අපේ හෙළදිව සහ බෞද්ධ උරුමය

අපේ හෙළදිව සහ බෞද්ධ උරුමය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ හෙළදිව සහ බෞද්ධ උරුමය, Buddhist Temple, Polonnaruwa.

ජාතියත් ,එහි ජීව රුධිරය බුදු දහමත් රකින්නට,සිහලුන් ප්‍රබෝධ කළ අභීත නායකත්වය .
14/09/2021

ජාතියත් ,එහි ජීව රුධිරය බුදු දහමත් රකින්නට,සිහලුන් ප්‍රබෝධ කළ අභීත නායකත්වය .

අද මේ දිගහැරුම අනුරාධපුරයේ පිහිටි සමාධි  බුදු පිළිමය  පිළිබඳවයි.සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ ප...
09/09/2021

අද මේ දිගහැරුම අනුරාධපුරයේ පිහිටි සමාධි බුදු පිළිමය පිළිබඳවයි.

සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.

සමාධි බුදු පිළිම වහන්සේ 4 වන හෝ 5 වන සියවසේ අභයගිරි සමයට අයත් ලෙස සැලකෙන අතර එය කිනම් රජ කෙනෙකුගේ කාලයේදී නිර්මාණය කරන ලද්දේ දැයි නිශ්චිතව නොදනී. නමුත් මෙම පිළිමය එකල උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ට මුහුණ ලා පිහිටවූ එකිනෙකට සමාන පිළිම වහන්සේලා 4 නමකගෙන් එකක් ලෙස පිළිගත් මතයක් පවතී. මෙම පිළිමය දැනට පිහිටි ස්ථානයේදීම 1888 දී හමු වූ අතර ඒ වන විට පිළිමයේ නාසයට හානි සිදුවී තිබුණි. පිළිමය ආවරණය කරමින් තිබෙන උඩු වියන 1950/60 කාල සීමාවේදී පිහිටනු ලැබීය.

පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම සමාධි බුදු පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දියාවෙන් අතික්‍රාන්තය නොවූවක් ලෙසත් අවධාරණය කර ඇත.

සමාධි බුද්ධ ප්‍රතිමාව බාහිර ලෝකය සමඟ බැඳිමක් හෝ විදැහීමක් නොමැතිව භාවනානුගෝගීව සිටින බුදු රජාණන් වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණය කරනු ලැබේ.

(වික්පීඩියා)

🌼බුදුකෙනෙකු ලොව වැඩ සිටීම කෙතරම් උතුම්ද.                   මහණෙනි ,සුගතයන් වහන්සේ හෝ සුගතව්නය හෝ ලොව පවතින්නාහු නම්, එය ...
07/09/2021

🌼බුදුකෙනෙකු ලොව වැඩ සිටීම කෙතරම් උතුම්ද.

මහණෙනි ,සුගතයන් වහන්සේ හෝ සුගතව්නය හෝ ලොව පවතින්නාහු නම්, එය බොහෝ ජනයාට හිත සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස ,දෙවිමිනිසුන්ට යහපත හිත පිණිස පවතින්නේය.
ලෝක සත්වයෝ පංචකාමය නිවහන කොට වසත්, එහි ඇලි සිටිත්, එයින් ම සතුටු වෙවී සිටිත් .තථාගතයන් විසින් ඇල්ම දුරුකිරීම පිළිබඳ ධර්මය දෙසනු ලබන කල්හි,

එබඳු ඔවුහු ඒ ධර්මය අසන්නට ආසා කරත් ,මනාව සවන් යොමා සිටිත් ,අවබෝධ කරගන්නට ඔනෑය කියා සිත පිහිටුවා ගනිත්.මෙය ය පළමු අසිරිමත් කරුණ.

අද මේ දිග හැරුම අභයගිරි චෛත්‍ය පිළිබඳවයි...මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස...
04/07/2021

අද මේ දිග හැරුම අභයගිරි චෛත්‍ය පිළිබඳවයි...

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.113 - 411 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.

🌐අභයගිරිදාගැබ - අනුරාධපුර

ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිටා ඇත්තේය. අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට, මහා පවුරුවලින් ද අලංකාර පොකුණු වලින්ද කැටයම් කරන ලද ගරාදි වැට සහ සඳකඩ පහණ යනාදිය පිරිවරා අභයගිරි දාගැබ ඇත. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්‍රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය. අන්තැනෙක පිහිටුවන ලද එහි ශාඛා වලින් ලෝකයේ අනිකුත් ප්‍රදේශ වලට එයින් වූ බලපෑම හඳුනාගත හැක. එපරිදි ශ්‍රී ලංකාවේ පුරාණ නගරය වූ අනුරාධපුරයේ, අභයගිරිය විහාරය, මහා විහාරය සහ ජේතවන බෞද්ධ විහාරික නිකායන්ට සමානවම නැගි සිටියේය.

🌐වලගම්බා රජු සහ අභයගිරිය.

