Mahamevnawa Monastery

Mahamevnawa Monastery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamevnawa Monastery, Waduvawa, Polgahawela.

Mahamevnawa is an organization of monasteries established for the sake of spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C.

මා විසින් මෙසේ අසන ලදීභාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට න...
23/07/2017

මා විසින් මෙසේ අසන ලදී
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.
මූලික පෙළ දහම සහ අට්ඨකතා මූලාශ්‍ර මත පමණක් පදනම්ව නිර්මාණය වී ඇති නිසා මෙය පාසල් දරුවනට අධ්‍යාපන මෙවලමක් වශයෙන් ද ඉතා වැදගත් වේ.
පුරා පැය හතර හමාරක පමණ කාලයක් දිගහැරෙන මෙම අපූර්ව චිත්‍රපටය සම්බුදු චරිතය පිළිබඳව සිංහල භාෂාවෙන් නිර්මිත අංග සම්පූර්ණ සහ එකම ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය යි. මේ ඔස්සේ සම්බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සම්බුදු සිරිතේ විශේෂ අවස්ථා ගණනාවක් මනහර ලෙස රූප මාධ්‍යට නඟා තිබේ.

12/12/2013

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
මේ දුකදැයි සිහියෙන් බලන්න

'සතර අපායෙන් මිදෙමු' - 22 කොටස'
වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳී ගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා මාළුත් මැරිල උඩ පාවෙනවා. ඒ කියන්නේ දිනෙන් දින හිඳෙන සීමිත ජල ප්‍රමාණයට අපවිත්‍ර දෑ මිශ්‍රවෙනව වැඩියි. මෙම ජලය තමයි 'පිල්ටර්' කරල සැවොම වළඳන්නේ. ඒ උනත් මේ ජලය පිරිසිදුයි. අපුලක්‌ දැනෙන්නේ නැහැ. සමහර වියළි කලාපයේ ආරණ්‍යවල ජලය හිඟ නිසා ශාරීරික අවශ්‍යතා සඳහාද ජලය සොයා ගන්නේ ගල් වලකින්, පොකුණකින්. බොහෝම තෘප්තියකින් තමයි පිංවත් ස්‌වාමීන් වහන්සේලා මෙහෙම, අවම පහසුකම් වලිනුත් තොරව තම නිවීමේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. අපේ පිංවත් දායක මහත්වරුන් මෙවැනි භික්‍ෂුන්ගෙන් අසන ප්‍රශ්ණයක්‌ තමයි 'ඔබ වහන්සේලා කැලයට වෙලා දුක්‌විඳින්නේ ඇයි' කියලා. භික්‍ෂුවට තේරෙන්නෙ නැහැ ඇයි ඒ පිංවතුන් මෙහෙම අහන්නේ කියලා. කැලේ ජීවත්වන විට සතියකට වරක්‌ තමයි හිස රැවුල බාන්නේ. භික්‍ෂුව දරා සිටින්නේ දුඹුරු පාට චීවරය. වියළි පරිසරය නිසා ශරීරයේ වියළි ස්‌වභාවයක්‌ තමයි දරන්නේ. මේ ස්‌වභාවයන් දැක්‌කම ගිහි පිංවතුන් සිතනවා භික්‍ෂුන් වහන්සේලා දුක්‌විඳිනවා කියල.

එක්‌ අවස්‌ථාවක භික්‍ෂුවට මතකයි මිනිස්‌ වාසයෙන් හුඟාක්‌ ඈත ආරණ්‍යයක වැඩසිටියදී කුටියේ සිට දානයට පිංඩපාත ශාලාවට කැලය මැදින් වඩින විට වන්දනාවේ පැමිණි නඩයක පිංවත් වයස අවුරුදු දොළහක්‌ පමණ දැරියක්‌ පාත්‍රය එල්ලාගෙන පැමිණෙන භික්‍ෂුව දැකලා තමන්ගේ මවගෙන් අහනවා 'මොකෙද්ද අම්මේ ඒ කියලා' ඒ කියන්නේ 'අමුතු සතෙක්‌' හැටියට තමයි ඒ පිංවත් දැරිය භික්‍ෂුවව දැක්‌කේ. ඒ කථාව ඇසෙද්දී මට හරි නිරාමිස සතුටක්‌ දැනුණා. මට හිතුනා භික්‍ෂුව මේ ලෝකයට අයිති නැති කෙනෙක්‌ය කියලා. භික්‍ෂුව මේ ලෝකයේ හැමෝටම වඩා වෙනස්‌ කෙනෙක්‌ය කියලා. කොයි හැටි වෙතත් ඔබ කවදාකවත් භික්‍ෂුන් වහන්සේ නමකගෙන් එහෙම අසන්න එපා. එහෙම සිතන්න එපා. මොකද එය මේ ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව මොනම කටුක පරිසරයකදීවත් කවදාකවත් කැලයේ අසතුටින් ඉඳලා නැහැ. පිංවත් වනවාසී ස්‌වාමීන් වහන්සේලා බොහෝම තෘප්තියකින්, නිදහසකින්, හුදකලාවකින් තමයි කැලයේ නිවන් මග වඩන්නේ. දුකක්‌ කොතැනද මේ හුදකලාව තුළ. මෙතනදි පිංවත් ගිහිපිංවතුන් පටලවාගෙන තිබෙන්නේ දුක සහ සැපයේ ස්‌වභාවය. තමන් ගෙවල් දොරවල්, ඉඩකඩම්, දරුමල්ලන්, ඥාතීන්, නිලතල, තනතුරු වැනි මහා දුක්‌ ගොඩකට මැදිවෙලා. මේ සියල්ලෙන්ම මිදී නිදහස්‌ව නිස්‌සරණ ජීවිත ගත කරන භික්‍ෂුන් වහන්සේලාගෙන් පිංවතුන් අසනවා 'ඇයි දුක්‌ විඳින්නේ?' කියලා. අපි කිසිම දුකක්‌ විඳින්නේ නැහැ. බොහෝම සැනසිල්ලේ තමයි මෙහි ජීවත් වෙන්නේ. අතහැරීම තුළ භික්‍ෂුන් වහන්සේලා ලබන සැපය, සංහිඳීම පිංවත් ඔබලාට සිතාගන්නවත් සමහරවිට බැරිවෙයි. ඔබත් ජීවිතයේ බැඳීම් අඩු අයෙක්‌නම් ඔබට මේ සැපය දැනී ඇත. එසේ නොවුන අය භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි ආදරයෙන් ඉහත ප්‍රශ්ණය අහන්නේ.

