Haburugala Aranya Senasanaya

Haburugala Aranya Senasanaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Haburugala Aranya Senasanaya, Buddhist Temple, Suriyawewa.

This is the first forest monastery in Ruhuna, which was started under the guidance of the great Arahant Mittakalaka and It is also home to the largest number of relics in the archeologicaly confirmed

වාර්ශික කඨින මහා පුජොත්සවය -2025සංඝයා උදෙසා සිදුකරන ඖෂධ පුජාව......................................................රුහුණ...
24/10/2025

වාර්ශික කඨින මහා පුජොත්සවය -2025
සංඝයා උදෙසා සිදුකරන ඖෂධ පුජාව......................................................

රුහුණු රට මහානාග රජ දවස මිත්තකාලක මහ රහතන් වහන්සේගෙන් ඇරඹි අප හබුරුගල ශ්‍රී ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරණ්‍ය සේනාසනස්ථ කඨින චීවර පූජෝත්සවයට සමඟාමීව ඒ සඳහා වැඩමවන මහා සංඝරත්නය විශයෙහි සුවිශේෂි වූ ප්‍රත්‍ය පිලිගැන්වීම වසර කිහිපයක් මුලුල්ලෙහි අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත සිදු කරනු ලබන්නේ සෑම වර්ෂයකදීම එකිනෙකට වෙනස් ලෙසෙනි.

එපරිද්දෙන් මේ වර්ශයේදි පූජෝත්සවය සඳහා සහභාගි විමට නියමිත එකසිය විසි නමක් පමන මහා සංඝරත්තනය විශයෙහි ශුලහර තෛලය ඖෂධ පරිෂ්කාර වශයෙන් පූජා කිරිමට සැලසුම් කර ඇත.

ශූලහර තෛලය සියලු කැක්කුම් හා වේදනාවන්ට ක්ෂණික ප්‍රතිචාර දක්වන තෛලයක් වන අතර භික්ෂුන් වහන්සේලා පාගමනින් ගමන් කිරිමෙන් භාවනා පර්‍යංකයෙහි වැඩ සිටිමෙන් ආදියෙන් ඇතිවෙන කැක්කුම් මෙන්ම සෘතු විපර්‍යාසයන් නිසා වා පිත් සෙම් කිපිමෙන් හටගන්නා රෝගයන්ටද මෙම තෛලය මහඟු ඖෂයක් වේ.

මේ සමය තදබල වර්ෂා සමයක් බැවින් වසංගත රෝග පැතිරිමේ අවධානම මෙන්ම සෙම් රෝග පැතිරිමේ අවධානම මතත් විශේෂයෙන්ම වයෝවෘද්ධ වූ භික්ෂූන් වහන්සේලාට මෙය මහත් උපකාර වනු ඇත.

මහාසංඝයා පරිහරණය කරන වාරයක් වාරයක් පාසා පින් රැස් වෙන උතුම් කාල දානයක් වන මේ මහානීය ඖෂධ පූජාවට සහසම්භන්ද වීමට කැමති පින්වතුන් තමන්ට ඇති හැකි පරිද්දෙන් මේ උතුම් පින්කමට සහසම්බන්ද වී තම කුසල් කෙත් අස්වද්දා ගනිත්වා.

▪️ එක් ඖෂධ මංජුසාවක මිල රුපියල් 1200 ක් වන අතර එවැනි මංජුසා 120 ක් සූදානම් කිරීමට නියමිතය.

දාන වස්තූන් භාර ගන්නා සියලුම පින්වතුන්ට කඨින පූජෝත්සවයට සහභාගි වී සියතින්ම පූජා කිරිමේ හැකියාව ඇති බවද සිහිපත් කර සිටිමු.

සියලු විමසිම් -0764291655 / 070 497 4105 -පරිපාලක ස්වාමින් වහන්සේ

ගිණුම් විස්තර -92453699
ගිණුමේ නම -ශ්‍රි ගෞතම සම්බුද්ධ ආරණය සංවර්ධන සභාව
ලංකා බැංකුව (සුරියවැව ශාඛාව )

ගෞතම සම්බුද්ධ මුලස්ථාන ආරණය සේනාසනය .හබුරුගල .සෙවනගල..

🇲🇲  🇱🇰 මියන්මාරය හෙවත් බුරුමයට උපකාර කරමූ....🔴මියන්මාරය හෙවත් බුරුමය යනු අප සහොදර බොදු රාජයයයි..අද ශ්‍රි ලංකාවතුල උතුම් ...
01/04/2025

🇲🇲 🇱🇰 මියන්මාරය හෙවත් බුරුමයට උපකාර කරමූ....

