Pidurangala Rock පිදුරංගල පර්වතය

Pidurangala Rock  පිදුරංගල පර්වතය Pidurangala is a massive leftover mountain remaining in the dry zone, Sri Lanka. It is overlooked by Sigiriya which is world-renowned for its paintings.

Photo by Ravidu Artigala
12/04/2019

Photo by Ravidu Artigala

SENT BY https://www.facebook.com/SaveenOshad
24/03/2019

SENT BY https://www.facebook.com/SaveenOshad

Pidurangala Mountain near the Sigiriya Rock පිදුරන්ගල සිගිරිය අසන්නව පිහිටි සුන්දරත්වයෙන් පරිපුර්ණ ස්තානයක් ලෙස නම්කල හැක.

19/10/2018

Pidurangala (පිදුරංගල) LIFE By KAMIDU PRODUCTIONS Vocals - Tiran Yapa Music & Melody Composed By - Dileepa Liyanage (Lee) Lyrics - Kamidu Priyankara Follow U...

Sahan Kaseera Wickramasinghehttps://www.facebook.com/sahankaseera/posts/10215885918798099?__tn__=K-Rකාශ්‍යප රජුගේ පර්වතය...
25/09/2018

Sahan Kaseera Wickramasinghe
https://www.facebook.com/sahankaseera/posts/10215885918798099?__tn__=K-R

කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්‍රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු.
---------------------------------------------

මේඝලතා:-

අපි ඔක්කොම හිටියේ අන්ත:පුරේ. ඔව්! ඔව්! කාශ්‍යප රජ්ජුරුවොන්ගේ අන්ත:පුරේ. දැන් මෙහෙමනේ වෙන්නේ. අවුරුදු තුනකට පාරක් පරණ අය අයින් කරලා අලුත් සුරූපිකාවෝ ගන්නවනේ. ඉතිං අන්තිම සතියේ මාළිගාව ඇතුළේ සන්නසක් අරන් රාජ පුරුසයෙක් ගියා. ඒකෙ තිබ්බෙ පර්වතේ උඩ මාලිගාවෙ චිත්‍ර වගයක් අඳිනවා. ඒකට ඉන්න ලෑස්ති වෙන්න කියලා. එහෙ තිබ්බ වැඩ වල හැටියට ඕක මහා දෙයක්ද ? චිත්‍රෙකට හිටියා කියලා ගෙවෙනවැයි ? ඒත් මම නම් පිටින් අකැමැතියි වගේ පෙන්නුවා. විජ්ජුලතා එහෙමනම් එකපයින්ම කැමති වුණා. ඒකි කොහොමත් හිතන් හිටියේ එයා තමයි සුර දූතිකාව; අපි නිකංම නිකං වැටකෙයියා මල් කියලානේ. චිත්‍ර අදින වෙලාවට අපිට කරන්න තිබ්බ දේවල් විස්තර කරලා දෙන්න රාජ පුරුසයෙක් එවලා තිබ්බා. ඒ අයියා නම් හරි කඩවසම් අනේ. නිල් ඇස්, කැරළි කොණ්ඩේ. හිනා වෙද්දි කම්මුලක් වල ගැහෙනවා. සමහර විස්තර හරියට හිතට ගියෙත් නෑ එයා දිහා බලන් හිටපු නිසා.

විජ්ජුයි-මායි තමයි එක කවුළුවක චිත්‍රෙකට තෝර ගත්තේ. විජ්ජුගේ අතේ මොකක්ද හිරියක් තියෙනවා. මල් වට්ටිය අල්ලන් ඉන්න බෑ, 'දෝං' ගාලා බිම අතාරිනවා. අන්තිමට මට තැන මාරු කරන්න වුණා එයාගේ මළ දිස්ටි නිසා. මලක් අල්ලන් ඉස්සරහා බලන් ඉන්න කියලයි අපිට කියලා තිබ්බේ. ඒත් එයාගෙ දකුණු ඇහේ පිං වපරේ නිසා වම් පැත්ත විතරක් පේන්න හැරිලා ඉන්න වුණා. ඔය කිව්වට එයාගේ ඇති රන්වන් පාටක් නෑ අනේ. පිපිහළු වෙලා වගේ සුදුමැලියි.

