Sri Maha Durga Matha Temple

Sri Maha Durga Matha Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Maha Durga Matha Temple, Religious organisation, Sri Jayavardhanapura.

20/10/2025

Happy Diwali 🪷

20/10/2025
20/10/2025

සුභ දීපාවලි දිනයක් වේවා!🙏

19/10/2025
Ai තාක්ෂණයෙන් හැබෑ වුණු මගේ ලස්සනම ලස්සන හීන....(පින්තුරය මත අදාළ විස්තර හා මූල මන්ත්‍ර සටහන් කොට ඇත)
07/10/2025

Ai තාක්ෂණයෙන් හැබෑ වුණු මගේ ලස්සනම ලස්සන හීන....

(පින්තුරය මත අදාළ විස්තර හා මූල මන්ත්‍ර සටහන් කොට ඇත)

කොළඹ කොටුව විනායාගන් සාමි කෝවිල.....
28/09/2025

කොළඹ කොටුව විනායාගන් සාමි කෝවිල.....

නව රාත්‍රී භෝග පූජාවිදී ....🪷 නව රාත්‍රි 3 වන දින දේවි චන්ද්‍රඝණ්ඨා මාතාවගේ ප්‍රිය කීර් (එල කිරි) භෝග පූජාව 🪷 නව රාත්‍රී...
26/09/2025

නව රාත්‍රී භෝග පූජාවිදී ....

🪷 නව රාත්‍රි 3 වන දින දේවි චන්ද්‍රඝණ්ඨා මාතාවගේ ප්‍රිය කීර් (එල කිරි) භෝග පූජාව

🪷 නව රාත්‍රී 4 වන දින දේවි කුෂ්මාණ්ඩා මාතාවගේ ප්‍රිය භෝගය "මාල්පූරි" වෙනුවට සාමාන්‍ය "පූරි" භෝග පූජාව

🪷 නව රාත්‍රී 5 වන දින දේවි ස්කන්ධ මාතාවන්ගේ ප්‍රිය භෝගය වන "කෙසෙල්" පූජාව...

නව රාත්‍රී දෙවන දින උදැසන භෝග පූජාව....
23/09/2025

නව රාත්‍රී දෙවන දින උදැසන භෝග පූජාව....

ප්‍රථම දින නව රාත්‍රී පූජාව මාතා ශෛලපුත්‍රී දේවියට විශේෂ වූ පූජා ද්‍රව්‍ය වන "ගිතෙල්" පූජාව....ඔබ සැමට ශ්‍රී මහා දුර්ගා ...
22/09/2025

ප්‍රථම දින නව රාත්‍රී පූජාව

මාතා ශෛලපුත්‍රී දේවියට විශේෂ වූ පූජා ද්‍රව්‍ය වන "ගිතෙල්" පූජාව....

ඔබ සැමට ශ්‍රී මහා දුර්ගා ස්වරුප ශෛලපුත්‍රී මාතාවගේ පිහිටයි 🙏

නව රාත්‍රී ප්‍රථම දින උදෑසන භගවතී ආදී මහා පරාශක්ති ශ්‍රී මහා දුර්ගා මාතාවන් නිවස තුලට වැඩමවා, අලංකාර වස්ත්‍රාභාරණයෙන් හැ...
22/09/2025

නව රාත්‍රී ප්‍රථම දින උදෑසන භගවතී ආදී මහා පරාශක්ති ශ්‍රී මහා දුර්ගා මාතාවන් නිවස තුලට වැඩමවා, අලංකාර වස්ත්‍රාභාරණයෙන් හැඩ ගන්වා, නිවස තුල තනා ගත් අලංකාර ආසනයක වඩා හිඳුවා සිදු කරන ලද උදෑසන පූජාව.