🔴මියන්මාරය හෙවත් බුරුමය යනු අප සහොදර බොදු රාජයයයි..අද ශ්‍රි ලංකාවතුල උතුම් බුද්ධ ශාසනය පවතින්නේද මියන්මාරයට(බුරුමයට ) පින්සිදු වන්නටය...

🔴වසර දෙදහසකට අධිම මිත්‍රත්වයක් හිමි අප සහොදර බොදු රාජය තුල හටගත් භූමිකම්පා නිසා ස්වාමින් වහන්සේ ලා 800කට ආසන්නව අපවත්විය..බොදු අපගේ සහොදර ජනයා දස දහසකට ආසන්නව මියයන ලදි..

🔴සංඝයා දහස් ගනනක් අවතැන්විය..බවුද්ධ ජනයා ලක්ශ ගණනක් අවතැන්ව ඇත..මේ අප සහොදර ජනයා ලංකාවේ ආර්ඨික අර්බුධ පැමිණි සමයේ අපට කල උපකාර අමතක කල නොහැකිය..සුනාමි සමයේ කල උපකාර අමතක කල නොහැකිය...

🔴අප සහොදර රාජයයේ බොදු පිරිස හා මහා සංඝයා උදෙසා අවශය ආධාර එකතු කිරිම අමරපුර රාමඣ්ඣ නිකායික මහා සංඝයාගේ මුලිකත්වයෙන් මේ දිනවල ආරම්භ කර ඇත..

🔴මොණරාගල හබුරුගල සෙවනගල ශ්‍රි ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරණ්‍ය සේනාසනය මගින්ද මේ මානුශිය ආධාර කාල දාන පුජාව සදහා රුපියල් ලක්ශ පහක පමණ මානූශිය ආධාර ලබාදිමට සුදානම් කරමින් පවති...

මේ සදහා හැකි පින්වතුන්

♦️කිරිපිටි වර්ග
♦️ක්ශණික නූල්ඩස්
♦️ලීටර් 05 වතුර බොතල්
♦️බිස්කට් වර්ග
♦️ටින් කෑම
♦️ටින් මාලු
♦️ප්‍රථමාධාර ඖශධ
♦️සබන් වර්ග
♦️දත් බෙහෙත් /බුරුසු
♦️තුවා/බ්ලැන්කට්/බෙඩ්ශිට්

යන ද්‍රවමය ආධාර වලින් හැකි තරමක්
2025.04.07 වන දිනට පෙර ලබාදිමට කටයුතු කරන්න..

🚫අපි අපේ බොදු සහොදර රාජයය වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරමු...

☎️ඔබට ලබාදිය හැකි ආධාර හා උපකාර සම්බන්ධව දැනුවත් කරන්න..

☎️පරිපාලක ස්වාමින් වහන්සේ =0704974105/0764291655/0777560774

🔴පින්වත් ඔබ shere කර හො උපකාර කරන්න..
කලගුණ දත් බොදු ඔබගේ උපකාර අවශය මොහොතයි..

ඒ මාගේ සර්වඥ රාජෝත්මයන් වහන්සේගේ ජින සසුන කරන්නා වූ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා මෙලෙසින් ධර්ම කථික වේ නම් , ඒ අපගේ ජේෂ්...
19/01/2025

ඒ මාගේ සර්වඥ රාජෝත්මයන් වහන්සේගේ ජින සසුන කරන්නා වූ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා මෙලෙසින් ධර්ම කථික වේ නම් , ඒ අපගේ ජේෂ්ඨෝතම සහෝදර වූ ධර්ම කථිකයන් අතරින් අග්‍ර වූ පුණ්ණ මන්තානි පුත්තයන් වහන්සේ , විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍ර වූ කුමාර කාශ්‍යපන් වහන්සේ කෙතරම් දේශනා ප්‍රාතිහාර්‍යක් දක්වන්නට ඇත්තේද ... ස්වාමිනී ... ආශ්‍චර්‍ය වන්නේය .. අත්භූත වන්නේය.

අපගේ ශාස්තෘ වූ ඒ නවාංග ශාස්තෘ සාසනය, ඒ ධර්ම විනය වනාහි ඒකාන්ත වශයෙන්ම නෙර්‍යානිකය සුදේසිතය.

