Weluwanaramaya Media

Weluwanaramaya Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weluwanaramaya Media, Religious organisation, Galwala juntion, Ragama.
(1)

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ...
"වේළුවනාරාම මාධ්‍ය අංශය "

"සත්මහල් විහාර මන්දිරය සහිත ශ්‍රී ලංකාවේ විශාලතම භද්‍රාසන බුදුපිළිම වහන්සේ පිහිටි පුදබිම "


©️ Official page Our Tempal Media Unit

සියල්ලෝම පැමිණෙත්වා ❤️🙏
08/09/2026

සියල්ලෝම පැමිණෙත්වා ❤️🙏

පූජ්‍ය ඔරුබැදිවැවේ දමිත ස්වාමින්වහන්සේ සහභාගි වූ " සම්මා දිට්ඨි " වැඩසටහන
06/09/2026

පූජ්‍ය ඔරුබැදිවැවේ දමිත ස්වාමින්වහන්සේ සහභාගි වූ " සම්මා දිට්ඨි " වැඩසටහන

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of t...

01/09/2026

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරයවාසී , ආචාර්ය , විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය ඔරුබැදිවැවේ දමිත ස්වාමින්වහන්සේ සහභාගි වන

"සම්මා දට්ථි " වැඩසටහන

සැප්තැම්බර් 06 වන ඉරිදා පෙ.ව 6.00ට ජාතික රූපවාහිනීය නරඹන්න

දහම නිවැරදිව දකින්න ඔබත් එක්වන්න

සුමන දහම් පාසල Orubediwewe Damitha Nipun pre school

27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026
අවසන් රන්දෝලිය පෙරහැර සජීවීව

උත්තම සිරි දළදා සමයයි ... නිකිණි පුරපසළොස්වක පොහොය දිනයක් වේවා 🙏❤️ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා...
27/08/2026

උත්තම සිරි දළදා සමයයි ...

නිකිණි පුරපසළොස්වක පොහොය දිනයක් වේවා 🙏❤️

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලිය අද රාත්‍රිය සිට නැරඹීමට හැක 😊🙏

Weluwanaramaya Media

23/08/2026

ශ්‍රී ලංකාවේ විශාලතම භද්‍රාසන බුදුපිලිම වහන්සේ 🙏❤️

මකර තොරණේ වැඩ ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයහම්බන්තොට උඩමලල ඓතිහාසික පුස්සදේව රජමහා විහාරස්ථානයේ අන්දරේගේ සොහොනට යන පිවිසු...
20/08/2026

මකර තොරණේ වැඩ ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවය

හම්බන්තොට උඩමලල ඓතිහාසික පුස්සදේව රජමහා විහාරස්ථානයේ අන්දරේගේ සොහොනට යන පිවිසුම් මාර්ගයේ ඉදිවන මකර තොරණේ වැඩ ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවය,

විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,

දිවංගත අධිනීතිඥ ආනන්ද සෙනෙවිරත්න මැතිතුමා සහ දිවංගත පරිගණක ඉංජිනේරු කුළුණු හසිත සෙනෙවිරත්න යන පිය–පුතු දෙපළට පින් ප්‍රාර්ථනා කරමින්,

කඩවත, මහර, නුගේගොඩ පදිංචි දානපති කුසුම් සෙනෙවිරත්න මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්,

2026 අගෝස්තු මස 24 වන දින සවස 5.30ට යෙදෙන සුබ නැකතින්, මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ සිදු කරනු ලබයි.

🙏 මෙම මහා පුණ්‍ය කටයුත්තට ඔබ සැමට ආරාධනා! 🙏

Weluwanaramaya Media
මාධ්‍ය කාර්යංශය

19/08/2026
ගීත රචනය තුළින් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයටත්, බෞද්ධ සාහිත්‍යයටත් අමිල මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ, අප හදවත් තුළ සදා අනුස්...
19/08/2026

ගීත රචනය තුළින් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයටත්, බෞද්ධ සාහිත්‍යයටත් අමිල මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ, අප හදවත් තුළ සදා අනුස්මරණීය වන ගීත රැසක නිර්මාණකරුවාණන් වහන්සේ වූහ.

“සඳ වතුරක් සේ, ලා දලු බෝ පත්, බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, පිපෙනා මලකට කඳුළු හෙලා නෑඹිලියට, හිමි සරණාමර ලෝක ශිවංකර, සඳ තරු මල් මට දන්දුන්, බුදු බණ ඇසුවා නිරන්තරේ, ගමේ පන්සල අපේ පන්සල, සියක් ආයු ලැබ” වැනි අරුත්බර ගීත රචනා කරමින් උන්වහන්සේ සිදු කළ විශිෂ්ට සාහිත්‍ය හා ආගමික මෙහෙවර සදා අනුස්මරණීය වේ.

ආගමික හා සංස්කෘතික උරුමය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළ උතුම් ස්වාමීන් වහන්සේ නමක් ලෙසින්ද උන්වහන්සේ සදා සිහිපත් කරමු.

උන්වහන්සේගේ අමිල සේවයට අපගේ ගෞරවණීය උපහාරය පුද කරමින්, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට නිවන් සැනසීම අත්වේවා! 🙏

Weluwanaramaya Media
වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය රාගම ගල්වල හන්දිය


Address

Galwala Juntion
Ragama

Alerts

Be the first to know and let us send you an email when Weluwanaramaya Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share