I'M Buddhist

I'M Buddhist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I'M Buddhist, Religious organisation, Weli Para, Thalawathugoda, Sri Jayavardhanapura.

31/05/2026

බුදුන් දැක නිවන් දකින්න
මේ සංසාරේ,..!

🌺🌿තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු චද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං 🌺🌿මියගිය ඤාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස...
30/11/2024

🌺🌿
තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති
සන්ධිසිංඝාටකේසු ච
ද්වාරබාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං ඝරං 🌺🌿

මියගිය ඤාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ තමන් කලින් හිටපු ගෙවල් වලට ආයෙමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තෙත්.. දොර මුල්ලෙත්.. බිත්තිය මුල්ලෙත්.. හතර මං හන්දි වලත්.. ඉන්නවා. 🌸🌿

🌺🌿
පහූතේ අන්නපානම්හි
ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ
න තේසං කෝචි සරති
සත්තානං කම්මපච්චයා 🌺🌿

ගෙවල් වල උදවිය හොඳට කෑම බීම හදාගෙන, කාල බීලා ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නෙ නෑ. 🌸🌿

🌺🌿
ඒවං දදන්ති ඤාතීනං
යේ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලේන
කප්පියං පානභෝජනං 🌺🌿

නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඤාතිවරු සුදුසු කාලෙට කැපසරුප් විදිහට පිරිසිදුව ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඤාතීන්ගේ නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. 🌸🌿

🌺🌿
ඉදං වෝ ඤාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ
තේ ච තත්ථ සමාගන්ත්වා
ඤාතිපේතා සමාගතා 🌺🌿

'අපගේ පරලොව ගිය ඤාතීන්ට මේ පින අයිති වෙත්වා ! ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා !’ කියලා පින් දෙන කොට එතැනට ඒ මිය පරලොව ගිය ඤාති ප්‍රේතයෝ රැස්වෙනවා. 🌸🌿

🌺🌿
පහූතේ අන්නපානම්හි
සක්කච්චං අනුමෝදරේ
චිරං ජීවන්තු නෝ ඤාතී
යේසං හේතු ලභාමසේ
අම්හාකඤ් ච කතා පූජා
දායකා ච අනිප්ඵලා 🌺🌿

හොඳට දන් පැන් පූජා කරලා.. ඒ පින් අනුමෝදන් කරන කොට.. ‘අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා ! ඔවුන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුනා නෙව.. අපටත් පූජාවන් ලැබුනා නෙව..’ කියල ඒ ඤාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වෙන්නෙ නෑ. 🌸🌿

🌺🌿
න හි තත්ථ කසී අත්ථි
ගෝරක්ඛෙත්ථ න විජ්ජති
වණිජ්ජා තාදීසි නත්ථි
හිරඤ්ඤේන කයාක්කයං
ඉතෝ දින්නේන යාපෙන්ති
පේතා කාලකතා තහිං 🌺🌿

ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නෑ.. ගව පාලනයක් නෑ.. වෙළහෙළඳාමකුත් නෑ.. රන් රිදී, මිළ මුදල් ගණුදෙනුවකුත් නෑ.. කළුරිය කරලා ප්‍රේත ලෝකයේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නෙ. 🌸🌿

🌺🌿
උන්නමේ උදකං වට්ඨං
යථා නින්නං පවත්තති
ඒවමේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති 🌺🌿

ඒක උස් බිමකට වැටුන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින් වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ. 🌸🌿

🌺🌿
යථා වාරිවහා පූරා
පරිපූරෙන්ති සාගරං
ඒවමේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති 🌺🌿

ඒ වගේම මහා ගංගා, කුඩා ඇළ දොළ වලින් රැස්වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගෙයි මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින් වලින් තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ. 🌸🌿

🌺🌿
අදාසි මේ අකාසි මේ
ඤාතිමිත්තා සඛා ච මේ
පේතානං දක්ඛිණං දජ්ජා
පුබ්බේ කතමනුස්සරං 🌺🌿