අභයගිරිදාගැබ - අනුරාධපුර - ශ්‍රී ලංකාව.
කි.පූ. 89 සිට 77 දක්වා වට්ටගාමිණි අභය රජුගේ දෙවැනි පාලන සමයේ ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තියා (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු ඔහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ඔහු රජ වන බවට අනාවැකි කියා තවත් බ්‍රාහ්මණයෙකු විසින් තියා රවටනු ලැබුවේය. මහින්ද තෙරුන් විසින් ලංකාවට බුද්ධාගම ගෙන ඒමට පෙරාතුව බ්‍රාහ්මණයින්ට ලාංකික සමාජයේ ඉහල ස්ථානයක් හිමිව තිබුනේය. භික්ෂු සමාජය පිහිටුවීමෙන් පසු බ්‍රාහ්මණයින්ට තිබූ ස්ථානය අහිමි වූ අතර එම ස්ථානය බෞද්ධ භික්ෂුවට ලැබුනි. සමහර බ්‍රාහ්මණයන් බුද්ධාගම වැළඳ ගත් අතර සෙස්සෝ කැරළි ගැසූහ. තියා ට ඔහුගේ බමුණු ප්‍රජාවගේ සහයෝගය ලැබුනි. ඔහු ලංකාවේද ලංකාවෙන් පිටද ජීවත් වූ බැවින් බොහෝ සේ බලවත්ව සිටියේය. මෙම කාලසීමාවේදිම දෙමළ ප්‍රධානින් හත් දෙනෙකු විශාල හමුදාවක් ද ගෙන මහාතිත්ථයෙන් ලංකාවට ගොඩ බටහ. ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ වළගම්බා රජු ඉහත කි දෙපිරිස සමග සටන් කිරීමට තරම් ඔහුගේ හමුදාව ශක්තිමත් නොවන බව වටහා ගෙන එම දෙපිරිසට ඔවුනොවුන් හා යුද වැදීමට සලස්වා මග හැර ගියේය. ආක්‍රමණිකයන් පලවා හැරියොත් ඔහුට රජකම ලබා ගත හැකි යැයි කියමින් රජු තියා වෙත පණිවුඩයක් යැව්වේය. මෙයට තියා එකඟ වී තමන්ගේ හමුදාව ද ගෙන දෙමළ හමුදාව ඉදිරියට ගියේය. එහෙත් ඔහු පරාජය විය. ජයග්‍රහණයෙන් ප්‍රමුදිත වූ දෙමළ හමුදාව අනුරාධපුරය දක්වා ඉදිරියට ගොස් රජු පැරදවූහ. රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. අනුරාධපුරය අත හැර මෙසේ පලා යද්දි පණ්ඩුකාභය රජු තැන වූ නගරයේ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ජෛන පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. රජු එකෙණිහිම මෙසේ සිතුවේය. "මගේ රාජ්‍ය මට නැවත ආපසු ලැබුනොත් මෙතැන ආරාමයක් කරමි". බැමිණිටියා සාය නොහොත් මහා සාගතය සහ ඉන් පසු සිදු වූ විදේශීය ආක්‍රමණ කාලය තුලදි වට්ටගාමිණි අභය රැකවරණය සඳහා කඳුකරයේ රැඳෙමින් සේනා සංවිධානය කළේය. කි.පු. 89 දි ඔහු අනුරාධපුරයට පැමිණෙන තෙක් වසර 14 කට වඩා වැඩි කාලයක් එසේ සිටියේය. අනතුරුව ඔහු අනුරාධපුරය දක්වා තම සේනා මෙහෙයවා අන්තිම දෙමළ රජු වූ භාතිය පැරදවූයේය. ඔහු පලා ගිය දිනයේ වූ පොරොන්දුව ඉටු කරමින් රජ වූ පසු ඔහුගේ පළමු කාර්යයන්ගෙන් එකක් වූයේ ගිරි ආශ්‍රමය පිහිටි බිමෙහි අභයගිරි විහාරය තැනවීමයි. එහි නායක තෙරුන් ලෙස කුප්පිකාල මහාතිස්ස තෙරුන් පත් කරන ලද්දේ ආක්‍රමණයන්ගේ පාලන කාලය තුල ඒ හිමියන් විසින් රජුට කරන ලද උදව් වෙනුවට කෘත ගුණ සැළකීමක් වශයෙනි. ඉන් පසු අභයගිරිය ආගමික කටයුතු පිළිබඳ මූලස්ථානයක් වූවා පමණක් නොව ජාතියට නවජීවනයක් දුන් ස්ථානයක් ද වූයේ එය රටෙහි බ්‍රහ්මණ සහ ජෛන බලපෑම අවසාන කිරීම සංකේතවත් කළ බැවිනි. ඉතිහාස පුරාවෘතයන් අනුව අභයගිරි විහාරයට ඒ නම ලැබුනේ වට්ටගාමිනි අභය නම් රජුගේ නමද ජෛන ආශ්‍රමයේ සිටි ගිරි නම් පූජකයාගේ නම් ද ආශ්‍රයෙනි. අනිත් අතට පුරාණ විහාර ආරාම බොහෝ විට ගොඩ නගන ලද්දේ සිංහලෙන් 'ගිරි' නමින්ද හැඳින්වෙන කුඩා කඳු ගැට ආශ්‍රිතවය. (උදාහරන වශයෙන් වෙස්සගිරි, මේඝගිරි නැත හොත් චේතිය ගිරි ආශ්‍රමයන්) මේ අනුව අභයගිරි යන නම වළගම්බා රජු විසින් කරන ලද ආරාමයක් නිසාත් 'දීග පාසාන' නම් කඳු ගැටය මූලික කර ගෙන ගොඩ නගන ලද නිසාත් අභයගිරි යන නම යෙදෙන්නට ඇත. මෙම කඳු ගැටය දැනට අභයගිරි විහාර සංකීර්ණය තුල දක්නට ලැබේ.

🌐අභයගිරියෙහි ස්වර්ණමය යුගය.

