කුලඟන සමිතිය

කුලඟන සමිතිය උතුම් වූ බුදු දහමේ චිරස්ථිතිය හා දැහැ?

වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බ...
08/10/2022

වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම

අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම

මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම,

සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම,

අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම,

පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ.

බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු අසූකෝටියක් මාර්ග ඵලයන්ට පත්කර අනතුරුව වප් පොහෝදින වස් පවාරණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවිවරුන්ගේ ගරු බුහුමන් මධ‍්‍යයේ රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේත් වප් පොහෝ දිනයේය.
ඒ අසිරිමත් බුදු පෙළහර දුටු සැරියුත් මහරහතන් වහන්සේ සර්වඥයන් වහන්සේට වන්දනා කර මෙසේ ප්‍රකාශ කළහ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස මෙවන් අසිරිමත් බුද්ධ ශ්‍රීයක් තමන් වහන්සේ මෙයට පෙර නොදුටු බවත්, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අරඹයා දහම් දේශනා කළ විට දෙවියන් ඇතුළු විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීය. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික භික්ෂූන් පන්සීයක් පමණ රහත් බවට පත් වූහ. සැරියුත් තෙරුන් හා ඇතිවූ ධර්ම සාකච්ඡාව ඇසූ බොහෝදෙනා එහිදී බුදුබව ප්‍රාර්ථනා කළහ. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ‍ද මෙහිදී පැවිදි බව ලබාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත්තේ ද මෙම උතුම් වප් පොහෝ දිනක වේ.

මහින්දාගමනයෙන් පසු දෙවන පෑතිස් මහ රජතෙම මහත් ශාසනික සේවාවක් කොට මිහිඳු හිමියන්ගෙන් එක් අවස්ථාවකදී විමසා සිටියේ ශාසනය ලක්දිව පිහිටියේද යන්නයි. එයට පිළිතුරු දුන් මිහිඳු මාහිමියෝ වදාළේ ශ්‍රී ලංකාවේ මව්පියන්ට දාව උපන් දරුවකු හැදී වැඩී මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මේ රටේදීම විනය සංගායනාවක් පවත්වනතුරු ශාසනය නොපිහිටන බවත්ය. අනතුරුව දෙවන පෑතිස් රජුට ඥාතීත්වයක් ඇති අරිට්ඨ අමාත්‍යවරයා මෙහෙණි සස්න පිහිටුවීමට හා ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරගෙන ඒමට දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරියේත් මෙම පෝ දිනකදී වීමත් අරිට්ඨ කුමරු මහණ උපසම්පදා ලැබගෙන පන්සීයක් පිරිස සමඟ මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ ද අදවන් වප් පුන් පොහෝ දිනකදී වේ.

‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනය. වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර ඇත. මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ බැවිනි. අට මහා කුසල් ගණයට අයත් පිංකම් අතර පළමු පිංකම වන්නේ කඨින චීවර පූජාව වේ. ‘කඨිනට්ඨ පරිකනාරං‘ යනුවෙන් එය සඳහන් වේ. භික්ෂූන් වහන්සේලාට මෙන්ම සැදැහැවත් ගිහි ජනතාවට ද මෙම කාලපරිච්ඡේදය ඉමහත් ආනිසංස ගෙන දෙන කාලයක් වේ. මෙම කඨින පිංකම කර ගැනීමට කරුණු ගණනාවක්ම සම්පූර්ණ විය යුතු වේ. එම කරුණු අතර උපසම්පදාවලත් භික්ෂු නමක් ඇසළ පොහෝ දින පොහොය කර අව පෑළවිය දින පෙරවස් සමාදන් විය යුතුයි. තවද අකනිට්ඨක බඹ ලොවට උසට රත්රන්වලින් ථූපයක් සාදා පූජා කළත් එහි ආනිසංස කඨින චීවර පූජාවකින් ලැබෙන ආනිසංස දහසයෙන් කොටසක්වත් නොවන බව දැක්වේ. මහපොළව මෙන් කම්පා නොවෙන මහාමේරූ පර්වතය මෙන් නොසෙල්වෙන වජ්‍රපර්වතය මෙන් නොමිදෙන හෙයින් කඨිනය යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ. මෙහි අනුසස් එතරම්ම බලවත් වේ. පංචානන්තරීය අකුසල කර්මයක් හැර ඉන් මෙහා යම් යම් සුළු අකුසල කර්ම කළත් ඒවායේ විපාක යටපත් කර කඨිනයේ ආනිසංස ලැබෙන බව දක්වා ඇත. තවද මෙම පිංකමේ ඉතාම වැදගත්කම ප්‍රකට කරන නාගිත හිමියන්ගේ චරිතාපදානය කඨින පිංකමේ අනුසස් මැනවින් ප්‍රකාශ කර ඇත. එවැනි උදාර පිංකම් මෙම වප් පොහෝ දිනයේ ආරම්භ කිරීම මෙම පොහෝ දිනයේ වැදගත්කම මැනවින් ප්‍රකට වේ.

