ud.creators.sri lanka

ud.creators.sri lanka මිදෙන්න හැකි බොහෝ දේ ගිලිහුනත් ජිවිතේ දිනන්නට වෙර දරනා මිනිසුන්ගේ හුස්ම

ud.creators

https://youtu.be/853Wve1-CIE?si=vGP1h3UYJ2hoVEfL
23/05/2026

https://youtu.be/853Wve1-CIE?si=vGP1h3UYJ2hoVEfL

අතීත හෙළයන්ගේ විශ්මිත තාක්ෂණය සහ අපේ රටේ සැඟවුණු ඉතිහාසය සොයා යන ගම...

අව් කාස්ටකේ පිපුණු මලක සුවඳ... 🌸​අව් කාස්ටකේ පිපී, මහවැලියේ සිසිලසින් පෝෂණය වී, දූවිලි සුවඳ මැද හැදුණු වැඩුණු මල් කැකුළු...
04/03/2026

අව් කාස්ටකේ පිපුණු මලක සුවඳ... 🌸

​අව් කාස්ටකේ පිපී, මහවැලියේ සිසිලසින් පෝෂණය වී, දූවිලි සුවඳ මැද හැදුණු වැඩුණු මල් කැකුළු ජීවිතය පරදවන්නට ලෙහෙසියෙන් උත්සාහ කරන්නේ නැත.

වැටි වැටි නැගිටිමින්, වෙල් ඉපනැල්ලේ හරක් පස්සේ දිව ගිය ඒ අතීතය රළු වුවත්, ඒ රළු බවම ජීවිතයට පන්නරයක් විය. බඩගින්නට කන්නට දෙයක් නැති තැන, වෙලේ පැළවුණු දේකින් කුස පුරවාගත් ඒ අතීතයේ සිටි දිරිය මිනිසුන්ගේ සැබෑ කතාව මෙයයි.

​එක් රොටි කැබැල්ලක් වෙනුවෙන් දවස පුරාම හේන් පැලකට වී ඉවසන්නට පුරුදු වූ 'සම්පත්', කුඩා කල සිටම ඉගෙන ගත්තේ ජීවිතය ජයගන්නා අයුරුයි.
පන්තියේදී සල්ලි නැති කමට කොන් කරද්දී, කිසිදු හව්හරණක් නොමැතිව ශිෂ්‍යත්වය ජයගත් ඔහු, පාසල් යන අවදියේදීම තමන්ගේම මුදලින් බයිසිකලයක් පවා මිලදී ගත්තේ තමාට තමා හැර වෙනත් සරණක් නැති බව ලොවටම පසක් කරමිනි.

​පියා රජයේ රැකියාව අහිමි වී ගල් වැඩපළක මැටල් කඩද්දී, ඒ දහඩියෙන් ලැබුණු පන්නරය සම්පත්ව රැගෙන ගියේ හමුදා සේවයටයි.

එසේ වසර 13ක් පුරා අවංකව සේවය කළ ඔහුගේ ගමන වළක්වන්නට පිරිසක් මාන බැලුවේ ඉන් පසුවයි. "මූට නම් පිස්සු" යැයි කියමින්, කේලාම් කියමින් ඔහුව මානසිකව ඇද දමන්නටත්, සේවයෙන් පලවා හරින්නටත් ඔවුන් උත්සාහ කළේ ඔහු තමන්ට වඩා ඉදිරියට යනු ඇතැයි යන බියෙනි.

​එසේ පහර දුන් අය නිසා මානසිකව වැටුණු ඔහු, නැවත නැගිටින්නේ අලුත් මාවතක දෑස් එළිදල්වා ගනිමිනි.
වැටෙන වැටෙන තැන ලස්සනට පැළවෙන ගසක් සේ, ඔහු ඒ පීඩනයෙන් පන්නරය ගෙන නැගිට්ටේය. එදා ලැබූ මාසික වැටුප මෙන් දෙතුන් ගුණයක අගයක් උපයන්නට හැකි ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු අද නැගී සිටින්නේ, තමන්ව වැට්ටූ මිනිසුන්ට නිහඬවම පිළිතුරු දෙමිනි.

​අධර්මිෂ්ඨ ලෝකය සත්‍යවාදී බවට ජය ගන්නට නොදීම ලෝක ධර්මතාවයකි. එකට සිට හැප්පී මුහුණ දීමට නොහැකි නම්, පලා යා යුතුය.

හැබැයි ඒ ජයග්‍රහණය සතුරාට නොදී තමා තුළ රඳවාගෙනය. ඒ වෙනුවෙන් ඔහු සුක්ෂම උපායක් යොදා ගන්නේ මිනිසුන් සිතනා තැනින් ඔබ්බට අඩි පහක් පමණ තබමිනි.

​ජීවිතය යනු පහර කෑම්වල එකතුවකි. එසේ ගසන පහරට ඔබ කන ඇල්ලිය යුතුය; මන්ද යත් ඔබට ඔබගේ කම්බුල, අනෙකාගේ අතට වඩා විශ්වාස බැවිනි!

22/11/2025

වැදගත් හිතෙන හැමොම share කරන්න.

13/08/2023

ප්‍රේමයේ තිබුනේම තනිකමක්
එකමයි ආලයෙන් සැනසෙන්න
හෙව්වෙම සිත්දෙකක්
හැම කදුලකම තිබුනේම බැදිමක්
එකමයි කදුළු සගවා ඉන්න
හෙව්වේ තව හදවතක්
හම පිච්චෙන්නේම අව්වේ දහවලට
හොරහින්ම ඇස්වලට රහසෙන්
එකමයි කළු උනේ මුහුන සවසටත්
මහාරැට තනියෙන්ම සිතලට
හිත් හෙව්වේ සැගවෙන්න
හදවතේ මුල්ලක්
සැගවෙච්ච හැම මුල්ලකම
තිබුනෙම කළුවරක්
හැම කළුවකම තිබුනේම
නොපෙනෙනා රහසක්
එ රහස හැමදාම කිවේ බැදිමක ඇති දුකක්.....