ඔබ සැමට ශ්‍රී මහා දුර්ගා අම්මා මෑණියන්ගේ පිහිටයි 🙏

🪷 නව රත්‍රී පූජාව 2025 🪷(ලිපි අංක 02)ශ්‍රී මහා දුර්ගා මාතාවන් මනුලොවට වැඩම කිරීම නිමිතිකොට ගෙන පවත්වනු ලබන "නව රාත්‍රී" ...
21/09/2025

🪷 නව රත්‍රී පූජාව 2025 🪷
(ලිපි අංක 02)

ශ්‍රී මහා දුර්ගා මාතාවන් මනුලොවට වැඩම කිරීම නිමිතිකොට ගෙන පවත්වනු ලබන "නව රාත්‍රී" පූජාව තම නිවසේ පවත්වා ගත හැකි ආකාරය සම්බන්ධ ලිපියක් මා විසින් පෙර පල කරනු ලැබ ඇත. මෙය එම ලිපියටම සම්බන්ධ දෙවන ලිපියයි. පෙර පලමු ලිපියේ මා විසින් නව රාත්‍රී පුජාව යනු කුමක්ද? නව රාත්‍රී පූජාවන් සිදු කිරීමෙන් ලැබේන පල මොනවාද? එම පූජාවන් සඳහා සූදානම් වන්නේ කෙසේද? නව රාත්‍රී පූජාවන් තම නිවසේ සරලව සිදු කර ගණු ලබන්නේ කෙසේද? යන විස්තර සියල්ලම පැහැදිලි කර දී ඇති නිසා මා විසින් නැවත ඒ ගැන මේ ලිපියෙන් පැහැදිලි නොකරමි. අවශ්‍ය ඇත්නන් පළමු ලිපිය කියවා බලා එම විස්තර ලබා ගන්න.

පළමු නව රාත්‍රියේ ලිපියේදී මා විසින් පැහැදිලි කර දෙනු ලැබුවේ නව රාත්‍රී පූජාවන් මහා පාර්වතී හෙවත් ශක්ති මාතාවගේ ස්වරුපයන් 03 වන මහා දුර්ගා, මහා ලක්‍ෂ්මි, මහා සරස්වතී යන මාතාවන් තිදෙනා වෙනුවෙන් දින 03 බැගින් වෙන් කොට රාත්‍රී 9ක්‌ සඳහා පූජාවන් සිදු කරනු ලබන ආකාරයයි. මෙම ලිපියෙන් මම පැහැදිලි කර දෙනු ලබන්නේ තවත් ප්‍රදානතම උත්තර භාරතීය හින්දු සම්ප්‍රදායකට අනුව නව රාත්‍රී පූජාවන් 9 දිනක්‌ පුරා, දුර්ගා මාතාවගේ ස්වරුපයන් 9ක්‌ වන නව දුර්ගා මාතාවන් උදෙසා වෙන් වෙන් වශයෙන් කර ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ අනුව

01. නව රාත්‍රී පූජාවේ පළමු දිනය නව දුර්ගාවන්ගේ ප්‍රථම ස්වරුපය වන "ශෛලපුත්‍රී" මාතාව උදෙසා "ගිතෙල්" (පිරිසිදු එළඟිතෙල්) පූජාකොට ඔබේ ජිවිතේ ඇති සියළුම ආකාරයේ ගැටළු, ප්‍රශ්න, කරදර, පීඩාවන් දුරු වීම උදෙසා ප්‍රර්ථනා කිරීමට ශුභයි.

02. නව රාත්‍රීයේ දෙවැනි දිනය "බ්‍රහ්මචාරීනි" මතාව උදෙසා "සුදු සීනි" පූජාකොට සතුටෙන්, ප්‍රීතියෙන්,සැනසීමෙන්, ශාන්ත වූ මනසින් යුතුව දිගු කාලයක් ජිවත්වීමට ප්‍රර්ථනා කිරීමට ශුභයි.

03. තෙවැනි දිනය "චන්ද්‍රඝණ්ඨා" මාතාව උදෙසා "කීර්" (මුදවාපූ කිරි සමග සීනි හෝ පැණි මිශ්‍ර කොට සාදාගන්න) පූජාකොට ශරීරයේ පවතින සියළුම ආකාරයේ වේදනාවන් පීඩාවන් දුරුවී නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

04. සිව් වන දිනය "කුෂ්මාණ්ඩා" මාතාව උදෙසා "මාලප්පු" (හින්දු දමිළ කැවිලි විශේෂයකී. මේවා සොයා ගැනීමට නොහැකි නම් ගැඹුරු තෙලේ බැදගත් රස කැවිල්ලක්‌, එනම් හැඳි කැවුම් වැනි රස කැවිල්ලක්‌ පූජා කිරීම සුදුසු වේ) පූජාකොට තමා පත්ව ඇති ජිවිතයේ සියළුම ආකාරයේ ණය බරින් නිදහස්වීමට ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