අපිට කියපු විදියට නම් පරණ කෙල්ලො පන්සීය දම්මලා චිත්‍ර පන්සීයක් අදින්න උන්නේ. ඒත් ඉතිං ප්‍රාකාරෙ ළඟ ඉඳන් පහළ ඉන්න රාජ පුරුෂයින්ට , අශ්වාරෝහකයින්ට , ඇත් ගොව්වන්ට උකුළු මුකුළු කරන්න ගිහින් හතළිහක් විතර ගලෙන් පහළට දෙරි ගහලා මළානෙ අයියෝ. පර්වතෙන් බැහැලා පසල් ජනපද ගාණේ කරක් ගහලා තව රූප සුන්දරියෝ හොයං එන්නයැ ? අන්තිමට එක්කෙනාට චිත්‍ර දෙක, තුනකට ඉන්න වුණා. මම මල් වට්ටිය අල්ලන් හිටපු විදිහ කාශ්‍යප රජ්ජුරුවො ඈත ඉදන් කෑදර විදියට බලං හිටියාලු. හැබැයි මම නං කාශ්‍යප නෙමෙයි ධාතුසේන රජ්ජුරුවෝ කිව්වත් හැට්ටෙ ගලවලා සිතුවම්වලට ඉන්න කැමති වුණේ නෑ. ඒකටත් එක්ක අර උඩැක්කිය - විජ්ජුලතා. ඔය පේන්නෙ නැද්ද කියන්නත් කලින්ම හැට්ටෙ ගලවලා ඉන්න විදිහ. අන්ත:පුරේ හිටියට අපිට නම් ඔය අසෝබන වැඩ පුරුදු නෑ.

ඔයාට කියන්න... මගේ හමේ නිල් පාට ගතිය සිතුවමේ මතු කරන්න නිල් කටරොලු මල් පෙති කරත්ත ගණන් ගෙනාවාලු . ඔය මම දාගෙන ඉන්න ශීර්ෂ පළදනාව හැදුවේ පදම් කරපු හා හමකට ඈත මුහුදෙන් ගෙනාපු සිප්පික‍ටු අල්ලලා. ඒ ටිකේ අපිට එළිමහනේ ඇවිදින්න යන්න දුන්නෙත් නෑ හමේ පාට වෙනස් වෙයි කියලා. කොච්චරද කියනවා නම් බටහිර අගලෙන් දිය නාන්නවත් යන්න වුණේ නෑ. ඉතිං අපි ඔක්කොම මැද මාලිගාවේ රන් පොකුණෙන් නෑවා. සේවිකාවෝ මැටි සෙම්බු, කළගෙඩි අරන් ඇවිත් සුවඳ තලප එහෙම ඇගේ තවරලා ආවතේව කළා. මේනුකාව රන් පොකුණේ ගිලෙන්නෙත් ගියේ ඔහොම දවසක. ඒක වෙන බිසවක් හිතාමතා කරපු එකක් කියලත් කසු කුසුවක් ගියා. මේ අස් කරන්න සතියක් තියෙද්දි ගිල්ලෝලා මරලා මොනවා ගන්නද හැබෑට. පර්වතයේ බටහිර නෙරුමෙනෙ චිත්‍ර ඇන්දේ. අපිට ටිකක් එහායින් මල් වට්ටියක් අරගෙන හිටපු ස්වර්ණලතා එක්ක විජ්ජුලතාට මොකක්දෝ ආරෝවක් තිබ්බා. එයාගෙ මල් වට්ටියට ලස්සනම මල් ටික දාලා, මගේ මාලෙට වඩා එයාගෙ මාලෙ දිගයි වගේ චරු චුරු යාන්තමට වගේ මටත් ඇහුණා. චිත්‍ර ඇඳලා ඉවර වුණාම ඒ මල් වට්ටි අපිටම තියා ගන්න දුන්නා.

