Monaragala Temple, Ridigama.

Monaragala Temple, Ridigama. The world largest granite samadi buddha statue(67.5 feet)
"ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ"

ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුරාධපුර පොළොන්නරු රාජධානි සමයන් මෙරට ස්වර්ණමය යුගයන් ලෙස සම්භාවිතය.මෙම දිවයිනේ ජනතාව සෞභාග්‍ය සම්පන්නව සිටි ආකාරය අද පවා එම ප්‍රදේශවල විසිරී ඇති නටබුන්වලින් පැහැදිලිවේ.ශෛලමය නෂ්ටාවශේෂ අතර විශේෂ වැදගත්කම් උසුළන බුද්ධ ප්‍රතිමා ද වේ.කැඩි බිදී නොගිය ලොකු කුඩා බුද්ධ ප්‍රතිමා අතර මහමෙවුනාවේ සමාධි පිළිමය,තොළුවිල පිළිමය මෙන්ම පොළොන්නරු සමයට අයත් ගල්විහාරයේ ප්‍රතිමා වලින් අපට පැහැදිලි

වන්නේ ශ්‍රී ලංකික ජනතාවට සම්හාවනීය මෙන්ම අනගිභවනීය අතීතයක් උරුමව පැවති බවයි.

ක්‍රි.ව.1215 න් පසු වකවානුවේ ශ්‍රී ලාංකිකයන් සතුව පැවති ඉහළම කලා නිර්මාණය වු බුදුරජාණන් වහන්සේගේ ශෛලමය ප්‍රතිමාවක් නිර්මණය නොවුයේ කවර හේයින්දැයි විද්වතුන් සොයා බලත්වා!...

අභ්‍යන්තර ආරවුල් එක් පසෙක ද,1505 න් පසු පෘතුගීසි ලංදේසි හා ඉංගීසි ආක්‍රමණයන් ද එබඳු නිර්මාණ බිහි කරන්නට තරම් යෝග්‍ය මානසික පරිසරයක් ජනතාව තුළ ඇති නොකළා විය යුතුය.

තවමත් සෑහෙන තරමේ ගවේෂණයක නිරීක්ෂණයක නොයෙදුණු,ඉංග්‍රීසී ආක්‍රමණයෙන් පසු 1818 හා 1848 අභ්‍යන්තර නිදහස් අරගල මර්දනය කරන්නට ඉංග්‍රීසීන් විසින් යොදන ලද විනාශකාරී ක්‍රියදාමයන් හේතුකොට පීඩනයට පත් දේශීය ජනතව ගම් පිටින් වල්වැදි,මොසම් වැස්සට හසුව පරම්පරා සහමුලින් විනාශ වෙද්දී ඔවුන්ට උරුමව පැවති ශිල්ප කලා තාක්ශණය වෛද්‍ය කර්ම ආදිය ඔවුන් සමගම වැළලිණි.

දේශීය නිර්මාණ බිහිකළ කලාකරුවෝ සීගිරිය නිර්මාණය කළහ.කැටපත් පවුරේ කුරුටු ගී සටහන් කළ සාමාන්‍ය ජනතාව ඉහළ ශීෂ්ටාචරයක් සහිතව සිටියහ.මේ ක්‍රි.ව.5 වැනි සියවසයි.එවකට බටහිර ලෝකයේ ඉංගීසි ප්‍රංෂ ජර්මන් ජනතාව ප්‍රථමික මට්ටමක පසු වුවෝ වෙති.එදා ඉහළ ශීෂ්ටාචාරයකට උරුමකම් කී ලාංකික අප මේ පසුවන්නේ වර්තමානයේ අපේ ජනතාව සිටිය යුතු තැනද?

බාමියන් මිටියාවතේ ක්‍රි.ව.7 වන සියවසේදී නිම වී තිබුණු ලෝකප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා 2001 වසරේ සංහාරය කිරීම හේතු කොට ගෙන ළමා සිත්තුළ මතු වු ආවේගයන් යහමගට යොමු කරවීමෙ ප්‍රයත්නයක් ලෙසින් 2002.09.13 දින ඇරඹුණු රම්බඩගල්ල මොණරාගල ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාණය ලාංකික සියළු ජනතාවගේ සහභාගීත්වයෙන් සියල්ලන්ට සැනසුම සෙත පතා මෙත් කරුණා සිත්හැම හදවත් පුරවලන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හැම හඳ සනසන අමා ගඟුලක් ම විය.

මෙරට පො දු මහත් ජනතාවට කළනොහැක්කක් නැතැයි පොදු ජන බල මහිමය මනාව පැහැදිළි කරන මහා පුණ්‍ය ප්‍රවාහයකි.මෙ ඔබ අප දකින්නේ.

21 වැනි සියවසේ ශ්‍රී ලාංකික වර්තමාන පරම්පරාව විසින් නිර්මණය කරනු ලබන මෙම අසහාය කර්තව්‍යය අනාගත දරුමුණුබුරන් වෙත දායාද කරනු ලබන අනරණීය තිළිණයක් වනු ඇත.මේ සඳහා මෙතෙආක් ශ්‍රමයෙන් හා ධන පරිත්‍යගයෙන් සහාය වු සියල්ලන් වෙත අනන්ත සම්බුදු ගුණ බලයෙන් යහපත උදාවේවායි ප්‍රර්ථනා කරමු.

