කිතු රාව - Kithu Raawa

Call Directions Website Contact the place of worship

කිතු රාව - Kithu Raawa Roman Catholic
we are with Jesus
not for business

09/09/2026
අපි ආදරය කරන කෙනෙකුට අපහාස කළොත්… අපි කොහොම හැසිරෙමුද?ඔයාගේ හොඳම යාළුවා ගැන හිතන්න.එයා ඔයාට ගොඩාක් ගරු කරන කෙනෙක්. ඔයා ව...
08/09/2026

අපි ආදරය කරන කෙනෙකුට අපහාස කළොත්… අපි කොහොම හැසිරෙමුද?
ඔයාගේ හොඳම යාළුවා ගැන හිතන්න.
එයා ඔයාට ගොඩාක් ගරු කරන කෙනෙක්. ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්. එයාගේ අතින් මොන තරම් වැරදි, අඩුපාඩු සිදු වුණත්, ඔයා ඒ හැම දෙයක්ම ඔයාලගේ යාළුකම වෙනුවෙන් ඉවසලා සමාව දෙනවා.
හැබැයි, දවසක් කවුරුහරි කෙනෙක් ඔයාගේ අම්මා ගැන වැරදි දේවල් ගොඩාක් කියනවා. ඒ දේවල් අහලා, එදා ඉඳන් ඔයාගේ යාළුවා ඔයාගේ අම්මාට කිසිම ගෞරවයක් නැතිව කතා කරන්න පටන් ගන්නවා. හැම තැනම ඔයාගේ අම්මාව අපහාස කරනවා.
හැබැයි ඔයා එක්ක නම් එයා හොඳට ඉන්නවා.
දැන් ඔයා මොකද කරන්නේ?
තවදුරටත් එයාව ඔයාගේ හොඳම යාළුවා කරගෙන ඉන්නවද?
“එයා මට ආදරෙයිනේ… ඒ නිසා මගේ අම්මාට බැන්නත් කමක් නෑ” කියලා නිකන් ඉන්නවද?
නැත්නම් ඔයා එයාට කියයිද,
“ඔයා මට මොන වරද කළත්, මට ඒවා ඉවසන්න පුළුවන්. හැබැයි ඔයා මගේ අම්මාට අපහාස කරන එක මට ඉවසන්න බැහැ. අදින් පස්සේ ඔයාගෙයි මගෙයි යාළුකම මෙතැනින් ඉවරයි. ඔයා මට කොච්චර ගරු කළත්, මගේ අම්මාට අපහාස කරනවා නම් ඒ ගෞරවයෙන් මට වැඩක් නැහැ.”
ඇත්තටම අපි බොහෝ දෙනෙක් එහෙම කරයි නේද?
අපිට ආදරය කරන කෙනෙක් අපේ මෑණියන්ට දැන දැනම අපහාස කරනවා නම්, අපිට ඒක නිකන් බලාගෙන ඉන්න බැහැ.
________________________________________
එහෙනම් ජේසු ගැන මොහොතක් හිතමු.
අපිට වඩා අසීමිත ගැඹුරු ප්රේමයකින් තම මෑණියන්ට ආදරය කළ ජේසුස් වහන්සේ ගැන හිතන්න.
අපිට පුළුවන් අපිට ආදරය කරන කෙනෙකුගේ වැරදි ගොඩාක් ඉවසන්න.
හැබැයි අපේම අම්මාට දැන දැනම අපහාස කරනවා නම්, අපේ හිතට ඒක කොතරම් වේදනාකාරීද?
එහෙනම්, ජේසුස් වහන්සේ තම ආදරණීය මෑණියන් වූ දේව මෑණියන්ට අපහාස කරන අය ගැන කොතරම් වේදනාවෙන් බලනවා ඇද්ද?
අපි සමහර වෙලාවට නොදැනුවත්වම දේව මෑණියන්ට ගෞරව නොකරන වචන කියනවා. එතුමිය ගැන වැරදි දේවල් පුකාශ කරනවා. දේව මෑණියන්ට අපහාස කරන අයගේ වචන පිළිගන්නවා.
එහෙම කරන අතරේ, අපි ජේසුස් වහන්සේට “මම ඔබට ආදරෙයි” කියනවා.
ඒක ගැන අපි මොහොතක් සිතා බලමු.
________________________________________
අපේ පීඩා අතරින් අපි අහන ප්රශ්නය
අපි දේව මෑණියන්ට ගෞරව කරනවා, ජේසුස් වහන්සේට ආදරය කරනවා. ඒත් අපේ ජීවිතයට නොයෙක් පීඩා එනවා.
එතකොට අපි අහනවා,
“ඇයි මටම මෙහෙම වෙන්නේ?”
“දෙවියන් වහන්සේ මාව අතහැරලාද?”
“ජේසු කොහෙද?”
“මම දෙවියන් වහන්සේට ආදරය කරනවා නම් ඇයි මේ තරම් දුක් විඳින්නේ?”