අභයගිරිදාගැබ - අනුරාධපුර - ශ්‍රී ලංකාව.
ක්‍රි.ව.3 වැනි සියවසේ මහාසේන රජු බලයට පත් වූ කාලයේ මහාවිහාරික භික්ෂුන් වහන්සේලා විසින් පිළිපදින ලද ථෙරවාදි බුදුදහමෙහි පසු බෑමක් ඇති විය. රජතුමා මහාවිහාරික භික්ෂූන්ට දන් පිළිගැන්වීම තහනම් කළේය. එපමණකින් නොනැවති මහාවිහාරයට අයිති ගොඩනැගිලි විනාශ කර ඒවායේ තිබු ද්‍රව්‍ය අභයගිරියේ තැනූ නව ගොඩනැගිල්ල සඳහා ප්‍රයෝජනයට ගත්තේය. මහාසෙන් රාජප්‍රාප්තිය අභයගිරියෙහි ස්වර්ණමය යුගය විය. 4 වැනි සියවසේ දි බුදුන්ගේ දන්ත ධාතුව ලංකාවට ගෙන ඒමෙන් පසු මහජන වන්දනාව පිණිස තැන්පත් කර තැබීමට තෝරා ගන්නා ලද්දේ අභයගිරියයි. චීන භික්ෂුවක් වූ ෆාහියන් (Fa - hsien) මෙසේ විස්තර කරයි "මෙතැන් සිට දින දහයක් ගත වූ තැන බුදුන්ගේ දන්ත ධාතුව අභයගිරියට ගෙන යනු ඇත. මග දෙපස බුදුන්ගේ පෙර ජන්ම වල ස්වරූපයෙන් පන්සියක් ප්‍රතිමා තැබුවේය. 'ධම්මාන්ද්' සොයමින් ෆාහියන් හිමියන් ලංකාවට පැමිණි සමය වන විට (කි.ව 412 දී) අභයගිරිය ප්‍රධාන පෙළේ බෞද්ධ මධ්‍යස්ථානයක් වී තිබුනේය. එතුමා 'ධම්ම' අධ්‍යනය කරමින් ලංකාවේ අවුරුදු දෙකක් ගත කර මහායනය ධර්මය රැගත් ලේඛන වල පිටපත්ද ගෙන ගියේය. 'මශීසාසක නීති' නම් ග්‍රන්ථයේ පිටපතද ලබා ගත්තේය. ඔහු එවකට චීනයට ආගන්තුක වූ 'දීර්ඝගාම' 'සම්යුක්ත ගාම' සහ 'සන්නිපාත' කෘති වල පිටපත්ද ලබා ගත්තේය. 7 වැනි සියවස පමණ වන විට අභයගිරි විහාරය මූල හතරකින් යුක්ත විය. (ආගමික ඉගැන්වීම් සඳහා නිකායන් නොහොත් කණ්ඩායම්) ඒවා නම් උත්තර මූල, කපර මූල, මහනෙත්පාමුල සහ වහදු මුල නම් විය. මේ සෑම ස්ථානයක්ම මේ වන විට පුරා විද්‍යා කැණිම් වලින් ද ශිලා ලේඛණමය සාක්ෂි වලින්ද හඳුනාගෙන ඇත. කාලය ගත වෙද්දි අභයගිරිය, චීනය , ජාවා සහ කාශ්මීරය සමග සබඳතා පවත්වා ගනිමින් ඉතා හොඳින් සංවිධානය වූ ආගමික සහ අධ්‍යාපනික ආයතනයක් ලෙස වර්ධනය වූයේය. පැඹ - චැන්ග් විසින් ක්‍රි.ව.526 දී සංග්‍රහ කරන ලද පි-චිතු-නි-චංග් (pi - chitu - ni - chung) නම් භික්ෂුණියගේ චරිතාපදානය සහ ගුණවර්නම් සහ සංඝවර්ණම් ගේ චරිතාපදාන වැනි ලේඛන වලට අනුව සිංහල භික්ෂුණින් විසින් චීන භික්ෂුණීන්ට දෙවැනි උපසම්පදාව ලබා දී ඇත. තවත් චීන මූලාශ්‍රයකට අනුව කි.ව.426 දී සිංහල භික්ෂුණින් අට දෙනෙකු නැන්කිංග් නම් සංග් රජ සමයේ (ක්‍රි.ව.420-77) අගනුවරට පැමිණ ඇත. එසේ පැමිණ ඇත්තේ විදේශ වෙළඳ නැවකිනි. එහි අයිතිකරු නන්දි නැමැත්තෙකි. අනතුරුව තවත් භික්ෂුණින් තිදෙනෙකු ටී- සො - රෙ Tie - so - re (සිංහල තිසර) ගේ නායකත්වයෙන් යුතුව නැන්කිංග් වෙත පැමිණ ඇත. මෙසේ කි.ව.434 දී තුන්දාහකට අධික භික්ෂුණින් පිරිසක් සිංහල භික්ෂුණීන් දහසකට වැඩි පිරිසක් ඉදිරියේ චීනයේ නැංකින් විහාරයේදි උපසම්පදාව ලබා ඇත. මෙම සිංහල භික්ෂුණියන් පිරිසේ නායකත්වය දරා ඇත්තේ 'තිස්සර' නම් භික්ෂුණිය විසිනි. මධ්‍යම ජාවාහි රටුබක සානුවේ තිබෙන අසම්පූර්ණ සෙල්ලිපියක විස්තර කර ඇති පරිදි අභයගිරි විහාරය හරහා ජාවා හා ශ්‍රී ලංකාව අතර ආගමික සම්බන්ධතාවය 8 වැනි සියවස අවසානය දක්වා පැවති බව වාර්තා වේ. මෙම ශිලා ලේඛණයේ 'බුදුන්ගේ (ජින) ධර්මය පරිදි පුහුණු කරන ලද භික්ෂූණ් වහන්සේලාගේ අභයගිරි විහාරයක් පිහිටුවීම ගැන වාර්තා කරයි. මෙම වාර්තාව ගැන අදහස් දක්වමින් J.G.de කැස්පරිස් නිරීක්ෂණය කරන්නේ ' ඉතාම වැදගත් විස්තරය වන්නේ ආයතනයේ නමයි එනම් අභයගිරි විහාරය' යන්නයි. මේ නමින් එක් වරම යෝජනා කරන්නේ අනුරාධපුරයේ ඉතා ප්‍රසිද්ධ විහාරයයි. එසේම 'සිංහලයන්ගේ' යන්න දක්වා තිබීමෙන් එය එක විට අහම්බයෙන් සිදු වූවක් නොවන බව සනාථ කරයි. සත්‍ය වශයෙන්ම ඒ පදනම අභයගිරි යන නම ලැබීමට සුදුසු දෙවැනි අභයගිරියකි. කලින් කල සිදු වූ දකුණු ඉන්දීය ආක්‍රමණ (විශේෂයෙන් නම වෙනි සියවසේ පළමු වැනි සේන රජුගේ කාලයේ) සහ අවරුදු 50 කට ආසන්න කාලයක් පැවති චෝල පාලනයේද ප්‍රථිපලයක් ලෙස අනුරාධපුර නගරය අතහැර දැමීමට සිදුවීම අභයගිරි විහාරයේ පරිහානියට හේතු විය. පළමු වැනි විජයබාහු සහ පළමු වැනි පරාක්‍රමබාහු යනාදි රජවරු ගත් උත්සාහයන් හැරුණු විට 13 වැනි සියවසේදී ආරාම පරිශ්‍රය ප්‍රථිසංස්කරණය කිරීමට පියවර ගත් නමුදු කාලය ගත වෙද්දි විශේෂයෙන් නිතර නිතර කෙරුණු මාඝගේ ආක්‍රමණ හේතුවෙන් පොළොන්නරුව අගනගරය 1218 දී වෙනත් ස්ථානයකට මාරු කිරීමෙන් පසු එහි සිදු වූ ක්‍රමානු කූල පරිහානිය වැලැක්විය නොහැකිය විය. 1880 දී පමණ විද්‍යාඥයින් සහ උගතුන්ගේ අවධානය අතහැර දමන ලද නටබුන් කෙරෙහි යොමු වන තෙක් අවුරුදු 800 ක් පමණ කාලයක් තිස්සේ අභයගිරිය අඳුරේ සැඟවී තිබුණි. එම ස්ථානය පළමුව ජේතවන විහාරය ලෙස තේරුම් ගත් ඔව්හු විශේෂඥයන් ලවා එම ස්ථානය ඡායා රූප ගත කරවන ලදි. ඒවායේ සිතුවම් අන්දවන ලදි. ඒ දහනමවෙනි ශත වර්ෂයේ අවසාන භාගයේදිය. එම කාලයේදිම වාගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. එම දෙපාර්තමේන්තුව විසි වන ශත වර්ෂයේ මුලදී කැණීම් කටයුතු සහ මන්දිර කීපයක සංරක්ෂණ කටයුතු භාර ගත්තේය.