‘ඒ ඤාතීන් ජීවත් වෙලා ඉන්න කාලෙ මට මේ මේ දේවල් දීලා තියෙනවා.. මට මේ මේ උපකාර කරලා තියෙනවා.. මේ අය මගේ ඤාති මිත්‍රයෝ.. මේ අය මගේ යාළුවෝ..’ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කර ගෙන පින් දෙන්න ඕන. 🌸

🌺🌿
න හි රුන්නං ව සෝකෝ
වා යා චඤ්ඤා පරිදේවනා
න තං පේතානමත්ථාය
ඒවං තිට්ඨන්ති ඤාතයෝ 🌺🌿

අඬලා වැඩක් නෑ.. ශෝක වෙලා වැඩක් නෑ.. වෙන වැළපීමක් කරලා වැඩක් නෑ.. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ.. ඒ ඤාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා. 🌸🌿

🌺🌿
අයං ඛෝ දක්ඛිණා
දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා
දීඝරත්තං හිතායස්ස
ඨානසෝ උපකප්පති 🌺🌿

බිම්බිසාර රජතුමනි.. ඔබ අද තමන්ගේ මියගිය ඤාතීන් උදෙසා මේ දානය පූජා කරගත්තා.. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානය යහපත් ලෙස පිනෙහි පිහිටියා.. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිත සුව පිණිස හේතු වෙනවා.. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් ලැබෙනවා. 🌸🌿

🌺🌿
සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ
පේතාන පූජා ච කතා උළාරා
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං
තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකං 🌺🌿

මේක හොඳ ඤාති ධර්මයක්.. හොඳ ආදර්ශයක්.. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා.. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා වෙනවා.. රජතුමනි.. ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවෙන මහත් පිනක් රැස්කර ගත්තා. 🌸🌿


[🌾තිරෝකුඩ්ඩසුත්තං 🌸🌿
[🌾බිත්තියෙන් එහා පැත්ත ගැන වදාළ දෙසුම]
- උපුටා ගැනීමකි.

කර්මය ලොවට සැගවිය හැකිය. එහෙත් හෘදසාක්ෂියට  සැගවිය නොහැක. එමෙන්ම කර්මයෙන් මිදී පළා යා නොහැක. අත්නොහැර එන තම සෙවනැල්ල මෙන...
14/10/2024

කර්මය ලොවට සැගවිය හැකිය.

එහෙත් හෘදසාක්ෂියට සැගවිය නොහැක. එමෙන්ම කර්මයෙන් මිදී පළා යා නොහැක. අත්නොහැර එන තම සෙවනැල්ල මෙන් තමා පසුපසම එයි...

“ සියලු සත්වයෝ ම කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය සැප දුක් වේදනා ගෙනදෙන මූල හේතුව කොට ඇත්තෝ ය. එසේම කර්මය ඥාතිකොට ඇත්තෝ ය. කර්මය පිහිට පිළිසරණ කොට ඇත්තෝ ය.

ඉදින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම් ඔහු විසින් ඒ කලා වූ කර්මයා ගේ විපාකද ඔහුට ම දායාද වන්නේය."

යන ආත්මෝපදේශාත්මක නිර්වාණ ධර්මය කාන්තාවක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිරන්තරයෙන් සිහිකල යුතුය.,”

- තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

දෙවියා අවධානමට ලක්වෙන තවත් අවස්ථාවක් පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා ...
09/11/2023

දෙවියා අවධානමට ලක්වෙන තවත් අවස්ථාවක් පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සප්ත සූර්යගමන සුත‍්‍රයේදී. මෙම සූත‍්‍රය වර්තමානයේ විද්‍යාව හදාරණ පිංවතුන්ලා සැකයෙන් යුතුව බලන සුත‍්‍රයක්. වරක් මෙම සූත‍්‍රයට අනූව, පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින මහපොළව මත යොදුන් 84,000 ක් උසැති මහාමේරු පර්වතය මේ මොහොතේ තිබෙනවාය කියලා.

