Altar Servers Association - Immaculate Conception of Mother Mary

Altar Servers Association - Immaculate Conception of Mother Mary This ia a Association connected to St.Mary's Roman Catholic Church, Seeduwa.

08/06/2026
08/06/2026

දවසේ සුපුවත 2026 ජුනි 07
ශු. ජොහාන් 6: 51 – 58
51 ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
52 එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, ”මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ. 53 එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. 54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි. 55 මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ. 56 මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි. 57 ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි. 58 මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.”


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

08/06/2026

දවසේ සුපුවත 2026 ජුනි 06
ශු. මාක් 12: 38 – 44
38 උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, ”විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති; 39 ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; 40 වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක.
41 උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ. 42 එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. 43 උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය. 44 ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

08/06/2026

දවසේ සුපුවත 2026 ජුනි 05
ශු. මාක් 12: 35 – 37
35 ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, ”ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද? 36 දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්: ‍
‘මා ඔබ සතුරන් ‍ ඔබ පාද යට ලන තෙක් ‍ මා දකුණු පස අසුන් ගන්න කියා ‍ සමිඳාණෝ ‍ මා සමිඳුන්ට වදාළ සේකැ’යි
කී ය. 37 දාවිත් උන් වහන්සේට ‘සමිඳුන්’ කියා අමතයි. එසේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. මහා ජනකායක් උන් වහන්සේට සතුටින් සවන් දුන්හ.


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

04/06/2026

ප්‍රාතිහාර්යන් බහුල යැදුමකී ❤️🙏
විභාගයන් සදහා ශුද්ධව් ජෝසප් කොපර්ටීනූ මුනිදුන්ට යැදුම
විශ්වාසයෙන් ඔබගේ දුවා දරුවාට උච්චාරණය කිරීමට දෙන්න
ඔබගේ සියලුම තරග විභාගයන් සදහා සුදතුම් වරම් පතා දෙවිදුන් යදින්න

04/06/2026

මරණය යනු සියල්ලේ අවසානය නොවේ

04/06/2026

ජීවිතයේ ප්‍රශ්න, කාර්යබහුලකම්, කරදර අතර...
අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා - යාච්ඤාව

ජේසුස් වහන්සේ ඔබව තවමත් ආදරයෙන් බලා සිටිනවා. ❤️
යාච්ඤාවෙන් ආරම්භ වන වෙනස, ඔබේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන්.

අද ඉඳන් නැවත පටන් ගමු. 🙏

Address

Kotugoda Road
Seeduwa

Telephone

+94773517437

Website

Alerts

Be the first to know and let us send you an email when Altar Servers Association - Immaculate Conception of Mother Mary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Altar Servers Association - Immaculate Conception of Mother Mary:

Shortcuts

Share