හැබැයි මෙයත් සටහන් කරන්න ඕනේ. වනවාසීව ආරණ්‍යගතව වැඩසිටියත් යමක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකරගෙනනම් ජීවත්වෙන්නේ ඒ ජීවිතවලටද සැපයක්‌ නැහැ. දුක තමයි තිබෙන්නේ. මොකද කැලයේ පරිසරයට, වනසතුනට, ඇළදොලට, පුරාවස්‌තුවලට තණ්‌හාවෙන් මේවාට ඇලිල මේවා සොයන්න, ගවේෂණය කරන්න, ආරක්‍ෂා කරන්න වෙහෙසෙන ස්‌වාමීන් වහන්සේලාත් වැඩ සිටින්න පුළුවන්. හැබැයි සැබෑ ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලාට කිසිම දුකක්‌ වනවාසී ජීවිතය තුළ නැහැ.

ගිහි පිංවතුන් නිතරම තම වසඟයේ තබාගත නොහැකි ඇසත්, කනත්, නාසයත්, දිවත්, මනසත්, කයත් මගේ කරගෙන ඒවාට ආහාර සොයන්න වෙහෙසෙනවා. ඔබට දැනෙන්නේ නැහැ ඇසත් ඇසට දෙන ආහාරත් අනිත්‍ය බව. අනෙක්‌ ආයතන පහත් එසේමයි. ඒවාට ලබාදෙන ආහාරත් අනිත්‍යවන දේවල්මයි. මේ නිසාම ඔබ නැවත නැවතත් වෙහෙසෙනවා මේවායේ කුස ගින්න නිවන්න. මේ ගින්දර අවුළුවන්නේ අධ්‍යාත්මික බාහිර රූප දෙකත් විඤ්ඤාණයත් හේතුවෙන් සකස්‌වෙන ඵස්‌සය නිසාමයි. මේ ඵස්‌සය වුනේ ගින්දරත් පිදුරුත් බව නොදැන ඔබ ඵස්‌සය හේතුවෙන් සකස්‌වුන වේදනාව මගේ කරගන්නවා. නමුත් ඔබ මගේ කරගෙන තිබෙන්නේ ගිනි ගොඩක්‌. ඔබ ඒ ගිනි ගොඩවල් නිසාම වර්තමානයේ තැවෙනවා, දුම් දමනවා, රත්වෙනවා, ගිනිගන්නවා. වර්තමානය කියලා සටහන් කරන විටම ඒ සදහන්කළ වර්තමානය අතීතයට ගොස්‌ ඉවරයි. මේ අත්දකින්නේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයයි. මේ වේගය පංචඋපාදානස්‌කන්ධයටම පොදුයි.මේ අනිත්‍ය ස්‌වභාවයේ යථාර්ථය තමයි වනවාසී භික්‍ෂුන් අත්දකින්නේ. මෙයින් අදහස්‌ වෙන්නෙ නැහැ වනවාසී භික්‍ෂුන්වහන්සේලා අන්ධ, ගොළු, බිහිරියි කියලා. උන්වහන්සේලා ආශ්වාදයේ කෙටිබව දැකලා, ආදීනවයේ දිගු බව වියරුබව දැකලා කාමයේ නිස්‌සරණයමයි සොයන්නේ. රූපයේ නිස්‌සරණයමයි සොයන්නේ. මෙතන තියෙන්නේ පලායාම නොවේ. මගහැරීම නොවේ. අවබෝධයෙන් අතහැරීමයි. අතහැරීමෙන් නිදහස්‌වීමයි.

