කතෝලික අපි - 𝐖𝐞 𝐚𝐫𝐞 𝐜𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬.

  • Home
  • Sri Lanka
  • Ragama
  • කතෝලික අපි - 𝐖𝐞 𝐚𝐫𝐞 𝐜𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬.

කතෝලික අපි - 𝐖𝐞 𝐚𝐫𝐞 𝐜𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬. ස්වර්ගයෙදි හමුවෙමු .

ජනවාරි 26 වන දින සුබ අස්න - ශු. ලුක් 10 : 1-9..............................................................................
26/01/2021

ජනවාරි 26 වන දින සුබ අස්න - ශු. ලුක් 10 : 1-9..............................................................................
1 ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. 2 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ”ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙ‍හෙකරුවන් එවන මෙ‍න් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න. 3 ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි. 4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. 5 ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න. 6 සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. 7 ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න. 8 ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න. 9 එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න

ජනවාරි 25 වන දින සුබ අස්න - ශු. මාක් 16 : 15 - 18-----------------------------------------------------------------------...
25/01/2021

ජනවාරි 25 වන දින සුබ අස්න - ශු. මාක් 16 : 15 - 18
---------------------------------------------------------------------------
15 උන් වහන්සේ ඔවුන් අමතා, ”ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18 සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.
=====================================

#කතොලික_අපි_we_are_catholic ❤️

එකතුවෙන්න අපෙ කතෝලික අපි - We are catholics ගෘප් එකත්. 🤗🌺🌹

#ජෙසු_පිහිටයි.

🌺🌹🌹
24/01/2021

🌺🌹🌹

සුභ උදෑසනක් වේවා .🌺🌹❤️---------------------------------------------------- #කතොලික_අපි_we_are_catholic ✝️ ශෙයාර් කරලා එක...
24/01/2021

සුභ උදෑසනක් වේවා .🌺🌹❤️
----------------------------------------------------
#කතොලික_අපි_we_are_catholic ✝️

ශෙයාර් කරලා එකතු වෙන්න අපෙ කතෝලික අපි - We are catholics ගෘප් එකටත්🤗🌺

ජනවාරි 24 වන දින සුබ අස්න - ශු. මාක් 1 : 14 - 20------------------------------------------------------------------------...
24/01/2021

ජනවාරි 24 වන දින සුබ අස්න - ශු. මාක් 1 : 14 - 20
------------------------------------------------------------------------
14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
16 උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ. 17 ජේසුස් වහන්සේ ඒ දැක, ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. 18 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක. 20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.
________________________________________________

#කතොලික_අපි_we_are_catholic ❤️

ශෙයාර් කරලා එකතුවෙන්න අපෙ කතෝලික අපි - We are catholics ගෘප් එකටත් 🤗✝️

ජෙසු පිහිටයි ! 🙏✝️

❤️✝️
23/01/2021

❤️✝️

ෂුක්‍රා මුන්වර් ඔබට කතෝලීක අපි ෆෙස්බුක් පිටුවෙ උපහාරය අනාගත බාලාපොරොත්තු ඉශ්ටා වේවා කියා පර්ථනා කරනවා 🙏Shukra Munawwar
23/01/2021

ෂුක්‍රා මුන්වර් ඔබට කතෝලීක අපි ෆෙස්බුක් පිටුවෙ උපහාරය අනාගත බාලාපොරොත්තු ඉශ්ටා වේවා කියා පර්ථනා කරනවා 🙏
Shukra Munawwar

✝️❤️🌺🙏🌹-------------------------එකතු වෙන්න අපිත් එක්ක  #කතෝලික_අපි_we_are_catholics කතෝලික අපි - We are catholics
23/01/2021

✝️❤️🌺🙏🌹
-------------------------
එකතු වෙන්න අපිත් එක්ක
#කතෝලික_අපි_we_are_catholics
කතෝලික අපි - We are catholics

අමාශයෙ ආබාධ ඇති අය මෙතුමියගෙන් සුවය හා පිහිට ඉල්ලා යාච්ඤා කරන්න .✝❤️ #සා_එමරන්ටියානා_මුනිතුමියනි_අප_නිසා_යාච්ඤා_කළ_මැනව....
23/01/2021

අමාශයෙ ආබාධ ඇති අය මෙතුමියගෙන් සුවය හා පිහිට ඉල්ලා යාච්ඤා කරන්න .✝❤️

#සා_එමරන්ටියානා_මුනිතුමියනි_අප_නිසා_යාච්ඤා_කළ_මැනව.🌺
---------------------------------------------------------------------------
අපේ කතෝලික අපි - We are catholics ගෘප් එකටත් එකතු වෙන්න .🌹

යාලුවන්ටත් ඉන්වයිට් කරන් යමු. 🙏

ජනවාරි 23 වන දින සුබ අස්න - ශු. මාක් 3 : 20 - 21------------------------------------------------------------------------...
23/01/2021

ජනවාරි 23 වන දින සුබ අස්න - ශු. මාක් 3 : 20 - 21
--------------------------------------------------------------------------
20 උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. 21 උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, ”උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
#කතෝලික_අපි_we_are_catholics ✝️

✝️.එකතුවෙන්න කතෝලික අපි - We are catholics ගෘප් එකටත් .😳

✝️ පෙජ් එකට ලයික් කරන්න යාලුවන්නටත් invite කරගෙනම යන්න ❤️🌺

සරල , ලස්සන යැදුමක් ✝️❤️🌺••••••••••••••••••••••••••••••••••••••••••••උදෑසන නින්දෙන් පිබිදුන විට - කියන්න ජේසුනි මම ඔබට ආ...
22/01/2021

සරල , ලස්සන යැදුමක් ✝️❤️🌺
••••••••••••••••••••••••••••••••••••••••••••

උදෑසන නින්දෙන් පිබිදුන විට - කියන්න ජේසුනි මම ඔබට ආදරෙයි
නිවසෙන් පිට වෙන විට - කියන්න ජේසුනි මාත් එක්ක එන්න
දුකෙන් සිටින විට - කියන්න ජේසුනි මට සහනය දෙන්න
සතුටින් සිටින විට - කියන්න ජේසුනි ඔබවහන්සේට ප්‍රසංශා වේවා
යම් කාර්යයක් කරන විට - කියන්න ජේසුනි මට උදව් වෙන්න
වරදක් වූ විට - කියන්න ජේසුනි මට සමා වෙන්න
නින්දට යන විට - කියන්න ස්තුතියි ජේසුනි මා වෙනුවෙන් කළ සියලු දේට.

#කතෝලික_අපි_we_are_catholics ❤️

අද දවසෙ සිදු වු සියලු දැ ජෙසුගෙ හස්තයට භාර කරන්න ✝️❤️-------------------------------------------------------------------...
22/01/2021

අද දවසෙ සිදු වු සියලු දැ ජෙසුගෙ හස්තයට භාර කරන්න ✝️❤️
----------------------------------------------------------------------
#කතෝලික_අපි_we_are_catholics ❤

කතෝලික අපි - We are catholics

Address

Mahabage , Welissara
Ragama

Alerts

Be the first to know and let us send you an email when කතෝලික අපි - 𝐖𝐞 𝐚𝐫𝐞 𝐜𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share