කරුණු වල අයිතිය =
පුරා විද්‍යාත්මක සැරසිලි ආශ්‍රිත ලිපි.

මේ දිගහැරුම මුතියංගන රාජ මහා විහාරය  (බදුල්ල) පිළිබඳවයි.විහාර ගෙය සහ චෛත්‍යයයඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල නගරය...
29/06/2021

මේ දිගහැරුම මුතියංගන රාජ මහා විහාරය (බදුල්ල) පිළිබඳවයි.

විහාර ගෙය සහ චෛත්‍යයය
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල නගරයේ පස්සර පාරට යාබදව මෙම මුතියංතන රාජ මහා විහාරස්ථානය පිහිටා ඇත. මෙම මුතියංගන විහාරස්ථාන භූමියේ ඉතිහාසය බුදු රජාණන් වහන්සේගේ ජිවමාන කාලය දක්වාම පැරණිය.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අට වන වර්ෂයේ වෙසක් පොහෝ දිනක, තුන් වන වර ශ්‍රී ලංකාවට වැඩිය අවස්ථාවේ දී, ප්‍රාදේශිය පාලකයෙකු වු ඉන්දක දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ මුතියංගන රාජ මහා විහාරස්ථානයේ දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ රහතන් වහන්සේලා 500 නමක් සමග නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි සිද්ධස්ථානයක් බව සමන්ත පාසාදිකාව නම් ග්‍රන්ථයේ සදහන් වෙතත්, මෙම සිදුවීම මහා වංශයේ හෝ පුජා වලියේ හෝ සදහන් නොවීම ගැන අධ්‍යයනයක් කල යුතුවේ.
සත් සති විහාර මන්දීරය
මුතියංගන රාජ මහා විහාරස්ථානය, සොලොස්මස්ථාන වලින් එකකී. සොලොස්මස්ථාන වලින් 7 වන ස්ථානය හිමි වන්නේ මුතියංගනයටයි. ප්‍රථම සොලොස්මස්ථාන 7 පිලිවෙලින් මේසේය; මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාදය, දිවාගුහාව, දීඝවාපිය, සහ මුතියංගනය.දෙතිස් ඵල රුහ බෝධිය සහ බෝධි ප්‍රකාරය
මුතියංගනය රාජ මහා විහාරස්ථානයේ ඇති චෛත්‍යයේ බුදු රජාණන් වහන්සේගේ මුතු බවට පත්වු දහඩිය බිංදු නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට බුද්ධ ධර්මය පැමිණියා සේම බුදු රජාණන් වහන්සේ පිට දුන් බෝධියේ එනම්, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් මහින්ද මහා රහතන් වහන්සේගේ නැගනිය වු සංඝමිත්තා රහත් භික්ෂුණින් වහන්සේ විසින් රැගෙන එන ලදුව,
ආනන්ද බෝධිය
ශ්‍රී ලංකාවේදි පැළවුණු දෙතිස් ඵල රුහ බෝධියක්, දේවානම්පියතිස්ස රජු විසින් බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයට පුජා කරන ලදුව අදත් එම බෝධින් වහන්සේ විරාජ මානව ජීවත්වේ. එම දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේගේ ආරක්ෂාවට සාදා ඇති බෝධිඝරය ද ඉතා පැරණි වුත් අලංකාර වුත් බෝධිඝරයකී.

මලිය දේව බෝධිය
මෙම දෙතිස් ඵල රුහ බෝධියට අමතරව ඉන්දියාවේ ජේතවනාරාමයේ රෝපණය කර ඇති ආනන්ද බෝධින් වහන්සේගේ අත්තකින් පැල කරන ලද ආනන්ද බෝධියක්ද මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇත. එසේම, මෙම දෙතිස් ඵල රුහ බෝධිය හා ආනන්ද බෝධිය යන බෝධින් දෙනමට අමතරව මලිය දේව මහා රහතන් වහන්සේ ඡ චක්ක සුත්‍රය දේශනා කරන ලද ස්ථානයේ රෝපිත මලිය දේව නම් බෝධියක්ද මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇත.

තොරණ
මෙම විහාරස්ථානයේ ඇති තොරණ, දුර්ලභ ගණයේ තොරණකී. ඉහලම තලයේ සමාධියෙන් වැඩ සිටින බුද්ධ පිළිමයකී. මොණර රූප දෙකක්, ගව රූප දෙකක්, සිංහ රූප දෙකක් ආදි වශයෙන් සෙසු ඒවා වේ.