( උපුටා ගැනීමකි )

24/09/2022
🙏
24/09/2022

🙏

🌸 රහත් වූ වේද, පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි.සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්ස...
26/08/2022

🌸 රහත් වූ වේද, පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි.

සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය.

ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය.

නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය තිබෙන සේ පෙනුන ද දානය බෙදුවේ ද ඒවා වියළී යයි. ජීවත්වීමට පමණක් ස්වල්පයක් ඉතිරි වේ.

පිරිනිවන්පාන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලැබුණේය.

මෙය දැනගත් සැරියුත් හිමියෝ පිරිනිවෙන දිනයේ ප්‍රණීත දානයක් භික්ෂුවක් අතේ එවන්නට යෙදුණා. දානය ගෙනා භික්ෂුව එය මඟදී වළඳා එය ද නො ලැබුණි.

මෙය දැනගත් විට සැරියුත් හිමියෝ සංවේග වී චතුමධුර පාත්‍රයක් ගෙන තම අතේ තිබිය දී ම ලෝසක හිමිට එය වළදන්නට දුන්නේ ය.

මෙදින මුළු ජීවිත කාලයේ ම කුස පිරෙන්න ආහාරයක් ලත් දිනය විය. මේ හිමිගේ පූර්ව කර්මය බුදු නුවණින් දැක මෙසේ වදාළේ ය.

මේ ලෝසක හිමි කාශ්‍යප බුදු සසුනේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් භාවනා කළේ ද ලාභාශාවෙන් රහත් හිමි නමක ගේ සිව්පසය වැළකුවේ ය. තම දායකයෝ එම රහත් හිමිට සිව්පසයෙන් සලකන විට කැමති නො වුණි. රහත් හිමිට දෙන්න යැයි දුන් කිරිබත් පාත්‍රය ද තරහ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය.

මේ දූෂිත කර්මයෙන් අපායෙහි ඉපිද අවුරුදු ලක්ෂ ගණනක් දුක් වින්දේ ය.

ආත්ම පන්සීයක්ම පිළිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනි.

ඒ ජාති පන්සීයෙහි ම බඩපුරා කෑවේ එක ම දවසක ය, කෑවේ ද ගැබ්මළ ගොඩකි.

එයින් පසු තවත් ආත්ම පන්සීයක් ම සුනඛව ඉපදුණි.

ඒ ජාති පන්සීයෙහි ම බඩ පුරා කෑවේ එකම දවසක් ය. එදා ද කෑවේ වමනය කළ බත් අසූචියකි.

