Siluminiseya Meditation Center Sri Lanka

Siluminiseya Meditation Center Sri Lanka මනස සුවපත් කර ගනිමු

විස්තර 👇👇👇භාග්‍යවතුන් වහන්සේ වදාළා වූ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා සිළුමිණි සෑය සේනාසනය මගින් වසර...
01/03/2025

විස්තර 👇👇👇භාග්‍යවතුන් වහන්සේ වදාළා වූ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා සිළුමිණි සෑය සේනාසනය මගින් වසරකට එක් වරක් සංවිධානය කරනු ලබන තාවකාලිකව හෝ ස්ථීර පැවිදි පුහුණු අමතදුන්දුභී විපස්සනා භාවනා වැඩසටහන මෙවර මාර්තු 15 සිට 30 දක්වා සිදු වේ.

ධ්‍යාන, මාර්ග ඵල, නිවන සොය සොයා මෙතෙක් කළ කී දෑ කෙතෙක්ද?. පිළිවෙලට ධර්මයෙහි මුල මැද අග ඉගෙන අරණ්‍ය කතා අත්දැකීමක් තුළ ධර්මයෙහි හැසිර බොහෝ අත්දැකීම් විඳීමට මෙය ඔබට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.

🍁 මාර්තු 15 සිට 30 දක්වා...සිමීත පිරිසක් බැවින් දුර්ලභ අවස්ථාව ඔබත් ලබා ගන්න. .... අයදුම්පත https://surveyheart.com/form/67769ae1ce34813c4e96aa3a

🌿වැඩසටහනෙන් පසුව ද ඔබට ඕනෑම කාලයක් සේනාසනය තුළ ගුණදහම් පූරණය කර ගැනීමට අවස්ථාව.

විස්තර දැනගන්න Whatsapp සමග එකතු වන්න https://wa.me/94772921859

FAQ

1. මෙම වැඩසටහන කාන්තාවන්ට සහභාගී විය හැකිද?
බැහැ. මෙය හුදෙක් භික්ෂු පැවිදි පුහුණු වැඩසටහනකි.

2. හිස මුඩු කිරීම අනිවාර්යද? ඔව්. විනායානුකුලව පැවිදි කිරීම සිදුකෙරේ.

3. භාරකාරත්වයේ අවසරය අවශ්‍යද? ඔව්.

4. දින 15 පසු, කැමතිනම් කෙනෙකුට දීර්ඝව ශාසනයේ පැවිදි බව තුල රැඳී සිටිය හැකිද? ඔව්.

5. මෙම පුහුණුව සඳහා මුදල් අයකිරීමක් කරනවාද?
ඔබේ පරහරණය සඳහා අවශ්‍ය සිවුරු පිරිකර සහ අවශ්‍ය බඩු ලැයිස්තුව සපයා ගැනීම සඳහා යන මුදල ඔබ විසින් දැරිය යුතුය. එනමුත්, දින 15 සඳහා අවශ්‍ය දානය, ගිලන්පස සහ අනෙකුත් අවශ්‍ය දෑ අරණ්‍යය විසින් සපයනු ලැබේ.

6. මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට වයස් සීමාවක් තිබේද? ඔව්. අවු 18ත් - 60ත් අතර විය යුතුය.

7. එක් වැඩසටහනකට බඳවා ගන්නා පිරිස? 15 දෙනයි.

විහාරාධිපති හිමි
ඓතිහාසික සිළුමිණ සෑය භාවනා වන සෙනසුන. පිඹුරත්තෑව, අරලගංවිල. පොලොන්නරුව.

සේනාසනයේ google location :
https://maps.app.goo.gl/qjyYfyiRDGr7DqKg7

පින්වත් ඔබ පතන්නාවු නිවන බොහෝ දුරක නොවේවා!

