Do not be afraid

Directions

Do not be afraid Let us walk with Jesus for we may not lost.

යමෙකු වෙත කරුණාව පෑමට දෙවිඳාණන්ට අවැසි වූ විට, ඔහු වෙනුවෙන් යැදීමට එතුමාණන් වෙනකෙකු පොළඹවන සේක. එම යැදුම් හමුවේ එතුමාණන්...
03/10/2026

යමෙකු වෙත කරුණාව පෑමට දෙවිඳාණන්ට අවැසි වූ විට, ඔහු වෙනුවෙන් යැදීමට එතුමාණන් වෙනකෙකු පොළඹවන සේක. එම යැදුම් හමුවේ එතුමාණන් ඔවුන් දෙපල මතම කරුණාව වගුරුවන සේක.

අතෝස් කන්දේ ශු. සිලෝවන් තුමා

අනෙකාට සමාව දීම මගින් ඔබ ඔබේ සමාව උපදවා ගන්නෙහි ය. කොන්ස්තන්තිනෝපලයෙහි ශු. ජෝන් ක්‍රිසොස්ටොම් තුමා
25/09/2026

අනෙකාට සමාව දීම මගින් ඔබ ඔබේ සමාව උපදවා ගන්නෙහි ය.

කොන්ස්තන්තිනෝපලයෙහි ශු. ජෝන් ක්‍රිසොස්ටොම් තුමා

අප වෙත එන පීඩා/ගැහැට වලට නිර්භයව සහ නිහඬව මුහුණ දෙන විට කිතු තුමන් විඳි දුක්ගාවිනා වලට මඳ වශයෙන් අප ද සහභාගී වේ. ඔප්ටිනා...
14/09/2026

අප වෙත එන පීඩා/ගැහැට වලට නිර්භයව සහ නිහඬව මුහුණ දෙන විට කිතු තුමන් විඳි දුක්ගාවිනා වලට මඳ වශයෙන් අප ද සහභාගී වේ.

ඔප්ටිනා හි ශු. මකාරියොස් තුමා

සියලු දෙයම, මිනිසාට කිතු තුමන්ට ප්‍රේම කිරීමට ය. අනෙක් සියලු ප්‍රශ්න එතුමන් විසින් වගබලා ගනු ලබන්නෙහි ය. කැව්සොකැලිවියාව...
11/09/2026

සියලු දෙයම, මිනිසාට කිතු තුමන්ට ප්‍රේම කිරීමට ය. අනෙක් සියලු ප්‍රශ්න එතුමන් විසින් වගබලා ගනු ලබන්නෙහි ය.

කැව්සොකැලිවියාවේ ශු. පොර්ෆිරියොස් තුමා

දෙවියන් වහන්සේ සමඟ ප්‍රේමයේ ගිලී පැවතීමට අවැසි නම්, ඔබ ඔබේ තරහවේ සහ වෛරයේ උපරිම තීව්‍රතාව වෙත යෑම අත්‍යාවශ්‍ය මෙන් ම ඒවා...
13/08/2026

දෙවියන් වහන්සේ සමඟ ප්‍රේමයේ ගිලී පැවතීමට අවැසි නම්, ඔබ ඔබේ තරහවේ සහ වෛරයේ උපරිම තීව්‍රතාව වෙත යෑම අත්‍යාවශ්‍ය මෙන් ම ඒවා යොමු කල යුත්තේ අනෙකා දෙසට නොව තමාම දෙසට ය. ඒ නම්, ඔබේ උපරිම තරහව සහ වෛරය එල්ල කල යුත්තේ ඔබ තුල ඇති පාපී බව වෙත සහ ඔබ තුල සක්‍රීය නපුර වෙත මිස ඔබේ සහෝදරයා තුල ඇති දෑ වෙත නොවේ.

අතෝස් කන්දේ ශු. සිලෝවන් තුමා

ඔබ මුලු ලෝකයෙන්ම එකම එක පුද්ගලයෙක්ට හෝ වෛර කළොත්, ඔබ එසේ කර ඇත්තේ කිතු තුමන්ට ය. එමෙන් ම ඔබ සිටින්නේ ස්වර්ග රාජ්‍යයෙන් බ...
12/08/2026

ඔබ මුලු ලෝකයෙන්ම එකම එක පුද්ගලයෙක්ට හෝ වෛර කළොත්, ඔබ එසේ කර ඇත්තේ කිතු තුමන්ට ය. එමෙන් ම ඔබ සිටින්නේ ස්වර්ග රාජ්‍යයෙන් බොහෝ ඈත්ව ය.

ජෝර්ජියාවේ ශු.ගව්‍රියෙල් තුමා

මිනිසෙකු තුල ශුද්ධවන්තකම වැඩියෙන් වර්ධනය වෙත්ම, ඔහු තමාගේ ශුද්ධවන්තකම දෙස බැලීම අවම වේ. යමෙකු තමගේ ශුද්ධවන්තකම නිරීක්ෂණය...
28/07/2026

මිනිසෙකු තුල ශුද්ධවන්තකම වැඩියෙන් වර්ධනය වෙත්ම, ඔහු තමාගේ ශුද්ධවන්තකම දෙස බැලීම අවම වේ. යමෙකු තමගේ ශුද්ධවන්තකම නිරීක්ෂණය කරද්දීම එය අතුරුදහන් වේ.

ලෙබනොන් හි ශු. ශාබෙල් තුමා

පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි. ගීතාවලිය 40:4
26/07/2026

පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.

ගීතාවලිය 40:4

සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න. ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න. සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය. එතුමන් හැර...
24/07/2026

සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න. ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න. සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය. එතුමන් හැර වෙන ගැළවුම් කාරයෝ නැත.

උපදේශකයා හෙවත් සිරාක් 24:24

දේව කරුණාව නිසා බුද්ධිය බහුලව ලැබ ඇත්තන් (ඒ ගැන කෘතඥ වී) එම නිසා ඒ ගැන බිය වේවා ! ඒ මන්ද, එබන්දෙකු තමා ගේ විනිශ්චය හමුවේ...
23/07/2026

දේව කරුණාව නිසා බුද්ධිය බහුලව ලැබ ඇත්තන් (ඒ ගැන කෘතඥ වී) එම නිසා ඒ ගැන බිය වේවා ! ඒ මන්ද, එබන්දෙකු තමා ගේ විනිශ්චය හමුවේ වැඩි බරකින් මැන බලනු ලබන හෙයිනි.

ස්වීඩනයේ ශු. බ්‍රිජට් තුමිය

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Do not be afraid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share