පීඩාවන්, දුක් වේදනා සහ අසරණකම අතරේ අපේ විශ්වාසය දුර්වල වෙන්න පුළුවන්.
අපි කලකිරෙන්න පුළුවන්.
දෙවියන් වහන්සේට දොස් කියන්නත් පුළුවන්.
නමුත් ඒ හැම මොහොතකම අපි මතක තබාගත යුතු දෙයක් තියෙනවා.
අපි අසරණ වෙලා සිටින මොහොතේදී පවා ජේසුස් වහන්සේ අපිව අතහැරලා නැහැ. අපේ අසරණකමට අපේ අතින් මෙනතරම් වැරදි උනත් අපි තවමත් ස්වර්ගරාජ්යට අයිතිය ඇතිබව.
________________________________________
නපුරාගේ උපක්රමය
ක්රිස්තියානි විශ්වාසය තුළ අපි දන්නා දෙයක් තමයි, නපුරාගේ අරමුණ මනුෂ්යයා දෙවියන් වහන්සේගෙන් ඈත් කිරීම බව.
අපි ජේසුස් වහන්සේට ළං වෙන තරමට, අපේ විශ්වාසය දුර්වල කිරීමට විවිධ පරීක්ෂාවන් සහ අභියෝග අපේ ජීවිතයට පැමිණිය හැකියි.
අපි පීඩාවට පත් වූ විට, අපේ අසරණකමෙන් ප්රයෝජන ගැනීමට නපුරා උත්සාහ කරනවා.
අපිව දෙවියන් වහන්සේ ගැන සැක කරන්න පෙළඹවීම, කලකිරීමට පත් කිරීම, විශ්වාසයෙන් ඈත් කිරීම — මේ සියල්ල අපේ ආධ්යාත්මික ජීවිතයට බලපාන්න පුළුවන්.
මෙන්න මේ මොහොත තමා සාතන් උගේ හොදම අයුධයෙන් අපට පහරදෙන්නේ. ඒ තමා
ඌම පහර ගහපු, ඌම අපිට එවපු,
ඒ අපි විදපු පීඩාව අපෙන් ඈත්කරන ආයුධය.
________________________________________
නපුරාගේ දරුණුම ආයුධය…
අපි දුකෙන්, අසරණව, පීඩාවෙන් සිටින මොහොතක කෙනෙක් ඇවිත්,
“මම ඔබේ සියලු කරදර විසඳන්නම්.”
“මම ඔබව සුව කරන්නම්.”
“මම ඔබේ ජීවිතය වෙනස් කරන්නම්.”
කියනවා නම්, අපි ඒ වචනවලට ඉක්මනින් ඇදී යන්න පුළුවන්.
විශේෂයෙන්ම අපි අසරණ වෙලා ඉන්න වෙලාවක.
ඒ පුද්ගලයා පසුපස යන විට අපේ කරදර ටිකෙන් ටික අඩුවෙනවා වගේ දැනෙන්න පුළුවන්.
ලෙඩ රෝග සුව වෙනවා වගේ දැනෙන්න පුළුවන්.
හිතට සැනසීමක් ලැබෙන්න පුළුවන්.
එවිට ඔවුන් කියනවා,
“ස්වාමීන්ගේ නාමයෙන් ඔබ සුව වුණා.”
“අපි ඔබව නැගිට්ටුවා.”
එතකොට අපිට ප්රශ්නයක් තිබිය යුතුයි.
“ඇත්තටම මේ සුවය පැමිණියේ කොහෙන්ද?”
“ජේසුස් වහන්සේගෙන්ද?”
“නැත්නම් මාව වෙනත් මාර්ගයකට ඇදගෙන යන රැවටීමක්ද?”
________________________________________
සාතන්ගේ සහනයේ හා සැනසීමේ රැවටල්ලට හසුවීමේ අවසාන ඵලය…
කෙනෙක් අපේ සියලු පීඩා ඉවත් කරලා දෙනවා වගේ පෙනෙන්න පුළුවන්.
අපිට සුවය ලැබෙනවා.
අපේ ජීවිතයේ වෙනස්කම් ඇති වෙනවා.
අපි ඔහු පසුපස යන්න පටන් ගන්නවා.
එවිට අපිට නොදැනීම අපේ හදවත ඔහුගේ ඉගැන්වීම්වලට බැඳෙන්න පටන් ගන්නවා.
“ඔබ දේව මෑණියන්ව පිළිගන්න එපා.”
“දේව මෑණියන් ගැන විශ්වාස කරන්න එපා.”
“දේව මෑණියන්ට ගෞරව කිරීම අවශ්ය නැහැ.”
වැනි දේ නම්, අපිට ඉතාමත් පරෙස්සම් විය යුතුයි.
මොකද, අපිට ලැබුණු තාවකාලික සැනසීම වෙනුවෙන් අපේ ආධ්යාත්මික ජීවිතය අනතුරේ දාගන්න පුළුවන්.
________________________________________

ඇත්තටම ජේසු අපිට පිහිට වුනාද?

