27/01/2017
Sooriya kanda / සූරියකන්ද
Sooriya kanda is a part of “Sinharaja forest” this is a very beautiful mountain. There are mamals, reptiles, birds fishe also in the forest.
ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්‍රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැකිය.
The dangerous animals like leopards and bears also live there. There are many fruits and medicinal plants in this forest. The “Deniyaya” road goes across this mountain. T.V Towers are also situated in the forest. There are springs, caves and lots of valuable herbs in this large forest.
The Buluthota pass as a winding stretch of road with ten hairpin bends that climbs through the mountains between the towns of Rakwana and Sooriyakanda,this is a very scenic drive with plenty of Photographic opportunities .
the journey through the pass and after the summit cutting fascinates a visitor as he views an endless beautiful vista of much of Southern Sri Lanka.
රක්වාන – සූරියකන්ද හරහා දෙනියාය මාර්ගය මෙම සුන්දර කදු පන්තිය මැදින් දිවයයි. රත්නපුර සිට පැමිණෙන අයකුට රක්වාන පසුකර සුන්දර වංගු 10 පාර හරහා සූරියකන්දටත්, එතැනින් දෙනියායටත් ගමන් කල හැකිය. ඇඹිලිපිටියේ සිට පැමිණෙන්නෙකුට කොලොන්න, බුළුතොට හරහා සූරියකන්ද වෙත ගමන් කල හැකිය.
සුන්දර තේ වතු වලින් හා ප්‍රපාතාකර බෑවුම් සහිත කදු වලින් සමන්විත මෙම මාර්ගය දෙපස ස්වාභාවික කුඩා දිය පහරවල් වලින් ගලායන නොයිදුල් ජලය පරිසරයට එක් කරන්නේ ඉතා මනරම් දර්ශනයකි.
මෙම මාර්ගයේ සූරියකන්ද – දෙනියාය අතර ගමන් කරන්නෙකුට ගුවන් ඡායාරූප බදු වූ පරිසර දර්ශනයන් දැකබලා ගැනීමේ භාග්‍ය හිමි වේ. ප්‍රපාතාකර බෑවුම් අතරින් වැටී ඇති ගමන් මාර්ගය දෙපස මෙවැනි දර්ශන පහුලව දැකිය හැකි වේ.
සූරියකන්ද කදු මුදුනේ පිහිටා ඇති සම්ප්‍රේෂණ කුළුණු වෙත සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීමට අවසර නොමැති නමුදු, එම මාර්ගය දිගේ ගමන් කල පසු දකින දර්ශනය ඉතා චමත්කාර වූවකි. වංගු අතරින් තමා පසුකර පැමිණි මාර්ගය දෙස ඉහල සිට බැලීමේදී දර්ශනය වන්නේ ඉතා අලංකාර පරිසර පද්ධතියකි
Information & Photos Credit :- Janaka Boralessa
Thanks for sharing your photos with us
Feel the beauty of Sri Lanka, but do not destroy or pollute it. මේ සුන්දරත්වය ඔබගේ දරුදැරියන්ටද ඉතිරි කරන්න".