Waga Parish

Waga Parish Waga Parish belongs to the Archdiocese of Colombo, Sri Lanka.

It consists of 7 communities, namely, Welikanna, Mawalgama, Kadugoda, Neluwaththuduwa, Kandewatta, Wagawatta and Kahahena.

ආගමන සමයේ තුන්වන ඉරිදා පල්ලියේ පියතුමා මේ රෝස පැහැයෙන් සැරසිලා ඉන්නවා ඔබ දකිවී. කතොලික ජනවන්දනාව තුල වර්ණ වලට ඉතාම වැදගත...
11/12/2021

ආගමන සමයේ තුන්වන ඉරිදා පල්ලියේ පියතුමා මේ රෝස පැහැයෙන් සැරසිලා ඉන්නවා ඔබ දකිවී. කතොලික ජනවන්දනාව තුල වර්ණ වලට ඉතාම වැදගත් ස්ථානයක් හිමිවන්නෙ ඒ ඒ වර්ණ වල සැගවී ඇති ඉගැන්වීමේ වැදගත් කම නිසායි. රෝස පැහැය රෝමානු කතොලික ජනවන්දනාවෙ ආගමන සමය තුල අපිට මතක් කරන්නෙ මේ උදාවෙන්නෙ ප්‍රීතිමත් කාලයක් කියලායි. ඒ පණිවිඩය අනිත් කවදාටත් වඩා අද අපිට වටිනවා. ආත්මීක ආනන්දයෙන් පිරුණු සමයක් අපේ ජිවිත වලට අන් කවදාටත් වඩා අවශ්‍ය වෙලා තියන කාලයක් මේ. සමහර විට යම් යම් හේතු නිසා ඔබ අයිති දේවාස්තානය සතුව මෙවැනි ලස්සන රෝස පැහැති පූජා ඇදුම් නැති වෙන්න පුලුවන්. හැබැයි ජේසුගේ ආනන්දයේ සුබ ආරන්චිය හැමදාමත් අප සතුයි.

08/12/2021
05/12/2021
This young Spanish gentleman, in the dangerous days of the Reformation, was making a name for himself as a Professor of ...
03/12/2021

This young Spanish gentleman, in the dangerous days of the Reformation, was making a name for himself as a Professor of Philosophy in the University of Paris, and had seemingly no higher aim, when Saint Ignatius of Loyola won him to heavenly thoughts. After a brief apostolate amongst his countrymen in Rome he was sent by Saint Ignatius to the Indies, where for twelve years he was to wear himself out, bearing the Gospel to Hindostan, to Malacca, and to Japan. Thwarted by the jealousy, covetousness, and carelessness of those who should have helped and encouraged him, neither their opposition nor the difficulties of every sort which he encountered could make him slacken his labors for souls. The vast kingdom of China appealed to his charity, and he was resolved to risk his life to force an entry, when God took him to Himself, and on the 2nd of December, 1552, he died, like Moses, in sight of the land of promise.

First Holy Mass offered at Welikanna Church 28/11/2021
02/12/2021

First Holy Mass offered at Welikanna Church 28/11/2021

27/11/2021

දවසේ සුපුවත 2021 නොවැම්බර් 27
ශු. ලූක් 21: 34 – 36
34 ”ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න. 35 මන්ද, එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේ ය. 36 එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”


26/11/2021

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 26වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ජෝන් බර්ච්මන්ස් මුනිඳුන් ගැන කතා කරමු.

පූජා උදව් දරුවන්ගේ නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ ජෝන් බර්ච්මන්ස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.


25/11/2021

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 25වන දිනට මංගල්‍යය යෙදෙන ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශුද්ධ වූ කැතරීන් මුනිවරිය ගැන කතා කරමු.

හදිසි මරණ වළක්වන නාමසාන්තුවරිය වන, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශුද්ධ වූ කැතරීන් මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.


25/11/2021

දවසේ සුපුවත 2021 නොවැම්බර් 25
ශු.ලූක් 21: 20 – 28

20 ”යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. 21 එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා. 22 මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය. 23 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය. 24 ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.” 25 ”හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය. 26 අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය. 27 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය. 28 මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.


24/11/2021

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 24වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුන් ගැන කතා කරමු.

ඔහු 1795 දී ට්‍රෑන් ඇන් ඩොං ලෙස උපත වියට්නාමයේ දී ලැබීය. ඔහුගේ බව්තීස්මයේ දී ඇන්ඩෘ යන කිතුනු නාමය ගත්තේය. කිතුණුවන්ට එරෙහිව හිංසා පීඩා හටගත් කාලයේදී ඔහුගේ නම ලාක් ලෙස වෙනස් කළ බැවින් ඔහුව අනුස්මරණය කරනු ලබන්නේ ඇන්ඩෘ ඩුන්ග් ලාක් යනුවෙනි.

කතෝලික ආගම වැළඳගෙන පූජකවරයට පත් වූ ඔහු 1820 සිට 1862 දක්වා වියට්නාමයේ දිවි පිදූ 117 දෙනාගෙන් කෙනෙකි. වර්ෂ 1615 දී පෘතුගීසීන් වියට්නාමයට පැමිණීමත් ජේසු නිකායික පියතුමන්ලා හරහා කතෝලික ධර්මය ප්‍රචලිත වන්නට පටන් ගත්තේය. 19 වන ශතවර්ෂයේ අවම වශයෙන් තුන් වතාවක්වත් වියට්නාමය තුළ කිතුණුවන්ට එරෙහිව දරුණු පීඩා දියත් කරන ලදී. 1820න් පසු දශක හය තුළ කතෝලිකයන් 100,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනයට හෝ දැඩි දුෂ්කරතාවන්ට ලක්විය.
1832 දී මිං-මැන්ග් අධිරාජ්‍යයා සියළුම විදේශීය මිෂනාරිවරුන් තහනම් කළ අතර කුරුසියේ ඇණ ගැසීමෙන් වියට්නාම ජාතිකයන් සිය ඇදහිල්ල ප්‍රතික්ෂේපයට ලක්කිරීමට උත්සාහ කළේය.

ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුන් 1839 දෙසැම්බර් 21 වන දින ඝාතනයට ලක්විය.
භාග්‍යවරයට එසවීම 1900 නොවැම්බර් 24 වන දින අති උතුම් Xඓඓඓ වන ලියෝ ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1988 ජුනි 19 වන දින අති උතුම් ඓඓ වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

වියට්නාමයේ දී ප්‍රාණපරිත්‍යාගී වු, ශුද්ධ වූ ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.


24/11/2021

දවසේ සුපුවත 2021 නොවැම්බර් 24
ශු.ලූක් 21: 12 – 19
12 එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. 13 ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. 14 ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. 15 මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. 16 දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. 17 මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. 18 එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. 19 ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”

23/11/2021

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 23වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ කොලුම්බාන් මුනිඳුන් ගැන කතා කරමු.

ලතින් බසින් සුදු පරෙවියා යන කොලුම්බාන් උපත ලැබුවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 540 දී අයර්ලන්තයේ ලයින්ස්ටර් රාජධානියේ කොටසක් වන ලෙන්ස්ටර් නම් කඳුකර ප්‍රදේශයක ය. ඔහු ව්‍යාකරණ, වාග් කලාව, ජ්‍යාමිතිය සහ ශුද්ධ ලියවිල්ල පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකි. පැවිදි ජිවිතයකට යොමු වීමට යොවුන් වියේ පටන් අදහස් කළ ද ගැහැණු ළමුන්ගේ සුන්දරත්වය කෙරෙහි ආකර්ෂණයක් ඇති වූ ඔහු එය පරීක්ෂාවක් බවට තේරුම් ගත්තේය. එම පරීක්ෂාවෙන් බේරීම සඳහා ඔහු කළේ වඩ වඩාත් අධ්‍යාපනය වෙත තම සිත යොමු කිරීමය.

හුදකලාව විසූ මහලු කාන්තාවකගෙන් උපදෙස් ලබා ගත් ඔහු තමන් ජීවත් වූ පරිසරයෙන් මිදී තවදුර අධ්‍යාපනය සඳහා ලෆ් අර්න් හී ක්ලීනිෂ් නගරයේ සිනෙල් නම් තාපසාරාමාධිපතිතුමා ළඟට ගියේය. එතුමන්ගේ උපදෙස් පරිදි ඔහු විසින් ගීතාවලිය පිළිබඳ විචාරණයක් ලියන ලදී.ඉන්පසු ඔහු උතුරු අයර්ලන්තයේ බැන්ගෝර් තාපසාරාමයට යන අතර වයස අවුරුදු 40 වන තෙක් එහි තාපසාරාමාධිපති ලෙස සේවය කළේය.

දෙවියන් වහන්සේ ආබ්‍රහමිට පැවසූ ලෙස, "තම දේශීය සහ තම පියාගේ නිවස අතහැරමා පෙන්වන දේශයට යන්න" යන වචන කෙරෙහි පිහිටා සිටි ඔහු තවත් පැවිද්දන් දොළොස් දෙනකු සමග මහා බ්‍රිතාන්‍ය හරහා ප්‍රංශයට ලඟාවිය. එහිදී ඔහු කතෝලිකයන් ජීවත් වන බව සොයා ගත් නමුත් ඔවුන් එම ඇදහිල්ල තුළ ජීවත් නොවූ බැවින් රට පුරා වසර ගණනාවක් සංචාරය කරමින් ධර්මය දේශනා කළේ ය. ඔහුගේ නිහතමානී සහ දයානුකම්පිත ආදර්ශමත් ජීවිතය නිසා බොහෝ දෙනා නැවත ධර්මය පිළිපදින්නට පටන් ගත්තේය.

එතුමන් තමන් හා දහම් සේවයේ නියුතු අය සමග ඉතා සරල ජීවිතයක් ගත කළේ ගස යට විවේක ගනිමින් ගස් පොතු වර්ග, ඖෂධ පැලෑටි, පළතුරු සහ මිනිසුන් ලබාදෙන දානය වළඳමින් ය. තම සගයින්ගෙන් වෙන්ව හුදකලාව ද කැලයට වැදී එතුමන් භාවනාවෙන් කල් ගත කළේය. වයස්ගත ගතවූ පසුව එතුමන් ට්‍රෙබ්බියා ගං ඉවුර අද්දර තාපසාරාමයට ගියවිට පර්වතයක ගුහාවක් හමු වී එය කන්‍යා මරිය මාතාවන්ට කැප කළ දෙව්මැදුරක් බවට පත් කළේය.එහිදී ඔහු තම අවසන් කාලය යාඥාවෙන් ගත කළ අතර ක්‍රිස්තු වර්ෂ 615 නොවැම්බර් 21 වන දින සගලොව දිනාගත්තේය.

යතුරුපැදිකරුවන්ගේ නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ කොලුම්බාන් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.


Address

Holy Rosary Church
Waga

Website

Alerts

Be the first to know and let us send you an email when Waga Parish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share