අප කල කුසල්ද අනුමොදන්ව කල්‍යාණමිත්‍ර පින්වත් රාධ ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන කරන්නට ශක්තිය ධෛර්‍ය ලැබේවායි සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරම්හ.

අපගේ ශ්‍රි ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරණ්‍ය සේනාසනය යලි ප්‍රතිනිර්මාණය වන විනයේ හදවත බදුවූ ජාතස්සරණීය ස්වයංජාත විලෙහි පිහිට...
30/12/2024

අපගේ ශ්‍රි ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරණ්‍ය සේනාසනය යලි ප්‍රතිනිර්මාණය වන විනයේ හදවත බදුවූ ජාතස්සරණීය ස්වයංජාත විලෙහි පිහිටි උදකූක්ඛෙප සීමා මාලකය යලී ප්‍රතිනිර්මාණය කිරිමේ පිංකම

විනයො නාම සාසනස්ස ආයු
විනය මේ සාසනයේ ආයුශයයි..විනය ඇතිතාක් මේ සාසානය රැකේ..සාසනට රැකි තාක් මේ බුදු දහම රැකේ...

ඒ අපගේ භාගයවතුන් වහන්සේ වදල 21,000
විනය පිටකය උපන්නාවු තිඹිරිගෙය නම් උපොසථාගාරය හෙවත් සීමා මාලකයයි.

භාගයවතුන් වහන්සේ විසින් සංඝයාට ගිහියාගෙන් හා එකුන් විසි පිරිසෙන් බැහැරව සංඝයාගේ විනය කර්ම සිදුකිරිමට වදාල මහා පින්බිම සිමා මාලකයයි...

සාමණේර භික්ශුවක් බාල රහතුන්ගේ පවා වන්දනයට පවා සුදුසු වූ උතුම් උපසම්පදා සීලයක පිහිටන පින්බිම සීමා මාලකයයි..
සංඝයා කල වරදෙන් නැගිටින පින්බිම සීමා මාලකයයි..සංඝයා සියලුම විනය කර්ම සිදුකරන පින්බිම සීමා මාලකයයි..
සංඝයාගේ සීලය පිරිසිදු කරන පින්බිම සිමා මාලකයයි..

සාමණේර සංඝයා උතුම් ප්‍රකෘතිසඝ පිරිසට අයත් කරනා පින්බිම සීමා මාලකයයි..

භාගයවතුන් වහන්සේ ගේ ශ්‍රී මුවින් වදාල ආණා දේශනා කර්ම වාක්‍යය දේශයෙන් සම්මත වන අහසින් අකනීඨා බඹලොව දක්වාද පොලොවින් පෘථිවි සන්ධහරක ජලය දක්වාද බලය පවතීන අසිම්ත සංඝ බලය හිමි පින්බිම සීමා මාලකයයි...

භාගයවතුන් වහන්සේ ජිවමාන කාලයේ පටන් උතුම් ශ්‍රාවක මහරහතුන් ප්‍රධානව සිමා මාලක හෙවත් උපොසථාගාර ගොඩනගා ඒ තුල සියලු විනය කර්ම සිදුකර ඇත..අදද දඹදිව පුරා ලක්දරණි තලය පුරා එවන් උපොසථාගාර සිය ගණනකට නටඹුන් ඇත..

උපසපන් සංඝයාගේ අම්භහන දල්ලිකර්ම,උපසම්පදා.ආරොචන,නිස,වත්, මානත් ආදි සියලූම විනය කර්ම සිදුකරන්නේ සීමා මාලකය තුලය..

සෑයක් බොධියක් නොතිබුනද සංඝයාගේ ආරාමයන්හි උපොසථාගාරයක් හෙවත් සීමා මාලකයක් ඉදිකිරිම අනිවාර්‍ය බව අටුවාවේ මැනවින් දක්වා ඇත..

මිහිදු මහරහත් වහන්සේ ලක්දිවට වැඩම කොට මුලින්ම සිදුකලේ ලංකා රාජය සීමා මාලකය කොට සුමන සාමණේරයන් වහන්සේ උපසම්පදා කිරිමයි..

ඉන්පසු මහා විහාරයේ සීමා ලකුණුකොට මහා සීමාව සම්මත කිරිමයි,,දුටුගැමුණු රජදවස නවමහල් පායකට ඉදිවූ ලොවාමහාපාය සංඝායාගේ අනුරාධපුර යුගයේ එක් සීමා මාලකයයි..අටමස්තාන වලට අයත් එකම ත්‍රිවිධ චේතියට අයත්නොවන මහා පින්බිම ලොවාමහා පා සීමා මාලකයයි..