22/01/2026
21/01/2026
19/01/2026
කළු ගලට පණ දී බුදුන් දැ​ක "රම්බඩගල්​ලේ පියුම" නිවී යයි! කළු ගලක් දිහා බලලා, ඒ ඇතුළේ සැඟවිලා ඉන්න බුදු රුව දකින්න අපි හැම...
19/01/2026

කළු ගලට පණ දී බුදුන් දැ​ක "රම්බඩගල්​ලේ පියුම" නිවී යයි!

කළු ගලක් දිහා බලලා, ඒ ඇතුළේ සැඟවිලා ඉන්න බුදු රුව දකින්න අපි හැමෝටම බැහැ. ඒත් කුරුණෑගල, රම්බඩගල්​ලේ විද්‍යාසාගර පිරිවෙනේ වැඩසිටි අපේ අතිගරු එගොඩමුල්ලේ අමරමෝලි ම​හනාහිමියන් ඒ හාස්කම කළා.

ඒ පින්බිම තුළ මෑත ලෝකයේ හදපු විශාලතම සෙල්මුවා බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්න පුලුවන් වුණේ උන්වහන්සේගේ ඒ අපූරු හැකියාව නිසයි.

මං තේරුං අරං හිටිය විදිහට නං ​ඒ දැවැන්ත පිළිමය තමයි අරමරමෝලි මහනාහිමියන්ගේ ජීවිතයම කිව්වොත් හරි ඒ පිළිමය තුළ තිබුණේ අමරමෝලි නාහිමියන්ගේ හදවත, ඒ පිළිමය තුළ තිබුණේ අමරමෝලි නාහිමියන්ගේ ජීවය,
උන්ව​හන්සේ මෙතෙක් කල් ජීවත්කළේ ඒ පිළිමය, වෙනත් විදිහක සිංහල කියමනකින් කියනවනං ඒ පිළිමය තම​යි උන්වහන්සේගේ මුළු ආත්මය​ම​ වු​ණේ.

"මේ මගේ ජීවිතේ" කියලා හිතලා ඒ මහා පිළිමය නිම කරන්න උන්වහන්සේ විඳපු වෙහෙස අප්‍රමාණයි. අවසානයේ තමන්ගේ ජීවිත කාලය ඇතුළත ඒ මහා පුණ්‍යකර්මය අවසන් කරලා, ලෝකයටම වටිනා උරුමයක් දීලා, අද උන්වහන්සේ නිහඬවම සමුගෙන තිබෙනවා.

අපවත් වුණාට "ඔබ වහන්සේ අපවත්වෙලා නෑ, අර සෙල්මුවා පිළිමය වැඩ ඉන්න තාක් කල් ඔබවහන්සේ වැඩ වසනු ඇති." කියලා මට හිතෙනවා.

ස⁣ටහන - ගෞරවාර්හ ආචාර්ය උඩුගම්පොළ හේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ

© සංගායනා

ශෝක නිවේදනයයි 🏳️උතුම් බුද්ධ ශාසනයට හා රට ජාතියට අපරිමිත සේවයක් සිදු කල රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රම්බඩගල්ල...
18/01/2026

ශෝක නිවේදනයයි 🏳️

උතුම් බුද්ධ ශාසනයට හා රට ජාතියට අපරිමිත සේවයක් සිදු කල රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රම්බඩගල්ල රිදීගම විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති, ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවේ නිර්මාතෘ, අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික නිකායේ මහානායක, ශාස්ත්‍රපති, ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති වූ එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක නිවේදනය මෙයින් දන්වා සිටින්නෙමු.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙ...
06/10/2025

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදීය.

එමෙන්ම සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහැර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වේ.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවා ගැනීම සඳහා දෙවනපෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යවා ඇත්තේද අද වැනි දිනකදීය.

ලක් බි‍මේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ තෙරුන්, ථූපාරාම සීමා මාලක‍යේ දී විනය පිටකය සංගායනා කිරීමද වප් පොහෝ දිනක සිදුව තිබේ.

පොසොන් පොහොය වර්ණනාව...ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් ඇමතූ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ දේශනා කළ සේක.“පින්වත...
09/06/2025

පොසොන් පොහොය වර්ණනාව...

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් ඇමතූ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ දේශනා කළ සේක.
“පින්වත් ආනන්දය, ඒක එහෙමමයි. පින්වත් ආනන්දය, ඒක එහෙමමයි. යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකලා අවසන් කරන්න බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම ආදියෙන්..”

(දක්ඛිණා විභංග සූත‍්‍රය – ම. නි. 3)

ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.

ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හී, දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දික් විජය නම් වූ යුධ වැදීමේදී මිය ගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.

මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලාසිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි. හත් හැවිරිදි නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැදුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප‍්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථා වලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.

අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුනු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත‍්‍රා කුමරියත් සසුන්ගත කරවූයේය. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් තෙවැනි ධර්ම සංගායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ‍්‍රාවක පිරිස් පිටත්කොට බුදුරජුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.

ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙසය අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවනපෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී “අනුබුදු” නමින් ලක්වැසියන්ගේ ගෞරවාදරයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.

“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප‍්‍රශ්න කළේය.

එහිදී මාහිමි ”තිස්ස, තිස්ස නවතින්න, මෙහි එන්නැයි කී බසින් වහා නතර වූ රජු අමතා නැගූ පැනයන්ට සුදුසු පිළිතුරු සැපයූ දේවානම්පියතිස්ස මහරජු ස්වකීය බුද්ධි ශක්තිය ද ප‍්‍රකට කරමින් අවිහිංසාවාදිත්වය සමග බුදු දහම වැළඳත්තේ උතුම් පොසොන් පොහෝ දිනයේදීය.

බුදුරජාණන් වහන්සේගේ ඥාන පද සතර උපමා කොට බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ ශ්‍රේෂ්ඨත්වය විස්තර කෙරෙන, ”චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස මහරජු ප‍්‍රධාන පිරිසට දේශනා කළේ ද මෙදිනය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ විෂයෙහි බුද්ධෝපස්ථානයන්ට ගොස් පෙරළා පැමිණෙමින් සිටි පිලෝපිත නම් පිරිවැජිතෙම තමන් ගෞතමයන් වහන්සේ වෙත පැහැදුනු අයුරු ජානුස්සෝනු බමුණාට බවසන්නේ ”ඇතුන් ඇල්ලීමෙහි දක්ෂයකු, වනයෙහි ඇත් පා නිරීක්ෂණය කොට, මෙම ඇත් පා අසවල් හස්ති රාජයාගේ යැයි සැක හැර දැනගන්නා ආකාරය බුදුරජාණන්වහන්සේ දේශනා කළ අයුරු ”පිලෝතික” පරිබ‍්‍රාජකයා ”ජානුස්සෝණි” නම් කොසොල් රජුගේ අග‍්‍ර පුරෝහිතයාට විස්තර කොට කී පරිද්දෙන් මිහිඳු මහරහත් වහන්සේ විසින් සුදේශිත ත‍්‍රිවිධ රත්නයේ ගුණ ප‍්‍රකාශිත ”චුල්ලහත්ථිපදෝපම සූත‍්‍ර” දේශනාව ශ‍්‍රවනය කළ දේවානම් පියතිස්ස මහරජු ප‍්‍රමුඛ හතලිස් දහසක් පමණ පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බෞද්ධ උපාසකයෝ බවට පත්වූහ. චුල්ලහත්තිපදොම සූත‍්‍රය දෙසූ දින සවස් භාගයේ ධර්මශ‍්‍රවණය සඳහා කාලඝෝෂා කළ සුමන සාමණේරයන්ගේ කාලඝෝෂා හ`ඩ අසා එතනට රැස්වූ දෙවියන්ට ද ධර්මාභිසමය විය. චුල්ලහත්තිපදොපම සූත‍්‍ර දේශනාවෙන් පසු සමචිත්තපරියාය සූත‍්‍රය, දේශනා කරන ලදී. පසුපනසක් පමණ අරිට්ඨාදී රාජකීයෝ කෙස් බාද්දී රහත් බවට පත්වූහ. අනුලාදී කාන්තාවෝ පන්සියයක් පමණ දෙනා බණ අසා සෝවාන් වූහ.

දෙවපෑතිස් රජතුමාගේ ඥාති ඝණයාටම අයිති අරිට්ඨ කුමරු ද අනුලා බිසව ද ඇතුළු රාජකීයයන් මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනා කොට වදාල ධර්ම දේශනාවන් අසා පැහැද ධර්මඥානාභිවෘද්ධිය ලැබී සසුන්ගත වීමෙන් ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ලක්දිව ප‍්‍රතිස්ථාපනය විය.

එපමණක් නොව අනාගාමීව සිටි ”භණ්ඩුක” නම් කුමරු පැවිදිව උපසපන් වූයේ ද පොසොන් පොහෝ දිනයේදීය.

මිහිදු මහරහතන් වහන්සේ පසුදින රජ මැදුරට වැඩම කොට විමානවත්ථු, පේතවත්ථු, සච්ච සංයුක්ත යන දේශනා ආදිය පැවැත්වීමෙන් අනතුරුව අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි වූහ. මේ අනුව සම්බුද්ධ ශාසනය ලක්දිව ප‍්‍රතිෂ්ඨාපනය විය

මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැතිබව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මේ පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
21/06/2024

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

ලෝකවාසී සැමට පිංබර වෙසක් පුර පසලොස්වක දිනක් වේවා.
23/05/2024

ලෝකවාසී සැමට පිංබර වෙසක් පුර පසලොස්වක දිනක් වේවා.

Address

Rambadagalla Monaragala Viharaya, Keppetigalla Road
Ridigama
KURUNEGALA,

Alerts

Be the first to know and let us send you an email when Monaragala Temple, Ridigama. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share