භික්ෂුව දේශනා කරන කොට විද්‍යාව හදාරණ ඊට නැඹුරු පිංවතුන්ලා පිරිසක් ඉහත කාරණය හාස්‍යයට ලක්කලා. නවීන තාක්ෂණය විසින් සැටලයිට් ආධාරයෙන් මේ මහපොළව ඡායාරූපගත කොටයි තිබෙන්නේ. යොදුන් 84,000 ක් උස කන්දක් තිබෙනවානම් එය සැඟවී තිබෙන්න බැහැයි කියලා, මේ උතුම් ධර්ම කාරණය හාස්‍යයට ලක්කලා. භික්ෂුව ඒ මොහොතේ එම මහත්වරුන්ට ප‍්‍රකාශ කලේ ඔබලා ඔය සිනාවෙන්නේ බුදුරජාණන් වහන්සේටයි, උතුම් ධර්මයටයි කියලා. නමුත් එම සුත‍්‍රය කරුණු සහිතව විග‍්‍රහ කොට පෙන්වන කොට එම පිංවතුන්ලාට නවීන විද්‍යාව අභිබවාගිය සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත් භාවය නුවණින් මෙනෙහි කරන්න ඇතිය කියලා භික්ෂුව විශ්වාස කරනවා. ඉහත සූත‍්‍රයේ සඳහන් කාරණය සිද්ධ වෙන්නේ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී එම ශාසනය අතුරුදහන්ව ගියාට පසුවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාමේරු පර්වතය ගැන. එය මේ මොහොතේ විෂයවන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. මෙහෙම කාලය ගෙවී ගිහින් අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යොදුන් 84,000 ක් උසැති මහාමේරු පර්වතය පෙනෙන්නට පටන් ගන්නවාය කියලා. සම්මා සම්බුද්ධ ඥානයෙන් දේශනා කොට වදාළ, ඉහත කාරණය අපි හේතුඵල ධර්මයන්ට අනූව මෙසේ ගලපාගත යුතුව තිබෙනවා. අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට පෘථිවියේ ඇතිවන උෂ්ණය විසින් හිම දියවෙල මහාමේරු පර්වතය පෙනෙන්නට පටන්ගන්නවා විය යුතුයි.

මේ කාරණය පිංවත් ඔබට මෙහෙම ගලපාගන්න පුළුවන්. ඉන්දියාවේ ගංගා, යමුනා ගංගාවන් පටන් ගන්නා ස්ථානයන් තවම ඉන්දියාව දන්නේ නැහැ. ඒ අය දන්නවා මේ ගංගා හිමාලයෙන් පටන්ගන්නවාය කියලා. නමුත් ඒවායේ ආරම්භක උල්පත ඒ අයට හොයාගන්න බැහැ. එම ප‍්‍රදේශ හිමෙන් වැසිලයි තිබෙන්නේ, අහසයි පොළවයි එක්වෙලා පෙනෙන්නේ, ඒවා අභිරහස් ගුප්ත ප‍්‍රදේශ මනුෂ්‍යයෙකුට එම ප‍්‍රදේශ වලට කිට්ටු වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාමේරු පර්වතය බොහෝම සශ‍්‍රීක කඳුයායකි. එය මහපොළොවෙන් යටට යොදුන් 84,000 ක් තිබෙනවා.

මහපොළොවෙන් ඉහළට යොදුන් 84,000 ක් තිබෙනවා. මහපොළොවෙන් ඉහළට තිබෙන යොදුන් 84,000 දිව්‍යතලවලටම උසයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහාමේරුව සශ‍්‍රීක වනස්පති වෘක්ෂයන්ගෙන්, තෘණ වර්ග වලින් හිම වළසුන්, හිම මුවන් වැනි සතුන්ගෙන් ගහන සුන්දර කඳුවැටියක්ය කියලා. අවුරුදු සියයක් දහසක් වැස්ස නැති නිසාම සියළු තණපත්, ගහකොළ වියළි මුඩු කඳුවැටිය පෙනෙන්නට තිබෙන්නේ. මේ මොහොත වන විට ඉහත මහාමේරු පර්වතය දකින්නට මනුෂ්‍යයෝ මේ ලෝකයේ නැහැ. පෘථිවියේ උෂ්ණත්වය වැඩිවීම නිසා මනුෂ්‍ය ප‍්‍රජාව මැරිලගොස් ඉවරයි. මනුෂ්‍යයා පිපාසය, කුසගින්න, උෂ්ණත්වය නිසාම ද්වේශයෙන්, වෛරයෙන් මිය පරලොව ගොස් ප්‍රේතයින්, බූතයින්, නිරිසත්වයින් ඉඩෝරයට ඔරොත්තුදෙන කෘමීන් වශයෙන් මැරෙමින් ඉපදෙමින් මෙම කාශ්ඨක පරිසරයේ දුක් විඳිනවා.