මනුලොව ද ඉපිද බොහෝ දුක් විඳි අතර මේ අවසන් ආත්මයේ ද පිළිසිඳගත් දින පටන් මුළු ප්‍රදේශයේ ම කටයුතු පිරිහී ගියේ ය. මිනිසුන් කාලකණ්ණියා කවුදැ යි සොයා මේ මව ගමින් ද පන්නා දැමීය. ඕ තොමෝ ඉන්නට තැනක්, කන්නට බතක්, බොන්නට දියක්, අඳින්නට වතක්, යන්නට මඟක් නො වූයෙන් දුකින් දුකට ම පත් වූවා ය. පසුව මොහු ලොවට බිහිකොට පයින් ඇවිදින්න හැකි වෙන තෙක් හදා කබලක් දී පාරේ අතහැර දැමූ අතර එදා සිට ඉඳුල් කා හැදුණේ ය.

බලන්න සත්පුරුෂයෙනි, එක් දිනක රහත් හිමි නමක ගේ ලාභයක් වැළැක් වූ පවින් බුද්ධාන්තරයක් ම දුක් දුන්නේ ය. එබැවින් කර්මයට බිය වෙත්වා!

(ජාතකට්ඨ කථා - ලෝසක ජාතකය 209 පිට)
උපුටා ගැනීමකි !
තෙරුවන් සරණයි !

17/08/2022
සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියෝදපනංඒතං බුද්ධාන සාසනං සියලු අකුසල් නොකිරීමට ද, සියලු කුසල් දහම් වැඩීමට ද, ත...
16/08/2022

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

සියලු අකුසල් නොකිරීමට ද, සියලු කුසල් දහම් වැඩීමට ද, තමාගේ සිත පිරිසිදු කර ගැනීම ද, යන කරුණු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි...!

සාදු 🌸 සාදු 🌸 සාදු 🌸

නිකිණි පොහෝ දිනය ශ්‍රී අභිනවාරාමස්ථානය
11/08/2022

නිකිණි පොහෝ දිනය ශ්‍රී අභිනවාරාමස්ථානය

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!
11/08/2022

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී.🙏පින්බර නිකිණි පොහොය දිනය අදයි.💠බෞද්ධයන් වන අප සැමට පො...
11/08/2022

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී"
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී.🙏

පින්බර නිකිණි පොහොය දිනය අදයි.

💠බෞද්ධයන් වන අප සැමට පොහොය යනු ඉතාමත් වැදගත් දිනයක් වේ.

💠මෙම පොහොය දිනයන් අතරින් අප අද මුලින්ම අවධානය යොමු කරනු ලබන්නේ අගෝස්තු එනම් නිකිණි පුර පසළොස්වක පොහොය පිළිබඳවයි.

💠පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම පහත පරිදි පෙළ ගැසිය හැකිය.

✍️භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස, පසු වස යනුවෙනි. ඇසළ පුන් පොහෝ දිනයේ පොහොය කොට ගෙන ඇසළ අව පෑළ දිනයේ පෙර වස් එළඹීම කළ යුතු වන අතර, නිකිණි පුර පසළොස්වක පොහෝදා නිකිණි අව පෑළවිය දා පසු වස් එළඹීම සිදු කළ යුතු වෙයි.(පෙර වස් මගහැර ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම)

✍️ශාසන ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මෙන්ම ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද හාමුදුරුවන් රහත් භාවයට පත් වූයේ නිකිණි පුර පසලොස්වක පොහොය දිනයකදීය.

✍️වංශ කතා වලට අනුව බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පසළොස්වක පොහොය දිනකදී ය.

✍️අජාසත් රජු ගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද නිකිණි පුන් පොහෝ දිනකදී ය.

✍️ අසිරිමත් දළදා පෙරහැර පවත්වනු ලබන්නේ ද නිකිණි පුන් පොහෝදා වීම විශේෂ කරුණකි.

🙏ඔබ සැමට පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!!!

තෙරුවන් සරණයි!!!

