යතිවරයං වහන්සේලා සමීපයේ ගුරුහරුකම් ලබාගෙන තිබීම, ගැඹුරු කරුණු මැනවින් පහදා දීමේ හැකියාව වැනි විශාල සුදුසුකම් ප්‍රමාණයක් ඇති නිසාවෙනි.
තෙරුවන් සරණයි !
Kinithulagala Buddhist Media Network.