මෙහෙම වැස්ස නැතිව, තවත් අවුරුදු සියයක් දහසක් ගතවෙන කොට යමෙක් අහස දෙස බැලූවොත් අහසේ ඉරවල් දෙකක් පායලා තිබෙනවා. නමුත් මේ දෙවැනි ඉර දකින්න මනුෂ්‍යයෙක් මේ ලෝකයේ නැහැ. දෙවැනි ඉර පෑයුවට පසුව මහාමේරු පර්වතයේ තිබෙන මහාදිය පාරවල්, මධ්‍යම දිය පාරවල්, කුඩා දිය පාරවල් සියල්ලම සිඳියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සශ‍්‍රීක දිය උල්පත් වලින් ගහනවා තිබු මහාමේරු පර්වතය කාන්තාරයක් වෙනවා.

මෙහෙම තවත් අවරුදු සියක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට අහසේ තුන්වැනි ඉරත් පායනවා. දැන් ඉරවල් තුනයි, තුන්වැනි ඉර පෑයුවට පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙක් මහාමේරුවේ දියඋල්පත් වලින් පෝෂණය වූ පංචමහා ගංගාවන් ගංගා, යමුනා, අචරවති, සරභු, මහි, කියන ගංගාවන් සම්පූර්ණයෙන්ම වැලි තලා මතුවෙන්න සිඳී යනවා කියලා. පංච මහා ගංගාවන් යම් දවසක සිඳී යනවානම් අපේ මහවැලි, කැළණි, වලවේ ගංගා ගැන මොනවා කතා කරන්නද?

මෙහෙම තවත් අවුරුදු සියක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට අහසේ හතරවැනි ඉරත් පායලා තිබෙනවා. දැන් ඉරවල් හතරයි. හතරවැනි ඉර පෑයුවට පසුව පංච මහා විල් සම්පූර්ණයෙන්ම සිඳී යනවා. අනෝතත්තය, රථකාරය, සිංහප‍්‍රාපාතය, මන්දාකිණිය, ෂඞ්දනය කියන පංචමහාවිල් සම්පූර්ණයෙන්ම සිඳි යනවා. දෙවියන් කාමස්වාදය විඳින්නේ මෙම පංචමහාවිල් වලින්. මේ පංචමහාවිල් වලට දිය ලැබෙන උල්පත් ගලාගෙන පැමිණියේ දිව්‍යතලවලට උසැති මහාමේරු පර්වතයෙන්. දැන් දෙවියනුත් ඉඩෝරයට හසුවෙලා. දෙවියනුත් පෘථිවියේ උෂ්ණත්වයෙන් පීඩාවට පත්වෙලා. දෙවියනුත් ඉඩෝරයෙන් පීඩාවට පත් වෙනකොට දෙවියන් තුලත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්මයි සකස් වෙන්නේ. එම අකුසලයන් නිසාම දෙවියනුත් දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සතර අපායන්ට වැටෙනවා. අපමණ පිනෙන් උපන් දෙවියනුත් දෙවියන් කාමාස්වාදය විඳින පංචමහාවිලූත් යම් දවසක සිඳි වියළී යනවා නම් පිංවත් ඔබේ නිවසේ තිබෙන ළීඳ ගැන වතුර පයිප්පය ගැන පිහිනුම් තටාකය ගැන මොනවා කථා කරන්නද?