විස්තර 👇👇👇සතර අපායෙන් මිදී සෝවාන් වීම පිණිසටවත් ඔබට ඔබ වෙනුවෙන් ජීවිතයෙන් දින කිහිපයක් වෙන්කර ගත නොහැක්කේ මන්ද?.🌿මෙවැනි ...
26/01/2025

විස්තර 👇👇👇සතර අපායෙන් මිදී සෝවාන් වීම පිණිසටවත් ඔබට ඔබ වෙනුවෙන් ජීවිතයෙන් දින කිහිපයක් වෙන්කර ගත නොහැක්කේ මන්ද?.

🌿මෙවැනි දෑ අසන්නට ලැබීමත් ඉතාමත් දුර්ලභයි. එය ඔබට ලැබුණු භාග්‍යයක්.

🍁 මාර්තු 15 සිට 30 දක්වා...
දැනට පැවිදි වී සිටින, පූර්ණ කාලීනව පැවිදි වීමට කැමති හෝ මෙම වැඩසටහන සඳහා පමණක් පැවිදි වීමට කැමති කෙනෙකුට සම්බන්ධ විය හැකියි.
සිමීත පිරිසක් බැවින් ....අයදුම්පත https://surveyheart.com/form/67769ae1ce34813c4e96aa3a

🍁 කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රය උදෙසා, මෙම වැඩ සටහන තුලින්..

🌿පංචස්කන්ධය අවබෝධ කිරීම
🌿උපාදානස්කන්ධය අවබෝධ කිරීම
🌿සම්මා දිට්ඨිය අවබෝධ කර ගැනීම
🌿විසි ආකාර සක්කාය දිට්ඨිය
🌿ත්‍රි ලක්ෂණය අවබෝධ කිරීම
🌿ආස්වාදය ආදීනවය නිස්සරණය
🌿රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය දුරු කිරීම.
🌿 සක්කාය දුරු කරන චතුරාර්ය සත්‍යය අවබෝධය
🌿 සක්කායෙහි ඇතිවීම නැතිවීම දකින හේතුඵල දහම් අවබෝධය
🌿 සතර සතිපට්ඨානයේ භාවිතය
🌿 බොජ්ඣංග ධර්ම වැඩීම
🌿 ධ්‍යාන හා මාර්ගඵල.
🌿 නිවන...

🍁ඊට පාදක කරගන්නා සූත්‍ර ..
🌿ම.නි චූල වේදල්ල සූත්‍රය
🌿ම.නි. මහා පුණ්ණම සූත්‍රය
🌿ස.නි. ඛන්ධ සූත්‍රය
🌿ස.නි. ඥාතික සූත්‍රය
🌿ස.නි. පංච වග්ගිය සූත්‍රය
🌿ම.නි. ඡ ඡක්ක සූත්‍රය
🌿ම.නි. මහා චත්තාරීසක සූත්‍රය
🌿ම.නි. සම්මා දිට්ඨි සූත්‍රය
🌿ස.නි. ධම්මචක්කපවත්තන සූත්‍රය
🌿අ.නි.ගිරිමානන්ද සූත්‍රය
🌿දී.නි. සතිපට්ඨාන සූත්‍රය
🌿ම.නි සබ්බාසව සූත්‍රය
🌿ස.නි. දීඝාවූ සූත්‍රය
🌿ස.නි. නිබ්බන සූත්‍රය හා අභිධර්මානූකූලව ධර්මාවබෝධය සිදුවේ.

🍁ඔබ පිංවන්ත නම් ඔබට මේ උතුම් දහම් පණිවිඩය ලැබෙනු ඇත.

🍁ජීවිතයට එක වතාවක් හෝ මේ අවස්ථාව විඳගන්න. මරණයට පෙර ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස. නොදුටු දහම දැනගමු.

🍁සැමට උතුම් දහම අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා...

විහාරාධිපති හිමි
ඓතිහාසික සිළුමිණ සෑය භාවනා වන සෙනසුන. පිඹුරත්තෑව, අරලගංවිල. පොලොන්නරුව.