ඌව පලාතේ එකම උදකූක්ඛේප සීමා මාලකය වූද
ශ්‍රි වික්‍රම රජදවස ඇරඹි අමරපුර සිරි සුමන මහා නිකාය සතු එකම උදකූක්ඛේප සීමා මාලකයද අප සේනාසනයේ ජාතස්සරණී ස්වයංජාත විලේ පිහිටි සීමා මාලකයයි..

මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රදේශීය ලේඛම් කොට්ඨාශයේ
149/f හබුරුගල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රි ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරණ්‍ය සේනාසනය වූ කලි ලංකාව පුරා (අනුරාධපුර,කහවත්ත ,රත්නපුර,මොණරාගල,නුවරඑළිය,සුරියවැව,බදුල්ල යන ප්‍රාදේශයන්හි ආරණය 10ක් හිමි ශ්‍රි ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සේනාසන සංචිතයේ මුලස්ථාන සේනාසනයයි..ඒ ලක්දිව පුරා විදිදුනු සේනාසන සංචිතයේ ගරු විනය කර්ම සිදුකරන පින්බිම මේ සීමා මාලකයයි..

අමරපුර සිරි සුමන මහා නිකායික ආරණයවාසි සඝ පරපුරේ ශ්‍රි ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සේනාසන සඝ පරපුර හෙවත් පන්නිපිටියේ සුලක්ඛන ලොකු ස්වාමින් වහන්සේ ගේ ශිශයවර උපසපන් සංඝයා 14 නමක් ප්‍රධානව සංඝයා 51 නමක් වැඩ වසන ආරණය සංචිතයේ මුලස්ථානයයි..

පලාතේ වැඩ වසන සුරියවැව සෙවනගල ප්‍රාදේශිය ආරණයවාසි ග්‍රාමවාසි සියලු සංඝයා උපොසථ විනය කර්ම ප්‍රධාන සියලු විනය කර්ම සදහ එක්වන පුණ්‍ය භූමියයි..

මහානාග රජදවස මිත්තකාලක මහරහතන් වහන්සේ වෙත පිදු මේ පින්බිම මහා පරාක්‍රමබාහු රජදවස හාරදහසක් මහරහතන් වහන්සේලා වැඩ සිටි මහා පින්බිමයි..
වර්ථමානයේද අංක 1588 හබුරුගල ආරණය සේනාසන පුරාවිද්‍යා රක්ශිතය ලෙස ගැසට් කල අක්කර 642.4ක් පුරා විහිදුනු පුරාණ නටඹුන් වලින් පිරි රමණීය ආරණය සේනසනයකි..

මේ මහා පින්බිමේ ඉදිකොට තිබු තාවකාලික සීමා මාලකය වසර 05ක් පමණ ගතවන විට දිරාපත් විය..පෙර වු සිමාව වූ කලි

උපොසථ විනය කර්ම -96ක්
අම්ම්භාහන විනය කර්ම -03ක්
කඨින චීවර පැවරිම් 49ක්
මානත් 12ක්
ආරොචන 03
ප්‍රධානව විනය කර්ම සිය ගණනක් සිදුකල උපසම්පදා සංඝයා අටසිය නමකට අධිකව වරින් වර වැඩමකොට විනය කර්ම සිදුකල පිරිසිදු සිලයක පිහිටි සීමා මාලකයයි..

පෙර තිබු සීමා මාලකය ඉවත් කල පසු ගියවර ප්‍රාදේශිය සංඝයා සමග විනය කර්ම සිදුකලේ වලවේ ගගේ තාවකාලික සීමාවන් මතය..
පවාරණය පවා ගගේ ජල මට්ටම අධික විම නිසා තිබු සීමාවෙම ලී අට්ටාල මත මහත් දුක්ඛිතව සිදුකරන ලදි..

එබවින් මේ සීමා මාලකය ඉදිකිරිම ජාති ජාති පින් ලැබෙන කල වරදින් නැගි සිටිය හැකිප්‍රකෘති සීලයේ පිහිටිය හැකි අග්‍රා වු මහා පිනකි..උතුම් නිවණ දක්වා විපාක දෙන මහා ගරු කුසලයකි..කල්ප කොටි ගණනක් පිරිසිදු සිලයක පිහිටන්නට ලැබෙන පිනකි..කඨින චීවර දහසක් පිදුවට වඩා පිනකි..මේ බුද්ධ ශසනයේ ආයුශය දික් කල මහා පිනකි..ඒ හේතුවෙන් දිර්ඝායු ලබන මහා පිනකි..සංඝයා පිරිසිදු කිරිමේ පිනෙන් උපදින ආත්මයක් පාසා පිරිසිදු සිල් ලබන මහා පිනකි..