මෙහෙම වැස්ස නැතිව තවත් අවුරුදු සියයක් දහසක් ගතවෙනකොට ආකාසයේ පස්වැනි ඉරත් පායනවා. දැන් ඉරවල් පහයි. නමුත් ඉරවල් බලන්න දකින්න මනුෂ්‍යයෝ මේ ලෝකයේ නැහැ. මනුෂ්‍ය ප‍්‍රජාව උෂ්ණත්වය නිසාම විනාශ වෙලා නමුත් ඒ අය නිවන් දකින්නේ නැහැ. ඉඩෝර, කාන්තාර, දේශගුණයට ඔරොත්තු දෙන සතර අපායේ සත්වයින් හැටියට ඉපදෙමින් පිච්චෙමින් මැරෙනවා. එදාට ඔබත්, මමත් භවයේ සිටිය හොත් හේතුඵලධර්මයන්ට අනූව මේ කර්කශ පරිසරයේ මැරෙන උපදින සත්වයෙක් වේවි.

පස්වෙනි ඉර පායලා තිබෙන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළොවෙන් හතරෙන් තුනක් වසාගෙන තිබෙන මහා සාගරය සම්පූර්ණයෙන්ම සිඳි යනවා. මහා සාගරය වැලි තලාවක් වගෙන් පෙනෙන්නේ, ඈතින් ඈතට හරක් කුර සටහන් වල පිරුණු වතුර කළදක් වගේ වළ ගොඩැලි මත දිය කඳුලක් රැුඳි තිබෙනවා පෙනෙනවා යම් දවසක මහා සාගරයත් සිඳිලා යනවා නම් මුළු ලෝකයම මනුෂ්‍යයන්ගෙන් තොර එකම වැලි තලාවක් වෙනවානම් පිංවත් ඔබ මගේ කොට අල්ලාගෙන සිටින රට, ජාතිය, ආගම, දේශසීමා ගැන මොනවා කතා කරන්නද. මහා සාගරය දැන් සම්පූර්ණයෙන්ම සිදිගොස් ඇති නිසා දැන් මහාමේරුව මුහුද යටට ගිලි තිබුණ යොදුන් 84,000 ක් මතුවෙලා. දැන් මහාමේරු පර්වතය දිගින්, පළලින්, උසින් යොදුන් එක්ලක්ෂ හැට අටදාහක් විශාලත්වයකින් පෙනෙන්නේ.

මෙහෙම තවත් අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට හයවෙනි ඉරත් අහසේ පායලා තිබෙනවා. දැන් ඉරවල් හයයි. හයවැනි ඉර පෑයුවට පසුව පෘථිවියේ උෂ්ණත්වය වැඩිභාවය නිසාම මහාමේරු පර්වතය හතර වටින්ම දුම් දමනවා. එම දුමින් මුළු පෘථිවිතලයම වැසී යනවා. යොදුන් එක්ලක්ෂ හැට අටදාහස් උස, පළල මහාමේරුවයි මේ දුම දමන්නේ. පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න ඕනේ මහාමේරු පර්වතය මුදුනත දිව්‍යතලවලට උස නම් මේ දුමෙන් දිව්‍යතලත් පීඩාවට පත්විය යුතුයි. දෙවියනුත් පීඩාවට පත්විය යුතුයි. ඉරවල් හයක උෂ්ණත්වය, ආලෝකය, යටපත් කොට පෘථිවිය දුමෙන් වැසී යනවා. මේ මුළු පෘථිවිතලයම දුමෙන් වැසී යනවා නම් අනාගතය ආලෝකමත් කර ගැනීම උදෙසා අපි ඇති කරගන්න බලාපොරොත්තු කුමක් කරන්නද?

මුළු පෘථිවියම දුමෙන් වැසිලා තවත් අවුරුදු සියයක් දහසක් තිබෙන කොට අහසේ හත්වෙනි ඉරත් පායලා තිබෙනවා. දැන් ඉරවල් හතයි. සත්වෙනි ඉර පෑයීමත් සමඟම දුමෙන් රත්වෙලා තිබුණ මහාමේරු පර්වතය සතර වටෙන්ම ගිනිගනිමින් පෘථිවිය මතට කඩා වැටෙනවා. යොදුන් 168,000 ක් උසින්, පළලින්, දිගින් යුත් මහාමේරු පර්වතය ගිනි ගනිමින් පුපුරා කඩා වැටිම නිසා මුළු පෘථිවියම ගිනිගෙන විනාශයට පත්වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිනිගැනීමෙන් අඟුරු කැබැල්ලක්වත් ඉතිරි වන්නේ නැහැ කියලා. සියල්ල ගිතෙල් දැවුන කළ ඉතිරි වෙන අළු බවට පත්වෙනවා. යම් දවසක මුළු පෘථිවියම ගිනිගෙන අළු බවට පත්වෙන දිනයක් එනවා නම් මේ රූපයට සැප ලබාදීම සඳහා අපි ඉදිකරන කාම රූපි, අරූපි මාළිගාවන් ගැන මොනවා බලාපොරොත්තු තබාගන්නද?