මේ මොහොතේ භික්‍ෂුව අත්දැකීමට ලැබුණු සිද්ධියක්‌ මතක්‌වුණා. දිනක්‌ භික්‍ෂුව කැලයේ කුටියක සිට පිණ්‌ඩපාතය සොයා ගමට වඩින්නට පිටත්වුණා. හිමිදිරියේ කුටියෙන් එළියට බහිනවිට වැසි වසින ලකුණක්‌ පෙනෙන්ට තිබුණේ නැහැ. දැන් භික්‍ෂුව කුටියෙන් එළියට බැහැල කිලෝමීටර් දෙකක්‌ පමණ ඇවිදින් තිබෙනවා පිණ්‌ඩපාතය සොයන්න. කිලෝමීටර් කාලක්‌ යන්න හම්බවුනේ නැහැ කැලය මැදදිම මහා වැස්‌සක්‌ වසින්න පටන් ගත්තා. ලැබුණු අභියෝගයේදී භික්‍ෂුව අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තා අනෝරා වැස්‌සක්‌ වැස්‌සද වැස්‌සෙන් මිදීමට සෙවනකට නොයනවා කියලා. දැන් වැස්‌සෙන් සිවුර, ශරීරය, පාත්‍රතවිකය හොඳටම තෙමිලා. ගෙවල් කිහිපයකට වැඩමකරලා අවශ්‍ය ආහාර සොයාගත්තා. සමහර දායක පිංවතුන් ඇසුවා හාමුදුරුවනේ කුඩයක්‌ දෙන්නද කියලා. සමහරු කුඩයක්‌ ඉහලලම දෙන්න උත්සහ කළා. භික්‍ෂුව ප්‍රකාශ කළා මහත්මයෝ එළියට බසිනවිට වැසි වසියි කියලා සිතුවේ නැති නිසා කුඩය ගෙනාවේ නැහැ. දැන් ඉතින් හොඳටම තෙමිල නිසා කුඩයක්‌ අවශ්‍ය නැහැ. මෙහෙමම කුටියට වඩිනවාය කියල. ඒත් ඒ සද්ධාවන්ත පිංවතුන්ට එය ලොකු දුකක්‌ වුනා. ඒ මොහොතේ වැස්‌සට තෙමී සිටි භික්‍ෂුව දුටුවානම් ඔබ සිතන්නේ අනේ මේ හාමුදුරුවෝ වුවමනාවෙන් දුක්‌ විඳිනව කියල. ගෞරවණීය, වන්දනීය නායක ස්‌වාමීන් වහන්සේලා පවා සමහරවිට ප්‍රකාශ කරනවා කැලේට යන්නේ දුක්‌ විඳින්නද කියලා. කැලේ වනවාසී ජීවිත දුකක්‌ නොවන්නේ කොහොමද කියල භික්‍ෂුව ඔබට පහදා දෙන්නම්. ඔබ දන්නවද බලාපොරොත්තු නොවු ආකාරයට කඩාවැටුණු මහ වැස්‌සෙ තෙමි තෙමි තෙත බරිත වෙලා වඩින භික්‍ෂුව මොනතරම් සන්හිඳීමකින්ද වඩින්නෙ කියලා. ඔබට දැන් ප්‍රශ්ණයක්‌ මතුවෙන්න පුළුවන් භික්‍ෂුවට මොළේ අමාරුවක්‌ද කියලා. ඇයි හාමුදුරුවො කියනවා වැස්‌සෙ හොඳටම තෙමිල වඩින්නේ සංහිඳීමකින් සැපයකින් කියලා. සත්‍යකින්ම එය ලෝකයේ ශ්‍රේෂ්ඨම සැපයක්‌ ආර්යයන් වහන්සේලා පමණක්‌. අත්විඳින සංහිඳීමක්‌. ලෝකයට හොරා ලබන සංහිඳීමක්‌ සැපයක්‌. නමුත් දෙවියන්, බ්‍රහ්මයන් පමණක්‌ දකිනා සැපයක්‌. ඔබ දන්නවාද භික්‍ෂුව එම සංහිඳීම සැපය ලබන්නේ කොහොමද කියලා. මහා වැස්‌සේ තෙතබරිත වෙච්ච ශරීරය සිවුර බාහිරින් පෙනුනද භික්‍ෂුවට ශරීරයේ එක රෝම කූපයකටවත් ශීතලක්‌ දැනුනෙ නැහැ. දැනෙන්නේ නැහැ. භික්‍ෂුවට වහිනවද තෙමිලද කියල තේරුමක්‌ නැහැ. ඇයි දන්නවද ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල ප්‍රතිප්‍රදාවේ ආශ්චර්ය ප්‍රාතිහාර්යන් නිසා. භික්‍ෂුව කුටියෙන් පිටවෙලා වැස්‌ස පටන්ගත් මොහොතේම තේජෝ මනසිකාරයට සමවැදිලයි වැඩියේ. භික්‍ෂුව මුළු ශරීරයේම තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතෙන් වැඩිකරගන්නවා. හරියට දැඩි ලෙස උණෙන් පෙලෙන අයෙක්‌ වගේ ශරීරය එවිට උණුසුම් වෙනවා. මේ උණුසුමට වැස්‌ස කෙසේනම් දුකක්‌ දෙන්නද? මෙවැනි විටක වැස්‌ස නවත්වන්න කාටවත් බැහැ. එය ලෝක ස්‌වභාවයක්‌. ලෝක ස්‌වභාවයන් වළක්‌වන්න නිවන් මග වඩන්නන්ට බැහැ. නමුත් එම ස්‌වභාවයන් අවබෝධයෙන් හඳුනාගෙන ඒවායේ නොඇලී නොගැටී ඉන්න භික්‍ෂුවට පුළුවන් වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේ කියන්නේ වැස්‌සත් උෂ්ණත්වයත් ජයගත්ත කෙනෙක්‌. ලොව බලසම්පන්න පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් විනිවිද දුටු කෙනෙක්‌. උන්වහන්සේලා දන්නවා සතරමහා ධාතුව තමන්ට අවශ්‍ය ආකාරයට ගලපාගන්න, පෙරලාගන්න. ඇයි සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධකර අවසන් නිසා. නිරතුරුවම වෙනස්‌භාවයට පත්වෙන සතරමහා ධාතූන් ප්‍රඥාව අවබෝධය හමුවේ අසරණයෙක්‌මය.