මේ වනවිට නවසීලන්තයේ පදිංචි පින්වත් මව්තුමියකගේ රුපියල් ලක්ශ අටහාමාරක් හා
කැලිෆෝර්නියාවේ පදිංචි පින්වත් අනොජා මව්තුමියගේ ලක්ශ හයක මුදලින් සැල්බ් එක දැමිම දක්වා කටයුතු සිදුකරගනු යනු ලබයි..

විනයානූකූල ඉවුරු සොධනය කරමින් නිවරදි උපචාර සහිතව නාඋයන යොගාශ්‍රම සංස්ථාව ප්‍රධාන විනයධර සඝ පිරිසේ උපදෙස් හා අධික්ශණය මත සංකර දොශ සහිතව ඉදිකරන විනයේ තිඹිරිගෙය නම් වු විනයේ උල්පත බදුවු බොහො සඝ පිරිසකට උපකාර වන මේ සීමා මාලකය ඉදිකිරිම පිණිස පිනැති සත්පුරුශ ඔබ ශක්ති පමණින් රු 100කින් හො දායක වෙත්වා...

රු 100 කොටස් 60,000කින් පලවන අදියර උදෙසා සත් පුරුශ ඔබටද එක් කොටසකින් හො කොටස් කිහිපයකින් දායක විය හැකිය..

දායක වියහැකි ආකාරය
ගිණුම් අංකය -91069229
ගිණුමේ නම -ශ්‍රි ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සංවර්ධනය සභාව
ලංකා බැංකුව-- සුරියවැව ශාඛාව

දායක විමෙන් පසු රිසිට්පත 0704974105 අංකයට වට්සැප් කරන්න..

සියලු විමසිම් -පරිපාලක ස්වාමින් වහන්සේ 0777560774/0704974105

සත්පුරුශ ඔබ මේ මහානිය පින උදෙසා දායක විමට ශක්තියක් නොමැතිනම් shere කර හො පුණයදානමය පින සිදු කර ගනිත්වා..>>>

පෙර සිදුකල විනය කර්ම ආදිය කමෙන්ට් මගින් දක්වා ඇත..

පින්වත් ඔබට පැමිණ සියතින්ම වැලි,ගල් සිමෙන්ති,මැටල් ආදියද පුජා කල හැකිය..

වාර්ෂික කඨින මහා පුජොත්සවය- 2024ශ්‍රි ගෞතම සම්බුද්ධ මුලස්ථාන ආරණ්‍ය සේනාසනය සර්ව රාත්‍රීක පාලි සිංහල පිරිත් දේශනාව...අපග...
04/11/2024

වාර්ෂික කඨින මහා පුජොත්සවය- 2024
ශ්‍රි ගෞතම සම්බුද්ධ මුලස්ථාන ආරණ්‍ය සේනාසනය
සර්ව රාත්‍රීක පාලි සිංහල පිරිත් දේශනාව...

අපගේ ආරණය සේනාසනයේ වාර්ශිකව සිදුකරන මහා පුණය කර්මයන් අතර කඨින මහා පුජොත්සවය ප්‍රධාන තැනක් ගනු ලබයි..

ඇසළ පුර පසළොස්වක පොහොදින සේනාසනවාසි මහා සංඝයා පොහොය කොට වැසි සලු පිලිගනිමින් වස් ආරාධනා පිලිගත් අතර පසුදින සමාදන් වූ වස් ශික්ශාපද පසුගිය තුන්මස පුරාම ආරක්ශා කර ගන්නා ලදි..සත්ත කරණයෙන් පමණක් බැහැරට වඩිමින් වස් චේදනයෙන් තොරව වැඩ සිට මහා පවාරණයෙන් පවාරණය වු බැවින් මේ මහා පිංකම මේ වර්ශයේද සිදුකරන ලදි..

අපගේ භාග්‍යවතුන් වහන්ස ගේ ශාරිරික ධාතූන් වහන්සේලා තැන්පත් ශ්‍රී සර්වඥ ධාතූ කරඩුන් වහන්සේ හා පිරිත් පොත් සහිත මංජුසාව පෙරටුව මහා සංඝයා පසතුරු නද මැද මලින් සැරසු සොදුරු මණ්ඩප වෙත වැඩම කරන ලදි..

