බුදුගල්ලෙන රජමහා විහාරය - Budugallena Rajamaha Viharaya

  • Home
  • Sri Lanka
  • Rambukkana
  • බුදුගල්ලෙන රජමහා විහාරය - Budugallena Rajamaha Viharaya

බුදුගල්ලෙන රජමහා විහාරය - Budugallena Rajamaha Viharaya උතුවන්කන්දට මායිම්ව කෙම්පිටිකන්ද ග්?
(1)

අපවත්වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ කෑගල්ල දිස්ත්‍රික් උප ප්‍රධාන සංඝනායක, බුදුගල්ලෙන රජමහා විහාරයේ විහාරාධිපත...
17/01/2024

අපවත්වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ කෑගල්ල දිස්ත්‍රික් උප ප්‍රධාන සංඝනායක, බුදුගල්ලෙන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ගංහැල නාරද ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා...!

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය, අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ විසින් පිහිටුවීමත් සමඟ මෙරට පූජනීය වස්තූන් ලෙස ව්‍යාප්තව ගි...
05/02/2022

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය, අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ විසින් පිහිටුවීමත් සමඟ මෙරට පූජනීය වස්තූන් ලෙස ව්‍යාප්තව ගියේ ස්ථූපයත් බෝධි වෘක්‍ෂයත්ය. විශේෂයෙන් බෝධි වෘක්‍ෂය මහින්දාගමනයේ ආරම්භයේදීම ලක්දිව පුරා ව්‍යාප්තවී යාම එක් අතකින් බුද්ධ ධර්ම ය පැතිරවීමේ සංකේතයක් විය. බෝධින් වහන්සේ මුලික කර ගනිමින් “ඇසතු පූජාව” පැතිර ගියේය.

මේ අනුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට පෙර ඒ වෙනුවට ගලින් කරන ලද ආසනයක් බෝධීන් වහන්සේ ළඟ තබා වන්දනාමාන කළහ. කල්ගතවීමත් සමග මුලින් තැබු ආසනය මත බුද්ධ ප්‍රතිමාවක් තැම්පත්කොට බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේ යට වැඩ හිඳ බුද්ධත්වය ලැබූ ඇයුරු නිරූපණය කළහ.

ලංකා ඉතිහාසයෙහි ප්‍රථම වරට බුදු පිළිමයක් කරවීම ගැන වාර්තාවන්නේ “දේවානම්පියතිස්ස මහා රජතුමාගේ ශාසන සේවයේදීය. එතුමා විසින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණයකොට එය ථූපාරාමයේ තැම්පත් කළ බව මහාවංසයේ සදහන් වේ. (මහාවංසය - 36 = පරි .128 -129 ගාථා) එම පිළිම වහන්සේ “ඌරු සිලා පඨිමා “ යන නමින් වංශ කථාවේ සඳහන්ව ඇත.

මින් අනතුරුව බුදු පිළිමයක් කරවීම පිළිබඳ වාර්තාවන්නේ “රුවන්මැලි සෑ ධාතු ගර්භය තුළ ශ්‍රී මහා බෝධින් වහන්සේ යට වජ්‍රාසනාරූඪව බුදුරජාණන් වහන්සේ වැඩ හුන් ආකාරයට බුදු පිළිමයක් කරවීමය. මෙම නිර්මාණයද බෝධින් වහන්සේව ඇසුරුකර කරවීම සැලකිල්ලට භාජනය විය යුතුය. එදා පින්වත් දුටුගැමුණු මහා රජතුමා සිය දාගැබ තුළ තුන් දිසාවක බෝධිය යට ආසන කරවා නැගෙනහිර දිසාවේ ආසනය මත පිළිමයක් කරවා තිබීම යන්න තර්කානු කූලය. එතෙක් වන්දනීයව පැවතියේ ආසනය නිසා එයට ගරු කරමින් තුන් පැත්තක ආසන කරවා ශාසනික විප්ලවයක් කරනු කැමතිවු රජතුමා නැගෙනහිර දිග ආසන බුදු පිළිමයක් තැම්පත් කිරීමෙන් අලුත් මතයක් රටට දුන් බව සිතිය හැකිය. මෙම සිද්ධිය ක්‍රි.පූ. දෙවන සියවසට අයත් වන බැවින් බුදු පිළිම නිර්මාණය කිරීම පිළිබඳ එම යුගයේ සිදුවන්නට ඇති බවද යම් ආකාරයෙකින් සිතිය හැකිය.