👊 මිනිසා සහ සත්ත්වයා 👊උදේ පාන්දරම ගස් කොළන් අතරින් දැවටි එන ඉර එලියේන් රහස් කියන්නේ කුරුල්ලන්ට විතරමද පුංචි බංඩෝ.......ඇ...
13/07/2023

👊 මිනිසා සහ සත්ත්වයා 👊

උදේ පාන්දරම ගස් කොළන් අතරින් දැවටි එන ඉර එලියේන් රහස් කියන්නේ කුරුල්ලන්ට විතරමද පුංචි බංඩෝ.......ඇයි බන් අපේ ජිවිතේ මේ රෑ වෙන එකයි එලි වෙන එකයි අතර ⁣තියෙන මරනයටම දක්කන එක විතරක් කරන්නේ අපි...මම හැමදාම හිතනවා බන් මොකක්ද මේ ජිවිතේ කියලා....

වෙනදා වගේම උදෑසනම අවදි වූ පුංචිබණ්ඩා
අමුතුම කතාවක් කියමින් තේ මුට්ටිය ගෙන ලී කෝටු පොළවේ ගසා දමමින් පුංචි කුඹියෝ ඉවත් කරමින් ගිනි දල්වා වාඩීයේ ලිප පත්තු කරන්නේ දිගු සුසුමක් හරිමින් ය.

මේ උබට ඇහුන් නැද්ද බන් ඉයේ කිරලා කැ ගහපු හැටි අයේ වැස්සක් ගැන කියන කතාවක්නම් නෙවෙයි එක,ආයේ වැස්සක්නම් හිතන්නවත් බැ බන්.

තුන්පත් රැන ආපු කතාවක් කිරලා කිව්වේ බන් මයේ හිතේ කියමින් රණයා හඩ අවදි කරේ රා බෝතල් දෙකක් බී මත් උනු පුංච් බංඩාට විහිලුවකුත් කරමින්ය.

තේ මුට්ටියේ සු...... සු..... හඩ මැද සියල්ල බිදිමින් පුංචි බණ්ඩා රණයෝ...............!
කහට කෝප්පයක් දාපන්කෝ කිවෙි ය.

සීනි බෝතලය හුරා සීනි ඇට කිහිපයක් හා පොල් කටුවට දැමු තේ කොප්පයක් පුංචිබණ්ඩා අතට දුන් රණසිංහ සිනාසෙමින් සීනි බෝතලේ බැලුවේ සීනි ඇට පහ හයක් සෙවිමට ය.

හාර මාසයක් වැස්ස නැතුව බිංදුවටම සාක්කුව හිස්වි උන්න රණයාට ඹචිචමි කරන්නේ සිනි බෝතලේත් ඇවිදින් යැයි සිතමින් සිටි රණයාට ළග සිටි වදුරු පැටියා ඹචිචමි කරමින් දුවන්නේ සීනි නැති නිසාදෝ සිතෙන්නට විය.

සීනි නැතිවම රණයා කහට රස තේ කෝප්පය බීවෙි එක හුස්මට පුංචිබණ්ඩාට සීනි ටිකක් දුන්න සතුට හෙතුවෙන් සීනි නැති කමත් නොදැනිම ය.

තේ මුට්ටිය බිමින් තබමින් කහට ගොට්ටට ඇල් වතුර දමා තේ කොළ ටික හා ඉතිරි වතුරට ඇල් වතුරම දමා විසි කරන රණයා දැක පුංචි බණ්ඩා "ඇයි බන් උබ තේ කොළ ටිකට හැමදාම වතුර දාලා ඔය වතුර ටික ඉවර කරන්නේ විමසුවේ රණයා ගැන පිස්සෙක් වගේ සිතමින් ය."

නිහඬ චරිතයක් වු රණයා ඒක රහසක් පුංචි අයියේ කිවෙි ය. පුංචි බණ්ඩාට හිතන්නට ඉඩ දෙමින් ය. දිග සුසුමක් හෙලමින් දෙදෙනාම කථාවට වැටුනේ අද ඉරිගු ගස් ටිකට පස් ටිකක් දමා වගාව රැකගන්න ක්‍රමයක් කල්පනා කරමින් ය.

ටිකක් දුරින් කකුලක් අදිමින් එන කැලෑ බල්ලේක් දුටු රණයා ඒකා දෙසට ද නෙත් යොමමින් කතාවෙි නිරතවුයේ මෙි පෙරදින විනෝදෙට පුංචි අයියා ගලකින් පහර දුන්න සතා නේද යැයි සිතමින් ය.

රණයා බිම කෝටු කැල්ලකින් සැලැස්මක් අදිමින් සිටියේ වගාව වටෙි වැට ගහන්න යන කෝටු ගණන සිතමින් බව පුංචි අයියාට පැහැදිලි කරමින් ය.

මද නිහැඩියාව බිදිමින්..... ඒයි පර බල්ලෝ ..! කියමින් නොන්ඩි ගහන බල්ලා දෙසට පුංචි අයියා දිවිවෙි අවුරැදු දහ අටෙි කොලු ගැටයෙක් ලෙස ය.නොන්ඩි ගසමින් ආ බල්ලා මුට්ටියේ වතුර ටිකක් බොන බව දුටු නිසා පුංචි අයියා කඩා පැන්න බව රණයාට පුංචි බංඩාගේ කථාවෙන් සිතෙන්නට විය..

බල්ලා කකුල අදිමින් දුවන්නට විය මෙය දුටු රණයාගේ හිත තුළ කදුලක් ආ බව උඩ ඉන්න දෙවියන් පමණක් දන්නා බව සිතමින් රණයා යමක් සොයන්නට විය.
විනාඩි කිහිපයක් ගත විය.පුංචි අයියා බූරූ ඇදට වී සිටිනා විට රණයා ද කල්පනා කරමින් ඉන්නට විය.