මෙම විහාරස්ථානයේ පහත අංගයන්ගෙන් සමන්විතයි.
1. චෛත්‍යය
2. සත් සති විහාර මන්දීරය
3. දෙතිස් ඵල රුහ බෝධිය
4. දෙතිස් ඵල රුහ බෝධි ඝරය
5. බුදු මැදුරු 3යි. ( සත් සති විහාර මන්දීරය,
6. ධර්ම ශාලාව
7. ආනන්ද බෝධිය
8. මලිය දේව බෝධිය
9. 28 බෝධින් වහන්සේලා

චෛත්‍යය
මුතියංගන රාජ මහා විහාරස්ථානයට දේවානම්පියතිස්ස රජු, ජෙට්ඨතිස්ස රජු, ධාතුසේන රජු, මහා විරජබාහු රජු, මහා පරකුම්බාහු රජු, දෙවන රාජසිංහ රජු සහ ප්‍රාදේශිය රජ වරු, යන රජ වරුන්ගේ පිහිට, ආධාරය, උපකාරය හා ආරක්ෂාව ලැබි තිබේ.

✴️සැකසුම = වාහල්කඩ

අද අප ඔබගේ අවධානය යොමුකරන්නේ ලංකාවේ පැවතුනු රාජධානින් ය.1. තම්බපන්නි රාජධානිය 2. අනුරාධපුර රාජධානිය3. පොලොන්නරුව රාජධානි...
29/06/2021

අද අප ඔබගේ අවධානය යොමුකරන්නේ ලංකාවේ පැවතුනු රාජධානින් ය.

1. තම්බපන්නි රාජධානිය
2. අනුරාධපුර රාජධානිය
3. පොලොන්නරුව රාජධානිය
4. දඹදෙණිය රාජධානිය
5. ගම්පොල රාජධානිය
6. කෝට්ටේ රාජධානිය
7. සීතාවක රාජධානිය
8. කන්ද උඩරට රාජධානිය

ශ්‍රී ලංකාවේ ජාතිකත්වයඅවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ග...
19/06/2021

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය

අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකී දුරකට දිවයයි. ලංකාවේ විසු ආදිතම ප්‍රබල රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

වර්ෂ 1505 දී පරංගිහූ(Portuguese) ලංකාව ට පැමිනීමෙන් පසු ලංකාව අධර්මිශ්ඨ කරනයට ලක්විය‍‍. පරංගින්ගේ මුලීක උවමනාව වූයේ ඔවූන්ගේ ආගම සහ වෙළදාම වැපිරවීමයී. පසුව ඕලන්ද(Dutch) හා ඉංග්‍රිසි (British) අධිරාජ්‍යවාදීන්ගේද තාඩන පීඩන වලට ලක්විය. මේ ආරයෙන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා ඉතා දරුණූ පාලනයක් ගෙනගියහ.

