St.Sebastian Church Melwatta Seeduwa

St.Sebastian Church Melwatta Seeduwa this is a small village church in seeduwa parish church feast on 4th February

HAPPY 1,993rd BIRTHDAY CATHOLIC CHURCH!🎉🙏One, Holy, Catholic, and Apostolic Church
24/05/2026

HAPPY 1,993rd BIRTHDAY CATHOLIC CHURCH!🎉🙏

One, Holy, Catholic, and Apostolic Church

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහන මංගල්‍යය දිනය ශුද්ධව් සභාමාතාව අද සමරන්නීය...ස්වර්ගාරෝහණ මංගල්‍යය සැලසුම අරමුණ සමාප්තියට පත්...
17/05/2026

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහන මංගල්‍යය දිනය ශුද්ධව් සභාමාතාව අද සමරන්නීය...

ස්වර්ගාරෝහණ මංගල්‍යය සැලසුම අරමුණ සමාප්තියට පත්වීම යන මෙකී ගැලවීමේ ඉතිහාසයේ එක පෙළට දිගහැරෙන ඒ ශුද්ධවන්ත පණිවුඩය විශ්වාසනීය පදනමක් පමණක් නොව ඓතිහාසික කරුණු විමසීමක් තුළ ස්ථිර කර ඇත.මා ඔබගේ අවධානය එක් වචනයක් වෙත යොමු කිරීමට කැමැත්තෙමි එ කිමෙයත් අද දවසේ හිස් උස් වහන්සේ වරමක් නියෝගයක් නව අපෝස්තුළුතුවරුන් හට පවරනු ලැබු සේක....

" ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න " .......

හැබැයි වහන්සේව ඔවුන් හමුවූ තැන ගලීලය එම නගරයේ අවස්ථා තුනකදී දැක්විය හැක.ක්‍රිස්තුස් වහන්සේ සේවය අරඹපු තැන ( මතෙව් 04:12 මරණයෙන් පස්සේ
" මම ඔබට පෙරටුව ගලීලයට යන සේක " මතෙව් 28:07 ) හා තම කාර්‍ය්ය සමාප්තියට පත් කල ග්‍රාමය ගලීලය යන පහත්ම තැනයී.....මිනිස්සු අඩුවෙන්ම හිටපු තැනයි අපිත් එතනින්ම අපේ ගමන අරඹමු......

17/05/2026
ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහන මංගල්‍යය දිනය අදයි ✝️💓🙏දෙවිදුන් මිනිසත් බව ගෙන අප උදෙසා කුරුසියේ යාගය ඔප්පු කර, මරණය පරාජය ක...
17/05/2026

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහන මංගල්‍යය දිනය අදයි ✝️💓🙏

දෙවිදුන් මිනිසත් බව ගෙන අප උදෙසා කුරුසියේ යාගය ඔප්පු කර, මරණය පරාජය කර, ගෝලයන් අතර දින සතලියක් සැරිසරා පියාණන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් සහනදායකයාණන් වහන්සේ අප අතරට එවන්නට පොරොන්දු වෙමින් ස්වර්ග රාජ්‍යට වැඩම කිරීමේ ස්වර්ගාරෝහණ මංගල්‍යය දින සමරමු.

යමෙකුට හිතෙන්නට පුළුවන් ඇයි ස්වාමින් වහන්සේ උත්ථානයෙන් පසු දින සතලියක් ගෝලයන් සමග ගත කළේ කියල. ඔවුන් වහන්සේගේ මරණයෙන් පසුව ගෝලයින් සී සීකඩ වෙලා හිටියේ. හුග දෙනෙකුට ඔවුන්වහන්සේ වදාළ ධර්මය අමතක වෙලා තිබුණා. සමහරක් ගෝලයෝ ඔවුන්ගේ පුරුදු රස්සා වලට ගිහින් තිබුණා. සමහරක් අය ජෙරුසලම අතහැරලා ගිහින් තිබුනා. සැකය, අවිශ්වාසය හා සන්තාපය ඔවුන්ව වෙලාගෙන තිබුණා. ඉතින් ඔවුන්වහන්සේට සිද්ධ උනා ගෝලයන්ව නැවත සුදානම් කරන්න. එම්මාවුස් ගිය ගෝලයන්ව නැවත ජෙරුසලමට ගෙන්න. ( ලුක් 24 : 13 – 35 )