දැන් ඔබ මෙය ඔබේ ජීවිතයට ගලපාගන්න. වනවාසී භික්‍ෂුන් දුක්‌විඳින පිරිසක්‌ නොවේය කියල දැනගන්න. සැබෑ බුදුපුතුනට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවක තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතින් වැඩිකර ශරීරය උණුසුම් කරන්න, ශරීරය ගිනි තබාගන්න, ශරීරය අළු දූවිලි හැටියට දකින්න. මුළු ලෝකයම තේජෝ ධාතුවෙන් ගිනිඅවුළුවා මුළු විශ්වයම, දස දිශාවම ගිනිගොඩක්‌, අළු ගොඩක්‌ ලෙස දකින්න. අනෙක්‌ ධාතූන්ද ඉහත ආකාරයට අවශ්‍ය අවස්‌ථාවේදී ක්‍රියාකාරීත්වය අඩු වැඩි කිරීමේ ශක්‌තිය ආර්යන් වහන්සේට තිබෙනවා. එම නිසා පිංවත් ඔබ නොදැනුවත්භාවය නිසා වනවාසී, ආරණ්‍යවාසී භික්‍ෂුන් දුක්‌විඳිනවාය කියනවානම් එය ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වනු ඇත. එම නිසා ඔබට වඩා දසමයකින් හරි ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියෙන් සිටින පන්සල් වේවා ආරණ්‍යය වේවා පැවිදි උතුමෙකුට සහතික දීමට ඔබ ඉක්‌මන් නොවන්න. එය ඔබලාගේ සැපය පිණිසම හේතුවෙනවා ඇත. පිංවත් ඔබලාද කළයුත්තේ සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන අධික ශීතලද දැඩි රශ්ණයක්‌ බවට පත්කළහැකි ඝණ දැඩි ස්‌වභාවය දියරයක්‌ බවට පත්කළහැකි ඇතිවෙමින් නැතිවෙන සිතේ හැකියාවන් දියුණුකළ ප්‍රඥාවෙන් හඳුනා ගැනීමය.

මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. එම ධර්මය අත්දැකීමට අපි සැවොම පිංකර ඇත්තෙමු. මග වැඩු ගුරුවරයෙකුගේ, කළ්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරකින් තොරව ඉහත ස්‌වභාවයන් ඔබ අත්දැකීමට ගියොත් කායික මානසික රෝගියෙක්‌ වීමේ ඉඩකඩ වර්තමාන සමාජයේ ඉතා වැඩිබව සිහිතබාගන්න. ඉහත සටහන තබන භික්‍ෂුවද කුඩයක්‌ පාවිච්චි නොකර වැස්‌සේ වැඩිය මුල්ම අවස්‌ථාව මෙන්ම අවසාන අවස්‌ථාවද එයම බව හොඳින් මතක තබාගන්න. ඊට හේතුව වුයේද කුටියෙන් පිටවන මොහොතේ වැසි ලකුණු නොතිබුණු නිසාය. යම් හෙයකින් වැසි ලකුණු තිබුනානම් භික්‍ෂුව අනිවාර්යෙන්ම කුඩය සමගයි වඩින්නේ. මොකද මේ ආශ්චර්යමත් ප්‍රතිපදාවන් අවබෝධය ලබා අතහැරදැමීම සඳහා මිස ලෝකයාගෙන් ලකුණු ලබාගැනීමට නොවන නිසාය. තමා කවුද යනු අවබෝධයෙන් හඳුනාගත් පසු තමා තමාටද අතහැරෙනු ඇත. මන්ද තමා තුළද ඇත්තේ හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වුවක්‌ මිස සත්වයෙක්‌ ඔහු නොදකින නිසාය. සෑම බුදුපුතෙකුම පන්සලක වැඩසිටියද, ආරණ්‍යයවාසීව වැඩසිටියද තෘෂ්ණාවෙන්, චන්ද රාගයෙන් යමක්‌ අල්ලා නොගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ නම් උන්වහන්සේ ලබන්නේ සංහිඳීමක්‌මය, සැපයක්‌මය.

12/12/2013

සැමියාට එපා වු මිහිපිට දෙවගන.....

අම්මයි තාත්තයි බලන්නකෝ මගේ දිහා,ලස්සනයි ද කියන්න....?