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

උපුටාගැනීම - nirwanaya blog

🙏🙏
01/11/2023

🙏🙏

𝑺𝒕𝒖𝒅𝒚 𝒘𝒊𝒕𝒉𝒐𝒖𝒕 𝒅𝒆𝒔𝒊𝒓𝒆 𝒔𝒑𝒐𝒊𝒍𝒔 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒚.

Enjoy while studying.

Follow Brainwave.lk for more education

" කණ් ඇහෙන්න නම් මුලින්ම කරන්න ඕනේ කට වහගන්න එක.. නිෂ්ශබ්දව වෙලා අහන්න.. තවම උන්වහන්සේ බණ කියනවා." ❤️🙏☸️Idea Copied🙏
22/09/2023

" කණ් ඇහෙන්න නම් මුලින්ම කරන්න ඕනේ කට වහගන්න එක.. නිෂ්ශබ්දව වෙලා අහන්න.. තවම උන්වහන්සේ බණ කියනවා." ❤️🙏☸️

Idea Copied🙏

22/04/2023
ලොව හොඳම දහම බුදුදහම ලෙස සම්මානයකට පාත්‍රවෙයි🙏බෞද්ධාගම ලොව හොඳම ආගමට හිමි සම්මානය හිමිකරගෙන ඇත. මේ බව ජිනීවා ට්‍රි‍බියුන...
01/01/2023

ලොව හොඳම දහම බුදුදහම ලෙස සම්මානයකට පාත්‍රවෙයි🙏

බෞද්ධාගම ලොව හොඳම ආගමට හිමි සම්මානය හිමිකරගෙන ඇත. මේ බව ජිනීවා ට්‍රි‍බියුන් පුවත්පත හෙළිකර තිබේ. ජිනීවාහි ආගමික ඉතාරාස් සංවිධානය මේ බව තීරණය කර ඇත.

ආගමික නායකයන් 200 දෙනකු ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ. ආගම් 38 කට අයත් නායකයන් මේ සඳහා ඡන්දය භාවිතා කර ඇත.

ඉතාරාස් සංවිධානයේ පර්යේෂණ ප්‍රධානි ජොන්නි හල් පැවසුවේ බෞද්ධයන් කිසි විටෙක ආගමික යුද්ධයක් දියත් කර නැති බවයි.

නවලෝකෝත්තර ධර්මය—————————🌷 සෝවාන් මාර්ගය 🌷 සකෘදාගාමීමාර්ගය 🌷 අනාගාමීමාර්ගය 🌷 අරහත්මාර්ගය යන ආර්‍ය්‍යමාර්ග සතරය, 🌷 සෝවාන්...
26/08/2022

නවලෝකෝත්තර ධර්මය
—————————

🌷 සෝවාන් මාර්ගය
🌷 සකෘදාගාමීමාර්ගය
🌷 අනාගාමීමාර්ගය
🌷 අරහත්මාර්ගය යන ආර්‍ය්‍යමාර්ග සතරය,
🌷 සෝවාන්ඵලය
🌷 සකෘදාගාමීඵලය
🌷 අනාගාමීඵලය,
🌷 අර්හත්ඵලය යන ආර්‍ය්‍ය ඵල සතරය,
🌷 නිර්වාණ ධාතුවය

යන ධර්ම නවය නවලෝකෝත්තර ධර්ම නම් වේ. ලෝකෝත්තර ධර්මයෝ ය යන්නෙහි තේරුම සත්ත්වයන් ලෝකයෙන් එතෙර කරවන්නාවූ ද ලෝකය ඉක්මවා සිටින්නා වූ ද ධර්මයෝය යනුයි. නවලෝකෝත්තර ධර්මයන් අතුරෙන් ආර්‍ය්‍යමාර්ග සතර හා ආර්‍ය්‍ය ඵල සතර පිළිවෙත් පිරීමෙන් තම තමන් කෙරෙහි වෙන වෙනම උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය ලෝකෝත්තර ඥානවලින් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයෙකි. පර්‍ය්‍යාප්ති ධර්මය අසා බලා දැරිය යුතු ධර්මයෙකි.