අඩ ඡායාවක් සේ නැවත බල්ලා එන බව දුටු පුංචි බණ්ඩා රණයා ඉනනවානේ උ බල්ලා එලවයි යැයි සිතමින් එ දෙස බලා ඉන්නට විය.

බල්ලා වතුර මුටිටිය අසලට විය.සතාට කීකරැ වු රණයා පොල් කට්ටක් ගෙන බල්ලාට වතුර පොවන බව පුංචි බණ්ඩාට දකින්නට විය..

පුංචි බණ්ඩා කල්පනා කරන්නට විය. රණයා බල්ලාට ගැහැවිවෙි නැහැ..රණයා බල්ලාට පොල් කට්ටෙන් වතුර දුන්නා,ඇත්තටම රණයා හොද එකෙක්,ඇයි මට හිතුනේ නැත්තේ බල්ලාට වතුර ටිකක් දෙන්න.

පුංචි බංඩාගේ සහ රණයාගේ වෙනස සිතමින් මනුස්සකම මේක යැයි සිතමින් දිගු කල්පනාවක් ගිලෙන්නේ පුංච් බංඩාගේ නේත්වලට කදුලක් ගලමින්ය..තවත් කල්පනාවේ යෙදෙන පුංචි බණ්ඩා දුර අතිතයට සිත දුවමින් තමන්ගේ අවුරැදු අටෙි පොඩි කෙල්ල දවසක් පුංචි බණ්ඩාට උණු තේ විසි කරන්න එපා අප්පචිචි සත්තු මැරෙනවා යැයි කි දේ සිහි වුයේ රණයා ද උදේ උණු තේ එකට ඇල් වතුර දැමු බව සිහිකරමින් ය.

සෙමින් රණයා අසලට ආ පුංච්බංඩා උබ මහා පුදුම මිනිහෙක් රණයා මට මම ගැන දුකක් දැනුනා බන් උබගේ මනුස්සකම ලග මම පොඩ් එකෙක් බන්.මට කැලේන් ගජමුතු දෙකක් ලැබුනා බන් ඉයේ ආ මෙන්න එකක් උබත් විකුනාගෙන හොදින් හිටපන් කියන්නට විය.

පුංචි දේවල් කරනවා මිනිස්සු,ඒක දකින අය ඒක කරන්නේ ඇයි කියන හේතුවයි අපි කල්පනා කර යුතු වන්නේ.හොද නරක යහපත අයහපත මනුස්සකම අතරේ පුංඩි බණ්ඩා සත්වයෙක් වු විට රණයා මනුස්සයෙක් විය.
නිමේෂයක් තුල රණයාගේ ක්‍රියාව තුළ පුංචි බංඩාට මනුස්සයෙක් විමට හැකි විය..

පුංචි දෙයක් සාමාජයට දෙන්න ලියන ලද්දකි.
සත්තු සත්තුමය අපි මිනිසුන් වෙමු.

රණයාගේ ඉවසිම හා කරුණාව තුළින් පුංචිම වරදක් වත් නොවෙන්න ඔහු කරන සරල වෑයම ඔබ දකින්න ඇති...! පොඩි කථාවක් ලිවිවෙි..ජිවිතේට එකතු කරගන්න යමක් ඇතොත් එකතු කරගන්න එක ඔබ සතුයි..
මෙහි අකුරැ වල සිංහල ව්‍යාකරණ වැරදි ඇති එයට සමාවන්න..

ජිවිතේ මට හමු වු හොදම දර්ශණය බෞද්ධ දර්ශණයයි.මාගේ බුදුපියානන් වහනසේගේ අපරිමත වු ගුණකද මට මෙතැක් කියා කිව නොහැක නමුත් මා ...
27/05/2023

ජිවිතේ මට හමු වු හොදම දර්ශණය බෞද්ධ දර්ශණයයි.මාගේ බුදුපියානන් වහනසේගේ අපරිමත වු ගුණකද මට මෙතැක් කියා කිව නොහැක නමුත් මා දිනක එක පද පෙලියක් ලියනවා මෙක ලියන්න හෙතුව අපි ආහාරය ගන්නකොට එකේ තියෙන පිරිසිදු බව ආදිය ගොඩක් හිතනවා එත් කාශ්‍යප මහාරහතන් වහන්සේ එක මනුස්සයෙක් කෙරෙහි දක්වන අනුකම්පම්පාව සහා රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇලිම සම්බන්දවයි..බලන්න අඩුපාඩු කියන්න..

ප්‍රේමයේ පළදනාව....❤️ කෙටිකතාව........අම්මෙි අම්මේ මෙන්න මගේ o/l result ඇවිත් බලන්නකෝ...මට A.09 ක් තියෙනවා.ආනේ....! මගේ ...
14/05/2023

ප්‍රේමයේ පළදනාව....❤️ කෙටිකතාව........

අම්මෙි අම්මේ මෙන්න මගේ o/l result ඇවිත් බලන්නකෝ...මට A.09 ක් තියෙනවා.

ආනේ....! මගේ කෙල්ල බලන්න මේ එයි ඇහෙනවාද අපේ කෙල්ලට A-09 ක් තියෙනවාලු මේ මෙහෙට එන්න ඉක්මනට

උබට වරදින්නේ නැ මගේ දුවේ...

මේ සඳගනා නම් වු පාසල් සිසුවියගේ විභාග ප්‍රතිළුලය ලැබුනු පසු ඇගේ නිවසයි.............................................................................................................................................................

සඳගනා ඔයා මොනවාද a/l වලට කරන්නේ.

සු⁣නෙත් අයියේ මම science තමයි කරන්නේ මම යනවා බංඩාරවෙල ඉස්කෝලේට එහේ ඉස්කෝලේ යන්නයි බැලුවේ.