ක්‍රි.ව. 66 දී රාජ්‍ය ප්‍රාප්ත වසභ රජු බුද්ධ ප්‍රතිමා සතර නමක් නිර්මාණය කොට ශි‍්‍ර මහා බෝධින් වහන්සේ අසල තැම්පත් කළේය. එයත් සිදුකරනු ලැබුවේ බෝධින් වහන්සේ ඇසුරු කොටය.මෙම පුවත් පුරාවිද්‍යාත්මකව සනාථ කළ නොහැකි වුවද මේ වටා ගොඩනැගි තැබෙන දත්ත මුල් කරගනිමින් යම් ආකාරයක තාර්කික නිගමනයක් ඇති කළ හැක. එනම් මෙම යුගයන් තුළ බුදු පිළිමය ගැන යම් හෝ ඉඟියක් ඇතිවී තිබුනේ බුද්ධ ප්‍රතිමාව ගැන සමාජය තුළ අවබෝධයක් තිබුනු නිසාවෙනි. 1 වන දෙටුතිස් රජු දවසේ බුදු පිළිමයක් ගැන සඳහන් කර එය දේවානම් පිය තිස්ස රජතුමාගේ කෘතියකැයි කියතත් එය පිළිගැනීමට තරම් පුරාවිද්‍යාත්මක සාධක තවම නොමැත. මේ අනුව ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රි.ව. 1 වන සියවස තෙක් ගත වූ කාල පරිච්ඡේදය තුළ ලක් දිව බුදු පිළිමය පහළ වූ බව සිතිය හැකිය.

බුද්ධ ප්‍රතිමාවක් පළමුවෙන් කරවූයේ වයඹ දිග ඉන්දියාවේ පුරුෂ පුරයේ කණිෂ්ක රජු විසින් යැයි මතයක් ඉන්දියාවේ පුරුෂ පුරයේ කණිෂ්ක රජු විසින් යැයි මතයක් කලකට පෙර පැවතියේය. ඒ මතයට ප්‍රධාන හේතුව වුවේ කණිෂ්ක රජ රාජ්‍යයට පත්වුවේ ක්‍රි.ව. 78 දීය යන වැරදි මතය නිසාවෙනි. නමුත් “වින්සන්ට් ස්මිත් “ වැනි විශාරදයන් මුලදී ඒ මතයෙහි පිහිටා සිටියත් පසුව ඒ මතය වෙනස් කරමින් ඔහුගේ රාජ්‍ය වර්ෂය ක්‍රි.ව. 120 විය යුතුයයි අනුමාන කරන ලදී. තවත් ඇතැම් ඉතිහාසඥයන් ක්‍රි.ව. 140 යැයිද විශ්වාස කරයි. කෙසේ වුවත් කණිෂ්ක ගාණ්ධාරයෙහිය. බුදුපිළිම නිර්මාණය කරවන විට ඉන්දියාවේ “ මථූරාවෙහි හා ශ්‍රී ලංකාවේ බුදු පිළිම නිර්මාණය කරවා තිබුණි.

ක්‍රි.ව. 1 වන සියවසට අයත් මථුරා බුදු පිළිමය මේවන විට සොයාගෙන තිබේ. නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ කිසිම බුදු පිළිම ආසනයක ලේඛන දක්නට නොමැති හෙයින් ලක් දිව බුදු පිළිම පිළිබඳ කාල නිර්ණය කළ යුත්තේ නිර්මාණ ලක්‍ෂණ හා ශෛලිගත වෙනස්කම් අනුව පමණි.

ක්දිව බුදු පිළිමයෙහි භාරතයේ ලැබෙන බූදු පිළිමයන්ට වඩා බොහෝ දුරට වෙනස්කම් දක්නට තිබේ. ලක්දිව බුද්ධ ප්‍රතිමාව තරමකටවත් සමාන වන්නේ “ආන්ද්‍රා බුද්ධ ප්‍රතිමාවන්ටය. මෙම ආන්ද්‍රා ප්‍රතිමාව ඇති වුවේ ක්‍රි.ව. 25 වන ශත වර්ෂවලදීය. මේ කාලයට අයත් ආන්ද්‍රා ශිලා ලේඛනයකින් පෙනී යන්නේ එකල ලක්දිව මහා විහාරයට අයත් විහාර ශාඛාවක් ආන්ද්‍රයේ “නාගාර්ජුන කොණ්ඩයෙහි “ තිබූ බවය. එකල එහි වන්දනාමාන කිරීමට තිබුනේ ශ්‍රීපාද ලාංඡනයක් බව එහි සදහන්ව ඇත. එයින් නිගමනය කළ හැක්කේ ආන්ද්‍රා බුද්ධ ප්‍රතිමාව පහළ වුවේ ලක්දිව බුද්ධ ප්‍රතිමාව පහළ වී කලකට පසු බවයි.

