තරුණ බෞද්ධ සමිතිය,උත්තර අට්ටවිල්ලුව/ YBS,Attavilluwa North

  • Home
  • Sri Lanka
  • Puttalam
  • තරුණ බෞද්ධ සමිතිය,උත්තර අට්ටවිල්ලුව/ YBS,Attavilluwa North

තරුණ බෞද්ධ සමිතිය,උත්තර අට්ටවිල්ලුව/ YBS,Attavilluwa North තරුණ බෞද්ධ සමිතිය,ශ්‍රී සුදස්සනාරාමය,උත්තර අට්ටවිල්ලුව,පුත්තලම.

උත්තර අට්ටවිල්ලුව තරුණ කැල විසින් පවත්වනු ලබන මහා බත් දන්සල උත්තර අට්ටවිල්ලුව ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථානයේදී. උත්තර අට...
22/07/2026

උත්තර අට්ටවිල්ලුව තරුණ කැල විසින් පවත්වනු ලබන මහා බත් දන්සල උත්තර අට්ටවිල්ලුව ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථානයේදී. උත්තර අට්ටවිල්ලුව,පුත්තලම
Location - https://maps.app.goo.gl/AH9vhRfCwCcf3o688?g_st=ic

තායිලන්තයේ  පාදයාත්‍රාවක වඩිමින් සිටියදී හදිසි රිය අනතුරින් අපවත්වී වදාල මහාසංඝරත්නය නිවනින්ම නිවී සැනසෙත්වා !රෝගාතුරව ස...
03/07/2026

තායිලන්තයේ පාදයාත්‍රාවක වඩිමින් සිටියදී හදිසි රිය අනතුරින් අපවත්වී වදාල මහාසංඝරත්නය නිවනින්ම නිවී සැනසෙත්වා !

රෝගාතුරව සිටින සියළු මහාසංඝරත්නය ඉක්මනින් සුවපත්භාවයට පත්වේවා !

ඒ සුන්දර පරපුර...! ❤ ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...ඒ අපූරු පරපුර මිය යමින් සිටී...මහා යාන-වාහන..,Smart දුරකථන නොව....
23/06/2026

ඒ සුන්දර පරපුර...! ❤

ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...
ඒ අපූරු පරපුර මිය යමින් සිටී...

මහා යාන-වාහන..,
Smart දුරකථන නොව.,
රූපවාහිනී හා විදුලියද නොමැතිව
උන් ජීවත් වූහ.

අපේ පරපුර මෙන්
මහ ඉහළට ඉගෙන ගැනීමට..,
ලස්සනම කෙනා වීමට..,
ලොකුම කතාව කිරීමට...
උන්ට වෙලාව තිබුණේ නැත.

තාප්ප වලින් වට කොට
මහා මාළිඟා තැනීමට..,
නවීනතම වාහනය ගැනීමට..,
ලස්සනම ඇස් ඇති සෙල්ෆිය ගැනීමට..
උන්ට ඇවැසි වූයේ නැත.

රෑ වෙනතුරු
වත්තේ.., පිටියේ..,
තැන්නේ.., කුඹුරේ.., කුරක්කන් යායේ..
ඔට්ටු වූ උන්...

මැදියම වෙනතුරු...
ඇඳුම් මැසූහ...
වට්ටි පෙට්ටි විවීය..

ඒ මැසූ ඇඳුමෙන්
සරලව සැරසුනු උන්ට..
මහා නිර්මාණකරුවන්ගේ ලාංඡන ඇති..
අමුතු ඇඳුම් ඇවැසි නොවීය.

ලෙඩට-දුකට Channel කරන්නට..
උන්ට කිසිවෙකු නොසිටියහ.

ගහට කොළට..,
සතා සීපාවාට..,
ඇලට දොළට
උන් සැබැවින්ම ආදරේ කළහ.
කුරුල්ලන්, ලේනුන්
උන්ගේ අත් උඩට එන්නට
කිසිවිටෙක බය නොවූහ.

එබැවින් උන්ට..
Oxygen සඳහා මරා ගන්නට..
මූණු ආවරණ දා හැංඟෙන්නට..
ඇවැසි නොවීය..

ගේ ඇතුළට නළ ජලය නොලැබූ උන්..
ඇලට දොළට..,
ළිඳට වැවට..,
පාරේ පයිප්පයට ගොස්
වතුර ගෙන ආහ.

McDonald's..,
KFC නොදත් උන්...
සහල් මිටකින්..,
කුරක්කන් කරලින්
පොල් සම්බෝලෙන්
කිරි හොද්දෙන්
සෑහීමකට පත් වූහ.

උන් උඹේ පරපුරට ඇල-දොළ බාර දෙද්දී..
ඒවා ප්ලාස්ටික් කුණුගොඩවල් නොවීය.
වැව්, මුහුදු බාර දෙද්දී..,
කුණු වතුරෙන් පිරී නොතිබීය.
වත්ත පිටියේ..
කුරුල්ලො ගී ගැයූහ..

අද උඹලා ඊළඟ පරපුරට බාර දෙන
කුණු ගොඩ දැක
අපි කඳුළු පෙරූහ..

යුද්ධ.., සාගිනි වලට
මුහුණ දුන් උන්...
මහ උන්ට රැවටුනි...