රජු / රැජිණ පාලන කාලය වර්ෂ රාජධානිය

විජය අවුරුදු 38 ක්‍රි.පු 543 - 505 තමිමැන්නා නුවර
උපතිස්ස අවුරුදු 01 ක්‍රි.පු 505 - 504 උපතිස්ස නුවර
පණ්ඩුවාසදේව අවුරුදු 30 ක්‍රි.පු 504 -474 උපතිස්ස නුවර
අභය අවුරුදු 20 ක්‍රි.පු 474 - 454 උපතිස්ස නුවර
පණ්ඩුකාභය අවුරුදු 70 ක්‍රි.පු 437 - 367 අනුරාධපුරය
මුටසීව අවුරුදු 60 ක්‍රි.පු 367 - 307 අනුරාධපුරය
දේවානමිපියතිස්ස අවුරුදු 40 ක්‍රි.පු 307 - 267 අනුරාධපුරය
උත්තිය අවුරුදු 10 ක්‍රි.පු 267 - 257 අනුරාධපුරය
මහාසීව අවුරුදු 10 ක්‍රි.පු 257 - 247 අනුරාධපුරය
සූරතිස්ස අවුරුදු 10 ක්‍රි.පු 247 - 237 අනුරාධපුරය
සේන සහ ගුත්තික අවුරුදු 10 ක්‍රි.පු 237 - 215 අනුරාධපුරය
අසේල අවුරුදු 10 ක්‍රි.පු 215 - 205 අනුරාධපුරය
එලාර අවුරුදු 44 ක්‍රි.පු 205 - 161 අනුරාධපුරය
දුටුගැමුණු අවුරුදු 24 ක්‍රි.පු 161 - 137 අනුරාධපුරය
සද්ධාතිස්ස අවුරුදු 18 ක්‍රි.පු 137 - 119 අනුරාධපුරය
තුල්ලත්තන අවුරුදු 01 ක්‍රි.පු 119-- අනුරාධපුරය
ලන්ජිතිස්ස අවුරුදු 09 මාස 08 ක්‍රි.පු 119 - 109 අනුරාධපුරය
කල්ලතනාග අවුරුදු 06 ක්‍රි.පු 109 - 103 අනුරාධපුරය
වටිට ගාමිණී මාස 05 ක්‍රි.පු 103 අනුරාධපුරය
වලගමිබා අවුරුදු 12- ක්‍රි.පු 89 - 76 අනුරාධපුරය
පුලහත්ත අවුරුදු 03 ක්‍රි.පු 103 - 100 අනුරාධපුරය
භාහිය අවුරුදු 02 ක්‍රි.පු 100 - 98 අනුරාධපුරය
පනයාමර අවුරුදු 07 ක්‍රි.පු 98 - 91 අනුරාධපුරය
පිලියාමර අවුරුදු 07 ක්‍රි.පු 91 - 90 අනුරාධපුරය
ධාතිය අවුරුදු 02 ක්‍රි.පු 90 - 89 අනුරාධපුරය
මහසිලු මහතිස්ස අවුරුදු 14 ක්‍රි.පු 76 -- 62 අනුරාධපුරය
චෝරනාග අවුරුදු 12 ක්‍රි.පු 62 - 50 අනුරාධපුරය
තිස්ස (කුඩා තිස්ස) අවුරුදු 03 ක්‍රි.පු 50 - 47 අනුරාධපුරය
අනුලා හා ඇගේ සැමියා අවුරුදු 04 මාස 03 ක්‍රි.පු 47 - 42 අනුරාධපුරය
කූට කන්නතිස්ස අවුරුදු 22 ක්‍රි.පු 42 - 20 අනුරාධපුරය
භාතිය තිස්ස අවුරුදු 28 ක්‍රි.පු 20 ක්‍රි.ව 09 අනුරාධපුරය
මහභාතිය මහානාග අවුරුදු 12 ක්‍රි.ව 09 - 21 අනුරාධපුරය
අමන්ද ගාමිණී අවුරුදු 09 ක්‍රි.ව 21 - 30 අනුරාධපුරය
කණිරාජනුතිස්ස අවුරුදු 03 ක්‍රි.ව 30 - 33 අනුරාධපුරය
චූල අභය අවුරුදු 02 ක්‍රි.ව 33 - 35 අනුරාධපුරය
සීවලී රැජිණ මාස 04 ක්‍රි.ව 35 අනුරාධපුරය
එලනාග අවුරුදු 09- ක්‍රි.ව 35 - 44 අනුරාධපුරය
චන්ද්‍ර මුක්හ සීව අවුරුදු 08 ක්‍රි.ව 44 - 52 අනුරාධපුරය
යසලාලක තිස්ස අවුරුදු 07 මාස 08 ක්‍රි.ව 52 - 60 අනුරාධපුරය
සුභරාජ අවුරුදු 06 ක්‍රි.ව 60 - 66 අනුරාධපුරය
වසභ අවුරුදු 44 ක්‍රි.ව 66 - 110 අනුරාධපුරය
වන්කනාසික තිස්ස අවුරුදු 03 ක්‍රි.ව 110 - 113 අනුරාධපුරය
පළමු ගජබා අවුරුදු 22 ක්‍රි.ව 113 - 135 අනුරාධපුරය
මහා ලන්හනාග අවුරුදු 06 ක්‍රි.ව 135 - 141 අනුරාධපුරය
දෙවන භාතිය තිස්ස අවුරුදු 24 ක්‍රි.ව 141 - 165 අනුරාධපුරය
කනිට්ඨ තිස්ස අවුරුදු 28 ක්‍රි.ව 165 - 193 අනුරාධපුරය
චූලනාග අවුරුදු 02 ක්‍රි.ව 193 - 195 අනුරාධපුරය
කුන්චනාග අවුරුදු 01 ක්‍රි.ව 195 - 196 අනුරාධපුරය
සිරිනාග අවුරුදු 19 ක්‍රි.ව 196 - 215 අනුරාධපුරය
වෝහරික තිස්ස අවුරුදු 22 ක්‍රි.ව 215 - 236 අනුරාධපුරය
අභයනාග අවුරුදු 08 ක්‍රි.ව 236 - 244 අනුරාධපුරය
දෙවන සිරිනාග අවුරුදු 08 ක්‍රි.ව 244 - 246 අනුරාධපුරය
විජය කුමාර අවුරුදු 01 ක්‍රි.ව 246 - 247 අනුරාධපුරය
සන්ග තිස්ස අවුරුදු 04 ක්‍රි.ව 247 - 251 අනුරාධපුරය
සිරිසගබෝ අවුරුදු 02 ක්‍රි.ව 251 - 253 අනුරාධපුරය
ගෝඨාබය අවුරුදු 13 ක්‍රි.ව 253 - 266 අනුරාධපුරය
පළමු දෙටුතිස් අවුරුදු 10 ක්‍රි.ව 266 - 276 අනුරාධපුරය
මහසෙන් අවුරුදු 27 ක්‍රි.ව 276 - 303 අනුරාධපුරය
සිරිමෙවන් අවුරුදු 28 ක්‍රි.ව 303 - 331 අනුරාධපුරය
දෙවන දෙටුතිස් අවුරුදු 09 ක්‍රි.ව 331 - 340 අනුරාධපුරය
