Youth Of Divine Mercy Tudella

Youth Of Divine Mercy Tudella Jesus, I Trust in You.

08/09/2022
08/09/2022

👑❤ලොව ආශිර්වාදලත් කාන්තාව ❤👑
🤗🌹🌺සුභම සුභ උපන්දිනයක් 🎂 වේවා මගේ සුදු ජෙසු අම්මේ 🌺🌹🤗
🌹🌺Happy birthday mama mary🌺🌹

තුඩැල්ල දේවස්ථානයේ තරුණ සමිති විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු වැඩමුලුව සදහා අවු 17-30 අතර අවිවාහක තරුණ ඔබට ඇරයුම් 💫✝️
13/06/2022

තුඩැල්ල දේවස්ථානයේ තරුණ සමිති විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු වැඩමුලුව සදහා අවු 17-30 අතර අවිවාහක තරුණ ඔබට ඇරයුම් 💫✝️

❤ *දේව දයාවේ ඉරුදින* ❤ (24.04.2022)සුවිශේෂය - ශු. ජොහන්‬ ‭20:19-31*ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවි හිමියෙන් මා අනුව එන්න...
24/04/2022

❤ *දේව දයාවේ ඉරුදින* ❤ (24.04.2022)
සුවිශේෂය - ශු. ජොහන්‬ ‭20:19-31

*ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවි හිමියෙන් මා අනුව එන්නේය. සමිදුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය. (ගීතාවලිය 23:6)*

දේව දයාව යනු මුළු මනුෂ්‍ය සංහතියටම අත්‍යවශ්‍යම වන ඔසුවකි..
ඒ ඔසුව නොමැතිව ආත්ම වලට සුවයක් නැත...පැවැත්මක් නැත..
ඒ දයාව නියත ව දිවි හිමියෙන් අප වෙත එන නමුත්, අප ඒ ඔසුවේ වටිනාකම තවමත් අවබෝධ කරගෙන නැහැ නේද!
ඒ ඔසුවේ වටිනාකම අවබෝධ කරගෙන නැති නිසා තමයි අප බොහොමයක් දෙනා ඇතුළාන්ත සාමය අත්දකින්නේ නැත්තේ....
*අප දේව දයාවේ වටිනාකම අවබෝධ කරගෙන එය අත්දකින්නේ කොතරම් දුරකට ද, අන්න එතරම් දුරකට ඇතුළාන්ත සාමය අත්දකිනු ඇත..*

ඒ නිසා තමයි, ජේසුස් වහන්සේ, දයාවේ ලේකම්වරිය වන ශු. ෆවුස්තිනා ට මෙය මතක් කර දුන්නේ👇

*මනුෂ්‍ය වර්ගයා මාගේ දයාව කෙරෙහි විශ්වාසය ඇතිව හැරි එනතුරු සාමයක් නැත* (Diary of St. Faustina, 300)

දේව දයාවේ ඉරුදින වන අද දින දේව දයාව නම් ඔසුව ගැන ගැඹුරින් මෙනෙහි කර, එහි වටිනාකම අවබෝධ කරගන්නට උනන්දු වෙමු.. *නමුත් අද ට පමණක් සීමා නොකර සෑම දිනකම දේව දයාව නම් ඔසුව ගැන මෙනෙහි කරමු.* ඒ ඔසුව අප පානය කරමින් බොහොමයක් දෙනා ට ඒ ඔසුව පොවමු..
මේ ලෝකයේ බෙහෙත් බොහොමයක් ඇත.. *නමුත් දේව දයාව තරම් වටිනා ඔසුවක් මේ විශ්වයේ නැත..*

දේව දයාව නම් ඔසුවෙන් ලැබෙන්නේ,

*දේ* වෝත්තමයාණන් වහන්සේ
*ව* හල්කමින් මුදන පිණිස
*ද* නන් හට දෙන
*යා* ළුකමේ (ආත්මික)
*ව* රප්‍රසාදයයි උතුම්

දේව දයාවේ බැතිය ප්‍රවර්ධනය වෙනුවෙන් මහත් සේ කැපවුණු ශු. දෙවන ජුවාම් පාවුළු විසින් පවසන ලද්දකින් අවසන් කරමි.