03/08/2022

🌿බුදු ගුණ වැඩීමේ අනුසස් ...🌼

♦️සතර අපායට පත් නොවීම
♦️පිටසක්වල නූපදීම
♦️අඳ, ගොළු, බිහිරි, ආදී අභව්‍ය නොවීම
♦️උම්මත්තක නොවීම
♦️මිසදිටු නොවීම
♦️පාපයට ලැජ්ජා, බිය ඇතිවීම
♦️අධි කුසලයට සිත නැමීම
♦️අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
♦️විශාරද වීම
♦️සිහිය සහ නුවණ ලැබීම
♦️මරණයට භය නැති වීම
♦️මුහුණේ වර්ණය පැහැපත් වීම
♦️ලෝකයාට ප්‍රියමනාප වීම
♦️වස, විස, අවි, ආයුධ, ගිනි, විපත් වලින් වැලකීම
♦️බොහෝ කොට ප්‍රත්‍ය ලැබීම
♦️දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
♦️අන් අයගේ කරුණාවට ලක්වීම
♦️භූත, පිසාච, ප්‍රේත, ආදී විපතට ලක් නොවීම
♦️තමන් සිතූ පැතූ දේ ඉෂ්ඨ වීම
♦️බුදු බව පවා පැතීමට සිත නැඹුරු වීම
♦️තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
♦️සුවසේ සැතපීම
♦️සුවසේ අවදිවීම
♦️නපුරු සිහින නොපෙනීම
♦️වහා සිත සමාධිගත වීම
♦️මරණින් පසු සුගතියකට යෑම
♦️සම්මා දිට්ඨියෙහි පිහිටීම
♦️ධාරණ ශක්තිය හා ධර්මය අවබෝධ කර ගැනීමේ දක්ෂ බව
♦️බුදුගුණ වැඩූ යමෙක් නම් උපක්ලේශයක් නිසා බුදු කෙනෙක් මුණ නොගැසී නම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
♦මේ ජීවිතයේ බුදුගුණ වඩා මඟපල නො ලද නම් සුගතියේ උප්පත්තිය
♦️භය, තැතිගැනීම, ලොමු ඩැහැ ගැනීම සිදු නොවීම
♦️සෑම කෙනෙක්ම තමා වෙත නැමී ගත් පැවතුම් ඇති වීම
♦️තම යෝජනා අදහස් අන් අය එක ලෙසම පිළිගැනීම
♦️කොඩිවින, බන්ධන, ඇස්වහ, කටවහ, විපත් සිදුනොවීම
♦️ප්‍රභූවරුන්ගේ ගෞරවය සැලකිල්ලට භාජනය වීම
♦️නිහතමානී පැවතුම් හා ගතිගුණ දියුණු වීම
♦️බුදුගුණ වඩන්නා සත්‍යවාදියෙකු වීම
♦️බුදුගුණ වඩන්නා නිතරම සතුටු සිතින් වාසය කිරීම
♦️සියලු පවින් වැළකීම
♦️නිවන් දකින තුරු සියලු සම්පත් ලැබීම
♦️නිවන් සුව ලැබිම

🙏🌼🌿☸️ ...

☸️ප්‍රේතයන්ට පින් දීම සහ එහි ආනිසංස ☸️⚜️======⚜️======⚜️======⚜️======⚜️💠 ඥාති ප්‍රේතයෝ තමන්ගේ ගෙය කරා පැමිණ, බිත්තියෙන්...
03/08/2022

☸️ප්‍රේතයන්ට පින් දීම සහ එහි ආනිසංස ☸️
⚜️======⚜️======⚜️======⚜️======⚜️
💠 ඥාති ප්‍රේතයෝ තමන්ගේ ගෙය කරා පැමිණ, බිත්තියෙන් පිටත ද, දොර මුලුවල ද, හතර මං හන්දිවල ද සිටිති. එහෙත් ඒ අයගේ අකුසල කර්ම නිසා කිසි ම නෑදෑයෙක් ප්‍රණීත කන බොන දෑ ඇති අවස්ථාවල දී ඒ අය සිහි නොකරති.