එහිදි උතුම් මහා සංඝයා පුරා තුන් යමක් මුලුල්ලේ රාත්‍රී 9.00සිට පසුදා අලුයම 6.30දක්වා පාලි සිංහල පරිත්‍රාණ ධර්මයන් දේශනා කරන ලදි..

ඉතා අර්ථවත් ලෙස පුරා තුන්‍ යමක් දෙසු උතුම් පරිත්‍රාණ ධර්මයන් සියල්ලොම අනුමෝදන් වේවා....

ශ්‍රී ගෞතම සම්බුද්ධ මුලස්ථාන ආරණය සේනාසනය ,වාර්ශික කඨින මහා පුජොත්සවය -2024සංඝයා උදෙසා සිදුකරන ගරුභාණ්ඩ පුජාව..............
29/10/2024

ශ්‍රී ගෞතම සම්බුද්ධ මුලස්ථාන ආරණය සේනාසනය ,වාර්ශික කඨින මහා පුජොත්සවය -2024
සංඝයා උදෙසා සිදුකරන ගරුභාණ්ඩ පුජාව......................................................

මේ වර්ශයේදි සේනාසනයේ වාර්ශික කඨින මහා පුජොත්සවය 2024.11.02,හා 03 දෙදින සිදුකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇත..

▪️මේ මහානීය වූ පිංකම උදෙසා වැඩම කරනු ලබන පින්වත් ස්වාමින් වහන්සේ ලා 60නම උදෙසා සෑම වර්ශයකම මෙන් මේ වර්ශයේද විශේශිත පිරිකර පුජාවට සියලු කටයුතු සදහා සුදානම් කර ඇත..

මෙවර සංඝයා උදෙසා අප විසින් ගරු භාණ්ඩ ලෙස
🔴ගෑස් කුකර් (ගෑස් ලිප් පුජාව )හා
🔴 අටපිරිකර පුජාව
🔴 ආනන්ද මහරහතන් වහන්සේ ගේ ථෙරාපදානය සහිත ග්‍රන්ථයක්
🔴 රේණුකානේ චන්දවිමල නාහිමිගේ විනය කර්ම පොත යන

පුජාවන් සිදුකිරිමට අදහස් කරගෙන ඇත...

මේ මහානීය වූ පිංකම් මාලාව උදෙසා ගරුභාණ්ඩ සහිත පුජාවන් සදහා රු ලක්ශ හතක මුදලක් වැයවේ...

මේ සදහා පින්කැමති ඔබටත් රු 100කින් හො දායක විය හැකිය..

මේ මහානීය පිංකම උදෙසා
🪷රු 100 කොටස් 7000කින් දායක විමේ හැකියාව පවති..

පිනැති සත්පුරුශ ඔබත් එක් කොටසකින් හො කොටස් කිහිපයකින් දායක වෙත්වා....

අප විසින් පසුගිය කාලයේ ද විහාරස්ථාන උදෙසා විවිධ වු ගරු භාණ්ඩ පුජාවන් සිදුකරන ලදි.. එම පුජාවන් පහල දක්වා ඇත..

පිනැත්තො මේ මහානීය වු පිංකම උදෙසා ශක්ති ප්‍රමාණයෙන් දායක වෙත්වා...

සියලු විමසිම් -0764291655 -පරිපාලක ස්වාමින් වහන්සේ

ගිණුම් විස්තර -92453699
ගිණුමේ නම -ශ්‍රි ගෞතම සම්බුද්ධ ආරණය සංවර්ධන සභාව
ලංකා බැංකුව (සුරියවැව ශාඛාව )

පින්වත් ඔබට එදිනට පැමිණ සියතින් පුජා කිරිමද සිදුකල හැකිය.

මින් පෙර වර්ෂයන්හි සිදු කරන ලද පූජාවෝ පහත සබැදි ඔස්සේ පින්වත් ඔබටත් දැකබලා අනුමෝදන් විය හැක.

▪️රයිස්කුකර් පූජාව (2023)

https://www.facebook.com/share/p/XBtdWmDCmA8QZtkc/

▪️වතුර ටැංකි පූජාව ( 2021)

https://www.facebook.com/share/p/qqBx5TnHBB52nZvb/

https://www.facebook.com/share/p/9iEzPgxMoDgP1aM9/

▪️ගැබනි මරුවන් සඳහා පෝෂණ මලු ලබාදීම

https://www.facebook.com/share/p/CBsyb8CyTVwJ6uW8/

ගෞතම සම්බුද්ධ මුලස්ථාන ආරණය සේනාසනය .හබුරුගල .සෙවනගල..