*"දෙවියන්වහන්සේගේ දයාව හැරුණු විට, වෙනත් බලාපොරොත්තුවේ උල්පතක්, මනුෂ්‍ය වර්ගයාට නොමැත"*

නොනැවතී තවමත් ඇහෙනඅදටත් හදවතින් විඳවනලෙයින් මේ බිම නැහැවුනයුක්තිය තවම සොයන..පාස්කුවේ කඳුළු විලාපයටඅදට..වසර 03යි
21/04/2022

නොනැවතී තවමත් ඇහෙන
අදටත් හදවතින් විඳවන
ලෙයින් මේ බිම නැහැවුන
යුක්තිය තවම සොයන..

පාස්කුවේ කඳුළු විලාපයට
අදට..
වසර 03යි

අද පාස්කු ඉරුදිනයි.." අන්ධකාරය සදා නිම කර පොළෝ තලයට හිරු උදාවිය....පැසසුම් වේවා...පැසසුම් වේ නිති, තුති වරුසා මැද සැම මු...
17/04/2022

අද පාස්කු ඉරුදිනයි..

" අන්ධකාරය සදා නිම කර පොළෝ තලයට හිරු උදාවිය....පැසසුම් වේවා...පැසසුම් වේ නිති, තුති වරුසා මැද සැම මුව අග දෙවි සමිදුන් පැසසේවා.....!!

ලෝකයේ ආලෝකය වන ක්‍රිස්තුස් වහන්සේ මරණය පරා ජය කළ සේක , සුරදූතයෝ ප්‍රීති වෙත්වා....ඝනදුර දුරු කල අජ බාලකයාණන්ට මහිමය වේවා ..ඔබ සැමට ශ්‍රී සුභ පාස්කු මංගල්‍යයක් වේවා .....!!

පාස්කු ඉරිදාව

තවත් වසරක චතාරික කාලය ඉවර කරලා, පාස්කු කාලය ඉවර කරලා අද පාස්කු ඉරිදා ජේසුගේ උත්ථානය සමරනවා. මේ අවුරුද්දේ වසංගත තත්වය නිසා අපිට පල්ලි යන්න බැරි උනා. නමුත් ඔබ රුපවාහිනිය තුලින් ඒ දේව මෙහෙයන් වලට සම්බන්ධ උනා ඇති. ඇත්තටම මේ දේවල් කළානම් ගොඩක් හොදයි. ඒත් මේ හැම දෙයක්ම සම්පුර්ණ වෙන්න තව දේවල් තුනක් සිද්ධ වෙන්න ඕනි.

ඒවලින් පළවෙනි දේ තමයි අපේ ජීවිතයේ අයිතිය ජේසුස් වහන්සේට භාර දෙන එක. ජේසුස් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන එක. අපි කොච්චර යාච්ඤා කළත්, කොච්චර පල්ලි ගියත් ජේසුට අපේ ජීවිතේ අයිතිය දෙන්නේ නැත්නම්, උන්වහන්සේව සම්පුර්ණයෙන්ම විශ්වාස කරන්නේ නැත්නම් වැඩක් නැහැ.

අනිත් දේ තමයි අපේ වැරදි හරිගස්වගන්න එක. අපි සමහර වෙලාවට වැරදි කරනවා හිතාමතාම. අපි දන්නවා ඒවා වැරදි වැඩ කියල. නමුත් ඒ වැරදි සාධාරණීකරණය කරගෙන එහෙම නැත්නම් ඒවා වැරදි කලාට කමක් නැහැ කියල හිතාගෙන වැරදි කරනවා. ඉතින් මේ දේ අපි නැති කර ගන්න ඕනි. පාපී ජීවිතයෙන් ඈත් වෙන්න ඕනිමයි.