💠 මිය ගිය ඥාතීන්ට අනුකම්පා කරන්නෝ ප්‍රණීත, පිරිසිදු, කැප ආහාර පාන දන් දී ‘මේ පින් පරලොව ගිය අපගේ නෑයන්ට වේවා. ඒ ඥාතීන් සුවපත් වේවා’ (ඉදං වො ඤාතිනං හොතු - සුඛිතා හොන්තු ඤාතයො) යි පින් අනුමෝදන් කරති.

💠 ඒ නෑදෑ ප්‍රේතයෝ පැමිණ, තමන් උදෙසා මෙසේ දන් දී පින් අනුමෝදන් කරන ඥාතීන්ට මෙලෙස සෙත් පතති. ‘නෑයන් නිසා අපට මේ සම්පත් ලැබුණා. ඒ අය බොහෝ කල් ජීවත් වෙත්වා’. මෙසේ ඒ දායකයන් ද ඵල රහිතයෝ නොවෙති.

💠 ඒ ප්‍රේත ලොව ගොවිතැන්, වෙළඳාම, රන් රිදී, මුදල් ගනු දෙනු නැත. ඒ අය මිනිස් ලොව සිටින තමන්ගේ ඥාති හිත මිතුරන් විසින් දෙන පිනෙන් යැපෙති. උස් බිමකට වැටෙන ජලය පහත් බිමකට ගලා යන්නා සේ, මිනිස් ලොව සිටින්නන් අනුමෝදන් කරන පින් ඒ අයට ලැබෙයි.

💠 මිනිස් ලොව වසන්නවුන් විසින් මිය ගිය අය සිහි කර ‘ඒ අය මිනිස් ලොව ජීවත් ව සිටිනා කල;

◼️මට මෙබඳු ධන ධාන්‍ය දුන්නෝය.

◼️මාගේ මේ මේ කටයුතුවලට උපකාර කළෝය.

◼️මාගේ නෑයෝය.

◼️මාගේ හිත මිත්‍රාදීන්ය’ ය.

💠 මෙසේ කරන ලද උපකාර හා තම හිතවත්කම් සිහි කරමින් දන් දිය යුතුය.

💠 මිය පරලොව ගිය අය ගැන සිහි කර හැඬීමෙන් හෝ වැලපීමෙන් හෝ ශෝක කිරීමෙන් ඒ අයට සිදු වන යහපතක් නැත. ඒ අය සිටිනා තැන්වල ම සිටිති. එහෙත් එසේ කරන අනුවණ නෑයෝ ද සිටිති. ඒ අය සිහි කර සංඝයා විෂයෙහි දන් දී අනුමෝදන් කළ පින්වල විපාක එසැණින් ප්‍රේතයන්ට ලැබේ. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළ යුතු ඒ ඥාති ධර්මයයි.

මෙසේ කරන කුසල් (දාන);

◼️නෑයන්ට යුතුකම ද වෙයි.

◼️ප්‍රේතයන්ට මහත් පූජාවක් ද වෙයි.

◼️භික්ෂූන්ට බලය ලැබීම පිණිස ද වෙයි.

◼️දන් දෙන්නන්ට මහත් පිනක් ද වෙයි.

තිරොකුඩ්ඩ සූත්‍රය ඇසුරින් 👇
https://pitaka.lk/main?n=37160

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය 1 - පිටු අංක 14 - 17 / පෙතවත්ථුපාළි - පිටු අංක 06 – 07)
( Dinithi Nimasha සොයුරියගෙ පිටුවෙන් )

බෞද්ධයන්ට අමතකව ගිය  #විශ්ව_කර්ම_දිව්යරාජයාණන් වහන්සේ.විශ්ව කර්ම දෙවියන් යනු දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියායි. ඒ දෙවි...
02/08/2022