චිත්‍ර කෙරුවාවෙන් පස්සේ රාජ පුරුසයෝ එක්ක අපිව අස්ස කරත්තවල දාලයි ගම්, රටවල් බලා පිටත් කළේ. අන්න රජවරු!! මාලිගාවෙ ඉදන් බ‍ටුයායට අස්ස කරත්තෙන් යනවා කියනෙක ලේසි වැඩක්ද? පාර දෙපැත්තෙ මල් අරගෙන සෙනග පිරිලා හිටියා. මං ඒ හැමෝටම අත වැනුවා. ගොඩක් අය මල් පොකුරු වීසි කළානේ මට අල්ල ගන්න. මගේ හදවත සතුටින් පිම්බිලා තිබ්බේ. ගම්වල මිනිස්සුන්ට මම චිත්‍ර වලට හිටි වග කොහොම ආරංචි වුණාද මන්දා. ගමට ඇවිත් නිස්කාංසුවේ ඉන්න ලැබුණේම නෑ. කී දෙනෙක් නම් මගෙ අත ගන්න ආවද? එක සෙනෙවියෙක් මගේ අත ගන්න කැමැත්තෙන් නිතර, නිතර එන්න ගත්තා. අම්මෝ !! එවපු තෑගි කන්දරාව. මගේ නම් එයාට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ. ඒ වුණාට උන්දැ නියගලා අල කාලා මැරෙනවාය කියලා නටන්න තියාගත්ත නිසා මං ඔහේ කැමැත්ත දුන්නා. ඊට පස්සේ මම ‍අතට පයට දැසි, දස්සෝ පිරිවරාගෙන රැජිනක් වගේ ජීවත් වුණා. අර මල් වට්ටියත් අපේ ගෙදර තාම තියෙනවා.

ආ...විජ්ජුලතා ද ? එයාට අස්ස කුලප්පුව හැදුනනේ. ඒ කාලෙම නහය මුක්කන් රාජ පුරුසයෙක් එක්ක ඔය පිදුරංගල දිහාට වහං වුණා. හේනක් වවාගෙන, ළමා, ළපටි රාසියක් එක්ක හොදටම වැහැරිලා ඉන්නවා කියලා අපේ දාසයෙක් කිව්ව. ඒ කාලෙම මම ඔය ටික එයාට කිව්වා. එයාට ඉතිං අං ඇවිල්ලනේ තිබ්බේ. සමයං!

සංවාදය : කාංචනා අමිලානි
---------------------------------------------

විජ්ජුලතා : -

අපෝ මතක් කරන්න එපා ඔය දහජරා චිත්‍ර ටික. මොන නව නිංගිරාවක් ද මට වුණේ. අර කාශ්‍යප මගෙන් පළි ගන්නනේ ඕක කළේ. ඔව්!ඔව්! ඔහෙලා ඔය මහ උජාරුවෙන් අගේ කරන රජ්ජුරුවො තමයි. දැන් මෙහෙමයි. ඔටුන්න හිමි මුගලන් කුමාරයා මාව තමයි අග බිසව කරගන්න උන්නේ. කාශ්‍යප තක්කඩි කමෙන් නොවැ රජ වුණේ. නැත්නම් පල්ලව වංසේ ගෑනුන්ට ඉපදුණු කාශ්‍යප වගේ උන්ට රජකම් දෙනවද මේ රටේ ? මුගලන් කුමාරයා වහං වෙලා උන්නු කාලේ කාශ්‍යප ආවා මාව දැපනේ දාගන්න. කොහොමත් ඒ කාලේ වෙනකොට මගේ රූපශ්‍රියාව අසල්වාසී රටවල්වලටත් ආරංචි වෙලා තිබුණේ. උපන් නැකතේ තියෙන රාජ යෝගය ගැන දන්න නිසා මම වගේ කුමාරිකාවක් කරකාර ගත්තම කාශ්‍යපට රට වැසියො මෙල්ල කර ගන්න ලේසියිනේ. හහ් ! ඒවා කොහෙද මා එක්ක ? මම එකහෙළාම කිව්වා මුගලන් කුමාරයා ඇරෙන්න වෙන පුරුසයෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතය කියලා. අන්තිමට මේක තමයි මට දුන්නු දඬුවම.

