Monaragala Temple, Ridigama.

Monaragala Temple, Ridigama. The world largest granite samadi buddha statue(67.5 feet)
"ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ"

ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුරාධපුර පොළොන්නරු රාජධානි සමයන් මෙරට ස්වර්ණමය යුගයන් ලෙස සම්භාවිතය.මෙම දිවයිනේ ජනතාව සෞභාග්‍ය සම්පන්නව සිටි ආකාරය අද පවා එම ප්‍රදේශවල විසිරී ඇති නටබුන්වලින් පැහැදිලිවේ.ශෛලමය නෂ්ටාවශේෂ අතර විශේෂ වැදගත්කම් උසුළන බුද්ධ ප්‍රතිමා ද වේ.කැඩි බිදී නොගිය ලොකු කුඩා බුද්ධ ප්‍රතිමා අතර මහමෙවුනාවේ සමාධි පිළිමය,තොළුවිල පිළිමය මෙන්ම පොළොන්නරු සමයට අයත් ගල්විහාරයේ ප්‍රතිමා වලින් අපට පැහැදිලි

වන්නේ ශ්‍රී ලංකික ජනතාවට සම්හාවනීය මෙන්ම අනගිභවනීය අතීතයක් උරුමව පැවති බවයි.

ක්‍රි.ව.1215 න් පසු වකවානුවේ ශ්‍රී ලාංකිකයන් සතුව පැවති ඉහළම කලා නිර්මාණය වු බුදුරජාණන් වහන්සේගේ ශෛලමය ප්‍රතිමාවක් නිර්මණය නොවුයේ කවර හේයින්දැයි විද්වතුන් සොයා බලත්වා!...

අභ්‍යන්තර ආරවුල් එක් පසෙක ද,1505 න් පසු පෘතුගීසි ලංදේසි හා ඉංගීසි ආක්‍රමණයන් ද එබඳු නිර්මාණ බිහි කරන්නට තරම් යෝග්‍ය මානසික පරිසරයක් ජනතාව තුළ ඇති නොකළා විය යුතුය.

තවමත් සෑහෙන තරමේ ගවේෂණයක නිරීක්ෂණයක නොයෙදුණු,ඉංග්‍රීසී ආක්‍රමණයෙන් පසු 1818 හා 1848 අභ්‍යන්තර නිදහස් අරගල මර්දනය කරන්නට ඉංග්‍රීසීන් විසින් යොදන ලද විනාශකාරී ක්‍රියදාමයන් හේතුකොට පීඩනයට පත් දේශීය ජනතව ගම් පිටින් වල්වැදි,මොසම් වැස්සට හසුව පරම්පරා සහමුලින් විනාශ වෙද්දී ඔවුන්ට උරුමව පැවති ශිල්ප කලා තාක්ශණය වෛද්‍ය කර්ම ආදිය ඔවුන් සමගම වැළලිණි.

දේශීය නිර්මාණ බිහිකළ කලාකරුවෝ සීගිරිය නිර්මාණය කළහ.කැටපත් පවුරේ කුරුටු ගී සටහන් කළ සාමාන්‍ය ජනතාව ඉහළ ශීෂ්ටාචරයක් සහිතව සිටියහ.මේ ක්‍රි.ව.5 වැනි සියවසයි.එවකට බටහිර ලෝකයේ ඉංගීසි ප්‍රංෂ ජර්මන් ජනතාව ප්‍රථමික මට්ටමක පසු වුවෝ වෙති.එදා ඉහළ ශීෂ්ටාචාරයකට උරුමකම් කී ලාංකික අප මේ පසුවන්නේ වර්තමානයේ අපේ ජනතාව සිටිය යුතු තැනද?

බාමියන් මිටියාවතේ ක්‍රි.ව.7 වන සියවසේදී නිම වී තිබුණු ලෝකප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා 2001 වසරේ සංහාරය කිරීම හේතු කොට ගෙන ළමා සිත්තුළ මතු වු ආවේගයන් යහමගට යොමු කරවීමෙ ප්‍රයත්නයක් ලෙසින් 2002.09.13 දින ඇරඹුණු රම්බඩගල්ල මොණරාගල ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාණය ලාංකික සියළු ජනතාවගේ සහභාගීත්වයෙන් සියල්ලන්ට සැනසුම සෙත පතා මෙත් කරුණා සිත්හැම හදවත් පුරවලන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හැම හඳ සනසන අමා ගඟුලක් ම විය.

මෙරට පො දු මහත් ජනතාවට කළනොහැක්කක් නැතැයි පොදු ජන බල මහිමය මනාව පැහැදිළි කරන මහා පුණ්‍ය ප්‍රවාහයකි.මෙ ඔබ අප දකින්නේ.