එහෙමද එක හොදයි අපේ ගමටත් ඩොක්ටර් කෙනෙක් ඉන්නවානේ එතකොට එක හොදයි.
ආ මට කියන්න බැරි උනානේ මට පොඩ් බඩුවක් වැටිලා තිබුනා.එක ඉතින් අපේ අම්මාට දුන්නට වැඩක් නැ එයා එවා දාන්නේ ⁣නැනේ සඳගනා.

මොකක්ද අප්පේ සුනෙත් අයියේ ඔය තරම් අගේ ඇති දේ...මට දෙනවාකෝ බලන්න ඔක ඉතින්.

හා...ආ ...මෙන්න බලන්නකෝ....

මේ අයියේ ලස්සන රිදි මුද්දක්නේ මේ ⁣box එකත් එක්කම වැටිලා තිබුනාද?

ඔව් නංගි.. ඔයා ඔක තියාගන්න excem එක ගොඩදාගත්ත හන්දා මම දුන්න gift එකක් විදිහට.

එහෙනම් මම මෙක ගන්නවා අයියේ..
සල්ලි දිලා ගත්ත එකකුත් නෙවෙයිනේ මට හොදයි ඉතින් මෙකනම්. අනිද්දා මම යනවා අයියේ, බංඩාරවෙල class ගැන බලන්න.

හා නංගි මට කොල් එකක් දෙන්න එහෙනම්.

මේ මචන් සුනේත් උබ අර ගොයම් කපලා ගත්ත සල්ලිවලින් ගත්ත මුද්ද දිලා ඇහුවද සඳගනාගෙන් යාලු වෙන්න .

අනේ නැ බන් සුරේෂ්.මට හිතුනා තවම කෙල්ල ඉගෙන ගන්නවානේ කියලා එක නිසා ඇහුව්වේ නැ.පස්සේ බලමු බන්.

මෙලෙස සඳගනා වැඩිදුර අධ්‍යාපන සදහා බංඩාරවෙල යන අතර සුනේත් රැකියාවක් සොයමින් සිට අවසානයේ ගොවිතැන් කිරිමට තිරනය කර ගමෙහිම රැදි සිටි.......................................................................................................................................
මෙලෙස වසර 2ක් ගතවිය.සඳඟනා පලමුවර
a/l විභාගය සදහා පෙනි සිටිමෙන් පසු ප්‍රතිළුල එනතෙක් පරිඝණක පාඨමාලාවක් හදාරමින් සිටි.

සුනේත් දිනක් ඔහුගේ මිතුරෙක් වු ජයරත්නගේ ඇරයුමකට දියතලාව ප්‍රදේශයට නික්ම යන්නේ දියතලාව පොලිස් ස්ථානයට තිබු උත්සවක පිරිත් මන්ඩපයක් සැකසිම සදහායි..............................................................................................
සුනේත් පිරිතේ වැඩ අවසන්කර පසුදින පුටුවකට වි කල්පනා කරනවිට සඳගනා ඉන්නේ බංඩාරවෙලනේ කොහෙද දන්නේ නැ. මම නිකන් ඉන්න එකේ ගිහින් සඳගනාව හොයලා බලන්න ඔන බංඩාරවෙල ටවුමේවත්.

ජයරත්නයෝ මට බයික් එක දියන් අද දවසට බංඩාරවෙල පැත්තේ පොඩ්ඩක් ඇවිදලා එන්න.

හා ඔක මොකක්ද බන් සුනේත් අරන් පලයන්.

සුනේත් උදේ සිටම බංඩාරවෙල ටවුමේ නැවති සඳඟනාගේ පුංචි ඇස්දෙක පෙනෙන තුරු බලා හිදි.

වේගයෙන් රතුපාට කාර් එකක් බස් නැවතුම ඉදිරියේ නතරවන අතර එව්ට එ දෙස හැරි බලන සුනේත් නේත් ගැටෙන්නේ ඔහුගේ සිතේ ඉන්න සඳගනා කුමාරිකාවයි.සුනේත්ගේ හිසේ සිට දෙපතුල දක්වාම සතුටේ ගිලි යයි.ලස්සන මල් ගවුමක් ඇදගෙන කාර් රථයෙන් බැසගත් සඳගනා නැවත බස් නැවතුමේ හිදගනි.

සෙමින් සෙමින් සඳගනා වෙත කිට්ටුවන සුනේත්
හා මැඩම් කොහොමද අදුරනවාද මාව..

සුනේත් අයියේ ඔයා කොහෙද අනේ මෙහේ.

මම දියතලාවේ පොලිසියේ වැඩකට ආවා නජගි

එහෙමද හොදයිනේ...එහෙනම්...මෙහේ අපේ පැත්ත වගේ නෙවෙයි සිතලයිනේ..මෙහෙම ඉන්න තියෙන්නේ...

ඇයි ඔයා මෙතන ඉන්නේ...සඳගනා

ආ අයියේ බාප්පා එනවා කිව්වා..

ආ එතකොට අර රතු කාර් එකේ ආවේ බාප්පා නෙවෙයිද?

ඔයා එකත් දැක්කාද අයියේ.එ මාගේ boy freand ඔයා දැක්ක නිසා කිව්වේ.කාටවත් කියන්න එපා හරිද.

සුනේත්ගේ වසර 6ක් සිතේ තිබුන ආදරේ එක මොහොතකින් කඩා වැටෙන්නට විය.එ සමඟ සඳගනාගේ අතේ තවම ඔහු ලබා දුන් මුද්ද තිබෙන බව සුනේත්ගේ නේත ගැටෙන්නට විය.බිදුනු බලාපොරොත්තු මත පුංචි සිනහාවක් සිත ඇතුලට සුනේත්ට දැනෙන්නට විය.

දෙදෙනාම එතනින් වෙන්විය.

බයික් එක පදින සුනේත් දිගුගමනක් සිතෙන් යන්නට විය.කාට උනත් ජිවිතේ ප්‍රාර්ථනා කරන හැමදෙම ලැබෙන්නේ නැනේ, එයා සතුටින් ඉන්නවා. කොල්ලට සල්ලිත් තියෙනවා වගේ එයා සතුටින් ඉදිවි.මන් ආයේ එයා ගැන හිතලා වැඩක් නැ.සිතමින් වේගයෙන් බයිසිකලය හපුතලේ කන්ද පසුකරන්නේ සුනේත්ට ඇගට පතට සිතලක්වත් නොදැනිමය.

