St.Anne's Youth Association - Puwakpitiya

St.Anne's Youth Association - Puwakpitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Anne's Youth Association - Puwakpitiya, Religious organisation, Puwakpitiya.

ජේසු පිහිටයි! 💜️💐
01/12/2024

ජේසු පිහිටයි! 💜️💐

සාන්ත ආනා මුනිතුමියගේ දෙව්මැදුරපුවක්පිටිය. ⛪- අවිස්සාවේල්ලේ මීසම - 💜️💐සති වැඩ පිළිවෙළ. 📋
24/11/2024

සාන්ත ආනා මුනිතුමියගේ දෙව්මැදුර
පුවක්පිටිය. ⛪

- අවිස්සාවේල්ලේ මීසම - 💜️💐

සති වැඩ පිළිවෙළ. 📋


මලවුන්ගේ මාසය...පොඩි හැදින්වීමක්.දන්න නොදන්න සියල්ලෝම කියවන්න.නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියල...
03/11/2024

මලවුන්ගේ මාසය...පොඩි හැදින්වීමක්.
දන්න නොදන්න සියල්ලෝම කියවන්න.

නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියලා. "මොකද ඔය මාසෙට මළවුන්ගෙ මාසෙ කියන්නෙ එතකොට අනිත් මාසවල මිනිස්සු මැරෙන්නේ නැද්ද? " කාටහරි එහෙම හිතෙන්න පුලුවන්. මට මතකයි අපේ ගමේ ක්‍රිස්තියානි( රෙප්‍රමාදු ) පල්ලියේ පියතුමාට ඔහොම හිතුනා විතරක් නෙමෙයි කිව්වත් එක්ක. ඒ සෑහෙන කාලෙකට කලින්. මගෙ මතකයේ හැටියට නම එතුමා කිව්වෙ මළවුන්ගේ මාසේ නොකියා මළවුන් සිහිපත් කිරීම මාසෙ කියන්න ඕනෙ කියලා.

කතෝලික සම්ප්‍රදාය හැටියට මළවුන්ගෙ මාසෙ යොදාගෙන තියෙන්නෙ මළාවූ අය සිහිපත් කරන මාසෙ හැටියට. තමුන් අතර මෙලොව ජීවිතය ගත කරලා පිටවෙලා ගිය අයව සිහිපත් කරලා යාච්ඥා කිරීම දාන ධර්ම දීම මේ කාලෙ සුලභයි.

මළවුන් සිහිපත් කිරීම පටන් ගන්නෙ ඔක්තෝම්බර් මාසෙ අන්තිම සතියෙ විතර. ඉතින් ඔය සතියෙදි කතෝලික මිනී පිට්ටනියකට යන පාරක හිටියොත් බලාගන්න පුලුවන් උදලු එහෙම අතේ තියන් යන කට්ටිය. ඒ ගොල්ලෝ යන්නේ මිනීවල් කපන්න නෙමෙයි. තමුන්ගෙ මියගිය නෑයින්ගෙ මිනීවල් සුද්ද කරන්න. ඒවා උදලු ගාලා සමතලා වෙච්ච තැන් ආයෙ හරිගස්සනවා. මල්පැල හිටවනවා. අලුතින් වැලි ගෙනත් දානවා. එක එක වැඩ. නොවැම්බර් දෙවෙනිදා වෙද්දී මිනීවලවල් නම් හැම එකක්ම වාගෙ සුද්ද වෙනවා. බලන්න ලස්සනේ බෑ. මෙච්චර කල් කැලේ වැවිලා තිබ්බේ මෙතනද කියලා හිතෙනවා.

මළාවූ අය සිහිකිරීමේ ප්‍රධාන පූජාව තියෙන්නේ නොවැම්බර් දෙවෙනිදා මිනී පිට්ටනියෙ. ඊට අමතරව මාසෙ ඇතුලත පවත්වන හැම පූජාවකදීම විශේෂයෙන් මළවුන් සිහිකිරීම සිදුවෙනවා. නොවැම්බර් දෙවෙනිදා කියන්නේ මළවුන්ගේ මංගල්‍ය දිනය (All Souls' Day) විදිහට තමයි සලකන්නේ. ඉතින් තම තමුන්ගෙ ඥාතීන් භූමදාන කරලා තියන මිනී පිට්ටනියට තමයි බොහෝ දෙනා යන්නේ. මට නම් එදාට මිනී පිට්ටනි දෙකකට යන්න වෙලා. ඊටපස්සෙ මිනීවල ගාව මල් තියලා ඉටිපන්දම් පත්තු කරලා මියගිය ඥාතීන්ගේ ආත්ම ශුද්ධිගිනිස්ථානයෙන්* මිදිලා ස්වර්ගයට යන්න කියලා යාච්ඥා කරනවා.

* කතෝලික කට්ටිය විශ්වාස කරන හැටියට කෙනෙක් මියගියාට පස්සෙ තැන් තුනකට යන්න පුලුවන්.

අපාය රන් කරන සාතන් අයියා යුද්ධෙන් පැරදිච්චදා
1. නිරය හෙවත් අපාය(What the Hell?) - .වැරදි කරලා අපායට ගියොත් ඉතින් සොරි තමයි. ඊට පස්සෙ සදා අපායෙ.