21 වැනි සියවසේ ශ්‍රී ලාංකික වර්තමාන පරම්පරාව විසින් නිර්මණය කරනු ලබන මෙම අසහාය කර්තව්‍යය අනාගත දරුමුණුබුරන් වෙත දායාද කරනු ලබන අනරණීය තිළිණයක් වනු ඇත.මේ සඳහා මෙතෙආක් ශ්‍රමයෙන් හා ධන පරිත්‍යගයෙන් සහාය වු සියල්ලන් වෙත අනන්ත සම්බුදු ගුණ බලයෙන් යහපත උදාවේවායි ප්‍රර්ථනා කරමු.

22/01/2026
21/01/2026
19/01/2026
කළු ගලට පණ දී බුදුන් දැ​ක "රම්බඩගල්​ලේ පියුම" නිවී යයි! කළු ගලක් දිහා බලලා, ඒ ඇතුළේ සැඟවිලා ඉන්න බුදු රුව දකින්න අපි හැම...
19/01/2026

කළු ගලට පණ දී බුදුන් දැ​ක "රම්බඩගල්​ලේ පියුම" නිවී යයි!

කළු ගලක් දිහා බලලා, ඒ ඇතුළේ සැඟවිලා ඉන්න බුදු රුව දකින්න අපි හැමෝටම බැහැ. ඒත් කුරුණෑගල, රම්බඩගල්​ලේ විද්‍යාසාගර පිරිවෙනේ වැඩසිටි අපේ අතිගරු එගොඩමුල්ලේ අමරමෝලි ම​හනාහිමියන් ඒ හාස්කම කළා.

ඒ පින්බිම තුළ මෑත ලෝකයේ හදපු විශාලතම සෙල්මුවා බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්න පුලුවන් වුණේ උන්වහන්සේගේ ඒ අපූරු හැකියාව නිසයි.

මං තේරුං අරං හිටිය විදිහට නං ​ඒ දැවැන්ත පිළිමය තමයි අරමරමෝලි මහනාහිමියන්ගේ ජීවිතයම කිව්වොත් හරි ඒ පිළිමය තුළ තිබුණේ අමරමෝලි නාහිමියන්ගේ හදවත, ඒ පිළිමය තුළ තිබුණේ අමරමෝලි නාහිමියන්ගේ ජීවය,
උන්ව​හන්සේ මෙතෙක් කල් ජීවත්කළේ ඒ පිළිමය, වෙනත් විදිහක සිංහල කියමනකින් කියනවනං ඒ පිළිමය තම​යි උන්වහන්සේගේ මුළු ආත්මය​ම​ වු​ණේ.

"මේ මගේ ජීවිතේ" කියලා හිතලා ඒ මහා පිළිමය නිම කරන්න උන්වහන්සේ විඳපු වෙහෙස අප්‍රමාණයි. අවසානයේ තමන්ගේ ජීවිත කාලය ඇතුළත ඒ මහා පුණ්‍යකර්මය අවසන් කරලා, ලෝකයටම වටිනා උරුමයක් දීලා, අද උන්වහන්සේ නිහඬවම සමුගෙන තිබෙනවා.

අපවත් වුණාට "ඔබ වහන්සේ අපවත්වෙලා නෑ, අර සෙල්මුවා පිළිමය වැඩ ඉන්න තාක් කල් ඔබවහන්සේ වැඩ වසනු ඇති." කියලා මට හිතෙනවා.

ස⁣ටහන - ගෞරවාර්හ ආචාර්ය උඩුගම්පොළ හේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ

© සංගායනා

ශෝක නිවේදනයයි 🏳️උතුම් බුද්ධ ශාසනයට හා රට ජාතියට අපරිමිත සේවයක් සිදු කල රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රම්බඩගල්ල...
18/01/2026

ශෝක නිවේදනයයි 🏳️

උතුම් බුද්ධ ශාසනයට හා රට ජාතියට අපරිමිත සේවයක් සිදු කල රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රම්බඩගල්ල රිදීගම විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති, ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවේ නිර්මාතෘ, අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික නිකායේ මහානායක, ශාස්ත්‍රපති, ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති වූ එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක නිවේදනය මෙයින් දන්වා සිටින්නෙමු.

Address

Rambadagalla Monaragala Viharaya, Keppetigalla Road
Ridigama
KURUNEGALA,

Alerts

Be the first to know and let us send you an email when Monaragala Temple, Ridigama. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share