ඇත්තෙන්ම ඔබ වැරදයි. එතනදි සිදුවුනේ නපුරා විසින්ම ඇතිකරපු පීඩාවන් ඌ විසින්ම බොරු දිවැසිවරයා ඉදිරියේ නැවත ඉවත් කරනවා.

එවිට අපි ඒ බොරු දිවැසිවරයා කෙරෙහි පූර්ණ වීශ්වාසයක් ඇතිවෙනවා. අපි ඔහුගේ ඉගැන්වීම් වලට අනුව ජීවත්වෙනවා

අපි දේව අම්මව ප්රතික්ෂෙප කරනවා. නපුරා උගේ දේ කරගන්නවා

________________________________________
බොරු දිවැසිවරයාගේ මාර්ගය
ඇත්තටම සාතන් එහෙම කරන්නේ
අපිව ඒ බොරු දිවැසි වරයා හරහා අපේ ජීවිත කලෙටම අපිව දේව පුත්රභාවයෙන් ඉවත්කරලා තියන්න.
ඒ වගේම ඒ බොරුදිවැසිවරයාගේ ප්රධාන කාර්යය වන්නේත් ඔහු හා සමග යන ඔබටත් මටත් ජේසු අම්මා ගැන බොරු චෝදනා එල්ලකිරීමත්, දේව මැණියන්ගෙන් අපිව ඈත් කිරීමත්
________________________________________
එහෙනම් අපි දේව මෑණියන්ගෙන් ඈත් වුණොත්?
මෙතැනදී අපි අපෙන්ම අහන්න ඕනේ:
“අපි දේව මෑණියන්ගෙන් ඈත් වෙලා, එතුමියට අපහාස කරමින්, ජේසු අම්මා ගැන බොරු චෝදනා විශ්වාස කරමින් ජීවත් වුණොත්, ජේසුස් වහන්සේ අපි ගැන කොහොම බලයිද?”
“අපිට ජේසුස් වහන්සේ ආදරය කරයිද?”
“අපේ වැරදිවලට සමාව දෙයිද?”
“අපිට ස්වර්ග රාජ්යයේ උරුමය ලැබෙයිද?”
________________________________________

ඇත්ටම ඔබතමමත් ජේසු අම්මට අපහදකරමින් බොරු දිවැසිවරුන් පසුපස යනවානම්
ඇත්තටටම අපේ දුර්වලකම් වලදි අපි මේ පායට ඇද වැටෙන්න පුලුවන්
නමුත් මෙතැනදී අපි මතක තබාගත යුතුයි:
ජේසුස් වහන්සේගේ ප්රේමය අපේ වැරදි නිසා අවසන් වන ප්රේමයක් නොවෙයි.
අපි වැටුණත්, අපි වැරදුණත්, අපි උන්වහන්සේගෙන් ඈත් වුණත්, අපි නැවත උන්වහන්සේ වෙත හැරී එන ලෙස උන්වහන්සේ අපට ආරාධනා කරනවා.
ඒ නිසා “මම දේව මෑණියන්ට ගෞරව නොකළ නිසා දැන් ජේසුස් වහන්සේ මට කිසිදා සමාව දෙන්නේ නැහැ” කියා බලාපොරොත්තු නැති කරගත යුතු නැහැ.
ඒ වෙනුවට,
පසුතැවිලි වෙමු.
සත්යය සොයමු.
ජේසුස් වහන්සේ වෙත නැවත හැරෙමු.
දේව මෑණියන්ට ගෞරව කරමු.
________________________________________
අවසානයේ…
ඔයාගේ හොඳම යාළුවා ඔයාට කොච්චර ආදරය කළත්, ඔයාගේ අම්මාට දැන දැනම අපහාස කරනවා නම්, ඔයා ඒක නිකන් බලාගෙන ඉන්නේ නැහැ.
එහෙනම් අපි ජේසුස් වහන්සේට,
“ජේසුනි, මම ඔබට ආදරෙයි.”
කියන අතරේ, උන්වහන්සේ ආදරයෙන් ගෞරව කළ තම මෑණියන්ට අපහාස කරන මාර්ගයක යනවා නම්…
අපි අපේ හදවත ගැන මොහොතක් නතර වී සිතා බැලිය යුතුයි.
අපිට අවශ්ය වන්නේ පීඩාව නැති ජීවිතයක් පමණක්ද?
නැත්නම් පීඩාව තිබුණත් ජේසුස් වහන්සේව අත් නොහැර සිටින ජීවිතයක්ද?
අපිට අවශ්ය වන්නේ තාවකාලික සැනසීමක්ද?
නැත්නම් සදාකාලිකව දෙවියන් වහන්සේ සමඟ සිටීමද?
ඒ නිසා, අපි කිසිම මනුෂ්යයෙකු පසුපස අන්ධ ලෙස නොයමු.
කිසිම ආධ්යාත්මික අත්දැකීමක් පමණක් නිසා සත්යය තීරණය නොකරමු.
ජේසුස් වහන්සේ වෙතම නැවත හැරෙමු.
දේව මෑණියන්ට ගෞරව කරමු.
අපේ විශ්වාසය ආරක්ෂා කරමු.
අපේ දුක තුළදීත්, අපේ කඳුළු අතරදීත්, අපේ අසරණකම තුළදීත් එකම දෙයක් මතක තබාගනිමු:
________________________________________
**“ජේසුනි, මට සියල්ල තේරෙන්නේ නැහැ.
හැබැයි ඔබව අත්හරින්න මට බැහැ.”**
ඒ විශ්වාසය තුළ අපි රැඳී සිටිමු.
ජේසුස් වහන්සේ අපිව අත් නොහරින සේම, අපිත් ජේසුස් වහන්සේව කිසිදා අත් නොහරිමු.