16/10/2024

ධර්මායතනයක් සදහ තායිලන්ත හා බුරුම ත්‍රිපිටකය කට්ටල 02ක් ගෙන්වා දිය හැකි කෙනෙක් වේ නම් දැනුම් දෙන්න..
ස්වාමින් වහන්සේ -0704974105

ඒකාන්තයෙන්ම රහතන් වහන්සේලා තමයි සුව සේ ඉන්නෙ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. ‘මම වෙමි’යි යන අස්මිමානය මුලින්ම සිඳලයි ඉන්නේ...
23/09/2024

ඒකාන්තයෙන්ම රහතන් වහන්සේලා තමයි සුව සේ ඉන්නෙ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. ‘මම වෙමි’යි යන අස්මිමානය මුලින්ම සිඳලයි ඉන්නේ. මෝහය නැමැති දැල පලා දමලයි ඉන්නේ.

උන්වහන්සේලා තෘෂ්ණා රහිත වූ අරහත්වයට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලාගේ සිත කැළඹෙන්නෙ නෑ. උන්වහන්සේලා ලෝකය සමඟ තැවරෙන්නෙ නෑ. ශ්‍රේෂ්ඨ තත්වයට පත්වෙලයි ඉන්නේ. ආශ්‍රව රහිතවයි ඉන්නේ.

පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධ කරලයි ඉන්නේ. හිරි ඔත්තප්ප ආදී සද්ධර්මයන් හතක් මුල් කරගෙනයි ඉන්නේ. උන්වහන්සේලා ප්‍රශංසාවට සුදුසුයි. සත්පුරුෂයි. බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් පුතණුවන් වහන්සේලායි.

බොජ්ඣංග ධර්ම නම් වූ මාණික්‍ය රත්න හතෙනුත් යුක්තයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මිලයි ඉන්නේ. භයභේරවයන් ප්‍රහීණ වෙලා ඉන්න ඒ මහාවීරයන් වහන්සේලා නිදහස් සිතින් සැරිසරා වඩිනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්මා ඤාණය හා සම්මා විමුක්තිය යන අංග දෙකත් කියන උතුම් අංග දහයෙන් සමන්විතයි. උන්වහන්සේලා මහා හස්ති රාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ.

අසේඛ හෙවත් අරහත් ඤාණය උපදවාගෙනයි ඉන්නේ. අන්තිම සිරුර තමයි මේ දරාගෙන ඉන්නේ. මේ බඹසර වාසයෙහි යම් අරටුවක් ඇද්ද, ඒ අරහත්වය ලබාගෙන අන්‍ය උපකාර රහිතව වාසය කරනවා.

සෙය්‍යමාන ආදී මානයන්ට කම්පනය වෙන්නේ නෑ. පුනර්භවයෙන් මනා කොට නිදහස් වෙලයි ඉන්නේ. අරහත්වය නම් වූ දන්තභූමියට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලා තමයි ලෝකයෙහි මර සෙනඟ පරදවලා ජය අරගෙන ඉන්නේ.

උඩු අතට බැලුවත්, හරස් අතට බැලුවත්, යටට බැලුවත් ඒ කිසි තැනෙක තණ්හාවක් උන්වහන්සේලා තුළ නෑ. උන්වහන්සේලා සීහනාද පතුරන්නේ ‘ලෝකයෙහි බුදුවරයන් වහන්සේලා උත්තරීතරයි’ කියලා.

සාදු! සාදු!! සාදු!!!

‍|සංයුත්ත නිකාය>ඛන්ධක වර්ගය> පඨම අරහන්ත සූත්‍රය

ලක්දිව සියලු ආරණය මේ ලෙස වේවා...අපගේ ශ්‍රී ගවුතම සම්බුද්ධ මුලස්ථාන ආරණය සේනාසනයට ප්‍රවේශවන මාර්ගයේ පලමුව හමුවන්නේ මෙම නා...
19/09/2024

ලක්දිව සියලු ආරණය මේ ලෙස වේවා...