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය භාරත බුද්ධ ප්‍රතිමාවට වඩා පැරණි බව එම නිර්මාණීය ලක්‍ෂණ වලින්ද කලා ශෛලීන්ගෙන්ද අනුමාන කළ හැකිය. ලංකාවේ නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා කලා ශෛලියට අනුව වර්ග කරන විට

හිඳි පිළිම
හිටි පිළිම හා
සැතපෙන පිළිම

යැයි තුන් වර්ගයකි. මෙයින් ආදීම බුද්ධ ප්‍රතිමාව හිඳි පිළිමය විය යුතුය. අප මුලින් සඳහන් කරන පරිදි එය බෝධින් වහන්සේ යට නිරාවරණව මුලදී තබන්න ඇත. තවද බුද්ධානුස්සති භාවනාව සඳහා අරමුණු කරගැනීමට යෝගාවචර භික්‍ෂූන් වහන්සේලා විසින් පහසුවෙන් රැගෙන යා හැකි කුඩා හිඳි පිළිමද එදා ප්‍රයෝජනයට ගත් බව සිතිය හැකිය. ඉපැරණි ලක්‍ෂණ ඇති එවැනි කුඩා බුදු පිළිම යැයි සිතිය හැකි කිහිපයක් පුරා විද්‍යා කැණීම් මගින් දැනට සොයාගෙන තිබේ.

ලංකාවේ බුදුපිළිම වලට ආවේණික ලක්‍ෂණ කිහිපයකි. එය දේශීය කලා ශෛලියකට අනුගත වන ලෙස ඉස්මතු කර දක්වා තිබේ. එහි ආවේණික ලක්‍ෂණ ලෙස සෑම වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවකම වීරාසනයෙන් හා සමාධී මුද්‍රාවෙන් යුක්තය. වීරාසන ක්‍රමය නිසා වැඩහිඳි විට දෙදණ අතර දුර ප්‍රමාණයත් උසත් බොහෝ දුරට සමානය. ලෝකයේ බොහෝ රටවල නිර්මාණය කර ඇත්තේ පද්මාසන ක්‍රමය නිසා ඒවායේ උස, පළල සමාන නොවේ. විශේෂයෙන් බදුලුලෝහ ප්‍රතිමාව හෝ පන්කුලිය සෙල් පිළිමය පමණක් වෙනත් මුද්‍රාවකින් නිර්මාණය කර තිබේ. එම ප්‍රතිමා අනුරාධපුරේ අවසාන යුගයට අයත්වේ. එසේම ථූපාරාම පුදබිමෙන් ලැබුණු අර්ධ උභයංගික ප්‍රතිමාව හැරෙන විට අනික් සියලුම බුදුපිළිම ඒකාංගික වේ. ඉහත සඳහන් කරන ලද අර්ධ උභයංගික බුද්ධ ප්‍රතිමාවට සාකල්‍යයෙන්ම සමාන බුදු පිළිමයක් මධ්‍යම ආසියාවෙන් ලැබී තිබේ. අවාසනාවකට මෙන් මේ දෙ පිළිමයෙහිම හිස විනාශ වී ඇත.මේ නිසා එම පිළිමය විදේශයකින් ලැබුණේදැයි සැක මතුවේ.