විස්තර 👇👇👇සතර අපායෙන් මිදී සෝවාන් වීම පිණිසටවත් ඔබට ඔබ වෙනුවෙන් ජීවිතයෙන් දින කිහිපයක් වෙන්කර ගත නොහැක්කේ මන්ද?.🌿මෙවැනි ...
18/01/2025

විස්තර 👇👇👇සතර අපායෙන් මිදී සෝවාන් වීම පිණිසටවත් ඔබට ඔබ වෙනුවෙන් ජීවිතයෙන් දින කිහිපයක් වෙන්කර ගත නොහැක්කේ මන්ද?.

🌿මෙවැනි දෑ අසන්නට ලැබීමත් ඉතාමත් දුර්ලභයි. එය ඔබට ලැබුණු භාග්‍යයක්.

🍁 ආසන්න භාවනා වැඩසටහන් දෙක
01. පෙබරවාරි 14/15/16
භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන ඕනෑම අයෙකුට වයස් භේදයකින් තොරව දින තුනේ මෙම වැඩසටහනට සම්බන්ධ විය හැකියි. සීමීත පිරිසක් සදහා පමණි. අයදුම් කරන්න. https://surveyheart.com/form/67400160a78fbf75cf274d5e

02. මාර්තු මුල් සති දෙක
පිරිමි අයට පමණයි.
දැනට පැවිදි වී සිටින, පූර්ණ කාලීනව පැවිදි වීමට කැමති හෝ මෙම වැඩසටහන සඳහා පමණක් පැවිදි වීමට කැමති කෙනෙකුට සම්බන්ධ විය හැකියි.
සිමීත පිරිසක් බැවින් ....අයදුම්පත https://surveyheart.com/form/67769ae1ce34813c4e96aa3a

🍁 කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රය උදෙසා, මෙම වැඩ සටහන තුලින්..

🌿පංචස්කන්ධය අවබෝධ කිරීම
🌿උපාදානස්කන්ධය අවබෝධ කිරීම
🌿සම්මා දිට්ඨිය අවබෝධ කර ගැනීම
🌿විසි ආකාර සක්කාය දිට්ඨිය
🌿ත්‍රි ලක්ෂණය අවබෝධ කිරීම
🌿ආස්වාදය ආදීනවය නිස්සරණය
🌿රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය දුරු කිරීම.
🌿 සක්කාය දුරු කරන චතුරාර්ය සත්‍යය අවබෝධය
🌿 සක්කායෙහි ඇතිවීම නැතිවීම දකින හේතුඵල දහම් අවබෝධය
🌿 සතර සතිපට්ඨානයේ භාවිතය
🌿 බොජ්ඣංග ධර්ම වැඩීම
🌿 ධ්‍යාන හා මාර්ගඵල.
🌿 නිවන...

🍁ඊට පාදක කරගන්නා සූත්‍ර ..
🌿ම.නි චූල වේදල්ල සූත්‍රය
🌿ම.නි. මහා පුණ්ණම සූත්‍රය
🌿ස.නි. ඛන්ධ සූත්‍රය
🌿ස.නි. ඥාතික සූත්‍රය
🌿ස.නි. පංච වග්ගිය සූත්‍රය
🌿ම.නි. ඡ ඡක්ක සූත්‍රය
🌿ම.නි. මහා චත්තාරීසක සූත්‍රය
🌿ම.නි. සම්මා දිට්ඨි සූත්‍රය
🌿ස.නි. ධම්මචක්කපවත්තන සූත්‍රය
🌿අ.නි.ගිරිමානන්ද සූත්‍රය
🌿දී.නි. සතිපට්ඨාන සූත්‍රය
🌿ම.නි සබ්බාසව සූත්‍රය
🌿ස.නි. දීඝාවූ සූත්‍රය
🌿ස.නි. නිබ්බන සූත්‍රය හා අභිධර්මානූකූලව ධර්මාවබෝධය සිදුවේ.

🍁ඔබ පිංවන්ත නම් ඔබට මේ උතුම් දහම් පණිවිඩය ලැබෙනු ඇත.

🍁ජීවිතයට එක වතාවක් හෝ මේ අවස්ථාව විඳගන්න. මරණයට පෙර ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස. නොදුටු දහම දැනගමු.

🍁සැමට උතුම් දහම අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා...