කොහෙ හිටිය අන්ත:පුර බිසව්ද අනේ ? කාශ්‍යප ඔය ගල් පර්වතේ උඩ ලගින්න කලින් ඇන්න ආපු කල්ලකඩත්ත ගෑනු කීපදෙනෙක් නම් හිටියා තමයි. ඒ ඇරෙන්න මොන ගෑනිද ඔය වගේ හිතක් පපුවක් නැති මිනිහෙක්ට කැමති ? දන්නවනේ ඔය මිනිහා පිය රජ්ජුරුවන්ව මරපු හැටි. අනික මම දන්නෙ නෑ මේඝලතා කියලා කුමාරිකාවක් . අහ්හ් ! අර දැලි වළඳක් වගේ කළු සක්කරවට්ටමද ? මොකක්ද ඒ කියපු නම ? මේඝලතා ? හහ් .. හහ් .. හා .. ඔය අපේ මාලිගාවේ හිටපු දාසිය රනී. ඕකිගේ ලතාවක් කියලා තිබ්බා නම් ඉතිං ඔය මිනිහෙක්ව දැක්කම දාන ලතාවම විතරයි. හත් අවුරුද්දකින් නාපු නැති කළුම කළු දෑවකටනේ මේ මහප්පරාණ නම් දාලා තියෙන්නේ.

ඔය විකාර නවත්තලා මම කියන එක හරියට අහගන්නකෝ. කාශ්‍යප මේ ඔක්කොම කළේ මම උන්දැව ප්‍රතික්ෂේප කරපු වයිරෙට. නැත්නම් අනේ මම වගේ කුමාරිකාවක්ව අර වගේ දාසියක් එක්ක සමතැන තියලා චිත්‍රයක් අඳියිද ? වෙනදා එළදෙන්නු වගේ බුරුල්ල එළියේ දාගෙන හිටපු දාසියට රෙද්දක් අන්දවද්දිත් මට තේරුණේ නැති හැටි? රනී නම් තන්තෝසේ වැඩි කමට නිල් වෙලා හිටියේ. ඉගිලුණේ නැති ටික විතරයි. උඩට රෙද්දකුත් ඇඳගෙන කුමාරිකාවත් එක්ක සමෝසමේ චිත්‍රෙකට හරි ඉන්න කොහෙ තිබ්බ වාසනාවක්ද ? හොඳට බලන්න , මම පැත්තට හැරිලා ලැජ්ජාවේ ඉද්දි ඒකි සිරික්කිය දාගෙන ඉන්න හැටි.

චිත්‍ර පන්සීයක් ඇන්දා කියලා කවුද කිව්වේ ? අර වළ පයයි ගොඩ පයයි තියාගෙන උන්නු නාකි සිත්තරා කවදා අඳින්නද එහෙව් රාසියක් ? අනේ ඒ වුණාට ඒ උන්දැ නම් හරිම කරුණාවන්තයි. හරිම ගෞරවයෙන් යටහත් පහත්ව කතා කළේ. මගේ තරාතිරම මොකක්ද කියලා දන්න නිසාම මා දිහා කෙළින් බැලුවෙත් නැති තරම්. ඒකටත් එක්ක අනිත් හිටපු තේඋඩිච්චියෝ ටික ! රෑ තිස්සේ මධු පානය කරන ඒ ගෑනුන්ටත් ඕනේ වුණා උන්ගේ රූපේ සිතුවම් කරගන්න. ඒක නිසා තමයි මගෙයි දාසියගෙයි රූපෙට අමතරව තව එක එක නෑම්බියන්ගේ රූප ඔතන තියෙන්නේ ? කාශ්‍යපට ඕනේ වුණා අපේ මුළු ඇඟම අඳින්න. ඒත් මගේ වෙලාවට හැම එකීගෙම කකුල් ඉදිමිලා තඩිස්සි වෙලා තිබ්බේ. නෙරෙංචි කටු ඇනගෙන ගල් දෙබුක්කාවල් අස්සෙන් ඔය තරම් දුරක් උඩට ඇවිද්දම මොන ඉස්තිරියටද දරා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය සිතුවම්වල උඩ කොටස විතරක්ම තියෙන්නේ.