බුද්ධදාස අවුරුදු 29 ක්‍රි.ව 340 - 369 අනුරාධපුරය
පළමු උපතිස්ස අවුරුදු 42 ක්‍රි.ව 369 - 410 අනුරාධපුරය
මහානාම අවුරුදු 22 ක්‍රි.ව 410 - 432 අනුරාධපුරය
සොත්තිසේන දවස් 01 ක්‍රි.ව 432 අනුරාධපුරය
චත්තග්‍රාහක අවුරුදු 01 ක්‍රි.ව 432 - 433 අනුරාධපුරය
මිත්තසේන අවුරුදු 01 ක්‍රි.ව 433 - 434 අනුරාධපුරය
පණ්ඩු අවුරුදු 25 ක්‍රි.ව 434 - 459 අනුරාධපුරය
ධාතුසේන අවුරුදු 18 ක්‍රි.ව 459 - 477 අනුරාධපුරය
කාෂ්‍යප අවුරුදු 18 ක්‍රි.ව 477 - 495 අනුරාධපුරය
පළමු මුගලන් අවුරුදු 18 ක්‍රි.ව 495 - 512 අනුරාධපුරය
ධාතුසේන අවුරුදු 09 ක්‍රි.ව 512 - 521 අනුරාධපුර
කීර්තිසේන අවුරුදු 09 ක්‍රි.ව 521 අනුරාධපුරය
සිවා දවස් 25 ක්‍රි.ව 521 අනුරාධපුරය
සෙවන උපතිස්ස අවුරුදු 01 ක්‍රි.ව 521 - 522 අනුරාධපුරය
සිලකාල අවුරුදු 13 ක්‍රි.ව 522 - 535 අනුරාධපුරය
ධතප්පභූති මාස 06 ක්‍රි.ව 535 අනුරාධපුරය
දෙවන මුගලන් අවුරුදු 20 ක්‍රි.ව 535 - 555 අනුරාධපුරය
කිත්සිරිමෙවන් අවුරුදු 19 ක්‍රි.ව 555 - 573 අනුරාධපුරය
මහානාග අවුරුදු 03 ක්‍රි.ව 573- -575 අනුරාධපුරය
පළමු අග්බෝ අවුරුදු 34 ක්‍රි.ව 575 - 608 අනුරාධපුරය
දෙවන අග්බෝ අවුරුදු 10 ක්‍රි.ව 608 - 618 අනුරාධපුරය
සන්ගතිස්ස මාස 02 ක්‍රි.ව 618 අනුරාධපුරය
තුන්වන මුගලන් අවුරුදු 05 ක්‍රි.ව 618 - 623 අනුරාධපුරය
සිලමේඝවන්න අවුරුදු 09 ක්‍රි.ව 623 - 632 අනුරාධපුරය
තුන්වන අග්බෝ මාස 06 ක්‍රි.ව 632 අනුරාධපුරය
තුන්වන දෙටුතිස් මාස 05 ක්‍රි.ව 632 අනුරාධපුරය
තුන්වන අග්බෝ අවුරුදු 16 ක්‍රි.ව 632 - 648 අනුරාධපුරය
පලමු දතසීව අවුරුදු 02 ක්‍රි.ව 648 - 650 අනුරාධපුරය
දෙවන කාෂ්‍යප අවුරුදු 09 ක්‍රි.ව 650 - 659 අනුරාධපුරය
පළමු දප්පුල අවුරුදු 03 ක්‍රි.ව 659 - 662 අනුරාධපුරය
දෙවන හත්තදාස අවුරුදු 09 ක්‍රි.ව 659 - 667 අනුරාධපුරය
සිවිවන අග්බෝ අවුරුදු 16 ක්‍රි.ව 667 - 683 අනුරාධපුරය
දත්තා අවුරුදු 02 ක්‍රි.ව 683 - 684 අනුරාධපුරය
හත්තදාත මාස 06 ක්‍රි.ව 684 අනුරාධපුරය
මානවමිම අවුරුදු 35 ක්‍රි.ව 684 - 719 අනුරාධපුරය
පස්වන අග්බෝ අවුරුදු 06 ක්‍රි.ව 719 - 725 අනුරාධපුරය
තුනවන කාෂ්‍යප අවුරුදු 06 ක්‍රි.ව 725 - 731 අනුරාධපුරය
පළමු මහින්ද අවුරුදු 03 ක්‍රි.ව 731- 733 අනුරාධපුරය
හයවන අග්බෝ අවුරුදු 40 ක්‍රි.ව 733 - 722 අනුරාධපුරය
හත්වන අග්බෝ අවුරුදු 06 ක්‍රි.ව 772 - 718 අනුරාධපුරය
දෙවන මහින්ද අවුරුදු 20 අනුරාධපුරය
දෙවන උදය අවුරුදු 05 ක්‍රි.ව 797 - 802 අනුරාධපුරය
තුන්වන මිහිදු අවුරුදු 03 ක්‍රි.ව 802 - 805 අනුරාධපුරය
අටවන අග්බෝ අවුරුදු 11 ක්‍රි.ව 805 - 816 අනුරාධපුරය
තුන්වන දුප්පුල අවුරුදු 16 ක්‍රි.ව 816 - 831 අනුරාධපුරය
නවවන අග්බෝ අවුරුදු 02 ක්‍රි.ව 831 - 833 අනුරාධපුරය
පළමු සේන අවුරුදු 20 ක්‍රි.ව 833 - 853 අනුරාධපුරය
දෙවන සේන අවුරුදු 35 ක්‍රි.ව 853 - 887 අනුරාධපුරය
දෙවන උදය අවුරුදු 11 ක්‍රි.ව 887 - 898 අනුරාධපුරය
හතරවන කාෂ්‍යප අවුරුදු 17 ක්‍රි.ව 898 - 915 අනුරාධපුරය
පස්වන කාෂ්‍යප අවුරුදු 09 ක්‍රි.ව 915 - 924 අනුරාධපුරය
සිවිවන දප්පුල මාස 07 ක්‍රි.ව 924 අනුරාධපුරය
පස්වන දප්පුල අවුරුදු 12 ක්‍රි.ව 924 - 935 අනුරාධපුරය
තුන්වන උදය අවුරුදු 03 ක්‍රි.ව 935 - 938 අනුරාධපුරය
තුන්වන සේන අවුරුදු 08 ක්‍රි.ව 938 - 946 අනුරාධපුරය
හතරවන උදය අවුරුදු 06 ක්‍රි.ව 946 - 952 අනුරාධපුරය
සිවිවන සේන අවුරුදු 03 ක්‍රි.ව 952 - 955 අනුරාධපුරය
හතරවන මිහිදු අවුරුදු 16 ක්‍රි.ව 955 - 972 අනුරාධපුරය
පස්වන සේන අවුරුදු 10 ක්‍රි.ව 972 - 982 අනුරාධපුරය
පස්වන මිහිදු අවුරුදු 36 ක්‍රි.ව 982 - 1018 අනුරාධපුරය
පළමු විජයබාහු අවුරුදු 55 ක්‍රි.ව 1055 - 1110 පොලොන්නරුව
පළමු ජයබාහු අවුරුදු 01 ක්‍රි.ව 1110 පොලොන්නරුව
වික්‍රමබාහු අවුරුදු 21 ක්‍රි.ව 1110 - 1131 පොලොන්නරුව
