27/06/2022
"චිරං තිට්ඨතු ලෝකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං"
පුලතිසිපුර උපසම්පදා පුණ්‍ය කර්මය...."
රාගම,වල්පොළ ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් මහ විහාරාධිපති හා පිරිවෙන් කෘත්‍යාධිකාරී ධූරන්දර,
අතිපූජනීය,
කළුවලගල විමලසාර නායක හාමුදුරුවන් වහන්සේගේ සහ
තත් විහාරාධිකාරි හා පිරිවෙන් පරිවෙණාධිපති ධුරන්දර,
අතිපූජනීය,සිරිමල්ගොඩ විමලජෝති පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ යන මහා ස්ථවියන් වහන්සේලාගේ ප්‍රිය ශිෂ්‍යවරයාණන් වහන්සේලා වන ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුතු,
01. විහාරවාසී,
පූජ්‍ය,ඉහළගම ධම්මරක්ඛිත පොඩි හාමුදුරුවන් වහන්සේ ,
02.ගාල්ල කළුවලගල බෝධිරුක්ඛාරාම ආරණ්‍ය සේනාසනාධිකාරී,
පූජ්‍ය,පස්සර සුභාරතී පොඩි හාමුදුරුවන් වහන්සේ,
03.තණමල්විල,ගැමුණුපුර,බලහරුව ශ්‍රී උත්තරාරාම විහාරාධිපති හා තත් ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය,
පූජ්‍ය,දෙනගම දමිතසාර පොඩි හාමුදුරුවන් වහන්සේ
යන ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා වර්ෂ 2022 ජුලි (ඇසළ) මස 01/02/03/04 හා 05 යන දිනයයන්හිදී
පොළොන්නරුව,කඳුරුවෙල ශ්‍රී ජයන්ති විහාර කේන්ද්‍රීයව
මහා වාලුකා නදී උදකුක්ඛේප සීමාමාලකයේදී
ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ
අතිගෞරවාර්හ මහානායක,
ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශාලංකාර පරියත්ති විශාරද,
ඓතිහාසික රම්බඩගල්ල
මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති,
උපාධ්‍යාය,
ශාස්ත්‍රපති,රාජකීය පණ්ඩිත,අතිපූජනීය එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි අභිධාන මහ නාහිමිපාණන් වහන්සේ,
තත් නිකායික මහා ලේඛකාධිකාරී,
කඳුරුවෙල ජයන්ති මහා විහාරාධිපති,
අතිපූජනීය,කඳුරුවෙල ධම්මපාල නායක මාහිමිපාණන් වහන්සේ
ප්‍රධාන ධර්මධර විනයධර ප්‍රතිබල සම්පන්න සංඝ මධ්‍යයේ සුපරිශුද්ධෝපසම්පත්තියට පත් කෙරෙන වග මෙයින් දන්වා සිටින්නෙමු.
තෙරුවන් සරණයි !
"සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා"
"සියලු සත්ත්වයෝ සුඛී සුවපත් වේවා"