චිත්‍ර ටික ඇඳලා ආයෙමත් මාව හිරකරලා තිබ්බා. අනිත් ගෑනු නම් රාජ පුරුසයෝ එක්ක පවා කොමල කර කර උන්නා. ඔක්කොටම හපං අර රනී. ඒ දවස් කීපයට ඒකි නටපු නාඩගම්වල හැටියට ඔය ගල් පර්වතේ පැලෙන්නේ නැතිව බේරුණු එකනේ පුදුමේ. අන්තිමට කාශ්‍යප මාව එක්කං ගිහිං ඒ චිත්‍ර ටික පෙන්නුවා. අනේ දෙයියනේ . මගෙ බඩ පපුව දාලා අළු වෙලා ගියා නොවැ. උඩු කයට හැට්ටයක් ඇඳගෙන හිටපු මගේ චිත්‍රවල උඩුකය සම්පූර්ණෙන්ම නිරුවත් කරලා. අර වනචර ගෑණු තං එළියට දාගෙන ඇඳපු සිතුවම්වලට මගෙ මූණ දාලා. හොඳට බලන්න. ඔය චිත්‍ර කීපයකම එකක් උඩින් එකක් ඇඳපු පරණ රේඛා තාමත් ඇති. අර සිත්තරා මට මූණ දෙන්න බැරිව බිම බලාගෙනයි උන්නේ. මට කේන්තිය ඉහලුම් නැතිව ගියා.

මෙන්න ඒ අතරේ කාශ්‍යප ආයෙමත්ම කියපි මට උගේ අගබිසව වෙන්න කියලා. මම ඒ යෝජනාවට කැමති උණොත් මේ චිත්‍ර ටික විනාශ කරලා දානවා කියලා ඌ කිව්වා. මම කාශ්‍යපගේ මූණටම කෙළ තැම්බක් ගැහුවා. ඔව් ! මේ මම තමයි. ඊට පස්සේ මුළු පර්වතේටම ඇහෙන්න කිව්වා " මුගලන්ට හැරෙන්න වෙන ඕනෙම රජෙක්ට ලැබෙන්නේ විජ්ජුලතා ගේ මළකඳ තමයි " කියලා. එහෙම කියපු මම එක මොහොතක් නොඉඳ බටහිර නෙරුමෙන් පැනලා මගේ මුගලන් කුමාරයා වෙනුවෙන් දිවි දුන්නා. මම වගේ කුමරි බඹසර රැකගත්ත වංශවත් කුමාරිකාවට මේ කැපකිරීම මහ දෙයක් නෙමෙයි.

මේඝලතා ? අහ්හ් .. රනී ද ? ඒකිට හුස්ම වැටෙනවානම් පාංකඩයක් හරි කමක් නෑ අනේ. කිසිම අංගපුලාවක් නැති එකීනේ. පොකුණේ දිය සෙවල අයින් කරන්න උන්නු එකැස් පොට්ට කේඬෑරි සේවකයෙක් එක්ක රනී වහං වුණා. මට මතක විදියට මම දිවි තොර කරගන්න කලින්දා වෙන්න ඕනේ.

සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ

25/09/2018

21/08/2017

ආධ්‍යයාත්මයේ කැඩපතක් බඳු පිදුරංගල

ජනක වෙත්තසිංහ
සීගිරිය පර්වතයට උතුරු දෙසින් ඉතා රමණීය වූ ස්වාභාවික පරිසරයක පිදුරංගල රජ මහා විහාරය පිහිටා තිබෙයි. මෙය ඉතාම මනස්කාන්ත වූ පර්වතාරාමයකි.

සීගිරිය රාජධානිය ලෙස තෝරාගත් පළමුවන කාශ්‍යප හෙවත් සීගිරි කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 475 – 491) සීගිරි පර්වතය තම රාජධානිය ලෙස තෝරා ගැනෙන විට එය පැවැතියේ සංඝාරාමයක් වශයෙනි. එහි වැඩ වාසය කළ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් කාශ්‍යප රජතුමා කළ ආරාමය සීගිරි පර්වතයට සමීපයේ වූ පිදුරංගල පුණ්‍යභූමිය වෙයි.