සේදවන් වූ,දුහුල් වූ අලුත් සළුපිළි පැලද උඩු මහලින් බසින් කුමරිය දිස් වුයේ මිහිබට දෙවගනක් ලෙසිනි. සිටුතුමා දැක්වූයේ ආඩම්බර ලීලාවකි. මේ තම එකම දියනණියයි. සිටු මැදුරේ එකම සුරතලියයි. දරු සෙනෙහස පිරි ඒ දෑස් ඉදිරියෙන් ඇය ලතාවකට මෙන් දෙපා තබමින් ඔබ මොබ යන්නීය. කඩාහැලෙන දිගු කෙස් කළඔ ඇයටත් වඩා දගකාර බවකි. එක්වරම නැවතුණු ඇය දුටුවේ සිනාසෙන මව්පියන්වයි.

“ ඉතින්..... මේවා ගැළපෙන්නේ නැද්ද මට?

එවිට සිටුතුමා දේවිය දෙස බලමින් හඩ අවදි කළේ ය.

“ මම මේ බැලුවේ..... කවුද මේ මනමාලිය? මට හදුනන්න බෑනේ..

ඉසිදාසිගේ මුහුන රතු විය. දිවගොස් මවගේ තුරුලට වැදුණු ඇය කොදුරන්නට වුයේ නොක්කඩුවක ලෙසිනි. සිටුතුමා මෙය අවස්ථාවක් කර ගත්තේ,කීමට නොහැකිව ළතැවුණු කාරණය කීමටය.

“ඔයා දන්නව ද ? ඔය අලුත් සළුපිළි විශේෂ දෙයකටයි. ඔයා දකින්න කැමැත්තෙන් පිරිසක් එනවා. දැන් ඔයා කටයුතු කරන්න ඕන වගකීමක් ඇතුවයි.....

මව් පියන්ගේ මේ ඔවදන ඇගේ විවාහය ගැනයි. නොබෝ දිනකින් ම සිටු යුවලගේ ඇස වන්ව තුරුලේ සිටි දියණිය සරණපාව දුන්නේ,සාකේත නුවර උසස් සිටු පවුලකට යි.

මීට පෙර ඇයට ලොකය වී තිබුණේ මවත්,පියත්,සිටු මැදුරත් පමණි. ඇය දත් එකම විවාහ දිවිය තම මව්පියන්ගේ සෙනෙහස ගෞරවය පිරි දිවියයි. ඇගේ සිහිනය ද එවැන්නකි. එනිසාම ඉසිදාසි තම ස්වාමියාට මවක් බදු විය. මවක් විසින් තම එකම දරුවාව රකින ලෙස ස්වාමියාව රැක බලාගත්තා ය. උවටැන් කළා ය. ඒ සෙනෙහස මෙන් ම, ඇගේ සිතේ ඔහු කෙරෙහි වුයේ අප්රාමාණ ගෞරවයකි. තම පියාට ගෞරව දැක්වූයේ යම් සේද එලෙසින් ම ගෞරව කළා ය. ස්වාමියා දුටු විගස හුනස්නෙන් නැගී සිටින ඇය,ඔහු වෙත යන්නේ දෑත් එක්කොට වැදගෙනයි. ඇගේ දෙනත වෙහෙසට පත් වන්නේ ස්වාමියා මාලිගයෙන් බැහැර වූ විටය. නිරන්තරයෙන් පිවිසෙන ද්වාරය වෙත දුවන ඒ දෑස දුර දී ම ඔහු දැක,ඉදිරියට දිව යන්නනේ දැරියක මෙනි. ඒ ඔහුගේ පා දෝවනයට යි. එලෙසින් කොපමන දැසි දැස්සන් එහි වුවත් සිය ස්වාමියාගේ අහාර වේල සියතින් ම පිළියෙල කරන්නට අමක නොකළා ය. ඒ අතර මාලිගාවේ සියලු කටයුතු සොයා බලන මේ අලුත් සිටු දේවිය උදේ සවස නැන්දා මාමාගේ දෙපා නමදින්නී ය. පිළිසදරේ යෙදෙන්නී ය. ඔවුන්ගේ අදහස යමක්ද එය එලෙසින්ම ඉටු කළා ය. ස්වාමියාගේ සොයුර සොයිරියන්ට ද සෙනෙහෙවන්ත වු ඉසිදාසි දැසි දස්සන්ගේ ද ආදරය ගෞරවය පාත්රස වුයේ සිල්වත් ගුණවත් බව නිසා ම ය. මේ සුන්දර කුමරිය සිටුමැදුරට වාසනාව කැදෙව්වා ය. ඇගේ සිහින ලොව සැබෑ වූ සෙයකි.

කළක් ගෙවෙත්ම සිදු වුයේ අරුමයකි.නිතර ම කන වැකුණේ සෙනෙහෙබර,ගෞරවනීය වදන් වෙනුවට,ද්වේෂය කැටි වූ කටුක වචන ස්වාමියාගේ මුවින් බැහැර වන්නට විය. එය ගණනකට නො ගෙනම ඉසිදාසි පුරුදු පරිදි සිය යුතු කම්,වගකීම් නොපිරිහෙලා ඉටු කළා ය. නමුත්.... එන්න ඒන්නම වැඩි වූයේ නුරුස්සන බවම යි. ඔහු නිරතුරුව ම බැණ වැදුණේ ය. මෙවැනි කර්කශ කටුක දේ ඉසිදාසිට නුහුරු විය. ඈ මාපියන් සෙවණින් බැහැරට පා තැබුවේ මෙමෙ සිටු මැදුරට පමණී. ඒ දෙනෙත් නිරතුරු කදුළින් පිරී පැවතුණී. කිසිදු ලෙසකින් තම නිවැරුදි බව පහදන්න නොයන ඇය නිහඩව ඉවසන්නට වෙර දැරුවාය.

