සබරගමුව මහ සමන් දේවාලය Sabaragamuwa Maha Saman Dewalaya

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • සබරගමුව මහ සමන් දේවාලය Sabaragamuwa Maha Saman Dewalaya

සබරගමුව මහ සමන් දේවාලය  Sabaragamuwa Maha Saman Dewalaya සබරගමුව මහ සමන් දේවලයේ නිල මාධ්‍ය ජාලය.
(2)

සබරගමුව සමන් දේවාලයේ 800 වන වතාවට පවත්වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය 2025...........                    ©️ 2025 SMSD Med...
23/07/2025

සබරගමුව සමන් දේවාලයේ 800 වන වතාවට පවත්වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය 2025...........







©️ 2025 SMSD Media All Rights Reserved

පින්බර ඇසළ පොහෝ දිනයක්!ඇසළ පොහොය දිනය බුද්ධාගමේ ඉතාමත් වැදගත් දිනක් ලෙස සැලකේ. මෙය සිඳු වන මස වන්නේ අසාලි මාසයය. බුදු සස...
10/07/2025

පින්බර ඇසළ පොහෝ දිනයක්!

ඇසළ පොහොය දිනය බුද්ධාගමේ ඉතාමත් වැදගත් දිනක් ලෙස සැලකේ. මෙය සිඳු වන මස වන්නේ අසාලි මාසයය. බුදු සසුනේ මූලික සිදුවීම් කිහිපයක් මෙදින සිදු වූ බවින්, මෙය බෞද්ධයන්ට පූජනීය දිනයක් වේ.

මෙදින සිදු වූ විශේෂ සිදුවීම්

1. ධම්මචක්කපවත්තන සුත්‍ර දේශනා
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධත්වයට පත් වූ පසු පළමු වතාවට ධර්මය දේශනා කිරීම සිදු කළේ මේ දිනයේය.
උරුවෙලසේ ඉසිපතන මිගදායෙදී පංචවග්ගිය භික්ෂූන්ට මෙම දේශනා කරනු ලැබුණි.

2. පළමු ශ්‍රාවකයා උපදවීම
"අන්න කොණ්ඩඤ්ඤෝ" යන වචනයෙන් ප්‍රකට කොණ්ඩඤ්ඤ තෙරුන් සෝවාන් මාර්ගය පත් කිරීමත්, බුදු සසුනේ පළමු ශ්‍රාවකයා පත් වීමත් මෙදින සිදු විය.

3. සංඝයාගේ ආරම්භය
දෙවැනි භික්ෂුවෙකු ලෙස වප්ප තෙරුන්ද සන්ඝයාට එකතු වූ විට, බුදු සසුනේ තෙරුවන් දෙදෙනෙකු වූ නිසා සංඝ රත්නය නිර්මාණය විය.

ආගමික වැදගත්කම

ඇසළ පොහොය දින බුදු සසුනේ ත්‍රිරත්නය සම්පූර්ණ වූ දිනයක් ලෙස හැඳින්වේ. මෙය:

බුදු රත්නය – බුදුරජාණන් වහන්සේ
ධම්ම රත්නය – පළමු දේශනාව
සංඝ රත්නය – පළමු දෙදෙනි භික්ෂූන්ගේ සංඝයා

මෙම දිනයෙන් පසු බුදු සසුන ලෝකයට පතුරන්නට පටන් ගනී.









© 2025 SMSD Media All Rights Reserved

පින්බර පොසොන් පොහෝ දිනයක්!            © 2025 SMSD Media All Rights Reserved
09/06/2025

පින්බර පොසොන් පොහෝ දිනයක්!









© 2025 SMSD Media All Rights Reserved

23/05/2025

සබරගමුවේ මාළිගාව....... 🙏


🎥 krishn weerakon








© 2025 SMSD Media All Rights Reserved

17/04/2025

රැකී රක්ෂා සඳහා පිටත්වීමේ නැකත.
~~~~~~~~~~~~~~~~~~~

උදා වු අලුත් අවුරුද්දෙ රැකියාවට යන්නේද සුබ නැකතටය.
නැකත පෙර කිරිබත් අනුභව කර තම වෘත්තීයට අනුව රැකියාවට පිටත් වන විට මල්වර වූ දියණියක හෝ බිරිඳ විසින් දිය පිරුණු කලයක් හද වතුර වීදුරුවක් රැගෙන පෙර මඟට ඒම සිරිතකි






© 2025 SMSD Media All Rights Reserved

16/04/2025

හිසතෙල් ගෑමේ නැකත
~~~~~~~~~~~~~~~~~~
හිසතෙල් ගැල්වීම සිදුකරන්නෙ ගමේ විහාරය මුල්කරගෙනය.එහිදී නායක හිමියන් හා ගමේ වෙදදුරු විසින් ඖෂධීය තෙල් වර්ගයක් හිසේ ගානු ලැබේ . මෙහිදි හිසට හා පයට දැවටෙන සේ ශාක පත්‍ර තැබීම සිරිතකි. හිසට තබන්නේ එම දිනයට අදාල හෙවත් දිනාධිපති ග්‍රහයාට අයත් ශාකයේ කොල වර්ගයි. පයට තබන්නේ ඊට පෙර දින දිනාධිපති ග්‍රහයාට අදාල ශාකයේ කොල වර්ගයි
ඖෂධීය තෙල් ගල්වා නව වසර නීරෝගීමත් භාවය අත්කර ගැනීම සිරිතය.