බෞද්ධයන්ට අමතකව ගිය #විශ්ව_කර්ම_දිව්යරාජයාණන් වහන්සේ.
විශ්ව කර්ම දෙවියන් යනු දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියායි. ඒ දෙවියන් දිව්‍ය ලෝකයට අධිපති සක් දෙව් රජුන්ගේ නියෝගයෙන් විවිධ නිර්මාණ බිහි කරයි. එතුමා සැබවින්ම තෙරුවන් සරණ ගිය බෞද්ධ දෙවියෙකි. මහානුභාව සම්පන්නය.
ලක්දිවට සිළුමිණ වන් ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ තැනීමට සේම අප සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිදන්ව සේරුවාවිල ඉදිවූ මංගල මහාසෑය සඳහාද අවශ්‍යව තිබූ ගඩොල් මැවීම සිදු කරන ලද බව සඳහන්ය.
බුදුරජාණන් වහන්සේ සුනාපරන්ත ජනපදයට වැඩීමට සූදානම් වූ විට කූටාගාර පන්සියයක් (ගගන යාත්‍රා) මැවීම කළේද මෙතුමාය.
සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවී ගිය කළ චිතකය රමණීය ආකාරයෙන් සැරසීම කළේද මෙතුමාය.
සක් දෙව් රජුන්ගේ නියෝගයෙන් කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තැන්පත් කිරීමට රමණීය කූටාගාරයක් මැවූ බැව් සදහන්ය.
මේ ආකාරයෙන් බුදු සසුනට අදාළ තව බොහෝ කටයුතු වලට මේ දෙව්රජුගේ දායකත්වය ලැබී ඇත.
එසේ වුවද වර්තමානයේ මේ සාක් මහානුභාව සම්පන්න දෙව් රජු සම්පූර්ණයෙන්ම පමණ අමතක කොට ඇති බව පෙනේ.
රූප මාලාවට අනුව මේ දෙව් රජුගෙ හිස් පහෙන් සහ දෑත් දහයෙන් සංකේතවත් වන්නෙ..
එක අතක - පුස්කොළ පොත
එක අතක- පන්හිඳ
එක අතක - කඩුව
එක අතක- දෙළුම් ඵලය
එක අතක- පැන් කෙණ්ඩිය
එක අතක- නාගයෙක්
එක අතක- පුන්කලස
එක අතක- නවගුණ වැල
එක අතක- ලඹය
එක අතක- බෙදුම් කටුව යන මේවාය.
වාහනය සුදු ගවයෙකි.
තවුතිසා දිව්‍ය භවනේ වැඩ සිටින මෙතුමා බුදු සසුනේ චිර පැවැත්මට ඇවසි බොහෝ දේ මේ වන විටත් සිදු කර තිබේ.
ලක්දිව බෞද්ධයක්ට මෙලෙස මේ දෙව් රජු අමතකව ගියත් දඹදිව වැසියන් විශ්වකර්ම දිනය නමින් දිනයක් සැප්තැම්බර් මාසයේ වෙන්කොට ගනිමින් මෙතුමාගේ ගුණ සමරනු දැක ගත හැකිය..
බුදු සසුනේ මහත් වැඩ රාශියක් සිදු කරමින් බොදුණුවන්ට සමීප වූ මේ මහානුභාව දිව්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ විමසා දැන ගෙන සිටීම බොදුනුවන් ගෙන් අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි...
©.නිසල.path.nirwana
මෙම පලකිරීම සිදු කලේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් ප්‍රවර්ධනය උදෙසා නොව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා බුද්ධ ශාසනය ප්‍රවර්ධනය උදෙසා කළ උතුම් සේවයට කෘතගුණ සැලකීමක් වශයෙනි.
බුදු දහම රකින සම්මා දිට්ඨික දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම බෞද්ධ අපේ යුතුකමකි.

Address

Kokatiyawela
Ratnapura
70066

Telephone

+94765694995

Website

Alerts

Be the first to know and let us send you an email when කුලඟන සමිතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share