නමුත් එදා.... ඉහල මාලයේ සිට වේගයෙන් බැස එන සිය පුතු මාපියන් වෙත දැන්වූයේ විමතියකි. ඔහුගේ ගත දහදියෙන් තෙත් වී තිබුණි. දෑස රත් පැහැයෙන් දිලිසෙන්නට විය.

“මම යනවා මේ ගෙදර අත්හැරලා...මට මේ ඉසිදාසි ත් එක්ක පවුල් කන්න ඕනකමක් නෑ.

තරප්පු පෙළ් ඉහලින් සිටි ඉසිදාසිට දැනුනේ තම දෙපා වෙව්ලාන්නාක් මෙන් පමණි. ඇය එතැනම හිද ගත්තාය.

“පුතේ එහෙම කියන්න එපා.. ඔය ඉසිදාසි ගුණවන්ත කෙනෙක්නේ...වාසනාවන්ත කෙනෙක්නේ..වීරියවන්තයිනේ..කම්මැලි නැනේ..ඉතින් පුතේ ඔයා ඇයට මේ තරම් අකමැති වෙන්න හේතුව මොකක් ද?

“ඔව් ඇය මට කිසිම වරදක් කළේ නෑ. නමුත් මට ඉසිදාසි ත් එක්ක ඉන්න ඕනකමක් නෑ. මට ඈව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මව්පියන් පසු කර ඉදිරියට ගිය ඔහු හැරී මව්පියන් දෙසත් ඉසිදාසි දෙසත් බැලුවේ තර්ඡනාත්මක බැල්මකිනි.

“මං...මං එහෙනම් ඕගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනවා.

මව්පියන් දැන් විමසන්නේ ඉසිදාසිගෙනි . “දරුවෝ ඔයාවත් කියන්න සැක නැතිව මොකක් ද අපේ පුතාට ඔයා කරපු වැරද් ද? ඇයට කිසිවක් කිවීමට නැත. පසෙක වු බිත්තියට බර දී ඇය නැගිට්ටා ය. “මම එයාට කිසිම වරදක් කළේ නෑ. හිංසාවක් කළේ නෑ.මාව විශ්වාස කරන්න. මං වැරදි වචනයක්වත් කියලා නෑ. ඉතින්,එයා මෙතරම් මාත් එක්ක් තරහ වුණාට මං මොකද කරන්නේ?

මේ කිසිදු දෙයක් ඉදිරියේ හෝ,ඉසිදාසිගේ කදුළු පිරීගිය දෙනෙත් ඉදිරියේ හෝ ඔහුගේ හදවත මෘදු නොවී ය. ඒ දැඩි අදහසට මව් පියන්ට එකග වන්නට සිදුවිණ.

“අපේ පුතාව රැක බලාගෙන සිටි ‘ලස්සන ලක්ෂ්මී අපේ පවුලට නැති වුණා..ඔවුන් ශොක කළහ. ඉසිදාසි මවමින් සිටි ලොව ඇගේ දෙපා මුලම සිද බිදී සුනු විසුනු කරමින් ඇය නැවත බාර කළේ තම දෙමාපයන් වෙතයි.

මව්පියන්ට ඇය සම්පතකි. නමුත් දියණියගේ,සෝ සුසුම් හමුවේ,වැරදුණු මග නිසි මගට යොමන්න මව්පියන් දරන්නේ අපමණ වෙහෙසකි. එය දුටු ඉසිදාසිගේ සිති වෙලීගියේ අනුකම්පාවෙනි. මව්පියන් වෙනුවෙන් සිතට ධෛර්ය ගත් ඇය,සාමාන්යක ලෙසින් දවස ගෙවන්නට වෙහෙසුණා ය.

පියාට ලැබෙන ආදායමින් අඩක් ආදායම් ලබන ධනවත් පවුලකින් ගෙන ආ මංගල යෝඡනාව ඇය ප්රදතික්ෂේප නොකළා ය. පියකරු,කරුණාවන්ත බවෙන් යුතු ඒ තරුණයා ඇයට ගැළපෙන බවකි. අතීත සෙවැණැලි මකා දැමු ඉසිදාසි සෙනෙහෙබර වු ඒ ස්වාමියා වෙත කීකරුව සිටියා ය. උවටැන් කළේ දාසියක් පරිද්දේනි.

නමුත් එය තව සරදමකි..

මසක් ඇවෑමෙන් ඔහු ද ඉසිදාසි ප්රීතික්ෂ්රෙසප කළේ ය. ඇගේ හදවතේ රිදුම් දෙන තැනක් නො මැති තරම්ය. ඇය හඩාවැටුණා ය. ක්ලාන්ත වුවා ය. අහර පවා ප්රි ය නොකරමින් තම යහන් ගැබට සීමා වූවා ය.