© 2025 SMSD Media All Rights Reserved

14/04/2025

වැඩ ඇල්ලීම , ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය නැකත
~~~~~~~~~~~~~~~~~~~~~~
උදාවූ අලුත් අවුරුද්දේ පලමුවරට වැඩ කටයුතු ආරම්භ කරන්නේද නැකතටය.මේ වන විට නිවසේ මව හා දියණිවරු ආහාර පිසීම සිදුකරන අතර පිරිමි උදවිය නැකතට වැඩ ඇල්ලීම සදහා පැලයක් සිටුවීම,කිරි ගහකට කෙටීම වැනි කටයුත්තක් ද ඉගෙන ගන්නා දරුවන් පොතක්පතක් කියවීමද සාමාන්‍යයෙන් සිදු කරයි.

මින් අනතුරුව ගණුදෙනු කිරීමේ සිරිත් ඉටු කරයි . එහිදී නිවසේ අය වැඩිහිටියන්ට බුලත් හුරුල්උ දී වැඳීම සිදුකරයි. එවිට වැඩිහිටියන් බොහො විට තෑගි බෝග, තුටුපඬුරු ලබාදීම සිදුකරයි.එමෙන්ම පෙර වසරේ තිබු අමනාපකම් නැතිකර සමාව ගැනීම සදහා බොහෝ අය මෙය අවස්ථාවක් කර ගනියි.

ආහාර අනුභවය ඉන් අනතුරුව සිදු කරයි.නොනගත ආරම්භයේ සිට ආහාර අනුභවය තහංචි වූ නිසා නව වසරේ ආහාර ගැනීම අරඹන්නේ ද නැකතකටය.නිවසේ සූදානම් කර ඇති ආහාර වල පලමු කොටස අවුරුදු කුමාරයා වෙනුවෙන් සැදූ මල්පැලෙහි තබා අනතුරුව පියා හෝ වැඩිහිටියෙක් විසින් පවුලේ සැමට ආහාර පිඬ කවනු ලැබේ . පසුව සැවොම එකට හිඳ සතුටින් ආහාර ගනු ලබයි.







© 2025 SMSD Media All Rights Reserved

13/04/2025

ආහාර පිසීම හෙවත් ළිප ගිනි මෙලවීමෙ නැකත
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ඊලගට ඇති නැකත වන්නේ ලිප ගිනි මෙලවීමයි. නොනගතය ආරම්භයත් සමග නිවස තුල ගිනි දැල්වීම තහංචි වූ අතර යලි නිවස තුල ගින්දර දැල්වීම ට අවරර ලැබෙන්නේ මේ නැකතත් සමගය. එහිදී අලුතෙන් ගොම මැටි ගා සකසා ගත් ලිප මත නැවුම් මුට්ටියක කිරි ඉතිරවීම සිදුකරනු ලබයි .







© 2025 SMSD Media All Rights Reserved

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තෙරුවන් සරණින් සමන් දෙවි පිහිටෙන්  ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව අලුත් අවුරුද්දක්...
13/04/2025

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තෙරුවන් සරණින් සමන් දෙවි පිහිටෙන් ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏






© 2025 SMSD Media All Rights Reserved

13/04/2025

අලුත් අවුරුදු උදාව
~~~~~~~~~~~~~~~~~
නොනගත සමයේදී අවට රතිඤ්ඤා, උණවෙඩි ආදි සද්දබද්ද සියල්ල නතර වෙයි. ඒ එම අවස්ථාවේවැඩපල අත්හල නිසාය. මේ ශබ්ද යලි ඇරඹෙන්නේ අලුත් අවුරුදු උදාවත් සමගය.
එහෙත් අවුරුදු උදාවේ සතුට මෙසේ සැමරුවද නිවසින් පිටතට යාම තවමත් තහංචි ලෙස සලකයි.






© 2025 SMSD Media All Rights Reserved

13/04/2025

පුණ්‍ය කාලය හෙවත් නොනගතය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන කාලය පුණ්‍ය කාලය ලෙස සලකනු ලැබේ. මේ කාල සීමාව තුළ සියලු වැඩපල අත්හල යුතුය. ආහාර අනුභවය ද සපුරාම තහංචි ය. මිදුලේ සෙල්ලම් කිරීම, ආහාර පිසීම, යාබද නිවෙස්වලට යාම ආදී දෛනික කටයුතු තහංචි වේ. මේ කාල සිමාව තුල සුබ මුහුර්ත නොමැති බැවින් අපේ ජනතාව නිවසින් බැහැරව විහාරයට ගොස් ආගමික වතාවත් වල නිරත වෙති..






© 2025 SMSD Media All Rights Reserved

Address

Panadura Road
Ratnapura
70000

Opening Hours

Monday 07:30 - 21:00
Tuesday 07:30 - 21:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 21:00
Saturday 07:30 - 21:00
Sunday 07:30 - 21:00

Telephone

+94452221411

Website

Alerts

Be the first to know and let us send you an email when සබරගමුව මහ සමන් දේවාලය Sabaragamuwa Maha Saman Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සබරගමුව මහ සමන් දේවාලය Sabaragamuwa Maha Saman Dewalaya:

Share