2. ස්වර්ගය (Heaven) - දෙවියන් වහන්සේ, සුරදූතයෝ, ශුද්ධවන්තයෝ ඉන්න තැන. හොඳ වැඩ කරොත් මෙතනට යන්න වීසා ලැබෙනවා.

3. ශුද්ධිගිනිස්ථානය(Purgatory) - කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවනෙ. ඉතින් ඔය හුණු ටික අයින් කරගෙන ස්වර්ගෙට යන්න චාන්ස් එකක් තමයි ශුද්ධිගිනිස්ථානයට යනවා කියන්නෙ. උදාහරණයකින් කිව්වොත් පුනරුථාපන කඳවුරක් වගේ. තමුන් කරපු සුළු පව් වලට වන්දි ගෙවනකන් මෙතන ඉන්න වෙනවා. මෙතෙන්දි පින් කරන්න අවස්ථාව නෑ. ඒත් කාගෙ හරි යාච්ඥාවක දාන ධර්මයක පින ලබාගන්න පුලුවන්.

නොවැම්බර් දෙක පහුවෙනවාත් එක්කම මළවුන්ගෙ දානෙ සීසන් එක පටන් ගන්නවා. තමුන්ට හොඳයි කියලා හිතෙන දිනේක කවුරුහරි නැතිබැරි කන්න නැති කෙනෙකුට තමාගේ මළගිය ඥාතීන් සිහිකරලා කෑමවේලක් දෙන එක තමයි කෙරෙන්නේ. දුප්පත් මනුස්සයා තවත් දුප්පතෙකුට තමුන්ට පුලුවන් විදිහට උයලා දෙන බත් පාර්සලයේ සිට පෝසත් මුදලාලි කෙනෙක් මුලු ගමටම දෙන දානයක් දක්වා ඕක විචලනය වෙන්න පුලුවන්.

ඔය විදිහට මළවුන්ගේ මාසෙ පිහිටෙන් ශුද්ධිගිනිස්ථානයේ ඉන්න කීපදෙනෙකුට ස්වර්ගෙට යන්න චාන්ස් එක හම්බෙනවා වගේම අපි වෙනුවෙන් දහඩිය හෙලපු අපේ ඥාතීන්ට කෘතගුණ සලකන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.

නොවැම්බර් දෙවෙනිදා මළවුන්ගේ දිනය සැමරීමට කලින් නොවැම්බර් පළමුවෙනිදා සියලු සාන්තුවරයින්ගේ මංගල්‍යය( All Saint's Day) පවත්වනවා. මම කලිනුත් සාන්තුවරයෙක් ගැන කිව්වා මතක ඇති. සාන්තුවරයෙක් කියන්නෙ මෙලොව හොඳින් ජීවත් වෙලා දැන් ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගතහැකි සාක්ෂි තියෙන කෙනෙක්. එහෙම අය කතෝලික සභාවෙන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඊට අමතරව චූටිම කාලෙ මැරුණු ළමයිත් කාටවත් වරදක් කරලා නැති නිසා සාන්තුවරු විදිහට තමා සලකන්නේ. ඉතින් චූටිකාලෙ තමුන්ගෙ ලමයෙක් නැතිවෙච්ච දෙමව්පියො කරන්නෙ ඒ චූටි සාන්තුවරයා සිහිකරලා නොවැම්බර් පළමුවෙනිදට දානයක් දෙන එක. බොහෝවිට කිරිබත්.

💐🌹✝️අද මලවුන් ගේ දවසයි ✝️ 🌹💐🤲👼නොවැම්බර් 02👼🤲නොවැම්බර් මස  මලවුන්ගේ මාසය  හෙවත් සියලුම මිය ගිය අයගෙ ආත්මයන් සිහිකිරීම රෝම...
02/11/2024

💐🌹✝️අද මලවුන් ගේ දවසයි ✝️ 🌹💐🤲👼නොවැම්බර් 02👼🤲නොවැම්බර් මස මලවුන්ගේ මාසය හෙවත් සියලුම මිය ගිය අයගෙ ආත්මයන් සිහිකිරීම රෝමානු කතෝලික සභාවේ අපි සැම වසරකම සිදු කරමිනොවැම්බර් මාසය පුරාවට මලවුන් සිහි කර දානය දීම, දිව්‍ය පුජාව පැවැත්වීම, මලවුන්ගේ ජපමාලය දැහැන පැවැත්වීම ආදි වත්පිළිවෙත් වල නියැලෙමු.💐🌹💐

25/08/2024
💚💜️
26/07/2024

💚💜️

Happy Feast of St. Anne 💜️ & St. Joachim 💚

St. Joachim and St. Anne are the parents of Mother Mary - St. Joachim is the Patron Saint of fathers, St. Anne is the Patron saint of mothers.

St.Anne's Youth Association - Puwakpitiya
St.Anne's Church, Puwakpitiya,Avissawella

🍂😇🌿
14/07/2024

🍂😇🌿

Address

Puwakpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anne's Youth Association - Puwakpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share