අන්තිම දේ තමයි අනිත් අය ගැන හිතන එක. ඒ කියන්නේ අනිත් අයගේ අවශ්‍යයතා වලදී සංවේදී වෙන එක. උදව් වෙන එක. ඔවුන්ට නපුරු දේ, වැරදි දේ නොකරන එක.

ඉතින් ඇත්තටම ජේසුගේ ආදරය ආශීර්වාදය ලබන්න ඕනිනම් මේ දේවල් වෙන්න ඕනි.

🕯✝️  අද මහ සිකුරාදා දිනයයි 🕯✝️යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි  පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. (ශු.ජුවාම් 15.13...
15/04/2022

🕯✝️ අද මහ සිකුරාදා දිනයයි 🕯✝️

යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. (ශු.ජුවාම් 15.13)

ඉහත සුවිශේෂ පාඨය යථාර්ථයක් බවට පත්කරමින් ජේසුස් වහන්සේ තම ජීවිතය, කුරුසිය මත පූජා කරමින් මුළු මිනිස් සංහතියම පාපයෙන් ගළවා ගැනීම, අද දිනදී අපි සිහිපත් කරමු. හුදෙක් අපගේ පව් නිසාත්, අප දෙවියන් වහන්සේගේ ආදරයෙන් ඈත් වීම නිසාත්, අප දෙවියන් වහන්සේ සමඟ එක් කිරීමට මාර්ගය විවර කර දීමට ජේසුස් වහන්සේ තම දිවි පිදීම සිදු කරනු ලබන සේක. එසේ නම් උන් වහන්සේගේ අමිල ජීවිත යාගයට අප ගෞරවය පුද කරමින් අර්ථයක් ලබා දීමට අද දිනයේ අපි උත්සහ කරමු.

✝️ මහා බ්‍රහස්පතින්දා දිනය අදයි ✝️දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම හා පූජාත්වරය ස්ථාපිත කිරීම ජේසුස් වහන්සේ විසින්...
14/04/2022

✝️ මහා බ්‍රහස්පතින්දා දිනය අදයි ✝️

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම හා පූජාත්වරය ස්ථාපිත කිරීම ජේසුස් වහන්සේ විසින් අද වැනි දිනක සිදුකරන ලදී.

ලෝකප්‍රකට අවසන් රාත්‍රී භෝජනය සිදූවූයේ මෙම දිනයේදීය. එලෙසම නායකයා සේවකයා වියයුතු බව පෙන්වා දෙමින් ජේසුස් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ගේ පාද දෝවනය කලේද අද වැනි දිනකය.

මෙවර චතාරිකයේදී ඔබ ත්යාේජ කරන්නේ මොනවාදැයි හිතා බැලුවාද ?හැම අවුරුද්දකම වාගේ පුරුද්දට පල්ලියට ගිහින් අළු තවරාගැනීමට පමණක...
02/03/2022

මෙවර චතාරිකයේදී ඔබ ත්යාේජ කරන්නේ මොනවාදැයි හිතා බැලුවාද ?

හැම අවුරුද්දකම වාගේ පුරුද්දට පල්ලියට ගිහින් අළු තවරාගැනීමට පමණක් අළු බදාදා දින සීමා නොකර ඇත්තටම අපේ පාපයන්ට සමාව අයැද අළුත් ජීවිතයක් පටන් ගමු. ඔබට එසේ කළ හැකිනම් ඇත්තටම ජේසුගේ ආශිර්වාදය අත්දකින්න පුළුවන් වේවි.

Happy Birthday Rev. Fr. LintonGod bless you! ❤️👏🏻⛪
26/11/2021

Happy Birthday Rev. Fr. Linton
God bless you! ❤️👏🏻⛪

Address

Tudella, Ja Ela
Tudella

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Of Divine Mercy Tudella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Youth Of Divine Mercy Tudella:

Share