Sapumalgaskada Aranya senasanaya සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජ මහා විහාරය

  • Home
  • Sri Lanka
  • Vavuniya
  • Sapumalgaskada Aranya senasanaya සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජ මහා විහාරය

Sapumalgaskada Aranya senasanaya සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජ මහා විහාරය උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ක්‍රි පළමුවැනි සියවසට අයත් පුරාණ පබ්බතාරාම පරිශ්‍රයකි.

භාවනා කුටි සදහා සූර්ය විදුලි බලය ලබා දීම ආරම්භ කරන ලදී,...
27/08/2026

භාවනා කුටි සදහා සූර්ය විදුලි බලය ලබා දීම ආරම්භ කරන ලදී,...

නිරතුරුවම පිං වැඩෙන"  ගරු භාණ්ඩ පුජාව "වවුනියාව අප ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ වැඩවසන මහා සංඝරත්නයේ පරිහරණය වෙනුවෙන් ගර...
27/08/2026

නිරතුරුවම පිං වැඩෙන" ගරු භාණ්ඩ පුජාව "

වවුනියාව අප ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ වැඩවසන මහා සංඝරත්නයේ පරිහරණය වෙනුවෙන් ගරු භාණ්ඩ (ඇඳ ,පුටු,මේස ,කබඩ් ) පුජා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.

එක කුටියකට අවැසි ගරු භාණ්ඩ සදහා වියදම රු 80000 .
කුටි ප්‍රමාණය 18

සුපින්වත් ඔබත් අදම උතුම් පිංකමේ කොටස් කරුවන් වෙන්න .
තෙරුවන් සරණයි .

විමසීම් පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ 0772036151 .

26/08/2026

වවුනියාව බෝගස්වැව ශ්‍රී සාලවනොද්‍යාරාමයේ අභිනව ධර්ම ශාලාව ඉදිකරන අයුරු

25/08/2026
මුලතිව් වැලිඔය අභිනව සංඝාවාසය පුජා කිරීමේ උතුම් පිංකම අගෝස්තු මස 25 වෙනි දින පෙරවරු 9 .00 .රත්නපුර කැන්දලන්ද තේ කර්මාන්ත...
23/08/2026

මුලතිව් වැලිඔය අභිනව සංඝාවාසය පුජා කිරීමේ උතුම් පිංකම අගෝස්තු මස 25 වෙනි දින
පෙරවරු 9 .00 .

රත්නපුර කැන්දලන්ද තේ කර්මාන්ත ශාලාවේ අධිපති සුපින්වත් චන්දන ලියනගේ මැත්තුමන් ඇතුළු පවුලේ සැමගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන්ද ගම්වාසී දායක පිංවතුන්ගේ ශ්‍රම දායකත්වයෙන්ද ඉදිවූ මෙම සංඝාවාසය මහා සංඝරත්නයට පුජා කිරීමේ පිකමට සුපින්වත් ඔබසැමටම ඉතාම ගෞරවයෙන් ආරාධනා .

විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ .

20/08/2026

මනුසත් දෙරණ වැඩසටහන මෙවර වවුනියාව බෝගස්වැව 2 ශ්‍රී සාලවනෝද්‍යාරාම පිංබිමේදි ..

හොරණ සුපින්වත් අනිල් ජයකොඩි මැතිතුමා ඉනෝකා පල්ලියගුරු මැතිණිය.හර්ශ අමිල මහත්මා ප්‍රධාන සුපින්වත් හැම දෙනාම එක්ව පිදූ ඉතා...
20/08/2026

හොරණ සුපින්වත් අනිල් ජයකොඩි මැතිතුමා ඉනෝකා පල්ලියගුරු මැතිණිය.හර්ශ අමිල මහත්මා ප්‍රධාන සුපින්වත් හැම දෙනාම එක්ව පිදූ ඉතාම සුන්දර දානමය පිංකම ...

16/08/2026

සුන්දර හුදෙකලාවේ අසිරිය,.

" ආවාස දානය සියල්ල දුන්  හා සමාන වෙයි "ඉතාලියේ සේවයේ නියුතු සුපින්වත් අරවින්ද විජිත් ගුණවර්ධන මැතිතුමා සහ සමන්ති සිල්වා ...
15/08/2026

" ආවාස දානය සියල්ල දුන් හා සමාන වෙයි "

ඉතාලියේ සේවයේ නියුතු සුපින්වත් අරවින්ද විජිත් ගුණවර්ධන මැතිතුමා සහ සමන්ති සිල්වා මැතිණියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනෙකුගේ ශ්‍රමයෙන් ගොඩනගා සසුනට පිදූ සුන්දර අවාස කුටිය .

වවුනියාව මහා ඝණ වනය මැද සුපිහිටි අප ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ එක් කෙළවරක ඉදිවූ මෙම මනරම් භාවනා කුටිය පසුගිය දිනක මහා සංඝරත්නයට පුජා කිරීම සිදුවිය.

ඉතාම නිස්කලංකව බණ භාවනා කිරීමට හැකි පරිදි අංග සම්පූර්ණව ඉදිකරමින් ගරු භාණ්ඩද සහිතව පුජා කළ මෙම භාවනා කුටිය අප පුදබිමේ වැඩවසන දෙස් විදෙස් ස්වාමීන් වහන්සේලාට අතිශයින්ම ප්‍රයෝජනවත් වනු ඇත ..

මේ උතුම් පිංකම වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ලබා දුන් සුපින්වත් අරවින්ද ගුණවර්ධන මැතිතුමා,සමන්ති සිල්වා මැතිණිය ඇතුළු සැමටත් මේ සදහා ශ්‍රමයෙන් දායක වූ සියළුම පින්වත් පිරිසටත් දැකබලා අනුමෝදන් වන ඔබසැමටමත් උතුම් නිවනින් නිවීම පිණිසම මේ පින හේතූ වාසනා වේවා,...!!

මේ පිංබිම නිර්මාණය කිරීම වෙනුවෙන් දිවා රූ වෙහෙසන සැමටමත් මූල්‍යමය දායකත්වය ලබා දෙන දෙස් විදෙස් සැමටමත් උතුරු කරයේ මෙම ඓතිහාසික පුදබිම් නැවත ගොඩනංවාලීමට ඉඩහසර ලබා දුන් විරෝධාර රණවිරුවන්ටත් ,මියගිය විරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්,ඤාති හිතමිතුරන්ටත් අප ඓතිහාසික පුදබිම ගොඩනංවාලීම පිණිස ආරම්භයේ සිටම උපකාර කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරීය,යුධහමුදාව ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ,පොලිස් දෙපාර්තමේන්තුව ආදී සියළුම රාජ්‍ය නිළධාරින්ටත් නිරතුරුවම උපකාර කරන බෝගස්වැව ජනපදවාසි සැමටමත් ලෝක වාසි සියළුම දෙනාටමත් මේ උතුම් පින නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසමත් ඒකාන්තයෙන් හේතු වේවා,..!!!!

තෙරුවන් සරණයි .

Address

Vavuniya

Telephone

+94774578791

Website

Alerts

Be the first to know and let us send you an email when Sapumalgaskada Aranya senasanaya සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජ මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sapumalgaskada Aranya senasanaya සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජ මහා විහාරය:

Shortcuts

Share