දෙවන ගජබා අවුරුදු 22 ක්‍රි.ව 1131 - 1153 පොලොන්නරුව
පළමු මහා පරාක්‍රමබාහු අවුරුදු 33 ක්‍රි.ව 1153 - 1186 පොලොන්නරුව
දෙවන විජයබහු අවුරුදු 01 ක්‍රි.ව 1186 - 1187 පොලොන්නරුව
සිවිවන මිහිදු මාස 05 ක්‍රි.ව 117 පොලොන්නරුව
නිෂ්ශන්කමල්ල අවුරුදු 09 ක්‍රි.ව 1187 - 1196 පොලොන්නරුව
පළමු වීරබාහු දින 01 ක්‍රි.ව 1196 පොලොන්නරුව
දෙවන වික්‍රමබාහු මාස 03 ක්‍රි.ව 1196 පොලොන්නරුව
චිදගන්ගා මාස 09 ක්‍රි.ව 1196 - 1197 පොලොන්නරුව
ලීලාවතී රුජිණ අවුරුදු 03 ( පළමු වර ) ක්‍රි.ව 1197 - 1200 පොලොන්නරුව
ලීලාවතී රුජිණ අවුරුදු 01 ( දෙවන වර ) ක්‍රි.ව 1210 පොලොන්නරුව
ලීලාවතී රුජිණ අවුරුදු 07 ( තෙවන වර ) ක්‍රි.ව 1212 පොලොන්නරුව
සහසමල්ල අවුරුදු 02 ක්‍රි.ව 1200- - 1202 පොලොන්නරුව
කල්‍යාණිවතී රුජිණ අවුරුදු 08 ක්‍රි.ව 1202 - 1210 පොලොන්නරුව
ධර්මාශෝක අවුරුදු 01 ක්‍රි.ව 1210 පොලොන්නරුව
අනිකන්ග දින 17 ක්‍රි.ව 1210 පොලොන්නරුව
ලෝකේෂවර මාස 09 ක්‍රි.ව 1211 පොලොන්නරුව
පරාක්‍රමපණ්ඩු අවුරුදු 03 ක්‍රි.ව 1212 - 1215 පොලොන්නරුව
කාලින්ග මාග අවුරුදු 21 ක්‍රි.ව 1215 - 1236 පොලොන්නරුව
තුන්වන විජයබාහු අවුරුදු 04 ක්‍රි.ව 1220- 1224 දඹදෙනිය
දෙවන පරාකමබාහු අවුරුදු 35 ක්‍රි.ව 1234 -1269 දඹදෙනිය
සිවිවන විජයබාහු අවුරුදු 03 ක්‍රි.ව 1267 - 1270 දඹදෙනිය
පළමු බුවනෙකබාහු අවුරුදු 12 ක්‍රි.ව 1270 -1283 දඹදෙනිය සහ යාපහුව
තුන්වන පරාකමබාහු අවුරුදු 06 ක්‍රි.ව 1287 - 1293 පොලොන්නරුව
දෙවන බුවනෙකබාහු අවුරුදු 09 ක්‍රි.ව 1293 - 1302 කුරුණෑගල
පණ්ඩිත පරාක්‍රමබාහු අවුරුදු 24 ක්‍රි.ව 1302 - 1326 කුරුණෑගල
තුන්වන බුවනෙකබාහු කුරුණෑගල
සිවිවන විජයබාහු කුරුණෑගල
සිවිවන බුවනෙකබාහු අවුරුදු 12 ක්‍රි.ව 1341 - 1353 ගමිපොල
පස්වන පරාක්‍රමබාහු අවුරුදු 15 ක්‍රි.ව 1344 - 1359 දැඩිගම සහ ගමිපොල
තුන්වන වික්‍රමබාහු අවුරුදු 17 ක්‍රි.ව 1357 - 1374 ගමිපොල
පස්වන බුවනෙකබාහු අවුරුදු 37 ක්‍රි.ව 1372 - 1408 ගමිපොල
දෙවන වීරබාහු අවුරුදු 05 ක්‍රි.ව 1392 - 1397 රයිගම
වීරලකේෂ්වර අවුරුදු 12 ක්‍රි.ව 1397 - 1410 රයිගම
හයවන පරාක්‍රමබාහු අවුරුදු 55 ක්‍රි.ව 1412 - 1467 කෝටිටේ
දෙවන ජයබාහු අවුරුදු 05 ක්‍රි.ව 1467 - 1472 කෝටිටේ
හයවන බුවනෙකබාහු අවුරුදු 09 ක්‍රි.ව 1472 - 1480 කෝටිටේ
හත්වන පරාක්‍රමබාහු අවුරුදු 04 ක්‍රි.ව 1480 - 1484 කෝටිටේ
අටවන වීරපරාක්‍රමබාහු අවුරුදු 24 ක්‍රි.ව 1484- 1508 කෝටිටේ
නවවන ධර්ම පරාක්‍රමබාහු අවුරුදු 20 ක්‍රි.ව 1508 - 1528 කෝටිටේ සහ කැලණිය
හත්්වන විජයබාහු අවුරුදු 12 ක්‍රි.ව 1510 - 1522 කෝටිටේ
හත්වන බුවනෙකබාහු අවුරුදු 30 ක්‍රි.ව 1522 - 1551 කෝටිටේ
ධර්මපාල අවුරුදු 46 ක්‍රි.ව 1551 - 1597 කෝටිටේ
මායාදුන්න අවුරුදු 60 ක්‍රි.ව 1521 - 1581 සීතාවක
පළමු රාජසිංහ අවුරුදු 39 ක්‍රි.ව 1554 - 1593 සීතාවක
දොන් පිලිප් අවුරුදු 01 ක්‍රි.ව 1591 මහනුවර
පළමු විමලධර්්මසූරිය අවුරුදු 1 මහනුවර
සෙනරත් අවුරුදු 31 ක්‍රි.ව 1604 1635 මහනුවර සෙන්කඩගල
දෙවන රාජසිංහ අවුරුදු 52 ක්‍රි.ව 1635 - 1687 මහනුවර සෙන්කඩගල
දෙවන විමලධර්්මසූරිය අවුරුදු 20 ක්‍රි.ව 1687 - 1707 මහනුවර සෙන්කඩගල
නරේන්ද්‍රසිංහ අවුරුදු 32 ක්‍රි.ව 1707 - 1739 මහනුවර සෙන්කඩගල
විජය රාජසිංහ අවුරුදු 08 ක්‍රි.ව 1739 - 1747 මහනුවර සෙන්කඩගල
කීර්ති ශ්‍රී රාජසිංහ අවුරුදු 35 ක්‍රි.ව 1747 - 1782 මහනුවර සෙන්කඩගල
රජිරාජසිංහ අවුරුදු 16 ක්‍රි.ව 1782 - 1798 මහනුවර සෙන්කඩගල
ශ්‍රී වික්‍රම රාජසිංහ අවුරුදු 17 ක්‍රි.ව 1798 - 1815 මහනුවර සෙන්කඩගල.

විශේෂ ස්තුතිය = වාහල්කඩ

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ හෙළදිව සහ බෞද්ධ උරුමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share