තම දැස් ඉදිරියේ ම එකම දියණිය අසරණ වීම,මව්පියන්ට දැරිය නොහැකි දුකක් විය. ඈත අහසට සිටුතුමාගේ දෑස් යොමුවි තිබේ. යමෙකුගේ උගුර පාදන හඩින් සිතිවිලි දැහැනින් මිදුනු ඔහු ඵ් දෙස බැලුවේ ඔනෑකමක් නැතිවම ය.

පෙනුමෙන් තරුණයෙක්......යදින්නේ සිගමනක්.....

ඉසිදාසිගේ පියා අසුනේන් නැංගේ නිරායාසයෙනි.

“ළමයෝ,ඔය රෙදිකඩමල්ලයි,හිගන තැටියයි විසි කරමන්...මගේ දුවගේ ස්වාමියා බවට පත්වෙයන්...

මැදුරේ සියල්ලන් මවිතයට පත් කරවමින් සිගමනේ පැමිණි තරුණයා ඉසිදාසිගේ ස්වාමියා බවට පත්කර වීය. ඉසිදාසි ඡිවත් වුණේ මව්පියන් වෙනුවෙනි. කුමන දේ සිදු වුවත් ඇයට කම් නැත. ඒ නිසා ම ඇය දින සති ගෙවා දැම්මේ වෑයමකින් තොරව ම ය.

ගතවූයේ නොබෝ කලකි. හදිස්සියේම ඉසිදාසිගේ පියා හමුවේ තරුණයා මෙසේ කියන්නට විය.

“මගේ රෙදිකඩමල්ලයි,තැටියයි මට අපහු ඔනේ. මං ආයෙමත් සිගාකන්න යනවා.

මෙවර අසරණ වුයේ දෙමාපියන්ය.“මේ ගෙදරින් ඔයාට මොනවද ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක් කියන්න,හරිගස්ලා දෙන්න්ම්..ඔවුන් ඇවිටිලි කලේ අර තරුණයාට ය.

“නෑ නෑ මට ඡීවත් වෙන්න තාම හයිය තියනවා. මට මේ ඉසිදාසිගෙන් වැඩක් නෑ. මට ඉසිදාසිත් එක්ක පවුල් කන්න ඕනකමක් නෑ.

ඔහු ආපහු නොබලාම මාලිගයෙන් පිට වී ගියේය.

ඉසිදාසිගේ සිත හඩා වැටුණේ නැත. නමුත් නිසෙල්මන් ඇගේ සිත නම් කැලඹී ඇති සෙයකි. ඇය නිසාම මව්පියන් උසුලන දුක් වේදනා සිහි වන විට ඇගේ දුක වාවාගත නොහැකි විය.

“එක්කො මං කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එක්කො මං මහණ වෙනවා...ඇගෙ සිත දොංකාර දුන්නේ එවැනි විසදුමකි.

රාත්රි ය පුරවට ඇද හැළුනු අලුත් වැස්සෙන් තෙත බරිත වුණු ගස් වැල් නව පණක් ලැබුවාක් වැනි විය. දම්වැල්වලින් එල්ලු අසුනට බරදී ඔබ මොබ පැද්දෙමින් සිටි ඇගේ දෙනෙතත් අනන්තයට යොමුවු සෙයකි. හදිස්සියේම මල් ගොමු අතරින් මැටුණු රුව දුටු ඇය අසුනෙන් නැගී සිටියේ නිරායාසයෙනි.

බිමට යොමු වූ දෙනෙත...පඩු පාට සිවුර... සංවර ගමන....

එකමොහතකින් ඇගේ සිතේ බුර බුරා නැගි ගිනි දැල් නිවන්නට අලංකාර වූ ඒ දසුන සමන්විත විය. පිඩු පිණිස වැඩම කළේ ‘ඡිනදත්තා‘ නම් තෙරණිය යි. යුහුසුළුව තෙරණියට අසුනක් සැකසිණි. දන්පැන් පිදිනි. නමුත් මේ සියල්ල අතරතුර ඉසිදාසිගේ මනසේ පරිවර්තනයතක් සිදුවෙමින් පවතින හැඩකි. හද වෙලාගත් පින් සිතිවිලි දහරා වදන් බවට පෙරලිණි. මේ මතුවන්නේ රැස්කළ පිනක මහිමය යි.

“ ආර්යාවෙනි,මාත් කැමතියි මහණ වෙන්න.....

මව දොතින් මුහුණ වසා ගත්තේ වැටෙනා කදුලළු සැගවීමට ය. සිටුතුමා දියණිය වෙත ළං වුවේ ය. “ දුවේ ගෙදර ඉදලා ධර්මයේ හැසිරෙන්න. දානමාන දෙන්න ඔයාට බාධාවක් නෑනේ දරුවො....

“නෑ මගේ තාත්තේ,මම කරගත්තු පව් මං ම ගෙවලා අවසන් කරලා දානවා.

දරු සෙනෙහස හමුවේ අසරණ වු පියෙකු නමුත්,සැබෑ රුකවරණය තම සෙවණ නොවන බව ඔහු දැන සිටියේ ය. “ දුවේ ඒ නර ශ්රේණෂ්ඨ වූ බුදුරඡාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබොධ කළා නම් ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබොධය ලබාගන්න. නිවනට පත්වෙන්න..එය අනුමත කරන්නාක් මෙන්,සෙනෙහසින් දියණිය දෙස බලා සිටි මවගේ දෑස් ඉසිදාසිට සවියක් විය.