ලෝකෝත්තර මාර්ගයන්ගේ බලය
—————————————

☘️ යමෙක් ප්‍රථම ආර්‍ය්‍ය මාර්ගය වූ සෝවාන්මාර්ගය සිය සතන්හි උපදවා ගත්තේ වේ නම් එහි බලයෙන් ඔහුගේ සන්තානයෙහි දෘෂ්ටි විචිකිත්සා මතු කිසිම කලෙක අන් ජාතියකදී වුවද නූපදනා පරිදි දුරුවන්නේය. අපායෝත්පත්තියට හේතුවන කර්මයන් කරන තරමට ඖදාරික වූ ලෝභාදි අන්‍ය ක්ලේශයෝ ද දුරුවෙති. එබැවින් වර්මාන ජාතියේ තබා අනාගත ජාතිවලදී අපායෝත්පත්තියට හේතුවන තරමට බලවත් වූ පව්කම් ඔහු අතින් නො කෙරෙන්නේය. සත්ත්වයා අපායෙහි උපදින්නේ සක්කාය දෘෂ්ටිය ඇතිතාක් පමණෙකි. සත්කාය දෘෂ්ටිය ප්‍රහීණ බැවින් ඔහුට ඇති අතීත අකුශලකර්මයෝද ඔහු අපායෙහි උපදවාලීමට සමත් නො වෙති. ප්‍රථම මාර්ගයේ බලයෙන් ඔහු කිසි කලෙක අපායෙහි නූපදනා පුද්ගලයෙක් වෙයි. ප්‍රථම මාර්ගඥානය උපදවා චතුස්සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයාගේ සන්තානයෙහි එහි ආනුභාවයෙන් බෝධිපාක්ෂිත ධර්මයෝ ක්‍රමයෙන් වැඩෙති. ක්ලේශයෝ පිරිහෙති. ඔහු නිවන් මඟ ඉදිරියටම යන්නේ ය. ආපසු නො එන්නේ ය. එබැවින් ඔහු සසර පමා වුව ද ජාති සතකදී සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ නිවනට පැමිණෙන්නේය.

☘️ සකෘදාමී මාර්ගය නම් වූ ද්වීතීය ආර්‍ය්‍යමාර්ගය උපදවා ගත් කල්හි එහි බලයෙන් සෝවාන්මාර්ගයෙන් ප්‍රහාණය නොවී ඒ පුද්ගලයාගේ සන්නාතයෙහි ඉතිරිව තිබු කාමරාගාදීහු තුනී වෙති. තුනී වීමය යනු නිතර නූපදනා බවට පැමිණීම හා කලාතුරකින් උපනද සියුම් ලෙස පමණක් උපදනා බවට පත්වීමය. කාමරාගය අප්‍රහීණ බැවින් සෝවාන් පුද්ගලයෝ මෛථුන සේවනය ද කෙරෙති. සකෘදාගාමී පුද්ගලයන්ට කාම රාගය කලාතුරකින් ඇති වුවද ග්‍රාමධර්මයෙහි යෙදෙන තරමට ඖදාරිකව නූපදී. සකෘදාගාමීමාර්ගයේ බලයෙන් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමේ වේගයද බලවත් වේ. එබැවින් සකෘදාගාමී පුද්ගලයා ප්‍රමාද වුවද ඉපදීම වශයෙන් මේ ලෝකයට එක් වරකට වඩා නො පැමිණේ.