මාස 3කට පසුව.

රුපවාහිනිය නරඹන සුනේත්ට ......අද මධ්‍යම රාත්‍රියේ අ.පො.ස.උ.පෙල ප්‍රතිළුල නිකුත් කෙරේ...අසන්නට ලැබුනු අතර පසුදා උදැසනම
සුනේත් සඳගනාට ඇමතුමක් ගනි.

Hello good morning නංගි..කොහොමද result.

අයියෝ ..! අයියේ....පොඩ්ඩක් මදි අනේ..දෙවනි පාරවත් කරනවා ඉතින්.

මෙලෙස ⁣සියළුම දෙනා තම තමන්ගේ වැඩ කරමින් කාලය ගත කරන අතර දිනක් සුනේත්ගේ දුරකථනයට නොදන්නා අංකයකින් ඇමතුමක් පැමිනෙන අතර එසේ අමතන්නේ සඳගනා වු අතර ඇය සුනේත්⁣ට මෙසේ පවසයි සුනේත් අයියේ මට ලොකු උදව්වක් ඔන ඔයාට මතකද මගේ boyfreand එයා ගැන මට විස්තර ටිකක් හොයලා දෙන්න පුළුවන් ද? එයාගේ අතින් accident එකක් වෙලා එයාට හිරේ යන්න උනාලු. එයාට ඇත්තටම මොකක්ද උනේ මට හරි උත්තරයක් දැනගන්න ඔන අයියේ.ඔයාගේ යාළුවෝ ඉන්නවානේ එයා ගැන හොයලා දෙන්න මම එයාගේ විස්තර දැම්මා ඔයාට බලන්න .please ....

එම අවස්තාවේම සඳගනා ලබාදුන් තොරතුරු මත සුනේත් ඔහුගේ මිතුරෙකු මාර්ගයෙන් සඳගනාගේ ප්‍රේමවන්තයා ගැන සියලු විස්තර දැනගත් අතර එය ඇසිමෙන් සුනේත්ගේ ඇස් උඩයයි.මචන් මේ කුඩු කෙස් වලටයි මිට කලන් ඉස්කොලේ යන ලමයින් දෙන්නෙක්ට rafe වලටයි සම්බන්ද හසන්ත පේරේ⁣රා හෙවත් පොඩ් කරා කියලා පොරක් මු බන් අවුරුදු 08කට බන්දනාගාරේ ගියාබන්.

සියල්ල තෙරුම්ගත් සුනේත් සියළු විස්තර සඳගනාට තෙරුම්කරන්නට විය.කෙසේ කිවද සඳගනා එය දරාගත නොහැකිව බලාගත් දෙස බලා සිටින්ට විය.ආදරෙන් ඇය ලැබු පරාජය මත නැවත දෙපාරක්ම උසස්පෙල විභාගය ඇයට සමත්විමට තරම් ශක්තියක් සිත තුල ඇති කරගැනිමටද නොහැකිවිය.

මෙසේ වසර 03 ක් ගත විය.

Hello සඳගනා හෙට මොකද කරන්නේ...

ආ සුනේත් අයියේ..මුකුත් නැ මම ගෙදර ඉන්නේ

ටවුම පැත්තට එන්න බැරිද මට ටිකක් කතා කරන්න ඔන.

හා මම එන්නම්.

සඳගනා ඔයාට "මම ගොඩක් කැමති...."
මතකද මේ මුද්ද මම එක අරන් ආවේ ඔයාට ආදරේ කියලා දෙන්න එදා, එත් ඔයා අසාවෙන් ඉගෙන ගන්න නිසා මට එදා එක කියන්න හිතුන් නැ.ඔයා මොකද මට කියන්නේ..

අනේ මන්දා අයියේ මම පස්සේ කියන්නම්...

රාත්‍රි නින්දට ඇදට ගිය සඳගනා සුනේත් අයියා මට දැන් අවුරුදු ගානක් ආද⁣රේ කරනවාලු.අනික පොර හෙන ගොඩේ වගේ ඩයල් එක.දැන් සල්ලිත් තියෙනවා කලින් වගේ නෙවෙයි. හසන්තගෙන් මට වෙච්ච දේවල් කියන් නැතුව බැදගන්න පුළුවන් කොල්ලෙක් මෙයා මම කැමති වෙනවා.මැසේජ් එකක් දාලා බලමු..

Good night ayye..,oya nidida.

Hi oya nidi nd.math na tawama.

Na mama oya gana kalpana kra.

E monada.

Oya mata aurudu 9k kamaththen hitapu eka.mta nidimatai mama doiyanwa ayye.gn bs

Hmmm..hodai....

මෙහෙම දින කිහිපයකට පසු සුනේත්ට කැමතිබව සඳගනා පැවසු අතර වසරකට පමන පසු ඔවුන්ගේ ව්වාහය සිදුවිය.සවස සුනේත්ගේ මව විසින් සුදු පැහැති ඇතිරිල්ලක් සඳගනා අතට දි සිනාසි යන්නට විය.

සුනේත් අම්මා සුදු ඇතිරිල්ලක් දුන්නානේ ඇයි මෙක.ආ ඔය අපේ හනිමුන් එකටනේ බබා.

සඳගනාගේ දැස් රතුවිය.රාත්‍රිය එලබිනි.හොටල් කාබරය පුරා නා මල් සුවද පැතිරෙන්නට විය.සඳගනා සුනේත්ගේ පපුවට තුරැලු වි සිටි අතර සුනේත් මව විසින් ලබා දුන් ඇද ඇතිරිල්ල එලන්නට විය.

