20/06/2024
පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන්කඩු පළාතේ ප්‍රථම සංඝ නායක පදවිය හෙබවූයේ අපවත් වී වදාළහරංගල ශ්‍රී උපරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ වහන්සේය උන්වහන්සේ
වෙනුවෙන් 56 වැනි පින්කම ශාක්‍ය සිංහාරාම මහා විහාරස්ථානයේ දී....
2024,06.17.18. දෙදින තුළ ඉෂ්ඨ සිද්ධ කරන්නට වුණු අතර මේ සඳහා බෞද්ධ කාර්ය සාධක සභාවේ සියලු පින්වතුන් ද මාතා සභාවේ සියලු පින්වතුන් ද දායකත්වය සැපයූ අතර මෙම පින්කම සඳහා වැඩම කොට වැඩ වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට ද පුණ්‍යානුමෝදනා කරනු ලැබේ.
හරංගල ශ්‍රී උපරතනාභිධාන නායක හාමුදුරුවන් වහන්සේ වර්තමානා හරංගල මධ්‍ය මහා විද්‍යාලයද .ගොරක ඔය සිරි සමන් විද්‍යාලය ද .සන්සුන්ගම ප්‍රාථමික විද්‍යාලයද උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එම විදුමාතාවන් බැබළෙනු දැකීම අප කා හටත් සතුටට කරුණෙකි.
උන්වහන්සේට භාෂා ඥානය ඉහළම තිබූ යතිවරයාණන් වහන්සේ නමක් වුණු අතර භාෂා හයකින් වැඩ කිරීමේ හැකියාව තිබී ඇති බව උන්වහන්සේගේ අත්පිටපත් පරීක්ෂා කරන්නෙකුට මනාව අවබෝධ වනු ලැබේ.
එවකට මහාමාන්‍ය ඩී.එස් සේනානායක,සී.පී ද සිල්වාආදී නායකයින්ට ජනපද ආරම්භ කරන්නටඋපදෙස් ලබා දුන් ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේය අප කතා නායකයන් වහන්සේ ශිෂ්‍යයන් වහන්සේලා දෙනමක් වුණු අතර උන්වහන්සේලාගෙන් අපගේ ගුරුදේවයන් වහන්සේ වන්නේ පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හරංගල ශ්‍රී විමරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේය... උන්වහන්සේ අවුරුදු පනහක් පුරාවටම උපරතන නායක මාහිමිපාණන් වහන්සේට පිංපෙත් අනුමෝදන් කරනු ලැබූ අතර එම භාරධූර කාර්යභාරය වර්තමානයේදී මා විසින් සිදු කරනු ලබන අතර මෙයට සහයෝගය ලබාදෙන...
:පන්සල් ගොඩැල්ලේ නායක මාහිමිපාණන් වහන්සේ
:කඳුකර සිසිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති රජරට ජිනරතන හාමුදුරුවන් වහන්සේ
:බඹරවැද්දේ සංඝරතන හාමුදුරුවන් වහන්සේ
:කිරිමැටියේ සද්ධාරතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලූම භික්ෂූන් වහන්සේලාට ද පින් අනුමෝදන් කරමි. Amila Rathana Kusalarathana Hamuduruvo Jinarathana Theor Rajarata Kirimetiye Saddharathana Somarathana Pansalgodella