05. පස් වන දිනය "ස්කන්ධ" මාතාව උදෙසා "කෙසෙල්" (මේ සඳහා ඇබුල් කෙසෙල් වඩා සුදුසු වන අතර, රත් කෙසෙල්, ආනමාලු, කෝලිකුට්ටු, ආදීයද සුදුසු වේ) පූජාකොට තම පවුල තුල සාමය සතුට සැනසීම ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

06. සය වන දිනය "කාත්‍යායණි" මාතාව උදෙසා "පිරිසිදු මී පැණි" පූජා කොට මුල්‍යම වශයෙන් ජිවිතයේ ඇති සියළුම කඩා වැටීම්, ආර්ථික බිඳ වැටීම් දුරුවීම සඳහා ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

07. සත් වන දිනය "කාල රාත්‍රී" මාතාව උදෙසා "උක් හකුරු" පූජාකොට ජිවිතයේ සියළුම ප්‍රකාරයේ යහපත් ආශාවන් පුර්ණය වීමට ප්‍රර්ථනා කිරීමටත්, ඔබ‍ට ඇති සියළුම ඇස්වහ කටවහා දෝෂ අඳුරු බලවේග වල බලපෑම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල බලපෑම් දුරු වීමට ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

08. අට වන දිනය "මහා ගෞරී" මාතාව උදෙසා "පොල්" පූජාකොට ජිවිතයට සමෘධිය, වාසනාව, දියුණුව ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

09. වන දිනය "සිද්ධිදාත්‍රී" මාතාව උදෙසා "තල ඇට" පූජාකොට සමස්ථ සාර්ථකත්වය, අපරාජිතවීම, ජයග්‍රහණයන් ප්‍රර්ථනා කිරීමට ශුභ වේ.

ඉහත දක්වා ඇති ආකාරයෙන් දින 9ය පුරාවටම නව දුර්ගා මාතාවන්ගේ ස්වරුපයන් උදෙසා විවිධ විශේෂ පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමත් සමගම සාමාන්‍යයෙන් අප විසින් පූජාවන්හිදී කරනු ලබන මල්, පහන්, පැන්, සුවඳදුම්, කපුරු පූජාවන්ද අනිවාර්යෙන්ම සිදු කළ යුතු අතර, හැකි නම් කැවිලි පලතුරු මල් මාලා, වස්ත්‍ර ආභරණත් එදිනෙදා පූජා කිරීමද වඩාත් යහපත් වනු ඇතී.

මේ සියළුම නව දුර්ගා ස්වරුප පූජාවන් මහා දුර්ගා මැණියන්ගේ පිළිමයකට හෝ පින්තුරයකට සිදු කර ගත හැකි අතර, මෑණියන්ට වන්දනා කිරීමේදී;

"ඕම් දුම් දුර්ගාය නමඃ"

යන මන්ත්‍රය මුල් වරට මෙම පූජාවන් සිදු කරනු ලබන අයකු නම් 21 වරක් හෝ 108 වරක්‌ ජප කිරීම ප්‍රමාණවත් වේ.

හැකි නම්, පහත දී ඇති මන්ත්‍ර ස්තෝත්‍ර භාවිතා කිරීම ඉතාම ශුභ වනු ඇති.

"සර්ව මංගල මංගල්‍යයේ
ශිවේ සර්වා රසාර්ධීකේ
ශරණ්‍යයේ ත්‍රයම්බිකේ ගෞරී
නාරායනී නමෝස්තූතේ"

මන්ත්‍රය 07 වරක් හෝ 21 වරක් කීමද යහපත්ය.

නව දුර්ගා මන්ත්‍රය:

ප්‍රථමං ශෛල පුත්‍රීච,
දූතියම් බ්‍රහ්මචාරිනි,
තෘතීයම් චන්ද්‍රඝණ්ටේතී,
කුෂ්මාණ්ඩේතී චතුර්ථකම්,
පංචමන් ස්කන්ධ මාතේතී,
ෂෂ්ඨම් කාත්‍යයනිතීච,
සප්තමන් කාල රාත්‍රීතී,
මහා ගෞරිතී චාෂ්ඨමන්,
නවමන් සිද්ධිදාත්‍රීච,
නව දුර්ගා ප්‍රකිර්තිතා...