අක්කර 13 ක් පුරා පැතුරුණු තෝතැන්නත් ඒ සමඟ නැඟී සිටි පර්වතය වටා පිහිටි ස්වාභාවික ලෙන් කුටි සමූහය ද උපයෝගී කර ගනිමින් භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සලසමින් මෙම බිමෙහි අංගසම්පූර්ණ ආරාමයක් ගොඩනැඟුණි. කෙටියෙන් පවසතොත් සීගිරි කාශ්‍යප රජතුමාගේ දායක පන්සල පිදුරංගල රජ මහා විහාරය යි.

පිදුරංගල ඉතිහාසය පිරික්‍ෂීමේදී රජතුමා විහාරාරාමයක් වශයෙන් සැකැසීමටත් ප්‍රථම එය යෝගාවචර භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් අරණ්‍ය සේනාසනයක් ලෙස පැවැති බව තහවුරු කරගත හැක.

ක්‍රි.පූර්ව තුන්වන හා එක් වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන මගින් ඒ බව සනාථ වෙයි. පිදූ අරංගල, පිදු අරංගල, පිදුරංගල ලෙස ජනවහරට එක්ව තිබේ.

සීගිරියේ උතුරු දොරටුවට පිටතින් ‘නියියන්ති’ නම් වනයේ තමා හා තම දූ වරු දෙදෙනා නමින් විහාරයක් සෑද වූ බවත් එය ‘බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය’ හෙවත් ‘බෝ උපුල්වන් කසුප්ගිරි’ වෙහෙර යැයි විශ්වාස කෙරෙන අතර මහා වංශයේ සඳහන් වන ‘දළ වෙහෙර’ මෙය ම බවත් ශිලා ලේඛන අනුව තහවුරු කරගත හැකිය.

පිදුරංගල පංචාවාසික විහාර සංකීර්ණයකි. පුද බිමෙහි ඇති නටබුන් ඒ බවට සාක්‍ෂි දරයි. එහි ඇති ගල් කණු 45 ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලේ නටබුන් පැරණි උපෝෂථාඝාරය වෙයි. මෙය මුගලන් කුමරු කරවා මහානාම භික්‍ෂූන් වහන්සේ වෙත පිදූ බවත් ලක්බිම වංශකතාවේ ප්‍රමුඛ ඉතිහාස ග්‍රන්ථය වූ ‘මහාවංශය’ කොටසක් රචනා කරන ලද්දේ මෙතැනදී බවත් ජනප්‍රවාදගතව පවතියි.

මෙම උපෝෂථඝරයට නුදුරුව ඇති විශේෂිත ගෘහය පොහොය විනය කර්ම සිදුකළ සීමා මාලකය ලෙස සැලකෙයි. එම බිමේ ඇති පැරැණි දා ගැබ 1950 වසරේ දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අධීක්‍ෂණය යටතේ කැණීම් කර තිබේ. මෙම දාගැබෙහි විශ්කම්භය අඩි 50 කි. මාලකයේ සිට උස අඩි 16 කි. ස්තූපයේ ඉතා ක්‍රමානුකූලව සැකැසූ ධාතු ගර්භයක් පැවැති බවත් දිවයිනේ වෙනත් තැනකදී එතරම් ක්‍රමානුකූල ධාතු ගර්භයක් එතෙක් හමු නොවූ බවද සඳහන් වේ.

ශිෂ්ටාචාර ගත දේශයක පුරාවිද්‍යාත්මක කැණීම් ඔස්සේ සිදු කෙරෙන එක් කාර්යයක් වනුයේ ස්වර්ණමය ඉතිහාසයක වග තුග අනාගත පරපුර වෙත සන්නිවේදනය කිරීමේ උදාර වගකීම සපුරාලීමය. ඊට ප්‍රථමයෙන් බඩගෝස්තරවාදී නිදන් හොරුන්ගේ අසාධාරණ කැණීම් වලට නතු වූ මෙම ස්තූපයේ ඓතිහාසික සාධක අකාමකා ඉතිහාස පොතේ ස්වර්ණමය පරිච්ඡේද ඉරා දැමීමට තරම් මෙම අපාගත ක්‍රියා සහසික වී තිබේ.