අපගේ ශ්‍රී ගවුතම සම්බුද්ධ මුලස්ථාන ආරණය සේනාසනයට ප්‍රවේශවන මාර්ගයේ පලමුව හමුවන්නේ මෙම නාම පුවරුවයි..
වසර හයකට පමන පෙර ගැසු මේ නාම පුවරුව දකිනවිට ඇතිවන්නේ ඉමහත් ප්‍රීතියකි..

අපගේ යටතේ ලංකාවපුරා ඇති ආරණය සේනාසන දහයක වැඩවසන 16නමක් වු චන්දය හිමි සංඝයාට චන්දය දැමිම සපුරා තතහනම්ය.
දේශපාලනය කිරිම දේශපාලන ආධාර ගැනිම සපුරා තහනම්ය..මේ වෙනතෙක් අපගේ ආරණය සේනාසන සංචිතයේ කිසිදු කටයුත්තකට දේශපාලකයන් ගෙන්වා නැත..ාඅරාධනා නැත..ගෙන්වන්නේද නැත..පැමිණිමද සපුරා තහනම්ය..

මේ තාක් අපගේ ආරණය සේනාසන සංචිතය කිසිදු දේශපාලකයකුට පක්ශව වචනයක් හො දේශනාකර නැත..දේශනා කරන්නේද නැත..

මව පියා ඇතුලු සියල්ලන් අතහැර පැවිද්ද ලද භික්ශුවට කිසිසේත්ම දේශපාලනය අදාල නැත..ජන්දය යනු සතර අගතිවලින් එකකි..

පරපටිබද්දා මේ ජිවිකාති පබ්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතබ්බං..

අනුන්ගෙන් යැපෙන අපහට ,අනුන්දුන් සිදුර පොරවන අපහට ,අනුන්දුන් සෙවණක සිටින අපහට,අනුන්දුන් දානෙන් යැපෙන අප හට සබ්බදුක්ඛ නිස්සරණ යැයි පැවිදි වු අපහට දේශපාලනයක් කුමටද..

භාගයවතුන් වහන්සේ රජසැප රාජය පාලනය අතහැර නෙක්ඛම්මය පැවිදි සුවය විදිසේක.. ඇතැම් අලජ්ජි භික්ශූන් විවිධ භික්ශූ සංවිධාන සකසමින් දේශපාලනයට කඩේයාම කිසිසේත් අනුමතකල නොහැක්කකි...

අඣ්ඣො මේ ආකප්පො කරණියොති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං පැවිද්දා ගිහියාගෙන් වෙන් වු අයෙකු බව පැවිද්දා සිහිකල යුතුය..

වර්ථමාන බොහො පැවිද්දන් පැවිදිබව හැර අන් සියල්ල සිදුකරති..
ගෙවල් හදති..කන්න බොන්න දෙති..පාඨමාලා උගන්වති..රස්සාවල් කරති..වෙදකම් කරති..ජොතිශය කරති..
දේශපාලනය කරති.. ආණ්ඩු පත්කිරිමට යති..ආණ්ඩු පෙරලිමට යති.. පැවිද්ද හැර අන් සියල්ලම සිදුකරති..

මේවාට සම්පුර්ණ වැරදි මහානායක ස්වාමින් වහන්සේ ලාය.. සාසස භාරධාරි මහානායක තනතුරු දරන්නේනම් කොන්දක් පන තිබිය යුතුය..
භික්ශුවට දේශපාලනය තහනම් කල යුතුය..
භික්ශුවට ජන්දය තහනම් කල යුතුය..
භික්ශූවට වෙදකම ,ජොතිශය,යන්ත්‍ර මන්ත්‍ර තහනම් කලයුතුය..
භික්ශුවට රස්සාවල් තහනම් කල යුතුය.
එසේ අකමැති අලජ්ජින් වේ නම් ධර්මාශොක රජදවස මෙන් එවන් භික්ශූන් සිවුරු හැරවා ගිහියන් කල යුතුය..

රට රජෙක් පතනා මේ මොහොතේ අපගේ ප්‍රර්ථනාව නම් විනයට ගරු කරනා වාසියට නොනැමෙන සිව් නිකාය එක නිකායක් කරන
අලජ්ජි භික්ශුන් නෙරපා හරින සඝ රජෙක් බිහිවේවා යන්නයි...

මේ බුදු සසුන බොහොකල් සුරකේවා..
චිරං තිට්ඨතු ලොකස්මිං සම්මා සම්ම්බුද්ධ සාසනං ...

Address

Suriyawewa

Telephone

+94764291655

Website

Alerts

Be the first to know and let us send you an email when Haburugala Aranya Senasanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share