සුනෙත් දිනක බංඩාරවෙල හෝටලයක පොරුවක් සකස්කරනා විට එහි සිට එලියට එන සඳගනා දුටුබව සිහිවිය.මේ ඇද ඇතිරිල්ල තෙරුමක් නැතිබවද ඔහු හොද හැටි තෙරුමිගෙනද සිටි අතර ඔහු වට පිට බලා සඳගනාගේ අතේ ඔහු විසින් ලබාදුන් මුදුවේ දැක එය හොදින් බලා දෙදෙනාගේ පලමු මංගල රැය ආරම්බ කරන්නට විය.

සඳගනා බොහෝ සේ බියෙන් කිසිදු දෙයක් නොදන්නා ලෙස හැසිරෙමින් ඔවුන්ගේ මංගල යහනතුල රමනයේ යෙදෙන අතර සෙමින් සඳගනාගේ අතේ ඇති මුදුවේ ඇනෙන හැඩෙන් යුතු කොටසින් සඳගනාට නොදැනෙන සේ සුනේත් ඔහුගේ මාපට ඇගිල්ල සිදුරු කර ගන්නට විය.රමනයෙන් පසු ඇගිල්ලේ වු ලේ බිංදු 2ක් ඇතිරිල්ලේ තවරා සුනේත් සඳගනා තුරුල්කරන් නිදන්නට විය.

පසුදා උදැසන ඇද ඇතිරිල්ල සුනේත් විසින් සඳගනාට පෙන්වන්නට විය.සඳගනා එහි තිබු ලේ බිංදු දැක නැවත සුනේත් දෙස බැලු අතර එවිට සුනේත්ගේ මාපට ඇගිල්ල රතු වි ඇති බව දැක සිදුවු දෙය තෙරුම්ගෙන ඇගිල්ල මුවතුලට ගෙන සිබින්නට විය.සුනේත් විසින් සදගනාගේ හිස අතගා නලලට හාදුවක් දි ආදරෙයි මැනික කියන්නට විය.

පසුදා සුනේත්ගේ මව නැදැයින් පැමින ඇද ඇතිරිල්ල රැගෙන ගිය අතර එහිදි සඳගනා පතිනියක් ලෙස ඔවුන් පිලිගන්නට විය.

දිනක් සඳගනා ඇයි අයියේ ඔයා අපේ පලවෙනි දවසේ එහෙම ඇගිල්ල තුවාල කරන් මාව රැක්කේ විමසන්නට විය.

මැනික මම හැමදාම හෙව්වේ ඔයාගේ හිනාවයි.එ හිනාවට බැදුන හිතේ ⁣ඔයාගේ එක රෑයක ලේ බිංදුවේ වටිනාකමක් මට තිබුනේ නැ.හැමදාම ආදරෙයි..

ප්‍රේමයේ පලදනාව මුදුව ලෙස පෙනුනද.මා දකිනා සැබැ පලදනාවනම් අනේකාගේ සිනහාවයි.

අඩුපාඩු ඇති එවා කියන්න.පුළුවන්නම් ,share කරන්න.

බඩගින්න...
14/05/2023

බඩගින්න...

හදවත පුරා රැදි සෙනෙහසේඅකුරු ගලපා ලියු කවීයනුබයි අම්මෙි......විදින විට  වේදනා  රහසේකදුළු සලනා දැස් සොයන එකම රුව නුබයි අම්...
14/05/2023

හදවත පුරා රැදි සෙනෙහසේ
අකුරු ගලපා ලියු කවීය
නුබයි අම්මෙි......
විදින විට වේදනා රහසේ
කදුළු සලනා දැස් සොයන එකම රුව
නුබයි අම්මේ.....
මියෙන තෙක් දසතේ
ලෝ සතුන් මුමුනනා වචනය
නුබයි අම්මේ......
පුතුන් දහසක් සසර එතෙර කර
බියම සසරක රැදෙනා
එකම රුව නුබයි අම්මෙි.....
සසර පුරා සෙනෙහසේ
ගිල්වු දයා,කරුණා හිමි
එකම රුව නුබයි අම්මේ.......

දිනකට කෙලෙසනම් සිමා කරන්නද එ දයාවන්......

Udesha herath...

නැවතුම කොතනද?   අවසන් කොටස..07❤️❤️❤️රෙදි කැලි දෙකක් ඔතන් කවුද බන් මේ පිස්සියක් වගේ පාර පනින්නේ.............................
10/05/2023

නැවතුම කොතනද? අවසන් කොටස..07

❤️❤️❤️

රෙදි කැලි දෙකක් ඔතන් කවුද බන් මේ පිස්සියක් වගේ පාර පනින්නේ............................පිස්සුද කොහේද...........................................................................
හදිස්සියෙම එ අසලින් ගිය රෝහල් ගිලන් රථයක එතනා ගැටෙන්නට විය.

බලන්න බලන්න අයියේ පොඩි කෙල්ලක් හැප්පුනේ ඇම්බියුලන්ස් එකට ගිලන්රථයේ සිටි චුටි මීසි රියදුරුට කියන්නට විය.

ඉක්මනින් ගිලන් රථයෙන් බැස ගත් දෙදෙනා එම ගිලන් රථයටම ගොඩකරගත් එතනා වේගයෙන් කොළඹ ජාතික රෝහලට රැගෙන පිටත්ව යන්නේ විදුලිය පරදනා වේගයෙන්ය.

අතක් කැඩිලා තියෙන්නේ බ්ලිඩි වෙනවා වැඩි මෙයා ප්‍රෙග්නනටි කෙනෙක් වගේ මීසි ඉක්මනට බ්‍ලඩ් දෙන්න රැස්ති කරන්න.

පැය දෙකකට පමන පසු වෛද්‍යවරියක් පැමින නැවත එතනා පරික්ෂා කර.

Her pregnancy should be removed. Otherwise, her life may be harmed and the operation should be done soon

No no just now ok...

හදිසි⁣ ශල්‍යකර්ම පසු............................................................................................................................