ඇය මවත් අත් හැරියා ය. පියාත් අතහැරියා ය,දිගු වරලසින් හැඩ වු හිස මුඩු කළා ය,අරහත් ධඡය නම් ඒ කසාවත අභිමානයෙන් ගත දැරුවා ය. ඇය...සත් දිනකින් ම ඒ ගෞතම නම් වු සිරි සම්බුදු හද මඩලින් උපන් තවත් අසිරිමත් පිනැත්තියක් ව ඒ අමා ඔසු වැළදූ වගයි........ !

ඇය ගෙවා අවසන් කළ ශොකාන්තයේ හෙළිදරව්ව, ඇගේ වදනින් මෙසේ විය.........

“මට අතීත ඡිවිත ආත්මභාව හතක් සිහිකරන්න පුළුවන්. මං මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ධනවත් රන්කරුවෙක්. මං තරුණකම්න් මත්වෙලා නොයෙක් කාන්තාවන් පස්සේ ගියා.

ඒ නිසා ම මනුස්ස ලොකෙන් චුත වෙලා මං කෙලින්ම ඉපදුණේ නිරයේ. ගොඩක් කල් දුක් විදලා නිරයෙන් චුතවෙලා උපන්නේ වැදිරියකගේ කුසේ. එතකොට මම ඉපදිලා දවස් හතයි. ඒ වදුරු රැලේ නායක වදුරා මගේ පුරුෂ ලිංගය සූරලා දැම්මා. ඒ තුවාලය වන වෙලා පණුවො හැදුනා...පරස්ත්රීෂන් සේවනයේ විපාක තමයි මම ඒ වින්දේ...

ඊට පස්සේ උපන්නේ සෛන්ධව වනේ හිටිය එක් ඇහැක් අන්ධ,කුදු වෙච්ච බූරු දෙනෙකුගේ කුසේ. මං කුඩා කාලයේ බර අදින්න මගේ රහසගේ ඇට තැලුවා. දොලොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාලය පණුවො ගහලා කුණු වුණා. පරස්ත්රීදන් සේවනය කරපු ඒකේ විපාක තමයි..

එතනින් චුත වෙලා,ගව දෙනකගේ කුසේ ඉපදුණා. මං රතු පාට වහු පැටියෙක්. දොලොස්වෙනි මාසේ අර විදිහට ම මගේ ලිංගයේ ඇට තැලුවා. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර ඇද්දා. අන්දයෙක් වගේ මනුස්ස ඡිවිතේ පරස්ත්රීරන් සේවනය කරපු නිසා මං ඉක්මනින්ම අන්ධ වුණා. ලෙඩ වුණා. එතනින් චුත වෙලා නගරයේ වීදියේ දාසියකගේ කුසේ උපන්නා. පරස්ත්රීයන් සේවනයේ විපාක බලන්න.... ඒ වාතාවේ මං ගැහැනියෙකුත් නො වේ. පිරිමියෙකුත් නොවේ. නපුංසකයෙක්. අවුරුදු තිහේදි මම මැරුණා.

ඊට පස්සේ ණය බරින් මිරිකුණ,ගැල් බර ගෙනියන පවුලක ස්ත්රි යක් වෙලා ඉපදුණා. අපට ණය ගෙවන්න බැරිවුණා. ඒ නිසා මට වයස දහසයෙ දී,ගැල් නායකයා මං හඩද්දී ම බලහත්කාරයෙන් මාව අරගෙන ගියා. ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා,ඔහුගේ ගෙදරට මාව කැදවගත්තා. ඒයාට හිටියා සිල්වත්,ගුණවත්,ස්වාම්භක්තිය ඇති බිරිදක්. මං ඈ ගැන ඉරිසියාවෙන්,ඔහු ඈ ගැන කිපෙන විදිහට කටයුතු කළා.

මං දාසියක් වගේ උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරලා යන්නේ,ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය අවසන් කළා.......

කළ වරදින් සසරේ අනන්ත දුක් විද,ගෞතම සසුනේ සියලු දුක් නිමා කර විරාගී සුවද විහිද වූ ඉසිදාසි නම් ගෞතම දියණියනි,ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා..........!

ඇසුර : ථෙරී ගාථා- ඛුද්දක නිකාය
සටහන : සෙමිණී ඉන්ද්ර චාපා
උපුටා ගැණීම : මහාමේඝ පුවත් සගරාව-වප් මස කාලාපය.
--
තෙරුවන් සරණයි !

29/06/2012
19/04/2010

මහමෙව්නාව සදහම් ප්රකාශන මගින් ප්රකාශයට පත් කොට ඇති ත්රිපිටක පොත් වහන්සේලා. මෙම සදහම් ග්රන්ථ සියලුම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් හි දී ලබා ගත හැකි වන අතර විශේෂයෙන් විදෙස් රටවල වාසය කරන ඔබට මාළඹේ පිට්ටුගල, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවට දැනුම් දීමෙන් ගෙන්වාගත හැකි ය.

Address

Waduvawa
Polgahawela

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share