Mahamevnawa

Mahamevnawa 'Mahamevnawa' is a group of monasteries founded by Most Ven. Kiribathgoda Gnanananda Thera (Pinwath Loku Swamin Wahanse).
(1708)

Official page of Mahamevnawa Buddhist Monastery (Mahamevnawa Bhawana Asapuwa), Polgahawela, Sri Lanka.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මූලස්ථානය
The Head Monastery of the Mahamevnawa Buddhist Monastic Order Our goal is to teach people the original teachings of the Buddha based on the Tripitaka. on this page, we publish the following:
🌷 Sermons of Kiribathgoda Gnanananda Thera
🌷 Guided medita

tion instructions in Sinhala
🌷 Poems (Vandana Kavi) recited by Kiribathgoda Gnanananda Thera, highlighting the qualities of the Buddha, Dhamma, and Sangha
🌷 Chantings of the Paritta and Sutta
🌷 Events conducted by Mahamevnawa Monastery
You may follow this page if you wish to learn the original teachings of the Buddha for the realization of the Four Noble Truths, which help liberate us from all kinds of suffering.

🌕 සුපින්බර වෙසක් පුන් පොහෝ දිනයේ ගල්නෑව, නෑගම්පහ සුපිහිටි 🙏 ශ්‍රී ආනන්ද මහාසෑ රජුන්ගේ සතරැස් කොටුවෙහිවඩාහිඳුවනු ලබන🌷 ශ්‍...
22/05/2026

🌕 සුපින්බර වෙසක් පුන් පොහෝ දිනයේ
ගල්නෑව, නෑගම්පහ සුපිහිටි
🙏 ශ්‍රී ආනන්ද මහාසෑ රජුන්ගේ සතරැස් කොටුවෙහි
වඩාහිඳුවනු ලබන

🌷 ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතූන් වහන්සේලා
📅 මේ මස 24 සිට 29 උදේ සිට සවස දක්වා

සිය දෑසින් දැකබලා,
දස්සනානුත්තරිය මහා පුණ්‍යස්කන්ධය
රැස් කරගැනීමට පින් කැමැත්තෝ 🪷💐🌼 සුවඳ මල් ගෙන

හලාවත, බිංගිරිය, බෝවත්ත
🙏 ශ්‍රී අංගුලිමාල සෑ බිමට පැමිණෙත්වා!

📞 විමසීම්: 077 2858 706 (Whatsapp) / 077 036 9800

21/05/2026

19. ධම්මානුපස්සනා සතිපට්ඨානයට අයත් පංච උපාදානස්කන්ධයන්ගේ යථාර්ථය දැකීම - 2වන කොටස
(සතිපට්ඨාන භාවනා දේශනා මාලාව - 19 කොටස)

🙏 මෙම උතුම් පාලි බුදුගුණ ගායනය ශ්‍රවණය කරන ඔබගේ සිතට මහත් වූ ශාන්තියක් හා සැනසීමක් උදාවේවා! බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවත...
20/05/2026

🙏 මෙම උතුම් පාලි බුදුගුණ ගායනය ශ්‍රවණය කරන ඔබගේ සිතට මහත් වූ ශාන්තියක් හා සැනසීමක් උදාවේවා! බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වේවා!

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන මේ උතුම් වෙසක් සමයේ, අන් අයගේ ද හිත සුව පිණිස මෙම වීඩියෝව Share කර 🌸 උතුම් ධර්ම දානයට ඔබත් දායක වන්න.

👉 https://youtu.be/CJ5sp_QBgcM?si=R3psbXP4TK_t0sRr

20/05/2026

මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් සර්වඥ ධාතු වන්දනා ගාථා සිංහල අර්ථ සමග

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේඋතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදනා ☀︎ ශ්‍රී ශාක්‍ය මුනි සර්ව...
19/05/2026

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදනා
☀︎ ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀︎
── ⋆⋅⋅⋆ ──
ඉදිවෙමින් පවතින ගල්නෑව, ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේගේ සතරැස් කොටුවෙහි වඩා හිඳුවන උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් දැකබලා පහන් සිතින් වන්දනාමාන පුදසත්කාර පවත්වා, පිදිය යුතු උතුමන් පිදීමේ දුර්ලභ මංගල කාරණය තම ජීවිතයට එක් කරගැනීමට පින්වත් ඔබ සැමට මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.
📅 දිනය: මැයි මස 24 දින සිට 29 දක්වා
⌚ වේලාව: උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා
📌 ස්ථානය: බිංගිරිය, බෝවත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී.
සියලු විමසීම් - 077 2858 706(Whatsapp) / 077 036 9800

19/05/2026

🔴 ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනාව | මේ මස 24 වනදා සිට බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑ මළුවේදී...

📅 දිනයන්: මැයි මස 24 දින සිට 29 දක්වා
⌚ වේලාව: උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා

📌 ස්ථානය: බිංගිරිය, බෝවත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී.

📞 දායකත්වයන් සහ වැඩිදුර විස්තර සඳහා විමසන්න:
077 2858 706 (WhatsApp)
077 036 9800

19/05/2026

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදනා
☀︎ ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀︎
── ⋆⋅⋅⋆ ──
අපගේ ශාස්තෘන් වහන්සේ උදෙසා, සැදැහැ සිතින් යුතුව වන්දනාමාන පුදසත්කාර පවත්වා, පිදිය යුතු උතුමන් පිදීමේ දුර්ලභ මංගල කාරණය තම ජීවිතයට එක් කරගැනීමට පින්වත් ඔබ සැමට මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.