මාස දෙකක් පමන රෝහලේ සිටි එතනා සමඟ බොහෝ අය කුලුපග වන්නේ එතනා තුල වු සිනහාවෙන් සැම විටම සැමට සංග්‍රහ කරන නිසාමය.

මිසි මට යන්න තැනක් නැ.මට රස්සාවක් හොයලා දෙන්න පුළුවන් ද? දිනක් එතනා වාට්ටුවේ සිටි තමාරා නම් හෙදියගෙන් විමසන්නට විය.

අපි බලමු එතනා අපේ තාත්තාගේ office එකේ job තියෙද අහලා බලමු.

පසුදින එතනාගේ ටිකටි කපන දිනය එලබිනි.

තමාරා මිසි ඇවිත් එතනා අපේ තාත්තාට මම කිව්වා එතනා ඔයාට පාරවල් අතුගාන රස්සාවක් තමා දැනට දෙන්න පුළුවන් කිවේ නවතින්න තැනක් හොයාගන්න පුළුවන් ද?
එ රස්සාව ඔයාට කරන්න පුළුවන් නේද? අද අපේ ගෙදර යමු.

අපෙයි පුළුවන් මිසි ...

තමාරා මිසිගේ තාත්තා හමු වු එතනාට රැකියාවට පසු දිනම පැමිනෙන ලෙසත් නවාතැන් ගැනිමට තැනක්ද සුදානම් කරදෙන්නම් යැයි පවසන ලදි.................................................................................................................

මේසේ නව රැකියාව කරමින් එතනා සමඟ තවත් කාන්තාවන් කිහිපදෙනෙක් ජිවත් වන්නට විය.

ඔවුන්ට බොහෝ අය අනුවර්තීය නාමයන්ගෙන් කතා කරන්නට විය.එතනාට එය එතරම් සුදුසු තැනක් නොවන බව තෙරුම් ගොස් ද තිබිනි.

දිනක් එතනා සමඟ කතාකරමින් සිටි කුඩුබට්ටි නමින් හදුන්වන කාන්තාවක් මේසේ කියන්නට විය.

මේ එතනා උබ යමන් අපේ එක්ක ඩිල් ඔය පාරවල් අතුගානවාට වඩා එක හොදයි.

එ කිව්වේ මොකක්ද අක්කේ

අනේ මේ එතනා උබ දැන් පොඩිද ?
එක දන්නේ නැද්ද?එහෙනම් යමන්කෝ සල්ලි වලට මිනිස්සු එක්ක නිදියන්ට.

අනේ අක්කේ මට බැ...

එහෙනම් උබ පලයන් යන්න මෙතනින්.එකල්ලා උබට කොළඹ බෙරිලා ජිවත් වෙන්න නම් බැ.එක්කෝ උබ මැරෙන්න ඔන නැත්නම් පිස්සු හැදෙන්න ඔන.

එතනාට පෙර සිටම මේ තැන සුදුසු නොවන නිසා එතනා සමඟම අතුගාමින් සිටි වයසක අත්තම්මා කෙනෙක් ඇය සිටින්නේ පාලමක් යට කි විස්තරය මතක් වි ඇය සොයා නවාතැනින් පිටව යන්නට විය............................................................................................................................................................
මෙලෙස ගිය එතනා අතුගාන රස්සාව හා වයසක අත්තම්මා සමඟ වසර 17ක කාලයක් පාලමක් යට ජිවත් වන්නේ කොයි මොහොතක වැස්සකට ගසාගෙන යාවිද කියා නොදැනිමය.

එලෙසම බොහෝ අය මොවුන් දෙදෙනා පිස්සු ගැනු දෙන්නා යැයි කියන්නේ ඔවුන්ගැන කිසිවක් නොදැනිමය.

දිනක උදැසන ආච්චි නැගිටින්න අද වැඩට යන්නේ නැද්ද.මම පාන් ගෙඩියක් ගෙනාවා කලා යමු.

කට කොනෙන් සෙම වැගිරෙමින් නින්දෙම මියගොස් සිටියේය. එතනාට වසර 17ක් පිලිසරන වුයේ නමක්වත් නොදන්නා මේ ආච්චිය..අත්තම්මාගේ විස්තරයක් සොයාගැනිම⁣ට එතනා අත්තමිමාගේ කිසිදිනක නොබැලු බැගය පරික්ෂා කරන්නට විය.

එහි එක් සාක්කුවක එතනා උබට මෙක...කියමින් ලියා ලියමනක් හා ඇය සතුව තිබු මුදල් එතනා වෙත පවරා දි තිබුනි.

අත්තම්මාගේ ලියමන එතනා කියවමින්

එතනා මගේ නම හච්චොල්ගෙදර විදානගේ ප්‍රේමවති මගේ රස්සාව උනේ ගුරු වෘත්තිය මගේ මනුස්සයා ළමයි පොඩි කාලේම මැරැනා. මගේ ලොකු කොල්ලා තමයි,පානදුර ලොකු අප්පුහාමි මුදලාලි, පානදුර ඔන කෙනෙක් දන්නවා.අනිත් කෙල්ලෝ දෙන්නාම හොද රස්සා කරනවා දොස්තරලා තමයි එ අය බැදලා ඉන්නේ.උබ දන්නවානේ මගේ ලෙඩේ මට වැසිකිලියට යන්න කලින් වෙන දේ මම අමුතුවෙන් උබට කියන්නේ ඇයි.මගේ ලෙඩේ හන්දා දරුවන්ගේ ගෙවල්වල පොඩි එවුන්ට විසබිජ යනවාලු මට හැමදාම උන්ගෙන් දොස් අහන්න වෙනවා.මම එකනිසා තමයි මේ පාලම යට ජිවත් උනේ.