විහාරාධිපති හිමි
ඓතිහාසික සිළුමිණ සෑය භාවනා වන සෙනසුන. පිඹුරත්තෑව, අරලගංවිල. පොලොන්නරුව.

පටිපදා සූත්‍රය.🧘මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජ...
19/10/2024

පටිපදා සූත්‍රය.🧘

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මමයයි ගන්නා පඤ්චස්කන්ධයේ හට ගැනීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවද මමයයි ගන්නා පඤ්චස්කන්ධයේ නැතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවද දේශනා කරමි. එය අසව්. මහණෙනි, පඤ්චස්කන්ධයේ හටගැනීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂනොවූ, සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුනාවූ, පෘථග්ජනතෙමේ රූපය තමා වශයෙන් දකියි. තමා රූපවත්යයි හෝ දකියි. රූපය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා රූපය කෙරෙහි හෝ ඇතැයි දකියි.
“වේදනාව තමා වශයෙන් දකියි තමා වේදනාවත්යයි හෝ දකියි. වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි.

“සඤ්ඤාව තමා වශයෙන් දකියි. තමා සඤ්ඤාවත්යයි හෝ දකියි, සඤ්ඤාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සඤ්ඤාව කෙරෙහි හෝ ඇතැයි දකියි.
“සංස්කාර තමා වශයෙන් දකියි. තමා සංස්කාරවත්යයි හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සංස්කාරයන් කෙරෙහි හෝ ඇතැයි දකියි.
“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණවත්යයි හෝ දකියි. විඤ්ඤාණය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි.
“මහණෙනි, මේ පඤ්චස්කන්ධය හටගැනීම පිණිස පවත්නාවූ, ප්‍රතිපදාවයි. මීට පඤ්චස්කන්ධය හටගැනීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවයි කියනු ලැබේ. දුක් හටගැනීම පිණිස පවත්නා වැරදි දැකීම යනුද මේ අර්ථය සඳහාම කියනු ලැබේ.

“මහණෙනි, පඤ්චස්කන්ධය නිරුද්ධ කිරීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව නම් කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ, බහුශ්‍රැත ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපය තමා වශයෙන් නොදකියි. රූපය සහිතවූවක් හෝ තමා වශයෙන් නොදකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකියි. රූපය කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි.

“වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි.

“සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව සහිත යයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නො දකියි. සංඥාව කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි.

“සංස්කාර තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොදකියි. සංස්කාර කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි.
“විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණ සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය ඇතැයි නොදකියි. විඤ්ඤාණය කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි.

“මහණෙනි, මේ වනාහි පඤ්චස්කන්ධය නිරුද්ධ කිරීම පිණිස පවත්නා ප්‍රතිපදාවයි. පඤ්චස්කන්ධය නිරුද්ධ කිරීම පිණිස පවත්නා ප්‍රතිපදාව යයි මීට කියනු ලැබේ. දුක් නිරුද්ධ කිරීම සඳහා පවත්නා ප්‍රතිපදාව යනුද මේ අර්ථය සඳහාම කියනු ලැබේ.”

තනි තනියෙන් සිදුකරන වැඩසටහනකි. කමටහන් ලබා දෙනු ඇත. නිදහසේ භාවනා කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි. සියලු පහසුකම් නොමිලේ. ඔබට...
11/09/2024

තනි තනියෙන් සිදුකරන වැඩසටහනකි. කමටහන් ලබා දෙනු ඇත. නිදහසේ භාවනා කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි. සියලු පහසුකම් නොමිලේ. ඔබට පැමිණිය හැකි දිනය අදම වෙන්කර ගන්න.

ලියාපදිංචි වීම සඳහා
https://sites.google.com/view/nodutudahama/home

විස්තර දැනගන්න Whatsapp සමග එකතු වන්න https://wa.me/94772921859

19/08/2024
03/08/2024
Happy day ...
02/08/2024

Happy day ...

Address

Siluminisaye
Polonnaruwa
50100

Alerts

Be the first to know and let us send you an email when Siluminiseya Meditation Center Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share