☘️ අනාගාමීමාර්ග නම් වූ තුන්වන ලෝකෝත්තර ආර්‍ය්‍යමාර්ගය ඇති වූ කල්හි එහි බලයෙන් ඒ පුද්ගලයාට කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් දුරු වන්නේ ය. එබැවින් ඔහු කාමලෝකයෙහි නැවත නූපදින්නේ ය.

☘️ අර්හන්මාර්ග සංඛ්‍යාත සතරවන ආර්‍ය්‍යමාර්ගය උපදනා කල්හි එහි බලයෙන් ඒ පුද්ගලයාට ඉතිරිව තුබූ සකලක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඔහු සසර මතු නූපදන්නේ ය. ආර්‍ය්‍යඵලයන්ගෙන් සිදුකරන විශේෂ කෘත්‍ය නැත්තේ ය. ඔවුහු මාර්ගයන් අනුව පවත්නෝය. ඒවාට පැමිණි ආර්‍ය්‍යපුද්ගලයන්ට ඵලසමාපත්තිසුඛය ලැබිය හැකිය.

☘️ නිර්වාණධර්මයාගේ ආනුභාවය, ස්ථීරත්වය හා කෙලෙස් නැසීමට ආර්‍ය්‍යමාර්ගයන්ට සහාය වීමය. ලෝකයෙහි ඇති අන්‍යවස්තුහූ පරණ වීමෙන් නරක් වෙති. කලෙකදී සම්පූර්ණයෙන් ම විනාශ වෙති. පරණ වීමෙන් නරක් වන ස්වාභාවය හා නැසෙන ස්වාභාවය නිවනට නැත. එබැවින් රහත්ව පිරිනිවන් පාන්නා වූ පුද්ගලයාට නිවීම නැති වී ගොස් නැවත සසරට එන්නට සිදු නො වේ.

සූවිසි මහ ගුණය
https://pitaka.lk/books/suvisi-gunaya/12-1.html

උපුටා ගැනීමකි

සක්දෙවිඳුගේ නමස්කාරය——————————දිනක් සක්දෙව්රජ උයන්සිරි දක්නට යාමට සැරසී විජයොත්පහයෙන් බැස රථයට නැගීමට කලින් සතර දිගට නමස...
25/08/2022

සක්දෙවිඳුගේ නමස්කාරය
——————————

දිනක් සක්දෙව්රජ උයන්සිරි දක්නට යාමට සැරසී විජයොත්පහයෙන් බැස රථයට නැගීමට කලින් සතර දිගට නමස්කාර කෙළේ ය.

එය දුටු මාතලී දෙව්පුත් “ද්‍රේවේන්ද්‍රයෙනි, ඔබට, ත්‍රිවිද්‍යා ඇත්තෝ ද සකල භූමස්ථයෝ ද ක්ෂත්‍රියයෝ ද සිවුවරම් රජහු ද යශස් ඇති දෙවියෝ ද නමස්කාර කරති, එසේ වූ ඔබ නමස්කාර කරන්නේ කවුරුන්ට දැ”යි ඇසී ය.

එකල්හි සක්දෙව් රජ:-

“අහඤ්ච සිලසම්පන්නෙ - චිරරත්තසමාහිතෙ,�සම්මා පබ්බජිතෙ වන්දෙ - බ්‍රහ්මචරිය පරායනෙ.�යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසකා�ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලී.”

“මාතලී, මම ද සිල්වත් වූ බොහෝ කලක් සන්සුන් කළ සිත් ඇත්තා වූ උතුම් පැවතුම් ඇත්තා වූ යහපත් පැවිද්දන් නමදිමි.
පින් කරන්නාවූ සිල්වත් වූ යම් ගෘහස්ථ උපාසක කෙනෙක් දැහැමින් අඹුදරුවන් පෝෂණය කෙරෙත් ද ඔවුන්ට නමස්කාර කරමි”යි කීය.
(සක්ක සංයුක්ත)

ශීලගුණය ඇතියවුන්ට සක්දෙවිඳු පවා නමස්කාර කරන බව මේ කථාවෙන් පෙනේ.
උපුටා ගැනීමකි..

Address

Weli Para, Thalawathugoda
Sri Jayavardhanapura

Telephone

0112796273

Website

Alerts

Be the first to know and let us send you an email when I'M Buddhist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share