03 වරක් හෝ 07 වරක් ගායනා කිරීම ශුභවේ.

නව දිනයන්හීදී ඒ ඒ දිනයට අදාල වන පරිදි නව දේවියන් උදෙසා මෙම මන්ත්‍රයන් 21 වර ගායනා කොට පූජා කටයුතු කිරීමද සුදුසුය.

01. ඕම් ශෛලපුත්‍රීයේ නමඃ
02. ඕම් බ්‍රහ්මචාරීන්‍යයේ නමඃ
03. ඕම් චන්ද්‍රඝණ්ඨායේ නමඃ
04. ඕම් කුෂ්මාණ්ඩායේ නමඃ
05. ඕම් ස්කන්ධ මාතායේ නමඃ
06. ඕම් කාත්‍යායණ්යේ නමඃ
07. ඕම් කාල රාත්‍රීයේ නමඃ
08. ඕම් මහා ගෞරියේ නමඃ
09. ඕම් සිද්ධිදාත්‍රීයේ නමඃ

ඔබ සැමට ඔබේ සියළුම ප්‍රකාරයේ යහපත් පැතුම් ඉටු වන, මහා දුර්ගා මාතාවගේ පිහිට ආශීර්වාදය ලැබෙන ශ්‍රී ශුභ නව රාත්‍රියක් වේවා!

ශ්‍රී මහා දුර්ගා අම්මා මෑණියන්ගේ පිහිටයි 🙏

ලිපි සැකසුම:
ජෙරම් නෙහාර්
(දේවගැති)
වීමසීම් : 0761084190

දැනුම්දීමයි!අප දේවස්ථානයේ ඉදිරියේ පැවැත්වීමට නියමිත "නව රත්‍රී" දුර්ගා පූජාවන් සඳහා පින්වත් දායකත්වයන්vලබා දී 09 දිනක්‌ ...
19/09/2025

දැනුම්දීමයි!

අප දේවස්ථානයේ ඉදිරියේ පැවැත්වීමට නියමිත "නව රත්‍රී" දුර්ගා පූජාවන් සඳහා පින්වත් දායකත්වයන්vලබා දී 09 දිනක්‌ පුරාවට‍ පවත්වනු ලබන පූජාවන් සඳහා උපකාර කරන මෙන්, මෑණියන්ගේ බැතිමතුන්ගේ කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ උතුම් පින්කමට දායකවී දුර්ගා දේව මාතාවන්ගේ ආශීර්වාදය ලබා ඔබගේ ප්‍රර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්නා ලෙස සිහිපත් කරමු.

පූජාවන් සඳහා :

පොල්තෙල්, එළඟිතෙල්, හඳුන්කුරු, කපුරු, පොල්, තැඹිලි, පලතුරු වර්ග, කැවිලි වර්ග, කිරි බෝතල්, සළුපිළි, ආභරණ හෝ මුදල් පණ්ඩුරු අදියේන් පූජාවට‍ දායකවිය හැකිය.

පූජා ද්‍රව්‍යයන් අප දේවස්ථානයට පැමිණ ලබා දීමට හෝ මුදල් පඬුරු නම් දේවස්ථානයේ ගිණුමට බැර කර ලබා දීමට අවස්ථාව ඇත

පූජා ආරම්භක දිනය: 2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා දින සිට සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා දින දක්වාත්, අවසාන මහා පූජාව 2025 ඔක්තෝම්බර් මස 01 වන බදාදා දිනත් සිදු කරනු ලැබේ.

දේවස්ථානයේ ගිණුම් විස්තර:

Sri Durga Matha Temple
R. P. M. Prasanna
Acc. No: 8170006274
Commercial Bank
Borella

විමසීම් :
0761084190
ජෙරම් නෙහාර්
(දේවගැති)
ශ්‍රී මහා දුර්ගා මාතා කෝවිල බොරැල්ල.

Address

Sri Jayavardhanapura

Telephone

+94761084190

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Durga Matha Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Maha Durga Matha Temple:

Share