ශ්‍රී ලංකාවේ පිහිටි සෑම හිටි පිළිමයකම මුද්‍රාව වශයෙන් කලාකරුවා යොදාගෙන ඇත්තේ “අභය මුද්‍රාවයි “ නිදසුනක් වශයෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවෙහි දකුණු අත හරහට තබාගෙන සිටින නිසා එය ආශිර්වාද මුද්‍රාවක්යැයිද “ ඇතමෙකුගේ මතයයි .පොළොන්නරුවේ ගල්විහාරයේ තිබෙන “ ආනන්ද ප්‍රතිමා “ යැයි සාමාන්‍ය ව්‍යවහාරයේ එන හිටි පිළිමයෙහි දෙඅත් පපුවට තදකරගෙන තිබේ. මෙම මුද්‍රාව පොළොන්නරු යුගයට පෙරද පැවති බව “යටාල වෙහෙරෙන් “ සොයා ගත් බුද්ධ ප්‍රතිමාවෙන් පෙනී යයි. “රංගිරි දඹුලු වෙහෙරේ ද එම මුද්‍රාවෙන් නිර්මාණය කරන ලද පිළිම තිබේ. මහනුවර යුගයේ මුල් සමයේ අඳින ලද සිතුවම් වල බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව නිරූපණය කිරීමට මෙසේ දෙයත් පපුවට තදකරගෙන සිටින අයුරු පෙන්නා දී ඇත.

තායිලන්තය , බුරුමය වැනි රටවලද සත්සතිය දැක්වෙන තැන දෙවන සතිය නිරූපණය කිරීම සඳහාද මෙම මුද්‍රාව යොදාගෙන තිබේ. මෙම මුද්‍රාව ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිදුන් සඳහන් කරුනු ලබන්නේ බුදු පියාණන් වහන්සේගේ පරදුක් දුක්ඛිත මුද්‍රාව බවයි. ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව බලන ආකාරය ඉන් නිරූපණය වේ. ක්‍රි.පූ. 2000 දී තරම් ඉපැරණි මෙසපොටේමියානු රජ රූප වලද මේ මුද්‍රාව දැකගන්නට තිබේ. ඉන් පැහැදිලි වන්නේ මෙම මුද්‍රාව ඉතා පැරණි බවයි.

ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර දක්නට ලැබෙන තවත් ප්‍රතිමා විශේෂයක් වන්නේ සැතපෙන ඉරියව්වෙන් යුතු ප්‍රතිමාවන්ය.

මෙම පිළිම විශේෂයෙන්ම ලෙන් විහාර ආශි‍්‍රතව නිර්මාණය කළ අතර හිටි හා හිඳි පිළිම මෙන් එළිමහනේ නිමවන ලද ඒවා නොවන බවද පෙනේ. ශ්‍රී ලංකාවේ සැතපෙන පිළිම නිර්මාණයේ ආරම්භය වශයෙන් ක්‍රි.ව. 5 වන ශතවර්ෂයේ තරම් ඈත සිදුවූ බව පළමු කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් වන පිදුරංගල විහාර ලෙනේ සැතපෙන පිළිමයෙන් තහවුරු කරගත හැකිය.

පොදුවේ ගත් කල සැතපෙන බුදු පිළිමයේ ඉරියව්ව වී ඇත්තේ බුදුපියාණන් වහන්සේ සයනයක ඇලවී සිටින ආකාරය දැක්වීමයි. මෙහිදී ප්‍රභේද දෙකක් යටතේ නිර්මාණය කර තිබේ. එක් ක්‍රමයකින් බුදු පියාණන් වහන්සේගේ සයන විලාසයක් අනෙක් ක්‍රමයෙන් උන්වහන්සේගේ මහා පරිනිර්වාණයත් නිරූපණය වන ලෙස නිර්මාණය කොට තිබේ. පිරිනිවන් පිළිම හා සැතපෙන පිළිම හඳුනාගත හැකි ක්‍රමයන් වන්නේ පිරිනිවන් පිළිම වල බෙහෝ විට රශ්මි මාලාව නොමැතිවීම දෑස් අඩවන් වීම, වම් පාදය අඩක් පසු පසට වෙන්න පිහිටා තිබීම වැනි ලක්‍ෂණය. සැතපෙන පිළිම වල පාදවල ඇඟිලි ලම්බකව සිටින සේ එක පිට තබා තිබේ. ශරිරයේ බොහෝ විට ඍජු බවක් ද දක්නට ලැබේ. රශ්මි මාලාව, සිරස්පත ආදියද දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ අනුරාධපුර මුල් යුගයේ සිටම බුදුපිළිමය මේ දක්වාම නිර්මාණය වූවේ තනි ප්‍රතිමාවක් ලෙසය. යම් අවස්ථාවල බුදු පිළිමය දෙපස ද්වාරපාල රූප, මකර තොරණ හා සත්ව රූප දක්නට ලැබුනත් වෙනත් රූප එකතු කිරීමක් දක්නට නොලැබුණි. මහනුවර යුගයේ අවසාන කාලයේ බුදු පිළිමය දෙපස ද සැරියුත් මුගලන් මහා රහත් තෙරුන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කිරීම දැක්නට ලැබේ. නමුත් එම යුගය තුළ බුදු පිළිම නෙළීම හා සම්බන්ධ විවිධ රූප නෙළීම ඉතා ජනපි‍්‍රයව පැවති බවට සාධක තිබේ.

ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ සිට මේ දක්වා බුදුපිළිම නිර්මාණය අතින් ලක්දිව කලාකරුවා ස්වාධීන මගක් අනුගමනය කර ඇත. භාරතයේ බුදු පිළිමය නිර්මාණය වීමට පෙර ලක්දිව බුදු පිළිමය නිර්මාණය වී තිබුනු බවට ඓතිහාසික මූලාශ්‍ර ගත තොරතුරු මගින් යම් නිගමනයකට බැස ගත හැකිය.

මේ අනුව ශ්‍රී ලංකාවට උචිත ශෛලියකින් බුදු පිළිමය නෙළීමේ ගෞරවය හෙළ කලාකරුවා සතුවේ. මහින්දාගමනයත් සමග ඇතිවූ සංස්කෘතික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ලාංකීය බුදු පිළිමයේ විකාශනය දැක්විය හැකිය.

කරඳන සමිත හිමි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි
විශ්ව විද්‍යාලය
පුරා විද්‍යා අංශය

උපුටා ගැනීම - බුදුසරණ අන්තර්ජාල කලාපය
http://www.budusarana.lk/budusarana/2010/06/25/tmp.asp?ID=fea14&fbclid=IwAR3G3BHe_kbgv6krj4qNI8EH3az9_g_Q8UpBdhVvVnQMrxAwlYNRtT2BdGU

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුන අව්කන පිලිම වහන්සේ සම්බුදු සසුනට පූජාකෙරෙනු ලැබූ වගයි.
04/02/2022

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුන අව්කන පිලිම වහන්සේ සම්බුදු සසුනට පූජාකෙරෙනු ලැබූ වගයි.

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරෙනු ලබන අව්කන පිලිම වහන්සේ...!
17/01/2022

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරෙනු ලබන අව්කන පිලිම වහන්සේ...!

10/07/2021
04/07/2020
සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියොදපනංඑතං බුද්ධානසාසනං "සියලු පව් නො කිරීම ද, සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නම් ව...
18/05/2019

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං

"සියලු පව් නො කිරීම ද, සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වු කුසල් දහම් රැස් කර ගැනීම ද, තම සිත පිරිසිදු කර ගැනීම ද, යන මෙය බුදුවරයන් වහන්සේලා ගේ අනුශාසනා යි."

ධම්ම පදය

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අසූඅට රියන් බුදුපිලිම වහන්සෙ නිර්මාණය කිරීමට නියමිත භූමිය සකස්කරන අයුරු.
10/02/2019

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අසූඅට රියන් බුදුපිලිම වහන්සෙ නිර්මාණය කිරීමට නියමිත භූමිය සකස්කරන අයුරු.

අද ඉල් පුර පසළොස්වක් පොහොය දිනයයි.මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන්වහන්ස...
21/11/2018

අද ඉල් පුර පසළොස්වක් පොහොය දිනයයි.
මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම යන සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත් වේ.

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනලද සම්බුද්ධ චෛත්‍යයරාජයාණන් වහන්සේගේ කොත නිරාවරනය කීරීමේ පුන්‍යොත්...
15/11/2018

කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනලද සම්බුද්ධ චෛත්‍යයරාජයාණන් වහන්සේගේ කොත නිරාවරනය කීරීමේ පුන්‍යොත්සවය අද දින (2018-11-15) සවස 4.13 ට යෙදී තිබෙන සුභ මොහොතින් සිදුකරන වගයි.

Address

Kempitikanda, Paththampitiya
Rambukkana

Website

Alerts

Be the first to know and let us send you an email when බුදුගල්ලෙන රජමහා විහාරය - Budugallena Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share