📅 දිනය: මැයි මස 24 දින සිට 29 දක්වා
⌚ වේලාව: උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා
📌 ස්ථානය: බිංගිරිය, බෝවත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී.

සියලු විමසීම් - 077 2858 706(Whatsapp) / 077 036 9800

18/05/2026

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදනා
☀️︎ ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනාව ☀️︎

📅 දිනයන්: මැයි මස 24 දින සිට 29 දක්වා
⌚ වේලාව: උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා
📌 ස්ථානය: බිංගිරිය, බෝවත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී.

📞 දායකත්වයන් සහ වැඩිදුර විස්තර සඳහා විමසන්න:
077 2858 706 (WhatsApp)
077 036 9800

18/05/2026

බුද්ධ ශාසනයේ අවසන් නිමේෂය: ධාතු පරිනිර්වාණය දා සිදුවන්නේ කුමක්ද?

පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ විවිධ වර්ණයෙන් යුක්තයි. සෝක වැළපීම් නසන නන් විසිතුරු ඇති දිව්‍ය විමානයකටයි ඔබ නැඟිල ඉන්නෙ. දි...
17/05/2026

පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ විවිධ වර්ණයෙන් යුක්තයි. සෝක වැළපීම් නසන නන් විසිතුරු ඇති දිව්‍ය විමානයකටයි ඔබ නැඟිල ඉන්නෙ. දිව්‍ය අප්සරාවන් ඔබව පිරිවරාගෙන ඉන්නවා. ඔබ සතුටු වෙන්නෙ සුනිම්මිත දිව්‍ය රාජයා වගේ.

ඔබේ යසසින් පුණ්‍ය බලයෙන් ඉර්ධියෙන් ඔබට සමාන කෙනෙක් නෑ. ඔබට වඩා උතුම් කෙනෙක් කොහොම ලබන්නද?

තව්තිසාවේ ඉන්න සියලු දෙවිවරුන් එක්වෙලා ඇවිදින් ඔබට වන්දනා කරන්නෙ දෙව්මිනිසුන් හඳට වඳිනවා වගේ. ඔබ වටේ ඉන්න මේ දිව්‍ය අප්සරාවන් නටනවා. ගයනවා. සතුටු වෙනවා.

මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ස්වාමීනි, මං ඉස්සර සුමේධ නම් ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා හිටියා. මං මාර්ගඵල අවබෝධ රහිත පෘතග්ජන කෙනෙක්වයි හිටියේ. ඒ මං සත් අවුරුද්දක් මහණ වෙලා හිටියා.

ඒ අටලෝ දහමින් කම්පා නොවන සසර සැඬ පහරින් එතෙර වුන මාර සෙනඟ ජයගත් ඒ සුමේධ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පා වදාළා. උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් රන්දැලෙන් කරවලා මැණික් ඔබ්බපු ස්ථූපයට මං පහන් සිතින් යුතුව වන්ඳනා කළා.

මං පූජා කරගත්තු දානයක් නෑ. දන් දෙන්න තරම් දෙයක් මට තිබුනෙත් නෑ. නමුත් මං අනිත් අයව දන් දීමෙහි සමාදන් කෙරෙව්වා. පිදිය යුතු උතුමන්ගේ ධාතූන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලොවින් චුතව ස්වර්ගයෙහි උපදින්න පුළුවන්.

මං කරගත්තෙ ඒ පින්කම විතරයි. ඒ පුණ්‍ය විපාකයෙන් තමයි මං මේ දිව්‍ය සැප විඳින්නෙ. තව්තිසා දෙව් පිරිස මැද මං සතුටු වෙනවා. ඒ පිනේ විපාක තවමත් අවසන් වුනේ නෑ.

සාදු ! සාදු !! සාදු !!!

අනේක වණ්ණ විමානය - විමානවත්ථු - ඛුද්දක නිකාය

🌸 පින්බර වෙසක් මංගල්‍යය - ශ්‍රී බුද්ධ වර්ෂ 2570 🌸පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ 📅 මැයි 30 වෙසක් පුන් පෝදා දහම් වැඩසටහන...
17/05/2026

🌸 පින්බර වෙසක් මංගල්‍යය - ශ්‍රී බුද්ධ වර්ෂ 2570 🌸

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ 📅 මැයි 30 වෙසක් පුන් පෝදා දහම් වැඩසටහන🙏✨

⏰ උදෑසන 6.00 සිට රාත්‍රී 12.00 දක්වා

ධර්ම දේශනා:

🌅 උදෑසන 8.00 - 10.00 👉 පින්වත් වැලිමඩ සද්ධසීල ස්වාමීන් වහන්සේ 🌾

☀️ දහවල් 12.30 - 3.00 👉 පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ 🪔

🌕 රාත්‍රී 8.00 - 11.00 👉 පින්වත් බණ්ඩාරවෙල සන්තදීප ස්වාමීන් වහන්සේ ✨

📅 මැයි 31 (පසුදින)🍱 ප්‍රණීත බත් දන්සල
⏰ උදෑසන 10.00 සිට දවස පුරා...

වෙසක් පොහෝදා දාන, සීල, භාවනා වශයෙන් ජීවිතයට පින් පුරවා ගන්නට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🌸🙏

Address

Waduwawa, Yatigal Oluwa
Polgahawela
60314

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa:

Share