පුරාවිද්‍යා කැණීම් වලදී නිදන් හොරුන්ට මඟහැරී ගිය බුදු පිළිම, දේවරූප, මැණික්, තඹ කරඬුවක කොටස් කාසි වර්ග සහ කිරි ගරුඬ පුවරු කීපයක කොටස් ද හමුවිය. බිම් මට්ටමේ කැණීමේ දී අඟුරු කැබැලි හමුවීම නිසා පරණවිතාන ශූරීන් මතයක් පල කර ඇත්තේ මෙම ස්තූපය විශේෂ ප්‍රභූවරයකු ආදාහනය කළ ස්ථානයක් විය හැකි බවය.

ඒ පිළිබඳව පිදුරංගල විහාරාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ ‘පිදුරංගල විහාරය’ නැමැති පොතේ මෙසේ සඳහන් කරති.

‘බොහෝ දුරට කාශ්‍යප රජුගේ ආදාහනය මෙහිදී සිදුවන්නට ඇත යන්න පරණවිතානයන්ගේ අදහසයි. එහෙත් පංචවාසික ආරාමයක් තුළ බුදු රූ ධාතු නිදන් කිරීම් ද සමග රහතුන් ද සිටි පින් බිමක භික්‍ෂූන් ප්‍රමුඛ සැදැහැතියන්ට වැඳුම් පිදුම් කිරීමට හැකිවන ලෙස මෙහි වෙහෙරක ස්වරූපයෙන් කාශ්‍යප සොහොන කළැයි පැවසීම ප්‍රඥාගෝචර නොවේ.’

උන්වහන්සේ තව දුරටත් පවසන්නේ ‘සෙනරත් පරණවිතානයන්ම පවසා ඇති සුවිශේෂී චෛත්‍යයක නිමැවුම් සහිත නිර්මාණයක් පීතෘ ඝාතක රජකු සඳහා මෙසේ සුවිශේෂත්වයක් කිරීම එකල පැවැති ආගමික පසුබිම තුළ ද සිතීම දුෂ්කරය. එහෙයින් පංචාවාස ආරාමයක ඇතුළත් සර්වඥ ධාතු ස්තූපය මෙයම ය යන්න සැලකීම වඩාත් සාධාරණ ය.’

මෙහි ඇති නටබුන් වූ බෝධිඝරය ද අලංකාර නිමැවුමකි. එය සතරැස් පරිශ්‍රයකි. සතර අතින් ප්‍රවේශ ද්වාර ඇත. මධ්‍යයේ ඇති කවය බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානය යි. වට පවුරක් ද පියසක් සඳහා ආධාර වූ ගල් කණු ද තිබේ.

පැරැණි පිළිමගෙය වඩාත් පුළුල් බිත්ති සහිත ය. සිවු දෙසින් දොරටු ද මැද කොටසේ පිළිම ගෙය වෙන් කර එයට ප්‍රවේශ දොරටුවක් ද ඇත. එහෙත් පැරැණි පිළිම අද දැක ගැනීමට නොමැත.

මෙහි ඇති නව විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ සහ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම දෙකත් හා හිටි පිළිම දෙකත් පෞරාණික පිළිම වහන්සේලා ය. පර්වතය වටා ඇති ලෙන් එදා භික්‍ෂුන් වහන්සේගේ සංඝාවාස විය. ලෙන් ලිපි සහිත හා රහිත කටාරම් ලකුණු ඇති ලෙන් 26 ක් මෙහි තිබෙයි.

පිදුරංගල පර්වත මුදුනෙහි නැගෙනහිර දෙසට සම්මුඛව පිහිටි ස්වාභාවික ලෙනෙහි නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙහි ඇති ප්‍රධාන අංගයකි. මැටි ගඩොල් හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇති ප්‍රතිමාව අඩි 49 1/2 ක් පමණ දිගය. මෙය ලොව ඇති පැරැණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැළකෙයි. පුරාවිද්‍යා විශිෂ්ටයින් වන එච්.සී.පී. බෙල් සහ පරණ විතානයන්ගේ මතයට අනුව පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව කියැවෙයි.

පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතයේ සිංහ පාදය ඇති ස්ථානයට හොඳින් දර්ශනය වන ආකාරයට ය.

කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බව ජන වහරේ කියැවෙයි. සතුරු ආක්‍රමණයන්ගෙන් සැඟැවී සිටීමට කාශ්‍යප රජතුමාට සිදු වූ නිසා තම රාජධානියේ සිට බුදුන් දකිමින් පුද පූජා පැවැත්වීමට මෙම පිළිම වහන්සේ නිමවන්නට ඇති බව මේ අනුව සිතා ගත හැකි ය.

පිදුරංගල ගිරි ශිඛරයේ මුදුන් ස්ථරයේ ඇති ඉතා දුෂ්කර ගිරි දුර්ගයකින් මෙහි ගිරග මතට පැමිණිය හැක. එහිදී දිස්වෙන සීගිරි පර්වතයේ මනස්කාන්ත දර්ශනය නෙතට රසඳුනකි. මුදුනත ඇති පරිසරය ස්වභාව ධර්මයේ ඉතා විචිත්‍රවත් නිර්මාණයකි.

මෙවන් වූ රමණීය පසුබිමක සැදූ සැතපෙන පිළිම වහන්සේ ද දසක ගණනාවකට පෙර නිදන් හොරුන්ගේ නරුම හස්තයට හසුව විනාශ විය. ප්‍රතිමාවේ සිරස සිට උදරය දක්වා කොටස සහ මුලින්ම විනාශ කිරීමට තරම් මනුෂ්‍ය ආත්මයක් ලැබූවද මෙම තිරිසනුන් කුරිරු වී ඇත.

එම නිසා ගැටුම් වියවුල් මධ්‍යයේ තම අධ්‍යාත්මික සුවය සැනසීම වෙනුවෙන් මහත් කැපවීමකින් නිම කළා වූ මෙම සම්බුද්ධ ප්‍රතිමාවේ මහා කරුණාවේ මුව කමල දැකීමට තරම් අපි අද අභාග්‍ය සම්පන්න වී හිඳිමු.

මෙම ඡායාරූපයෙන් අප දකින්නේ 2003 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිළිසකර කළ එම ඓතිහාසික වටිනාකමකින් අනූන, මරණ භය හමුවේද අපරිමිත වූ සැනසීමක් ළඟා කර දුන් පිදුරංගල ඓතිහාසික පිළිම වහන්සේගේ ශේෂ මාත්‍රයේ අනුවේදනීය ප්‍රතිරූපයයි.

පිදුරංගල ගිරග මතට පිවිසුනු මොහොතේ දී ඉතා ළයාන්විත ලෙස දර්ශනය වෙන සීගිරි ආලක මන්දාව පසුබිම වසා සිටින කාශ්‍යප රජතුමාගේ ප්‍රතිරූපය සිතෙහි ඇඳෙන සුළුය. ඒ තරමටම එම මනස්කාන්ත දර්ශනය අධ්‍යාත්මයේ සියුම් තැන් සංවේදී කිරීමට සමත් වෙයි. මේ අසිරිමත් දසුන ඔස්සේ ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ගේ ප්‍රකාශනයට නෙත් යොමු වෙයි.

කාශ්‍යපයන්ගේ පීතෘ ඝාතක කාර්ය යළි යළි අවධාරණය කරනවාට වඩා ඔහු තුළ වූ අධ්‍යාත්මයේ පසුබිම පිදුරංගලින් දකිමින් සීගිරියේ සෞන්දර්යය අත්විඳීම වඩාත් සාධාරණීය වේ. පිදුරංගල කාශ්‍යප රජතුමාගේ ආලක මන්දාවේ අධ්‍යාත්මික කැඩපතයි.

උපුටනය බුදුසරණ අන්තර්ජාල කලාපය

21/08/2017

පිදුරංගල විහාරය ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීගිරිය ග්‍රාමය ආශ්‍රිතව පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්‍රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ.
මූලාශ්‍ර සිංහල විකිපීඩියා

Address

Sigiriya Road
Sigiriya
21120

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Pidurangala Rock පිදුරංගල පර්වතය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share