එතනා ඔයා මගේ ජාරා උනු රෙදි හොදලා දුන්නේ කොහොමද මම දන්නේ නැ. ඔබ හරි කරුනාවන්තයි.ලෝකෙටම පිස්සෝ උනු අපි දෙන්නා කතාකරපු දහම් කරුනු අනිත් අය දන්නේ නැ.මට මහන වෙන්න හිතුනා එතනා.එත් මගේ කරුම ලෙඩේ මට හරහාට හිටියා.එතනා උබවත් නිවන් පලයන් ඉවසන්න බැරිම තැන මම ජිවිතේ ඉවසන් ඉන්නේ මගේ මරනය එනකම් ජිවිතේ නැතිකරගන්න එක තරම් පවක් නැති හන්දා උබ කවදාවත් ජිවිතේ නැතිකරගන්න එපා උබට මම දන්න තැනක ලිපිනයක් ලියලා ඇති ලිවුම පිටිපස්සේ උබ එතෙන්ට පලයන් එතනා.ජිවිතේ දරුවන් හදපු මට අවසන් මොහොතේ දරුවෙක් උනේ උබයි එතනා..උබට බුදු සරණයි.

කිසිදින කදුළු නොනැගි එතනා කදුළු සලමින් හඩන්නට විය.

එතනා ප්‍රේමවති අත්තමිමාගේ මරනය දැනුම් දිම සදහා පානදුර බලා පිටත්ව යන්නට විය.

මහත්තයා මහත්තයා මේ ගෙදර ප්‍රේමවති කියලා ආච්චි කෙනෙක් හිටියද?

ආ ඔව් එ අපේ අම්මා එයා මලානේ ගොඩක් කල්.

මෙලෙස පානදුර ලොකු අප්පුහාමි මුදලාලි පිලිතුරු දෙන්නට විය.

එතනා ගල්ගැසි බලා සිටිමින් එතනින් පිටව යන්නේ දරැවන් තුල වු මව් සෙනෙහස පිලිබද ඇති වු සිත්තැවුලෙන්ය.

නැවත එතනා පානදුරෙන් කොළඹට හා එතනින් අනුරාධපුර බස් රථයකට ගොඩවිය.

එ ප්‍රේමවති ආචිචි විසින් ලියා තුබු ලිපිනයත් එහි සිටින ප්ආච්චිගේ නැගනිය සොයා යාම සදහායි.

අනුරාධපුර බහින්න.

අනුරාධපුර බසයෙන් බැසගත් එතනා

අයියේ මිහින්තලේ බස් එක කොහෙද? මෙකේ නගින්න නංගි මිහින්තලෙන් බහින්න පුළුවන්

හා අයියේ මෙන්න මේ අරාමයට යන පාර ලගින් බහින්න පුළුවන් ද?

අපෝ පුළුවන් පාරේ ඉදන් ටිකක් දුර හැබැයි තියෙන්නේ ඔය ආරාමය

හා අයියේ..

කෝ අර දහම්සා මෙහෙනි ආරාමය ලග බහින්න එන්න..ඔය ඉස්සරහා දකුනට පාරෙන් ටිකක් දුර ගිහින් කාගෙන් හරි අහලා බලන්න.

හොදයි ස්තුති.අයියේ...

මෙහෙනින් වහන්ස..!මෙහෙනින් වහන්ස...!

ආ කවුද මේ ඇත්ති...

මම එතනා..

අහලා පුරුදුයි..

මේ අපේ අක්කා මට එව්ව ලියමනේ එතනාවත්ද ? ප්‍රේමවති කියලා කෙනෙක්ද ඔය ඇත්තිව මෙහෙට එව්වේ...

ඔව් මෙහෙනින් වහන්ස...⁣

හොදයි හොදයි එහෙනම් ඇතුලට ගිහින් කැම ටිකක් කන්න.අපි පස්සේ කතා කරමු.
.............................................මාස දෙකක් පමන සවස දර්මදේශනා සවන් දෙමින් සිටි.
එතනාට දිනක් දැන් මම මේ දහම් මග මෙහෙනියක් සේ ගමන් කල යුතුයි සිතා.

මෙහෙනින් වහන්ස මටත් මේ සිවුර දරන්නට හැකිද?

අපොයි එතනා මොකද බැරි මම ඔයාම අහනකම් හිටියේ තව මාස තුනකින් මහන පින්කමක් තියෙනවා එකට සුදානම් වෙමු.....එහෙනම්............

මාස තුනකට පසු එතනා ජිවිතේ නැවතුම කරා පැමිනෙන්නේය.

එතනා දැන් මෙහෙනියක් සේ ඇගේ ජිවිතේ අවසන් කාලය ගෙවයි.

නැවතුම කොතනද කෙටි කතාව මෙතකින් අවසන්ය.

මේ කතාව තුල හමු වු චරිත බොහොය.

එ අයගේ ජිවිතවල නවාතැන්පල විවිද විවිද අයුරින් ලියවුනි.
කලල අවදියේ මිය ගිය අය,වයස 13 මිය ගිය අය, වයස 80 පසුකර මිය ගිය අය.ශරිරය විකුණමින් ජිවත් වු අය,අවස්තාවාදි ලෙස ගැහැනුන් අසරන කරන අය,තව විවිද වු අය..

ජිවිතේ සැබැ නැවතුම කොතනදැයි මරණය තෙක් බොහෝ අය සොයයි.ජිවිතේ සියළු වෙදනා දරා අවසානයේ එතනා සැබැ නැවතුම ලඟ නිවි යන්නට විය..

ස්තුති..

මෙය මාගේ පලමු කෙටි කතාවයි.අකුරුනම් හොදටම වැරදි ඇති ගැලපුමි නැති තැන් බොහෝ ඇති නමුත් මට ආදරය කරමින් මේ සමග රැදුන ඔබට නැවත ස්තුති.

කතාව pdf එකක් ලෙස අවශ්‍යය අය මට කියන්න.

✍️...udesha herath.....❤️❤️❤️

https://www.facebook.com/profile.php?id=100083826336391&mibextid=ZbWKwL

Address

Polonnaruwa

Telephone

+94766471998

Website

Alerts

Be the first to know and let us send you an email when ud.creators.sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ud.creators.sri lanka:

Share