තෝමස් වගේ අවිශ්වාස කරපු ගොලයන්වන් නැවත විශ්වාසයේ අත්දැකීමට ගෙන්න සිද්ධ වුනා. මෙසේ ගෝලයන්ව විවිධාකාරයෙන් ශක්තිමත් කල ස්වාමින් වහන්සේ හොදාකාරව දැන සිටියා ගෝලයින් මත පවරන්නට යන දුත කාර්යයේ තිබෙන්නාවූ බරපතල කම. ඒ නිසා ඔවුන්වහන්සේගේ වෙන්වීමෙන් ගෝලයින් තනි නොකරන්නට ශුද්ධාත්මයාණන් වහන්සේව එවන්නට පොරොන්දු වුනා. මේ පොරොන්දුව තුළ ගෝලයින් ශක්තිමත් වුනා.

ඔවුන්වහන්සේ ස්වර්ගාරෝහණය වන්නට පෙරාතුව ගෝලයින්ට ආරාධනාවක් කරනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිකාරයන් වන්නට.

අපි මදක් මෙනෙහි කරමු. අපගේ ජිවිත තුළ කෙතරම් අපි ඔවුන්වහන්සේට සාක්ෂිකාරයන් වෙනවාද කියලා. කෙසේද අපි සාක්ෂිකාරයන් වන්නේ ? ඔවුන්වහන්සේගේ ආරාධනය ඉතා සරළයි. නමුත් ගැබුරුයි. ” නුබේ මුළු හෘදයෙන්ද, නුබේ මුළු සිතින්ද, නුබේ මුළු බුද්ධියෙන්ද නුබේ දෙවි පියාණන් වහන්සේට ප්‍රේම කරන්න. නුබ නුබට ප්‍රේම කරන්නාක් මෙන් නුබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” ඇත්තමට අපි මේ පොරොන්දුව ඉටු කරන ජනතාවක්ද ? නැත්නම් පොරොන්දු හිතා මතා කඩ කරන ජනතාවක්ද ?

ස්වර්ගාරෝහණය යනු හුදු මහිමයේ අත්දැකීමක් ලෙස නොව දුක් විදීමේ හා ජිවිත පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේගේ ජිවිතාදර්ශයෙන් අප හට වැටහේ. කෙටියෙන් කිවොත් අවසාන මොහොත දක්වා පහත වී කීකරු වීමේ ප්‍රතිඵලයක්. ඉතින් ඔබත් මමත් විදින්නාවූ දුක් වේදනා වලට හා විදිනා වූ අපහාස උපහාස වලට අර්ථයක් ඇත. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා නම් ඉවසීමෙන් සියල්ල දරා ගන්න. ඔබේ ජිවිත සාක්ෂිය තුල පීඩාවන් වලට නොබියව මුහුණ දෙන්න. මන්දයත් ස්වර්ග රාජ්‍යය අත්කර ගන්නට නම් දුක වේදනාව තුල තිබෙන්නා වූ ගැලවීමේ පණිවුඩය අවබෝධ කර ගනිමු.

14/05/2026

"සෙබස්තියන් මුනිඳුන්ගේ සිරුරට විදින ලද ඊතල එතුමාව මරා දැමීමට අපොහොසත් වූයේ එතුමාගේ ආත්මය ඇදහිල්ල නමැති සන්නාහයෙන් සන්නද්ධව තිබූ බැවිනි. අද අපේ ආත්මයද එවැනිම ශක්තිමත් සන්නාහයකින් වසා ගන්නට එතුමාගේ මැදිහත්කම පතමු." ❤

14th of May 2026
©️Api Jesuge අපි ජේසුගේ

කුරුලු කැළේ නව බෝට්ටු  ජැටිය
11/05/2026

කුරුලු කැළේ නව බෝට්ටු ජැටිය

Address

Melwatta , Seeduwa
Seeduwa
0094

Opening Hours

Monday 05:30 - 20:30
Tuesday 05:30 - 21:00
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when St.Sebastian Church Melwatta Seeduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Sebastian Church Melwatta Seeduwa:

Share