07/09/2026

Happy Birthday දේව මෑණියනි
Happy Birthday...

🌹 **දේව මෑණියන්ගේ උපන් දින මංගල්‍යය** 🌹**සැප්තැම්බර් 08**අපගේ ගැලවුම්කරු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරණීය මෑණියන් ව...
07/09/2026

🌹 **දේව මෑණියන්ගේ උපන් දින මංගල්‍යය** 🌹

**සැප්තැම්බර් 08**

අපගේ ගැලවුම්කරු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරණීය මෑණියන් වන
**කන්‍යා මරිය මෑණියන්ගේ උපන් දින මංගල්‍යය** අද දින බැතියෙන් හා ආදරයෙන් සමරමු. 🙏💙

දෙවිඳුන්ගේ කැමැත්තට නිහතමානීව යටත්ව,
“**ස්වාමීන් වහන්සේගේ සේවිකාව මෙන්න**” යැයි තම ජීවිතය දෙවිඳුන්ට කැප කළ
අපගේ ආදරණීය දේව මෑණියන්,
අපගේ ජීවිත ගමනේදී අප වෙනුවෙන් මැදිහත් වී
අපව තම ආදරණීය මව් සෙනෙහසින් රැකබලා ගන්නා සේක්වා. 🌹

💙 **ආදරණීය දේව මෑණියනි,
ඔබගේ උපන් දින මංගල්‍යයට අපගේ හදපිරි සුබ පැතුම්!** 💙

අපගේ පවුල්වලට සාමයත්,
හදවත්වලට සැනසීමත්,
ජීවිතවලට දෙවිඳුන්ගේ ආශීර්වාදයත්
ලැබෙන ලෙස අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව. 🙏

🌹 **සුබ උපන් දින මංගල්‍යයක් වේවා දේව මෑණියනි!** 🌹

**අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව.**
🙏 *ආමෙන්.*

04/08/2026

භාග්‍යා වන්තවූ ශුද්ධ වූ අනා මුනිශ්වරියනී පාපිවු අප උදේසා අයැදිනු මැනව ❤️

🔴 Breaking News - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කෙරේපාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ...
31/07/2026

🔴 Breaking News - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කෙරේ

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියමකර තිබෙනවා.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් ලබා දුන් බෙදුනු නඩු තීන්දුවක් මතයි.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

එමෙන්ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද අද (31) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා.

17/07/2026

🎶 𝐒𝐈𝐇𝐈𝐍𝐀𝐘𝐀 – සිහිනය | 𝐆𝐫𝐨𝐨𝐯𝐞 & 𝐆𝐥𝐚𝐦 𝐃𝐢𝐧𝐧𝐞𝐫 𝐃𝐚𝐧𝐜𝐞 Live at 𝟐𝟎𝟐𝟔
දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය වන සිහිනය ව්‍යාපෘතිය පිළිබද පුබුදුගම ශාන්ත අන්තෝනි දේවස්ථාන සංඝයභාර පියතුමා වන ගරු මේරියස් ක්‍රිෂාන් පියතුමා සහභාගීවූ දෙරණ සේද මාවත විශේෂ වැඩසටහන

Address

Uswetakeiyawa

Alerts

Be the first to know and let us send you an email when කිතු රාව - Kithu Raawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to කිතු රාව - Kithu Raawa:

Shortcuts

Share