මේ පරපුර මිය යමින් පවතී...

මට මගේ පරපුර ගැන ඇත්තේ ආදරය කි..!
උඹලාගේ පරපුර ගැන ඇත්තේ කලකිරිමකි..!!

ලියන්නට තව බොහෝ දේ තිබුණත්..,
කියවන උඹට…
නොලියූ දේ දැනුනු බව දනිමි..!

Copied




මහ වැසි මෙන්ම දැඩි නියගද පැමිණෙනු ඇත . . .ඔබ තනිව ඒවට මුහුණ දිය යුතු වේ . . .අවසානයේ තමාට තමා හැර අන් සරණක් නැත . . .
21/06/2026

මහ වැසි මෙන්ම දැඩි නියගද පැමිණෙනු ඇත . . .
ඔබ තනිව ඒවට මුහුණ දිය යුතු වේ . . .
අවසානයේ තමාට තමා හැර අන් සරණක් නැත . . .

වුවමනා අයට දකින්න හැකි තරම් SHARE කරන්න.
09/06/2026

වුවමනා අයට දකින්න හැකි තරම් SHARE කරන්න.

මොහු සම්බන්ධව නීතිමය ගැටලු ඇති. ඒත් දෙමව්පියන් රැසකට දරුවන්ගෙන් නොලැබුණ ආදරය කරුණාව දෙන්න උත්සහ කල චරිතයක් ❤️ ආපදාවෙන් ම...
06/06/2026

මොහු සම්බන්ධව නීතිමය ගැටලු ඇති. ඒත් දෙමව්පියන් රැසකට දරුවන්ගෙන් නොලැබුණ ආදරය කරුණාව දෙන්න උත්සහ කල චරිතයක් ❤️

ආපදාවෙන් මුදවා ගත් වැඩිහිටියන් නීතයානුකූලව දරුවන් හට භාරදීමට උත්සහ කරත් ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.එහෙම බැලුවම මේ පුද්ගලයා ඒ මිනිස්සුන්ට දෙවියෙක් හා සමාන ඇති 😇

04/06/2026

🙏🌺 ශ්‍රී දළදා වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් 🌺🙏

සිතට සැනසීමත්,
ජීවිතයට ආලෝකයත්,
නිවසට සෞභාග්‍යයත් උදා වේවා.

දුක් කරදර දුරුවී,
සියලු යහපත් බලාපොරොත්තු ඉටු වන
පින්බර දිනයක් උදා වේවා.

🙏 සාදු! සාදු! සාදු! 🙏

නැදුන් ඔයා අපිව ආයෙමත් ඇඩෙව්වා 😥🙏අවුරුදු හතරක් අතීතයට ගියා දශක ගණනාවක් පුරා මහත් වූ භක්තියෙන් හා ගෞරවයෙන් උත්තම ශ්‍රී දළ...
10/03/2026

නැදුන් ඔයා අපිව ආයෙමත් ඇඩෙව්වා 😥🙏

අවුරුදු හතරක් අතීතයට ගියා

දශක ගණනාවක් පුරා මහත් වූ භක්තියෙන් හා ගෞරවයෙන් උත්තම ශ්‍රී දළදා සමිඳුන්ගේ සදාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ විජය රාජා හස්ති රාජයාණන්, ජාතික කෞතුක වස්තුවක් ලෙස අද සිට යළිත් අප අතරට...

📷 Thing nung ching photography

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka fans

මහලු අය අනාගත සුන්දර ලෝකය අළු බවට පත් කරමින් සිටියහ..!!කමෙයිනිගේ වයස අවුරුදු 86 කිටරම්ප්ගේ වයස අවුරුදු 79 කිනෙතන්යාහුගේ ...
03/03/2026

මහලු අය අනාගත සුන්දර ලෝකය අළු බවට පත් කරමින් සිටියහ..!!

කමෙයිනිගේ වයස අවුරුදු 86 කි
ටරම්ප්ගේ වයස අවුරුදු 79 කි
නෙතන්යාහුගේ වයස අවුරුදු 76 කි

ඔවුන් සියලු දෙනාම දැනටමත් තම ජීවිත ගත කර ඔවුන්ගේ උපරිමය පසු කර ඇත. ඔවුන් දැන් සෙල්ලම් කරන්නේ අනාගතය එක්ක ⁠😒

යුද්දයකින් මනුස්සකම
පරාජය වූවා මිසක,
කිසිවෙකු ජයග්‍රහණය කලේ නැත..!

ලෝකයට අවශ්‍ය වන්නේ යුද්ධයක් නොව — සාමයයි.
🕊️

#සාමය 🕊️🌍🤍

#තරුණබෞද්ධසමිතිය #උත්තරඅට්ටවිල්ලුව

26/12/2025

සුනමි 🌊 අදට අවුරුදු 21 🥹🥹🥹
හදවත්වල තවමත් ඒ වේදනාවන් මැකී නැත...

Address

Attavilluwa North
Puttalam
61328

Website

Alerts

Be the first to know and let us send you an email when තරුණ බෞද්ධ සමිතිය,උත්තර අට්ටවිල්ලුව/ YBS,Attavilluwa North posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share